මධ්‍යම පළාත් සභාව ලබන සිකුරාදා (21) විසුරුවා හැරීමට බොහෝ විට ඉඩ ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමති මාතලේදී මින් මද වේලාවකට පෙර පැවසුවේය.
විසුරුවා හැරීම නිර්දේශ කිරීමේ ලියකියවිලි මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකානායක මහතා විසින් මධ්‍යම පළාත් ආන්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට ලිඛිතව ලබා දී ඇතැයිද ඇමති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සබා විසුරුවන්න. ඡචන්ද තියන්න අවශ්‍ය නැහැ , මොකද මහජනතාවට පොදුවේ උන සෙතක් නැහැනේ.(නදී)
මහා වැදගත් ප්‍රවුත්තියක් වගේ මේක මාතලේදී ප්‍රකාශ කරලා තියෙන්නේ. උන්ට වැදගත් ඇති. අපට නම් තව අපේම තුට්ටු දෙකට තට්ටු වෙන සත පහක වැඩක් නැති කුණු කන්දලයක් විතරයි. (අ)
විසුරුවා හැරිය එක හොදයි. ඒ වුනාට ඡන්දෙ නම් තියන්න එපා.(නදී)
අනේ බුදු ජනාදිපති තුමනි, කරුණාකරලා මධ්‍යම පළාතටත් හොදට පෙරලා බලලා හොදම හොද චන්ඩියෙක් දාගන්න. නැත්නම් හරියන්නේ නැහැ. අනික අපිට ඔය අවංක දේශපලකොයෝ එහෙම එපා හොදේ.(නදී)
ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් ලොකුයි (අ)
උදිත් , අලුතෙන් කියලා රටේ ආර්ථිකයට දැනෙන දෙයක් තාම කෙරිලා තියෙනවද ? නොදන්නා දේවල් කතා නොකර ඉන්න (නි)
උදිත් පහුගිය කාලේ ලංකාවේ හිටියද කියල සැකයි. ඔය කියන බයක් අපිට නම් නැහැ. බය වෙලා පාරේ ගියපු කාලේ ඉවරයි. අනෙක යුද්දයයි ජෙනරාල් කමයි අතරේ තියෙන සම්බන්දය මොකක්ද? තනිකරම ද්වේශයෙන් කරපු අදහස් දැක්වීමක්! කොහොම උනත් පළාත් සබා නම් කිසිම වැඩකට නැති දෙයක්! සල්ලි කාබාසිනියා කරන එක විතරයි. (නදී)
දැන් ඉන්න නායකයෝ ඔක්කොම එකයි. හැමෝම බලන්නේ තමන්ගේ මල්ල පුරවා ගන්න. ජනතාවට හෙන ගැහිලා ගියත් කමක් නැහැ.(නදී)
සියලුම පළාත් සභා විසිරුවා නොවේ අවලංගු කරන්න කටයුතු කළයුතුයි. මේ පාලන ක්‍රමය මුළු රටෙන් 90%ට වඩා එපාවෙලා තියෙන්නේ. කිසිම වැඩකට නැති දෙයක්! සල්ලි කාබාසිනියා කරන එක විතරයි. (නදී)
පේනවා නේද පොදු අප්‍රසන්නතාවය රටගැන දුකයි හොදටම සනීපයි (අ)
රත්නගේ කතාව හරියට හරි.(නදී)
මේ රටේ ජනතාවට කන්න අදින්න වෙන්නේ තව කාව හරි අමාරුවේ දාලා. මොකද දිළිදුකම ගොඩක් වැඩි වෙලා. අපි මොකටද මේ වගේ දෙවල් කරලා මුදල් නාස්ති කරන්නේ.(නදී)
අපේ රටේ ඉන්න බුද්ධිමතුනි, දැන් රට ගැන හිතා පෙරමුණ ගතයුතු වෙලාව මේක තමා. ඔබට මේ රට බේරා ගන්න ලැබෙන අවසන් මොහොත ... පින් සිදුවේවි. හැමෝම එකතු වෙමු (නි)
