හට් තිලකසිරි තමාගේ ලේකම්වරයකු යැයි කියමින් පුවත් පත් හෙට වාර්තාකරනු ඇතැයිද ඔහු තම මිතුරකු බව සැබෑ යැයිද මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා රූපවාහිනි නාලිකාවක් සමග පැවසීය.
‘දෙවිවරුන් සිටියේ තිස්තුන්කෝටියයි.මට ලේකම්වරු තිස් හතර කෝටියක් සිටියා වගේ මේ මාධ්‍ය කතා කරන්නේ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ,එහෙමත් පුලුවන්ද? (නි)
අමුතු අමුතු නම් තිබෙන මේ අය කව්ද දෙවියනේ? (නි)
කරුණාකර මේ අහිංසක ඇමතිතුමාට සහ ඔහුගේ පුත්‍රයාට සැනසිල්ලේ ඉන්න දෙන්න (නි)
කව්ද දෙය්යෝ කඩේ යන්නේ...අපි යන්නේ සතොසේ..ඒක නැති දාට තෝසේ. එකත් බැරි උනොත් මංසේ. (අ)
මේ ඇමතිතුමා මාධ්‍යයට දොස් කිව්වට එතුමා දන්නේ නැහැ මාධ්‍ය නිසා එතුමාට ලැබිලා තියෙන ප්‍රසිද්ධිය. (නි)
ඇමති තුමා , මාධ්‍ය දඟලනවානම් දෙමු රජ ගේමක් රුපවාහිනියට දුන්න වගේ ඇට්ටි හැලෙන්නම. පුදුමත් හිතෙනවා දැන් මොකද ඔබ තුමා නිහඬ කියල . පුතාට ගැහුවා ගෙහුවමයි මොකද උනේ කියල සද්දයක් නැහැ . දැන් සම්බන්දිකරන ලේකම්ව උස්සල ,පවු කියලත් හිතෙනවා ................ ලෙවුකේ මැතිඳු අද තනියම වෙලා වෙලා මෙද්දේ කීවලු (අ)
දෙයියන්ගේත් ආරක්ෂකයා අපේ ඇමතිතුමා. අනේ අපේ අහිංසක ඇමතිතුමාට මොනවද මේ කියන කතා? දෙයියෝම බලා ගන්න ඕනෑ මේවා (නි)
ඔන්න මහත්තයෝ, මාධ්‍යයට ඇගිල්ල දික්කරන කාට කාටත් හොද පාඩම්. මාධ්‍යය ඇවිස්සුනොත් සියල්ලටම වැඩිය භයානකයි. (නි)
ගින්නක් නැතුව දුමක් ඇතිවෙන්නේ නැතිලු. (නි)
අනේ පව්! බය හිතෙන්න ඇති. (නි)
උයන කුස්සිවල තමයි වළං බිදෙන්නේ කියලා මහත්තයෙක් කිවුවා නේද? ඒකෙත් ඇත්තක් තිබෙනවා බලාගෙන යනකොට (නි)
මේ මනුස්සයා හිතන්නේ මේ රටේ මිනිසුන්ට වෙන වැඩක් නෑ කියලා මිනිහගේ පමිපෝරිය අහගෙන ඉන්න (දිල්)
මේ ගරු ඇමති තුමාව අපේ උප ජනාධිපති කරමු. මෙතුමා හොඳ දේශප්‍රේමියෙක්, පැවත එන්නෙත් දුටුගැමුණු පරම්පරාවෙන්මලු (දිල්)
ජනමාධ්‍ය ඔබතුමා ගැන නිතරම හොයන්නේ ඔබ උතුම් පුද්ගලයෙක් නිසයි. අපි ඔබ සමගයි. (නි)
එහෙනම් ප්‍රවෘත්ති පලකරන්න පෙර ඇමතිතුමාට දුරකතන ඇමතුමක් දීලා දැනුවත් කරන්න ඕනෑ කියලා මාධ්‍යයට කියමු. අපරාදේ! එතුමාගේ නමටත් හානියක්. (නි)
ආරියසේන මහත්තයෝ, ඔබතුමා හරි.නිවැරදි අපක්ෂපාතී මාධ්‍යයන් අද මේ රට තුල විරලයි (නි)
ද සිල්වා, මේ ඇමතිතුමා හරිම අහිංසකයි. මාධ්‍ය හැමදාම මේ ඇමතිතුමාට කරදර කරනවා. මෙතුමා අහිංසකයි. මෙතුමා ඔය කියන ඒවා ඔක්කොම කළා නම් ඔහු මේ වෙනකොට හිරේ ගිහින්නේ? (නි)
මම නම් මොහුට පෞද්ගලිකවම කැමති නැහැ (නි)
හොරාට ඉස්සෙල්ල කෙසේල්කන වැට පැනල.(දිල්)
ඔයාලා දැක්කද ඔය නැති වුණ කෙනාගේ හැදුනුම්පතේ තිබුණේ කාගේ ලේකම් කියලාද කියා? (නි)
