මාධ්‍යවේදීන්ට ද සහන මිලට යතුරුපැදි ලබා දීමට තීරණය කළ බව මුදල් ඇමැති රවී කරුණානායක සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහත්වරු කියති.
ශ්‍රී ලංකා පුරවැසියකු වීම, වසර පහක් ක්ෂේත්‍රයේ රැඳී සිටීම, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටීම සහ යතුරු පැදි පැදවීමේ බලපත්‍රයක් තිබීම මූලික සුදුසුකම් බව ද ඔවුහු සඳහන් කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ රෙජීමය යටතේ මාධ්‍යවේදීන් පසුපස හඹා ආ සුදුවෑන් වෙනුවට මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරු පැදි ලබා දීම අපි අගය කරනවා.(නදී)
මේ දෙන්නේ තමන්ට අවශ්‍ය ලෙස මාධ්‍ය යොදා ගැනීමට බව කිව යුතුයි.(ම)
මෝටර් සයිකල් අනතුරු දුටුවාම මේවා නිකන් දුන්නත් නොගන්නවානම් තමා හොඳ ......ඇයි රෝද හතරේ වාහනයක් දුන්නොත් නරකද ? (බ)
මේක ඉදිරි මැතිවරණය සළකා දෙනු ලබන දෙයක් නොවේ නේද? (නි)
රාජපක්ෂ රෙජීමය යටතේ ඉස්සර ග්‍රීස් යක්කු,සුදු වැන්, මුහුදු වතුර,ලිං වතුර,වාහන හැප්පිම් ,වාහන ගිනි ගැනීම්,සියලුම ප්‍රශ්න වලට උන්ඩයෙන් පිළිතුරු දීම,..ඉතින් අපිත් මර බයේ දාන අදහසක්වත් පල වෙන්නේ නැහැ.පල වුනත් වෙන්නේ කපල කොටලා.මිනීමරු ප්‍රභාකරන්ගෙන් රට නිදහස් කර ගත්තු දවසට වඩා සතුටක් තියෙනවා ඒකාධිපතියෙකුගෙන් රට නිදහස් කර ගන්න ලැබුන කියල.අනාගත දරු පරම්පරාව ඒකාධිපතියෙකුගෙන් නිදහස් කර ගන්න ලැබුන කියල. අද අපි මොන තරම් නිදහස්ද කියල හිතෙනකොට හිතට පුදුම සතුටක් දැනෙනවා. ඒ සතුට පණට ආදරේ කරන සියලුම සතුන්ට දැන් දැනෙනවා. (බ)
" තිලක් -ඩුබායි " ඔබ තුමා රනිල් අගමැති තුමාගේ නෑයෙක් නේද? මේ ඔබතුමාට හම්බවෙන එක මට ටිකක් අඩුවට විකුණනවද? පුලුවන්නම් මටත් එකක් සෙට් කරලා දෙනවද? (බ)
දිනේෂ් කියන කතාව හරි. මොන ආණ්ඩුවෙන් දුන්නත් ඔය බෙදන්නේ ඔබගෙයි මගෙයි බදු සල්ලි. (නි)
ඒක නම් හොඳයි (නි)
අපෙන් ගත් සල්ලි ආපසු දෙන්න. අපි දුප්පත් මිනිස්සු (නි)
මේවා කවුරු කළත් හරිම පටු චේතනාවකින් කරන වැඩ බවයි මට නම් පෙනෙන්නේ.කාගේද මේ සල්ලි? මහජනතාවගේ සල්ලි නේද?ලෝකයේ අනෙක් රටවල නොකරන වැඩ මේවා.රට සංවර්ධනයට මුදල් නැතුව ඉන්න බව හොඳටම දන්නේ එය පාලනය කරන අයයි.ඇයි මේ වැඩ කරන්නේ. මේ මුදල් නැති බැරි අයට ගෙයක් හදාගන්න හරි, තව බඩු මිල ශත කීපයකින් හරි අඩුකරන්න කටයුතු කළා නම් ඔන්න යහපාලනය. (නි)
කලින් දීපුවා තියාගන්න තැනැක් නැතිව ඉන්නේ (බ)
අපි වගේ මහන්සියෙන් හම්බ කරගෙන කන්න. ගත්තොත් ගොටු අල්ලන්න වෙනවා වෙනවාමයි (නදී)
මහින්ද මහත්තය කරපු වැඩ මේ අයත් කරනවා. නමුත් මහින්ද කරන කොට වැරදියි . එ්කයි වෙනස.(බ)
දැන් ඉතින් ඡන්දෙකුත් අත ළඟ එනවනේ (නි)
ඒක හොදයි.(හේ)
යහපත් තීරණයක් (නි)
සුරංග,මෙතන කොතනකවත් කියලා තියෙනවද රජයේ අයට පමණයි කියලා? (නි)
දැන් ඉතින් ඡන්දෙකුත් අත ළඟ එනවනේ! (නි)
තාම පොලීසියේ අයටවත් හරියට වැඩේ කරගන්න බෑ (බ)
මේ හැම දෙයක්ම රජයේ සේවකයන්ට පමණක්ද... ..පුද්ගලික අංශයට මේ පහසුකම් නැත්තේ ඇයි (බ)