උදිත් නිකන් ඔලුව නැති කතා කියන්න එපා .මම එකගයි මුණසිංහ සමග !! (නි)
මේ රටේ උගත්තු හිටියට වැඩක් නැහැ. ඇත්ත කතාකරන උගතුන්ට බුද්දීමතුන්ට තැනක් නැහැ. තැන තියෙන්නේ රටට ජාතියට ආදරයක් නැති බල ලෝබී දේශපාලකයන්ට ඕන විදිහට රටේ මහජනතාව මත බර පටවන නීති හදන,බුද්දියක් නැති විභාග සමත් වූ අයට. හැම රැකියවකටම ඉදිරිපත්වෙන කොට සුදුසුකම් පිළිබඳව, චරිතය පිලිබදව සහතිකයක් ඕනා. නමුත් දේශපාලකන්යට ඒවා අවශ්‍ය නැහැ. බුද්දිමත් උගත්තු හිටිය නම් මෙහෙම වෙන්නේ නැහැනේ. මැතිවරණ නීති හදන කොටත් බුද්දිය කියන එක පාවිච්චි කරනවනේ. අපේ රටේ වැඩි හරියක් ඉන්නේ අත කැපුවත් පක්ෂයට ඡන්දය දෙන වහල් ඡන්ද දායකයෝ. ඉතින් මොන මැතිවරණ තිබ්බත් වැඩක් නැහැ. විදායකය නිසා රාජ්‍ය බලයේ ඉන්න එක්කෙනා දිනාවී. ජනතාව මත අ බරත් පටවාවි. අපි උලා කද්දී ඒ ගොල්ලන් කිරි පැණි කාවී.(නදී)
සියලුම පළාත් සභා විසුරුවන්න.ඡන්ද තියන්න අවශ්‍ය නැහැ. වැඩකට නැති දෙයක්. සල්ලි කාබාසිනියා කරන එක විතරයි. අප්‍රසන්න වැඩ කරන, ගුරුවරු දණ ගස්සන ලජ්ජා නැති චන්ඩි කට්ටියක් අලුතෙන් අලුතින් පත්කරන්න අපිට අවශ්‍ය නැහැ (නි)
ඔය පළාත් සභාව විතරක් නොවෙයි පළාත් සභා ඔක්කොම ටික අහෝසි කරලා දාන්නයි ඕනෑ. බොරු වියදම් මගක් නිසා, ඕක අහෝසිකරලා දැම්මම රටේ ජනතාවට යහපතක් වේවි. (නි)
ලංකාවේ දේශපාලනය ගැන නම් මම කතා කරන්න කැමති නැහැ (දී)
එනවා එනවා බලු රේස් එක එනවා.(නදී)
පළාත් සභා අහෝසි කරන්න යන මේ වෙලාවේ ඇයි ආයෙත් මේ මධ්‍යම පළාත් සභාව විසුරුවා හැරලා කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරන්න යන්නෙ.(නදී)
බොරු මැතිවරණ මේ වියදම් වලින් අහිංසක ධීවරයන්ට උදව් කලා නම් ඒක ලොකු පිනක් සිදු වේවි. මිනිසුන් පුදුම දුකක් විදින්නේ ජිවිතේ ගැට ගහගන්න.(නදී)
විසුරුවා හැරිය එකනම් බොහොම හොදයි. මේවා ඕනෙම නැහැ අපේ රටට. වයඹ පැත්තේ එක්කෙනක් කරලා තියෙන හරිය මුළු රටම දන්නවනේ දැන්.(නදී)
ඕක වීසුරුවා හැරියාම බඩු මිල අඩුවෙනවා නම් හොදයි.(නදී)
වැඩේ නම් හොදයි. ඡන්දෙ ඉල්ලන්න දාන අයගේ අවම සුදුසුකම ඕ ලෙවල් වත් පාස් අය දැම්මොත් ටිකක්වත් හොදක්.(නදී)
මහා ඇමති වෙන්නේ අර උසාවියෙන් වරද කරු උණු එක්කෙනාමද. අපිට දෙවියන්ගේ පිහිටයි.(නදී)
මේ ආණ්ඩුව පත්වුනු දවසේ ඉඳලා කරන්නේ අතන මෙතන කඩින් කඩ මැතිවරන තියන එක. ඒකෙන් මහජන මුදල්, කාලය, ශ්‍රමය විතරක් නෙමේ දේශපාලන සහ සමාජීය සදාචාරය වැලලිලා ගිහින්. ඇයි පලාත් ඔක්කෝම එක දිනයක කරන්නේ නැත්තේ? එහෙම උනොත් බලය අනිසි ලෙස යොදාගන්න බැරි නිසාද? (නදී)