මේවා මසුරන් කියුම්. හිනා වෙලාම ඉල ඇදෙනවා රත්තරන්..ඔබ නැති මාද්‍යය පොල් නැති රොටියක් වගේ (නදී)
කවුරු මොනවා කිව්වත් රට ජාතිය ගැන කැක්කුමක් තියෙන ඇමති කෙනෙක්. හැමෝම වෙනුවෙන් වැඩ කරලා තනියම පරිප්පු කන්න වුණ වෙන කෙනෙක් නැති තරම්.ඔබතුමාට තිස්තුන් කොටියක් දෙවි පිහිටයි.එතුමාට ගරහන අයට ස්වභාව ධර්මයෙන් ඒවායේ ප්‍රතිපල ලැබේවි (නි)
කතාව ඇත්ත. එයාට ලේකම්ලා ඉන්නාවා දෙවිවරුන්ට වැඩියෙන් (නි)
මෙතුමා ගැන දැන් කතා ඇතිවෙනවා වැඩියි නේද? (නි)
අනේ මන්දා ඔය කතා? (නි)
අපි දන්නා විදියට මැර කට්ටියක් නම් හිටියා. නමුත් ඔවුන්ගෙන් කොටසක් ඉවත් වුණ බවත් අපි දන්නවා. (නි)
මෙතුමාගේ සමහර කතාවලට හිනහත් යනවා (නි)
ඉතින් මාධ්‍ය එහෙම කතා කරන්නේ 34 කෝටියකට විතර ඒ අදාල හැඳුනුම්පත් දීලා තියෙන හින්දනේ (නි)
ලංකාව ජ්‍යත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත් වෙන්න එක් හේතුවක් මෙයා සහ මෙයා වගේ ලැජ්ජා නැති අය. මෙවගේ අය අයින් කරන්න නැති එකනේ පුදුමය (අ)
මුන්නේෂ්වරමට ලේකම් කෙනක් පත් කරන්න. (අ)
අපොයි! (නි)
මේ ඇමති තුමා හරිම අහිංසකයි. මාධ්‍ය හැමදාම කරන්නේ මේ ඇමති තුමාට කරදර කරන එක. එක පාරක් සමෘධි නිලධාරියෙක් ගස් බැන්ඳා කියලා කතාවක් හැදුවා. අන්තිමට නිලධාරියා කිව්වා ඔහු විසින්ම ගස් බැඳ ගත්තා කියලා. හමුදා නිලදාරියෙක් කිව්වා මෙතුමාගේ පුතා විසින් පහර දුන්නා කියලා. අන්තිමට නිලධාරියා කියනවා මට මතක නැහැ කියලා. බලාගෙන යනකොට මේ දරුවාගේ රියැදුරා තමයි නිලධාරියාගේ පිස්තෝලෙත් අහුලලා දීලා තියෙන්නේ. මෙතුමා අහිංසකයි. මාධ්‍ය තමයි මෙතුමාට කරදර කරන්නේ. මෙතුමා ඔය කියන ඒවා ඔක්කොම කලානම් ඔහුව අධිකරණය විසින් හිරේ යවලා.(නදී)
රටේ මීට වඩි කතා කරන්න වැදගත් දේවල් නැද්ද.(අ)
එන්නකෝ බණ්ඩාරගම ආසනයට ,රටට වැඩක් ඇති සිංහයෙක් (නදී)
ඇමැතිතුමා කරුණාකර කියන්න ඔබට සම්බන්ධිකරණ ලේකම් වරු කොපමණ සිටීද ? ඔවුන් කවුද කියල ? හදිසියේ ජනතාවට ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍ය වුනොත් පහසුයි , එතකොට මාධ්‍ය වලට කටකතා හදන්නත් බැහැ, අර ඔබේ පැහැරගෙන ගිය යාළුවා කරා වගේ බොරුවට විසිටින් කාර්ඩ් මුද්‍රණය කර ජනතාව රවටනත් බැහැ (අ) .
අපි නම් ඕවට කිසිදෙයක් කියන්නෙ නැහැ.කියලා වැඩක් නැහැ.දන්නෝ දනිති (නි)
දවසේ කියමන් කියන්නේ මෙතුමා තමයි (නි)
මෙයාගේ කිසිම වැරද්දක් නැහැ.මේ වගේ අය පත් කරලා යවන ඡන්ද දායකයන්ගේ අඩුපාඩුවක් තමා පෙන්නේ.(දිල්)
මෙතන ඉන්න සමහර අය කඩේ යන්නේ නැහැ.ඒ ගොල්ලෝ කඩේ ඇතුලෙම වාඩිවෙලා ඉන්නවා.(දිල්)
අනේ! මේ අහිංසකයට ඉන්න දෙන්නෙම නැහැනේ (නි)