‘වැලිවේරිය රතුපස්වල ගැටුම ආරම්භ වෙද්දී මාධ්‍යවේදිනියක් වහළයක් උඩ හිටියා. තරු දෙක හෝ තුන ගහපු යුද හමුදා නිලධාරියෙක් ‘පට්ට බැල්ලි බැහැපිය‘ කියා කියනවා මට ඇහුණා. හමුදාව පන්න පන්නා උද්ඝෝෂණය කළ පිරිසට ගැසුවා. වෙඩි තිබ්බා. අපේ දේවස්ථානයේ සිදුවූ ම්ලේච්ඡ සිදුවීම ඇස් දෙකෙන් දැක්ක අය බය නැතුව මානව හිමිකම් කොමිසම ඉදිරියේ සාක්කි දෙයි. මගේ ජීවිතේ නැති වුණත් මම ඇත්ත කියනවා. මගේ ලොතරැයි වික්කා. මම ලොතරැයි කූඩුවත් පෙරලා ගිනි තබා තිබුණා. දෙවියන් විසින් මේවට නිසි දඩුවම්ලබා දෙයි. යැයි වැලිවේරියේ පදිංචි රෙජිනෝල්ඩ් මහතා අද (28) මානව හිමිකම් කොමිසන් සභාව ඉදිරියේදී පැවසීය.
වැලිවේරිය රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක් අද (28) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රතුපස්වල ජල ගැටළුව සහ ජනතාවට පිරිසිදු පානීය ජලය කඩිනමින් ලබා දීම සඳහා ගත යුතු දෑ පිළිබඳ එම රැස්වීමේදී වැඩි වශයෙන් සාකච්ඡා විය.
ගම්පහ සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා නියෝජිතයන් ද, ජල සම්පානද මණ්ඩලයේ නියෝජිතයන් ද ලබන සතියේ මානව හිමිකම් කොමිසමට ගෙන්වා සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය විය.
පෙරවරු 10ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැයක පමන කාලයක් පැවැති අතර එම සාකච්ඡාව අවසානයේ කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශද ලබා ගනු ලැබීය.
වැලිවේරිය මීසම භාර ලක්ප්‍රිය නෝනිස් පියතුමා ද, වෘත්තීය සමිති නියෝජිතයෝ කිහිප දෙනෙක් ද, ගමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයෝ ද, ගම්වාසින් කිහිප දෙනෙක් ද මේ සාකච්ඡාවට එක්වූහ.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේද පැවසීය.
‘අද දිනයේ මානව හිමිකම් කොමිසමට සංවිධාන සිවිල් සංවිධාන කැඳවා තිබුණා. මේ සිද්ධියෙන් දරුවො දෙන්නෙක් මැරුණා. තුවාලකරුවන් අතර ළමයින් තුන් දෙනෙක් හිටියා. අධ්‍යාපනය ලබන දරුවෝ පීඩනයට පත් වුණා. ගුරුවරු සහ දරුවන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද මානව හිමිකම් කොමිසමට අවා.
කුමන් හෝ සිදුවුණාම පරීක්ෂණ පවත්වනවා. නමුත් ඒවායේ අවසන් වාර්තාවට මොකද වෙන්නේ දන්නේ නෑ. අනිත් පරික්ෂණ වගේ මේක යට යන්න දෙන්න බැහැ. මේක බරපතල ප්‍රශ්නයක්.
අපි ද දිනයේ සාක්කිකරුවන් කිහිප දෙනෙක් ඉදිරිපත් කළා. අපි ඉල්ලා සිටියා ප්‍රකාශ ලබා දුන් අයගේ රහස්‍ය භාවය සුරකින් කියා. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕන.
අගෝස්තු පළවැනිදා මේ සිද්ධිය වුණේ. මේ වෙනකොට දින 28ක් ගිහින්. අද වෙනකම් කවුරුත් අත්අඩංගුවට ගෙන නෑ. මේ පරීක්ෂණ ඉක්මන් වෙන්න ඕන. එහෙම වුණාම තමයි ජනතාව තුළ විශ්වාසය ඇති වෙන්නේ. ‘
නම හෙළි කිරීමට අකමැති වූ පාසල් සිසුවෙක් මෙසේ පැවසීය.
