කුරුදුගහ හැතැක්ම නගරයේ කඩයක් දැමීමට පිටින් ආ පුද්ගලයෙකු සැරැසෙතියි සිංහල රාවය හා වෙළෙද සංගමය උද්ඝෝෂණයක් පැවැත්විය.
එහි පැමිණි ප්‍රාදේශීය සභාවේ සභාවේ සභාපති ගාමිණි අමරවංශ මහතා සිංහ රාවයට හා වෙළෙද සංගමයට සහාය පළ කිරීම නිසා රැස්ව සිටි දහසකට අධීක පිරිසක් තමන් ජයගත් බව කියමින් උද්ඝෝෂකයන්ට ස්තූති කළහ.
නැවත පදිංචි කිරීමේ ඇමැති ගුණරත්න වීරකෝන් මහතා හා මහා සංඝරත්නය අතර ඇති වු උණූසුම් වාග් හුවමාරුව බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්විය.කුරුදුගහ හැතැක්මේ විරෝධතාකරුවනට ඉඩ නැතැයි කී ඇමැති යළී නගරයට ඇතුළු නො එන්නැයි ද කීවේය.
උණූසුම් වචන හුවමාරුවේදී කියැවුණූ සමහර වචන අපේ වෙබ් අඩවියේ පළ කළ නොහැක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකග වෙනවා මේ පුංචි රටේ හැමෝම එකාවගේ ඉන්න ඕනෑ කියන එකට.ඒත් ඒ කියමන වලංගු සිංහල අපිට විතරද? ඇයි අනික් අයත් ඒ විදියටම නොහිතන්නේ? (නි)
කුරුදුගහට වෙන අයගේ කඩ ඕනෑ නැහැ.ඕනෑතරම් කඩ දැනටම තිබෙනවා.කුරුඳුගහ බෞද්ධ ජනතාවට ජයවේවා! (නි)
කොළොඹ නගරයේ දාන්න යන ලොකු කැසිනෝ හොටල් වලට රවනා බලය සහ බොදු බලය මෙහෙම ව්රෝදතා දක්වන්නේ නැද්ද ? ඒවා පිටරටින් එන ලොකු පිටගම් කාරයන් බදු සහන යට දාන ඒවා නේද?(නදී)
ලලිත්, ඔබ හරි.මේකේ නොකියන රහසක් ඇති. (නි)
මේ හාමුදුරුවරුත් නැති තැනක් නැහැ (නි)
ෆස්රූල්, මම ඔයාගේ වටිනා අදහසට ගරු කරනවා. අපේ රටේ හැමෝම ඔය වගේ හිතනවා නම් අපිට ගොඩක් ඉදිරියට යන්න පුළුවන්. (නි)
මේ සිද්දියේ කවුරු හරි වැරදි උනත් ඇමති වරු නම් සාධාරණ තීරණ ගන්න අහිංසක උදවිය නේද (නදී)
විදේශ ශ්‍රමිකයන් එවන විදේශ විනිමය නොඑන්න අපි ඔක්කොම බරපතල ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙනවාමයි. ඇමතිවරු පත් කරනවා අවශ්‍ය ගණනටත් වැඩියෙන්. ඒවා ගැන එයාලා කොහෙත්ම කතා කරන්නේ නැහැ. කුමන ආගම ඇදහූවත් වැඩක් නැහැ, තමුන් ඒවා හරියට පිළිපැද්දේ නැත්නම්. (නි)
පිටරටකට ගොස් ලාංකික හැගීමෙන් එකිනෙකාට උදව් උපකාර කරමින් ජීවත් වෙන්නට හැකි නම් ලංකාවේ අපිට බැරි ඇයි? ලංකාව පුංචි රටක්. ඒ වගේම හැමදෙනාම සීයට සීයක්ම හරි නම් ලෝකයක් ආගමක් වුවමන නැහැ. (නි)
"තලේබාන් සහ අල්කයිධා ප්‍රතිපත්ති වගේම තමා අපේ රටේ සංවිධානත් කිසිම වෙනසක් නැහැ" කියලා එක්කෙනෙක් කියනවා. ඒ කියමන රටේ නීතිය ආගාධයට දැමූ සංවිධානයට හොඳට ගැළපෙනවා.එහෙම නේද? (නි)
