IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මාධ්‍ය ලේකම්ට ඇප

ගිනි අවි ළඟ තබා ගත් ඇමැති ආරක්ෂකයකු සමඟ සැකපිට   රිමාන්ඩ් බාරයේ සිටි ජනහඬ පුවත්පතේ කර්තෘ සහ හිටපු නියෝජ්‍ය ඇමැති පණ්ඩු බන්ඩාරනායකගේ මාධ්‍ය ලේකම්ව සිටි තුෂාර සඳරුවන්   රුපියල් දස ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ඔහු සමඟ අත්අඩංගුවට ගත් ඇමැති ආරක්ෂක පොලිස් සැරයන් සංජය ලබන 21 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.

මාධ්‍යවේදියාට එරෙහිව කිසිදු චෝදනාවක් නැති බව ද, ඔහු මේ සිද්ධියට කිසිම සම්බන්ධතාවක් නැති බව හෙලීවීයැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැන්වීය.

කොළඹ සිට මීගමුවට රත්තරන් ප්‍රවාහනය කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලද ඇමතුමකට අනුව සැකකරුවන් දෙදෙනා ගමන් ගත් වාහන පරීක්ෂා කළ බවත්,  එහි රත්‍රන් නොතිබුණු බවත්, ඇමැති ආරක්ෂකයා සතුව ගිනි අවියක් තිබූ බවත්, ඒ අනුව දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දුන් බවත් පොලිසිය මීට පෙර කීවේය.

ඇමැති ආරක්ෂකයාගේ නිල නිවසේ තිබී හිස් පතුරොම් 300ක් පමණ සොයා ගත් බව ද පොලිසිය පැවසීය.

ඇමැති ආරක්ෂකයා ප්‍රභූ ආරක්ෂාවට ගොස් නිවසට එද්දී මාධ්‍යවේදියාගේ වාහනයට නැඟ ඇති බවත්, ඔහු ළඟ තිබුණේ රාජකාරි ගිනි අවිය බවත්, ඔහු ළඟ නිල ගිනි අවිය හෝ තිබෙන බව මාධ්‍යවේදියා නොදැන සිටි බවත්, කිසිදු චෝදනාවක් නැතිව පොලිසිය මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන ඇති බවත්  නීතීඥවරු උසාවියට දැන්වූහ.



අදහස් (0)

මාධ්‍ය ලේකම්ට ඇප

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 739 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 357 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 242 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 748 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 684 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site