‘මම වැලිවේරියට ආවේ තුනට විතර . නැතිවුණ රවිශාන් අයියා මාත් එක්ක එදා බොහෝ වෙලා කතා කරමින් හිටියා. උද්ඝෝෂණය කරපු කට්ටිය පාරේ කොට දමා තිබුණා. එතැනින් යන්න ඇම්බියුලන්ස් රියක් ආවා. එක්කෙනෙක් ඒකේ දොර ඇරියා. ඇතුලේ හිටියේ ලෙඩෙක් නෙමේ. ආර්මි එකෙන් හිටියේ.
ප්‍රශ්න පටන් ගත්තට පස්සේ ආමි එකෙන් ඇල්බීසියා පොලු කාඩාගෙන ගැහුවා. මටත් පාරක් වැදුණා. මම එතැන තිබුණා කාණුවකට බැහැලා ටිකක් වෙලා හිටියා. ඉන් පස්සේ මා ගෙදරට ගියා.‘
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතා මෙසේ ද පැවසීය. -
‘වැලිවේරිය හා රතුපස්වල සිද්ධි ගැන සාකච්ඡා කරන්න මානව හිමිකම් කොමිෂන් සභාව සිවිල් සමිතිවල නිලධාරීන්ට ආරාධනාවක් කළා . අපි ඔවුනට අවස්ථාවක් දුන්නා ප්‍රශ්න ගැන කියන්න කියා. කිහිප දෙනෙක් අපිට අවබෝධ වෙන විදියිට ඒ ප්‍රශ්න ගැන කිව්වා. අපි ඒ අයගෙන් ඉල්ලා සිටියා අද වාචිකව කරපු ප්‍රකාශ ලිඛිතව සති දෙකක් ඇතුළත ලබා දෙන්න කියා.
ඒ ප්‍රකාශ අනුව අපි තීරණයක් ගන්නවා.
අද අපට වැටහුණු විශේෂ ප්‍රශ්නය නම් ජනතාවට සුදුසු නැති ජලය පානය කරන්න වෙනවා කියන එක. ජීවිත හානියට හේතුවක් වෙන්න පුළුවන් ඒ ජලය පානය කිරීම. ඒ අය පාවිච්චි කරන වතුර පිරිසිදුද නැත්ද කියන එක දැනගන්න එක අයිතිවාසිකමක්.. ජීවිත ආරක්ෂාවට තියන අයිතිවාසිකමක්. අනික් ප්‍රශ්න නිරාකරණයට කළින් ඒ ප්‍රශ්නය නිරාකරනය කරන්න අපි තීරණයක් ගත්තා.
ලබන සතියේ මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා නිලධාරීන් හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් සාකච්ඡාවට කැදවනවා. අපි ඔවුනට අවබෝධ කර දෙනවා තමන් පාවිච්චි කරන ජලය පිරිසිදු ජලය බව දැනගැනීමට ජනතාවට අයිතියක් තියන බව. එහෙම නැත්නම් ඔවුන් කරන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව අපි ඔවුනට කියා දෙනවා. ඉන් පසු සාකච්ඡා කර සුදුසු නියෝගයක් දෙනවා.
අපිට තේරුම් ගියා ඒ ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ජලය ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙන බව.