කාටවත් කිසිම අයිතියක් නැහැ මිනිසුන්ට නගරයට ඇතුළු වෙන්න එපා කියන්න. මේ නගරය කාගේවත් බුදලයක් නොවෙයි. (නි)
සිංහලයාට අද උතුර නැහැ. නැගෙනහිරත් අහිමිවෙන පාටයි (නි)
එක එක අදහස් තියන මිනිස්සු නිසා මින් පසු ගමකින් ගමකට යන්නත් පාස්පෝර්ට් /වීස ඕන වෙයි...අනේ මෙහෙම බෙදුණු රටක්... (ස)
අපි කවුරුත් මැරෙන බව මතක තියාගන්න (නි)
කුරුඳු ගහ හැතැප්මේ අය අපේ ගම පැත්තේ එහෙම එනවා නෙමෙයි, හොදේ (නි)
මේක මේ නින්ද ගමක්නේ, නේද? (නි)
ෆස්රුල් ගෆූර්, මම ඔයාගේ අදහස් වලට බොහොම ගරු කරන සිංහල බෞද්ධයෙක්. ජාතිවාදයට මම කොහොමත් කැමති නැහැ.දෙමල ,මුස්ලිම් මෙන්ම බර්ගර් ජාතික මිතුරෝ ගොඩක් මට ඉන්නවා කුඩා කල සිට. අදටත් අපි හොද මිතුරෝ. නමුත් ගෆූර්, අද දෙමල ජාතිකයින්ටත් වැඩිය ඔයාලගේ මුසිලිම්වරු ජාතිවාදී වෙලා. නැගෙනහිර නම් ඉතාම නරක විදිහට. කොළඹ හා මහනුවරත් ඊට දෙවැනි නැහැ.අනෙක් නගර ගැන කියන්න තරම් කරුණු කාරණා මම දන්නේ නැහැ. එනිසා ඒ ගැන ට්කක් සොයා බලා එක එක්කෙනා බැගින් හෝ නිසි මගට ගන්න ක්‍රමයක් සොයා ගත්තොත් නම් ලොකු පිනක්. (නි)
සුද්දෝ හොදයිනේ. අපේ අය ඇමරිකාවේ, එංගලන්තයේ කඩ දාලා තියෙනවානේ. (නි)
ටෙනී, ඇත්තටම මට කියන්න තේරෙන්නේ නැහැ ඔබලා මුස්ලිම් අයගේ දකින ඔය ජාතිවාදීකම මොකක්ද කියලා. ටෙනි , අපේ රටේ හැම නගරයකම විවිධාකාර වෙළඳසැල් තිබෙනවා. යම්කිසි ක්ෂේත්‍රයක කෙනෙකුට හැකියාවක් තිබෙනවා නම් පමණයි ඒ ව්‍යාපාරයෙන් ඔහුට දියුණු විය හැක්කේ. හැමෝටම හැමදෙයක්ම මේ ලෝකයේ කරන්න බැහැ. ඒවාට ආගම් අදාල නැහැ. (නි)
ඕනෑ එකටත් එපා එකටත් හාමුදුරුවරු යන්න නරකයි. එතකොට පන්සල් වැහෙනවා. (නි).
1970 වැල්ලවත්තේ තිබුණේ දෙමල කඩ 2 යි. දැන් තියෙන කඩ 1000 කින් සිංහල කඩ 3 යි තිබෙන්නේ. අනිත් සියල්ල මුස්ලිම් සහ දෙමළ. හිතා ගන්න කැමති දෙයක්,මම නිකම් මේක කිව්වේ. (නි)
කඩයක් කිව්වට මේක මොන කඩයක්ද දන්නේ නැහැනේ. (නි)
ත්‍රත්වාදයට ත්‍රස්තවාදයෙන් උත්තර දුන්නා වගේ අන්තවාදයටත් අන්තවාදයෙන්ම තමයි උත්තර දෙන්න වෙන්නේ. (නි)
ටෙනි, ඔබ දන්නවද අද ලංකාවේ මුස්ලිම් ජනතාව මෙසේ ඔබ කියන ආකාරයට හිතන්න පටන් ගත්තේ ඇයි කියලා? (නි)