රටේ ජනතාව හෙට හරියයි අනිද්දා හරියයි කියමින් අත්දෙක පොරවාගෙන බලාගෙන හිටියොත් අපේ රට කාටහරි යටත් වෙලා තමයි නවතින්නේ. අපිත් දැක්කනේ විදුලි බිලට එරෙහි වර්ජනය අසාර්ථක වුනු හැටි. පොදු ප්‍රශ්නයකදිවත් අපිට බැහැ එකට එකතු වෙලා විරුධත්වය ප්‍රකාශ කරන්න. (නදී)
මේ පාලන ක්‍රමය මුළු රටෙන් 90%ට වඩා එපාවෙලා තියෙන්නේ. කඩපිලේ, මඟතොටේ, කාර්‍යයාලයේ මිනිසුන් ජීවිත ගැටගහගන්න වෙහෙසෙන එකෙන් ඵල නෙලන්නේ කූඨ දේශපාලකයෝ කියාගන්න අත්ලොස්සක්. (නදී)
අයාලේ යන රට ගැන දැන් මොනව කතා කරන්නද මේ යන විදිය දැන් හරියටම ප්‍රේමදාස යුගය වගේම තමයි. නැත්තෙ පාරවල්වල කනුවල බෙල්ලෙන් කපපු ඔලු ගහල නැති එක විතරයි. විමල් මහත්තයලා දන්නවා ඒ කලේ ආණ්ඩුව මිනිස්සුන්ව තිරිසන්නු වගේ මරල දාපු හැටි. ඔය පලාත් සභාව ගෙනත් තමයි පටන් ගත්තේ. දැන් උනත් යුද්දේ කරපු නැති හමුදාපතිලා ජෙනරාල්ල කරලා මොනවද මෙ කරන්න යන්නෙ. ඇත්ත කතා කරන්න කවුරුවත් නැහැ. හැමොම ඉන්නෙ අද බයෙන්. මොකද ඇත්තටම වෙලා තියෙන්නෙ කියලා හිත ාගන්න වත් බැරුව ගිහින්. දවස් තුනක් ඇතුලත ඩොලරය 124 ඉඩන් 127 ට ගිහින්. ඒ කියන්නේ බඩු මිල හැම එකම වැඩි වෙනවා කියන එක නේද.? අද පත්තරයක් රුපවාහිනිය බලලා කිසි දෙයක් දැන ගන්න බැහැ. ඔක්කොම බොරුව වෙලා.(නදී)
සියලුම පළාත් සභා විසිරුවා නොවේ අවලංගු කරන්න කටයුතු කළයුතුයි. (ත)
එකයි දෙකයි තුනයි පොරේ.... පටන් ගන්නයි යන්නේ.... (ත)
පළත් සබාත් එපා, ඒකේ නියෝජිතයොත් එපා. (නි)
එක් සේසත් ලංකාවක් තුල එකම දිනයක ආණ්ඩුව මැතිවරණ තියන්න බය ඇයි.(නදී)
කාවද අලුතින් පත්කරන්ඩ ඉන්නේ? ගුරුවරු දනගස්සන කට්ටියවද?(නදී)
මීළඟට එන්නේ පක්ෂෙන් එවන කට්ටියද? නැතිනම් ජනතාවට අවශ්‍ය කට්ටියද? තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය.(නදී)
ජනාධිපතිතුමනි, රට විනාශ කරන මේ පළාත් සභ ක්‍රමය අහෝසි කරන්න. මේක ලංකාවට ගැලපෙන්නේ නැහැ. මහනායක හිමිවරු, වැඩිහිටියෝ, බුද්ධිමතුන් කියන දේ අහන්න. සල්ලි වියදම් කිරීම අඩුකර දුප්පතුන්ට වැඩක් වෙන විදියේ දේවල් කරන්න.(නදී)
ආණ්ඩු පක්ෂයේ දේශපාලකයෝ මේ දක්වා කරලා තියෙන වැරැද්ද තමයි යුද්දය දිනලා ආශ්වාදය විදිනවා මිසක් ප්‍රායෝගික දේශපාලනයක් නොකරන එක. විපක්ෂයත් එහෙමයි. මේ රටේ අහිංසක ජනතාව නිදහස ලැබුන දා ඉදලා නිදහසේ දුක් විදිනවා.(නදී)