වෙඩි තැබීමේ සිද්ධිය ගනත් කතා වුණා. දේවස්ථානයේ පියතුමත් ඒ ගැන ප්‍රකාශ කළා. වෙඩි තැබීම ගැන ඇසින් දුටු සාක්කි තියනවානම්, ඔවුන් ඉදිරිපත් වෙන්න බිය නම් ඒවා ලිඛිතව එවන්න කියා අපි දැනුම් දුන්නා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරු 2,3 ඇඟට දාගත්තාම අහිංසක මිනිසුන්ට තරු පෙන්නන්න හදනවා,, නිවටකම ඔළුවට ගැහුවාම ඉතින් අහන්න දෙයක්ද? (ස)
නිල ඇඳුම ඇන්ඳ නම් කල යුත්තේ අදාල නිලයයි. යක්ෂයෙකුගේ නිලය නොවෙයි. දැන් ගොඩක් අපරාධ වලට රණ විරුවන්ගේ සම්බන්ධයක් තිබීම සමස්ත හමුදවටම කැළලක්. හමුදාව තුල නීති රීති වෙනසක් හෝ සිදුකර යහපත් වෙනසක් කරා යනවා නම් මැනවි. (ස)
අපට පුතේ මඟක් නැතේ...රටක් නැතේ...උන් හිටි තැනුත් නැතේ..ලයිටි නැතේ.. වතුර නැතේ..කන්නත් නැතේ..මාධ්‍ය නිදහසත් නැතේ..ඡන්දෙන් වැඩක් නැතේ..උද්ඝෝෂණ කලොත් ජීවිතත් නැතේ..ඒත් ලෝකෙන්ම ලොකුම දූෂකයින්,අපචාරයින්,හොර තක්කඩියන් මෝඩ තකතීරු රට සූරාකන කපටි රැලක්නමි ඇතේ..! (ස)
අනේ අපිට පිස්සු වගේ පිරිසිදු වතුර බොන්න අයිතියක් අපිට තියනවා කියල සොයාගෙන. (ස)
එක පුද්ගලයෙක් දෙන්නෙක් නිසා සමස්ත හමුදාවම කල සේවය අවතක්සේරු කිරීම වැරදි..මේ කියන දේ වුනා නම් ඔවුන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි... (ස)
මංජු..මහ ජාතිය නිහඞ නිසා වෙන්න ඇති අද මේ යුද්ධෙ ඉවර වුනේ.. (ස)
ඔය නරක වචන වලින් මාධ්‍යවේදීන්ට කතා කරපු අය අද රතුපස්වල වගේම තවත් තැන්වල ගොඩාක් නරක දේවල් කරනවා. ඉස්සර මිනිස්සු ගෞරව කලාට දැන්නම් යුනිෆෝම් දකිද්දිත් හිරිකිත ගතියක් දැනෙනවා. මේ වගේ තවත් නරක වැඩක් තමයි අර අවුරුදු 40 ක විතර අම්මා කෙනෙකුටත් මේ ජාතියේ 4 දෙනෙක් කරලා තියෙන්නේ. මහජන මුදලින් වැටුප් ලබන ඉහළ නිලයන් වල ඉන්න අයට තීරුබදු රහිත වාහන පහසුකම් වගේ වරප්‍රසාද පවා දෙන්නේ මේ වගේ අමනුස්ස විදියට හැසිරෙන්න නෙවේ. යම් ගෞරවනීය සේවයක් කරන්න. මොන ඇඳුම් ඇන්දෙව්වත් මොන තනතුරක තිබ්බත් මොන බුහුමන් දැක්වුවත් මිනිහෙක් විදියට රාජකාරියක් කරමින් මිනිහෙක් විදියට ජීවත් වෙන්න නම් අධ්‍යාපන මට්ටමත් ගොඩාක් බලපානවා. (ස)