මොහාන් - 1970 න් පස්සේ සුනාමි ඇවිල්ල සිංහල කඩවල් ඔක්කොම මුහුදට ගහගෙන ගියාද? එහෙම නැත්නම් දෙමළ මුස්ලිම් අය එකතු වෙලා සිංහල අයව එලව ගත්තද? යාළුවා - තරඟයක දී ප්‍රතිවාදී කණ්ඩායමට වඩා දස්කම් දක්වන කණ්ඩායම තමා එදාට දිනන්නේ. කාගේවත් දුර්වලතාවය වසා ගන්න දිනපු අයට දොස් කියන එක හරිද? නටන්න දන්නේ නැහැ / බැහැ කියලා කියන්න හැබැයි පොලොව ඇදයි කියල කියන්න එපා! මමත් මේ නිකන් කිව්වේ....... (ස)
මොහාන් මම කොළඹ මහා නගර සභාවේ සේවය කල කාලයේදී ඔබව මුණ ගැසුනේ නැහැ නේ. සමහරවිට ඔබ ඒ දවස් වල පොඩි කොල්ලෙක් වෙන්න ඇති. (ස)
ෆස්රුල් ගෆූර් හරි, මොනව හරි තැනක අසාධාරණයක් තියනවා නම් එය හදා ගැනීම තමයි කල යුත්තේ. නැතිව එහෙ එහෙම නම් අපි අපේ ගමෙත් එහෙමයි කියනවා නම් රට බෙදන එක තමයි වෙන්නේ... (ස)
කව්ද මේ ඇමති... සිය ගානක් ඉන්න හින්ද අන්දුරගන්ඩ අමාරුයි (ස)
කහ පාට ටී ෂර්ට් එක ඇදන් ඉන්නේ ඇමති වෙන්න ඇති දැක්කම පේනවා .(නදී)
අපේ පැත්තේ දාන තරමක් කඩ දාන්නේ දකුනේ අය. අදහස් නම් ගොඩක් එනවා ලියන්න හිතෙන්නේ නැහැ.(නදී)
කහ පාට ටී ෂර්ට් එක ඇදගෙන ඉන්නේ ඇමති තුමාද? මීට කලින් දැකලා නැහැ ඒකයි ඇහැව්වේ.(නදී)
සාමය කවුරුත් අගය කරනවා. ඒ නිසා සිංහල අය තමන්ගේ "තැන' රැක ගැනීම කාටවත් කරන ජාතිවාදයක් නෙමෙයි. (නි)
වෙළඳ සංගමය මේ අවුරුද්ද මුලදි තීරණයක් ගත්තා. ඒත් දැන් මාසයකට විතර පෙර අදාල වෙළඳ සැල් හිමියාට බදු මුදලටත් වඩා වැඩි මුදලක් ලබා දෙමින් කඩය බදු ගෙන තිබෙන බවයි සැලවෙන්නෙ.(නදී)
කහපාට ටී ෂර්ට් එකේ ඉන්න කෙනා කියන වචනේ දන්නවා නේද? (නදී)
ඉතා හොඳ ඡායාරූප ජන මාධ්‍ය අවස්ථාවකි. (නදී)
කව්රු හරිද වැරදිද දන්නේ නැතත් ඇමති නම් හොඳ චන්ඩියෙක් බව පේනවා. (නදී)
කුරුදුගහ හැතැක්ම නගරය තියෙන්නේ ලංකාව ඇතුලේ නෙමෙයිද? ලංකාව ඇතුලේ නම් ඕනෙම කෙනෙකුට අවසර අරන් කඩයක් දාන්න පුළුවන් කමක් තියෙන්නේ ඕනෙනේ. (නදී)
නැගෙනහිර තියන්නේ ලංකාවේ නෙවෙයිද? සිංහල මිනිහෙක්ට කඩයක් දාන්ඩ පුලුවන්ද එහෙ ? දන්නා දෙයක් කතා කරන්න.(නදී)
ඔය කෙනත් කඩේ යන කෙනෙක් තමයි. (නදී)
කුරුඳු ගහ හැතැප්මෙ කඩ දාන්න පුළුවන් එහෙ අයට විතරද? යන්න වීසා ගන්නත් ඕනද? (නදී)
අසේල, සමුද්‍ර, පෙන්නලා දෙනවද උතුරු නැගෙනහිර සිංහල මිනිහෙකුට පිටින් ගිහිල්ල තියා එහේ පදිංචි වෙලාවත් කඩයක් දාගන්න පුලුවන්ද කියල. එතකොට එහේ ලංකාවේ නෙමෙයිද. (නදී)
ඔය සමහර මැති ඇමතිවරුන් කෙරෙහි මහා ජන අප්‍රසාදය නම් දිනෙන් දින ඉහළ යනවා. කථාකරන්නවත් දන්නේ නැති අය ඉන්නවා.(නදී)