මේ වතුර ප්‍රශ්නය ඇති වුනේ අපිටයි.දැන් අපේ ළිං වල වතුර පාවිච්චි කරන්නම බැහැ.ගස් වලට දාපුවහම ගස් මැරෙනවා. අඩුම ගන්නේ වැසිකිලියටවත් පාවිච්චි කරන්න එපා කියලා වෛද්‍යවරුන් කියනවා.මේ ප්‍රශ්නය ගැන නොදන්නා අය අදහස් දැක්වීමෙන් වලකිනවා නම් හොඳයි. ඔබලාටත් මේවගේ දෙයක් වුනා නම් කියලා හිතන්න.දෙවියන් ඉන්නවනම් මේ අව නඩුව බලන්න.අපිට සාධාරණය ඉටු කරන්න. (ස)
නියම අදහස මංජු...... කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි ....... (ස)
මොකද ඉතින් මාධ්‍යවේදියො මේ ගැන සද්ද නැත්තේ? (නි)
මට ඡන්ද ස්ථානයකට ගොස් ඡන්දය දීමට තරම් සුදුස්සෙක් තවම ඡන්දය ඉල්ලා නැත. (නි)
වැලිවේරියට ගැහුවේ කවුරු කියලද හිතාගෙන ඉන්නේ? (නි)
දැක්කනේ ඊයේ පෙරේද දරුවොත් හමුදාවේ ඉන්න පවුලක අම්ම කෙනෙක්ව හමුදාවේ කට්ටියක්ම දූෂණය කරල තිබ්බ රටේ මාද්‍ය වේදීන්ට තර්ජනය කරන එක,වයසක මිනිස්සුන්ට පවා පහර දීපු ආකාරය එදා විද්‍යුත් මාද්‍ය වලින් අපි දැක්කනේ අර බ්‍රිගේඩියර් හා ඔහුගේ නඩේ හැසිරිච්ච ආකාරය නින්දිතයි. මේ ප්‍රහාරයේ වගකීම බ්‍රිගේඩියර් වරයා බාරගත යුතුයි (අ)
"ත්‍රස්ත ප්‍රහාර ගැන කතා කරන්නේ,අපේ හමුදාව ත්‍රස්තවාදීන්ට සමාන කරලද?" දෙමල ත්‍රස්ත වාදය නැති උනාට පසුව හමුදා ත්‍රස්ත වාදයක් හදාගෙන කියල පෙනෙන්නේ නැත්ද. නැතිනම් " පට්ට බැල්ලි බැහැපන්" කියන්නේ එයාගේ තියන පිත්තල බොත්තම් වල සරටද? හරි කෙනෙකුට අසුඋනාම පිස්තොලයත් දන්දීල කනහරහ පාරකුත් කාගෙන නේ එන්නේ. ඇවිත් මමම ගහගත්තා කියනවා. (නදී)
"පිල්ලේට ඇහෙන්න වෙන්න ඇති ඔය තරම් කට සැර. උඩ බලාගෙන කෙළ ගහගන්න එපා." පිල්ලේ මෙහාට අවේ ඔය වගේ වැඩ නිසා ඒක තේරුම් ගන්න. රටේ පාලකයෝ ළමයි දුෂණය කරනවානම් අහිංසක මිනිසුන්ට වෙඩි තියනවානම් ඔවුන් පාරට බැස්සම අපි වාහන අයින් කොර ගන්න උවමනා නම් පගාවට දුෂණයට මුල් තැන දෙනවා නම් අපට ඒ වගේ පාලකයින් උවමනා නැහැ. ඒ අය පත්වන්නේ ඔබලා වැනි අයගේ ඡන්දයෙනි. මට ඡන්ද ස්ථානය කට ගොස් ඡන්දය දීමට තරම් සුදුස්සෙක් තවම ඡන්දය ඉල්ලා නැත. එමනිසා ප්‍රයෝජනයක් වෙනවා නම් පිල්ලේට නොවෙයි මාරයාට උනත් ඇසෙන්න කියන දේ කිව යුතුය. තේරුම් ගත්තද? පපුවට තට්ටු කර අහන්න මේ රටේ නැවත උපදින්න කැමතිද කියලා.(නදී)
හමුදාව ඉන්නේ තමන්ගේ පැත්තේ කියල තවමත් හිතාගෙන ඉන්න මිනිසුන් ඉන්න එකයි පුදුමේ. (අ)
මේ සිමාව දැනගෙන උඩපනින්ද ,ජාතිය පවා නොදී. (අ)
අහිංසක ජනතාවගේ ප්‍රශ්න සධාරණ විදිහට විසදන් නැතිව හමුදාවේ පොලිසියේ බලය යොදා ගන්න එක වැරදි.තවත් ප්‍රශ්නේ වැඩි වෙනවා මිසක විසදුමක් නැ.මේ ගැන රජය මිට වඩා හිතා බලන්න ඕනේ.පනිය ජලය අවස්ස්ම දෙයක්නේ.ජනතාවගේ ප්‍රස්න වලදී මිට වඩා සාදාරන වෙන්න හමුදාවේ පොලිසියේ මහත්වරු. අපි හැමෝම මනුස්සයොනේ.(අ)
කෝ ඒ කාලේ යුද්දේ තියෙනකොට ඔය කියන අය එක්කෙනෙක්වත් හමුදාවට බැදෙන්න ආවද? නැහැනේ .. අද හමුදාවට බනිනවා. තව බනින්න. අපි නොසැලී සේවය කරනවා. හෙට දිනයේත් සතුරාගෙන් ඔබත් රටත් ආරක්ෂා කිරීමේ වගකීම නිසිලෙස ඉටුකරනවා (නි)
අර මැරුණ අසරණයෝ කනත්තේ කාටවත් කිසිම වරදක් නැතුව ඒ වලේ නිදනා හැටි මේ ලෝකෙට පෙන්නන්න තමයි තිබුනේ (නි)
අපෝ අපිටද මෙයාලා ගැන හොඳ කියන්න කියන්නේ. අපි දන්නවා 88/89 අපේ දරුවෝ මරපු හැටි. ත්‍රස්තවාදින්ට කුමක් කලත්, පිළිගත් රජයේ හමුදාවකට මහජනයාට වෙඩි තියන්න කිසිම අයිතියක් නැත. (ස)
ජාතික ප්‍රශ්න වලදි හරි වැරද්ද ගැන තමන්ගේ හිතට එකඟව කතා කරන්නේ නැතිව තමන්ගෙ පක්ෂයට ලකුණු දාගන්න හදන්න එපා . මෙ ප්‍රශ්නේදි හමුදාවෙ අය ඔක්කොම වැරදි වෙන්නේ හමුදාවෙ කිහිප දෙනෙක් විසින් කල මෙ වැරද්දට විරුද්ධව මෙතෙක් හමුදාවෙන් පියවරක් නොගැනිම මතයි. (ස)
බමුණු එක්ක මාත් එකඟයි. සේනාධීරලා වගේ වන්දිබට්ටයෝ ඉන්නකම් මේ රටට සෙතක් නැහැ? (ස)
ඔහොම යන්..ඔහොම යන්.. (නි)
ආමි මහත්වරු මෙහෙම ගැහුවේ ඉහලින් ආපු නියෝග වලට. ආමි එකට ඔලුවක් තිබුනා නම් මෙහෙම ගහන්නේ නැ. රතුපස්වල හිටියේ ත්‍රස්තවාදීන් නොවේ අහිංසක මිනිස්සු. (ස)
ආමි මහත්තුරු ! මහත්තුරු කියල කටක් ඇරලා කොහොම කියන්නද අහිංසක මිනිසුන්ට තිරිසනුන්ට වගෙ ගහල ජීවිත දෙකක් බිලිගත්තා.(නදී)
රතුපස්වල ජනතාවට පානීය ජලය බිමට නොහැකි නිසා නේද අවුරුදු ගානක් තිස්සේ බලදාරීන්ට කියලා කියලා බැරිතැන සාමකාමිව පාරට බැස්සේ?සේනාදීර වගේ අයට ජීවිතේටම දරිද්‍රතාවයන් මුණගැසී නැහැ.හමුදාවෙන් මිට වැඩ සංඛ්‍යාවක් මරා දැම්මත් නිහඩව ඉන්න කියලද කියන්නේ?කඩුව දියමන්ති ඔබ්බපු රත්තරන් වුනත් හිටවලා වාඩිවෙන සිරිතක් නැහැ! (නි)
මෙතන විශාල පට ලැවිල්ලක් තියනවා..එක පැත්තකින් උපවාසය කල ස්වාමින්වහන්සේ ඇතුළු පිරිස පිළිගත හැකි විසඳුමක් ලැබුණ නිසා උපවාසය අතහැර නිවෙස් බලාගිය බව සඳහන් වුනා..එම මොහොතේම තව පිරිසක් හමුදාවෙන් ගුටිකාලා කලබලයකුත් වෙලා තියනවා..දැන් මේ දෙපිරිසම එකම අරමුණකට උපවාස කල බවත් කියවෙනවා..මොන දේ වුනත් හමුදාව බලය ඉක්මවා ජනතාවට පහරදීම අපි අනුමැත කරන නෑ.. (ස)
කරුණා කරලා එක සිද්ධියක් පදනම් කරගෙන මුලු හමුදාවකට අපහස කරන්න එපා. හමුදාවෙ කොල්ලෝ 30000කට අධික පිරිසක් දිවි දීලයි කෑගහන්න පෙලපාළි යන්න මේ ඕනෑම දෙයක් කරන්න ඉඩ ප්‍රස්ථාව අරගෙන දුන්නේ. දැන් ඕනෑම කෙනෙකුට පෙලපාළි යන්න පුලුවන් ඉස්සර බස් එකකවත් යන්න පුලුවන් වුනාද පෙලපාළි යනවා තියා. අඩුම ගානේ මැයි දින පෙලපාළියක්වත් තිබිබද. (ස) නිරායුධ සිවිල් පුද්ගලයන් තිදෙනෙක් ඝතනය කිරිම සාධරණිය කිරිමක් නොවෙයි නමුත් උත්තරිතරවු හමුදාවක් රටෙ ජනතාවට නිදහසේ නිදාගන්න තම හුස්ම වාතලයට මුසුකොට ලෙයින් දෙරණ තෙත් කර ඔවුන් එය ලබා දුන්නේ. එවැනි ශ්‍රේෂ්ඨ හමුදාවකට මෙ අයුරින් අවමං නොකල යුත්තකි. මිනිමරැ හමුදාව ලේ පිපාසිත හමුදාව ලෙස අවමං කිරිමෙන් රට වෙනුවෙන් දිවිදුන් සෙබලාට පවා අවමං කිරිමක් සිදු වන්නේ. දැන් මෙහි මාතෘකාව ලංකාවෙ මාධ්‍යට බැන වැදිමනේ ලංකාවෙ මාධ්‍ය ඔවුන්ගේ කාර්්‍යභාරය ඉටු කරනවාද මාධ්‍ය හෙලුවෙන් ඉන්නේ ඔවුන්ගේ උත්සහය ඔවුන්ගේ මාධ්‍යයේ අරමුණු ඉටු කරගන්න
කෝ අර කඩේ ගිය බන්දුල පෙරේරා ? පේනවා නේද හමුදාවේ වැඩ (ස)
රේණු , අපි හමුදාව හොඳ දෙයක් කරද්දී හොඳයි කියනවා, වගේම නරක දේ කරද්දී නරකයි කියලත් කියනවා. හමුදාවට මේ වුණ අවනම්බුවෙන් ගැලවෙන්න ඕනෑකම් තිබුනා නම් වැරදි කල අයට දඬුවම් කලා නම් මුළු හමුදාවටම මඩ වදින්නේ නැහැ නේද? (ස)
ක්‍රිස් ඔයා ඔහොම කිව්වට ඡන්දෙ දවසට උදෙන්ම ගිහින් ඡන්දෙ දාල එයි. (ස)
එතකොට රේණු අර ඊයේ ගේකට පැනලා තමන්ගේ දරුවෝ තුන්දෙනා හා සැමියා සේවය කරන හමුදාවේම තිදෙනෙක් ගෙට පැනලා මව දූෂණය කරලා ගියේ ඒවාට ඔයා මොනවද කියන්නේ?කවදා හරි හමුදාවෙන් ඔයාගේ ගෙට පැනලා ඔයාටත් ඒ දේ කරොත් යුද්දේ ඉවර කරා කියලා ඔයා නිකන් ඉන්නවද? (ස)
පිල්ලේට ඇහෙන්න වෙන්න ඇති ඔය තරම් කට සැර..උඩ බලාගෙන කෙළ ගහගන්න එපා.. (නි)
අර ජෙයරාජ් මහත්තයා මරුව වෙලාවේ මෙයාල කොහෙද දන්නේ නෑ හිටියේ ඒ වෙලාවේ නේ යන්න තිබුනේ මානව හිමිකම් ගෙන කතා කරන්න. (අ)
ඇත්තනේ ගෑණු මනුස්සයෙක් වහලයක් උඩ ඉන්නකොට , හමුදාවෙන් බලන්න ඇති මේ මොකෝ කියලා. ඔයින් ගියා ඇති. (ස)
ගොඩාක්ම බුද්ධිමත් අය මේ ගැන වැඩිය හිතන්න යන්න එපා. (නි)
කොන්ද පණ තිබෙන මිනිස්සු නම් රටේ ඕනෑ තරම් ඉන්නවා.නමුත් කොන්දක් ඇති එකම දේශපාලකයෙක්වත් විපක්ෂයේ නැති එක රටේම අවාසනාවකි. (නි)
ඇත්තටම වැලිවේරියෙදී මොකක්ද වුනේ? මට කිසිම දෙයක් මතක නැහැ (නි)
ජනතාව නිර්භයව ඉදිරියට එනවා නම් කිසිම කෙනෙකුට කිසි දෙයක් ජනතාවගෙන් සැඟවීමට නොහැකියි.හුදු පුද්ගලික වාසිය තකා ජනතාව විසින්ම තමන්ගේ අයිතිවාසිකම් පවා නොදී ඉදිරියට ආ යුතුයි.ඒ අතින් රතුපස්වල ජනතාවට අපි කවුරුත් ප්‍රසංශා කළ යුතුයි.සත්‍යය ප්‍රකාශ නිකුත් කිරීමට නොබියව ඉදිරිපත් වීම ගැන ඔබලාට යහපතක්ම වේවා !! (නි)
මෙහෙම ඇත්ත කතා කරන මිනිස්සු ත්‍රස්ත ප්‍රහාර වෙලේ කොහේද හිටියේ.. (නි)
නිදහස් කොමිෂන් සහා ඇති කර,මේ රටේ ජනතාවට නිදහස් ජීවත් වීමට අවස්ථාවක් ලබා දෙමු. (නි)
සේනාදීර,සුනෙත්,කමල් -මහා ජාතිය කොටි ගහපු වෙලාවෙත් නිහඩයි හමුදාවෙන් ගහපු වෙලාවෙත් නිහඩයි.හෙට පොලිසියෙන් ගැහැවත් නිහඩයි ඊටපස්සේ පාරේ යන සාමාන්‍ය මිනිස්සු ගැහැවත් නිහඩයි ඊටපස්සේ සත්තු හපා කැවත් නිහඩයි ඔබතුමාලා හැමදාමත් නිහඩයි. (අ)
නිල ඇදුම ඇගලාගත් පසු එය තුළ සිටින්නේ මිනිසෙක් නොවේද මන්දා? (නි)
මෙතන කෑගහන මහතුරුන්ට පුළුවන් නම් වැලිවේරියට කොටි ගහපු වෙලවවේ මැරුන කට්ටිය ගැනත් ඔය වගේ කතා කරන්නකෝ (නි)
රෙජිනෝල්ඩ් මහතාට දෙවියන්ගේ පිහිටෙන් දිගටම ස්වීප් විකුණාගෙන ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි! (නි)
කොහොම හරි මේ රටේ ඉන්න සිංහල , දෙමළ , මුස්ලිම් සහ වෙනත් සියලු ජාතීන්ටද , මේ රටට පැමිණෙන සංචාරකයන්ටද නිදහසේ ජිවත් වීමට ඇති මානව හිමිකම ආරක්ෂා වෙන්නයි ඕනෑ. ඕනෑම කෙනෙකුගේ ජීවිතය ඔහුට ඉතාම වටිනවා. එය මොනයම් හේතුවක් නිසා හෝ වෙනත් කෙනෙකුට විනාශ කරන්න අයිතියක් නැහැ. යමෙක් එහෙම වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතය විනාශ කළහොත් එයට හේතුව ඉතාම සාධාරණව සොයා බලා අවශ්‍ය දඬුවම නීතියට අනුව නොවරදවාම ලබා දිය යුතුයි (නි)
මැරුව පුතුන් සොහොනේ තියා..... මැරුව දෙපා ළඟට ගියා... ෆොටොත් ගත්තා ළඟින් තියා...... පත්තරවල ඒවා ගියා... (නි)
මම කලින් කිවුවා වගේ හමුදාකාරයෝ පොලිස්කාරයෝ යුනිෆෝර්ම් එක ඇන්දම හිතන්නේ එයාලට වඩා මිනිස්සු නැහැ කියලා. ඒගොල්ලන්ට ඔලුව පාත් කරන්නේ සමාජයේ එක්තරා කොටසක් පමණි. එම නිසා වැලිවේරිය සියලු දෙනාම මානව හිමිකම් ආයතනයට එදින සියලු සිදුවීම් ලියා දෙන්න. (නි)
ඡන්දෙදි මේකට උත්තර දෙන්න මිනිසුනි. (නි)
අඩු ගානේ වැලිවේරියේ හරි කොන්ද පණ තිබෙන මිනිස්සු ඉන්න එක ලොකු දෙයක් (නි)
ත්‍රස්ත ප්‍රහාර ගැන කතා කරන්නේ,අපේ හමුදාව ත්‍රස්තවාදීන්ට සමාන කරලද? (අ)
මංජු, අපිට තියන ප්‍රස්නේ එක දෙයකට විතරක් මිනිස්සු මෙච්චර උනන්දු ඇයි කියන එක.(නදී)
ඔය කතා කරපු මහතාගේ ගතමනාව ලැබෙන්නේ මොන රටෙන්ද කියලත් කිව්වානම් වටිනවා. අපිටත් කියක් හරි ගන්න විදියක් බැලුවේ.(නදී)
100% ඇත්ත කිව්වා දුශානි, මම ඔබට ප්‍රශංසා කරමි. මේ ඔක්කොම ත්‍රස්තවාදියෝ තමයි. නිකන් මිනීමරන්නේ නැත්නම් වෙන මොක්කුද? ඉන්දියාවේ උදව් නැතුව මේ අයව උතරට යවන්න තිබුනේ. නිමෙට පරිප්පු කන්න.(නදී)
බමුණා හමුදා කාරයෝ කියන්න එපා . උබලට අතීතය අමතකද? පවතින රජයට එරෙහිව වැඩ කරනවා නම් මගේ පුතාට උනත් වෙඩි තියන්න ඕනා. ලක්ෂයක නිදහස උදෙසා එක් අයෙක් මැරුවට මොකද වෙන්නේ?(නදී)
වැලිවේරිය සිද්ධිය ලංකාවෙ හමුදාවට වුණ කැළලක් (නි)
මගේ අයියත් හමුදාවේ සිටි කෙනෙක්. ඒ වුණාට එයා බොහොම වැදගත් විදියට ජිවත් වෙන කෙනෙක්. (නි)
කියන්න දෙයක් නැහැ. හමුදාවේ අය දැන් හැසිරෙන හැටි දුටු විට දුක හිතෙනවා. (නි)
රෙමාට පිස්සුද මන්දා. එහෙම ගියා නම් අහුවෙනවනේ. (නි)
ඇත්තටම එදා රණවිරුවෝ සියලු දෙනාම අද විශ්‍රාම ගිහින්ද ඉන්නේ? (නි)
ගමේ අයට ප්‍රශ්නය විසදා ගන්න ඉඩ දෙන්න (නි)
තව ටික දවසකින් ඔක්කොම අමතකයි... (නි)
රෙජිනෝල්ඩ් මහතාට දෙවි පිහිටයි බුදු සරණයි (නි)
අමිල කටුනායක කතා කරන්නේ මේ වීඩියෝ/ පොටෝ වල ඉන්න කෙනෙක් ගැන නේද? පුතා ගැන මට හරි ආඩම්බරයි පැත්ත ගියත් ඇත්ත කියනවා රට වෙනුවෙන්. ජේසු පිහිටයි දරුවා ඔබට. (නි) ?
කොටිත් නැති එකේ.හමුදාවෙන් 90% විසිරුවා හරින්න මැදපෙරදිග රටවලට .මෙහෙනම් තියන්න එපා මොකද පත්තර පිරෙන්නේ මෙයාලගෙන්. ඒ රටවල නීති තදනිසා යන ඔක්කොම නම් ආපසු එන එකක් නැහැ.තුවක්කුවට වඩා වැඩි දෙයක් ලෝකයේ ඇති බව වත් ඉගෙන ගනීවි. (අ)