මේක නිදහස් රටක් ඕන කෙනෙකුට ව්‍යාපාර කරන්ඩ නිදහස තියෙන්ඩ ඕනා. අපේ මිනිස්සු ගිහින් අරාබියේ රක්ෂාව කරලා මුදල් එවනවා. ඉතාලිය ඇතුළු යුරෝපා රටවල අපේ මිනිස්සු පිරිලා., එංගලන්තය,කැනඩාව ගත්තත් එහෙමයි . මේවා කල්පනාවෙන් කල යුතු වැඩ. මහා සඟ ආගම නිවැරදිව අපිට කියා දෙන්ඩ.(නදී)
ලංකාවේ ලාංකික පුරවැසියෙකුට නීත්‍යානුකූලව කඩයක් දාන්නවත් නිදහසක් නැද්ද?නිලදාරිනුත් මේවාට උඩගෙඩි දෙනවාද? (නදී)
පිට ගම්කාරයින්ට කඩ දාන්න තහනම් නීතියක් ගෙනාවොත් ,කොලඹ කඩ සේරම වහන්න වෙන්නේ.(නදී)
මෙතනත් ඉන්නවා සිංහල නම් වලින් අදහස් පලකරන සිංහලයන්ව වනසන්න මාන බලන් ඉන්න ඇගේ ඉදන් කණ කන ජාතිය.පරිස්සමින් (නදී)
මේ විදියට ගියොත් සිංහලයට ලංකාවෙන් පිට යන්න බැරි වෙයි.(නදී)
මේවා ඉතාමත් අනුවන ආදර්ශ. අලුත් ව්‍යාපාරය පටන් ගන්න පුද්ගලයා කවුද කියල අපි දන්නේ නැහැ. නමුත් සම්පූර්ණ වැරදි වැඩක්. ඒ මනුස්සයාගේ කඩෙන් අකමැති අය බඩු නොගෙන ඉන්න පුලුවන්නේ. නමුත් කඩ දාන්න එපා කියල කාටත් බල කරන්න බැහැ. නැගෙනහිර පලාතට අම්පාර නගරය අයත්වෙනවා. ඒ පලාත්වල සිංහල කඩ නැද්ද? එසේ නැත්නම් අනිත් පලාත්වල මිනිස්සු වෙළඳාම් කරන්නේ නැද්ද? හැබැයි බස්නාහිර පළාතේ නගර කිහිපයක් තිබෙනවා සිංහල කඩ පමණක් තිබෙන. නමුත් යාපනය නගරයේ වුනත් ඔනෙම කෙනෙකුට කඩ දාන්න පුළුවන්. මම එක උදාහරණයක් කියන්න කැමතිය කටාර් රාජ්‍යයේ සිංහල අයට අයිති අවන්හල් කිහිපයක් තිබෙනවා, ද්‍රවිඩ අයට අයිති " සැලූන්" තිබෙනවා මුස්ලිම් අයට අයිති අවන්හල් තිබෙනවා මේ සියල්ලෝම ලාංකිකයින්. නමුත් ලංකාවේ විතරක් ඇයි? කරුණාකර මොන ආගම වුනත් මොන ජාතිය වුනත් හොඳ දේවල් විතරක් කරන්න. බොරු දේවල් කියල මෝඩයෝ වගේ මේ රට ආයෙත් ආගාධයකට තල්ලු කරන්න එපා. හැම දෙයක්ම බුද්ධිමත්ව සිතන්න පුරුදුවන්න. කෙටි කාලයයි මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඉන්න ටිකේ පින් කරලා මේ ලෝකෙන් අපි හැමෝම සමුගන්න ඕනේ. අනුන්ගේ වැරදි හොයන්න යන්නේ නැතුව තමන් හරිද වැරදිද කියල පමණක් සිතමු. (නදී)
මේකත් පුංචි යාපනයක් වගේ වෙලාද? (නදී)
උත්තරා "කහපාට ටී ෂර්ට් එකේ ඉන්න කෙනා කියන වචනේ" කියන්නෙපා...ලියන්නෙපා දන්නවා දන්නවා. ඔන්න මම කිව්වා පින්තුරේ පත්තරේ දැම්මොත්....ආයෙත් එහෙම්ම කියනවා මන්..(නදී)
නැගෙනහිර පළාතේ සිංහල අයට කඩ දාන්න ඉඩ නොදෙන්නේ ඇයි කියා ඔය මානව හිමි කම් ගැන කතා කරන අය පොඩ්ඩක් පැහැදිලි කරනවද?(නදී)
පිටසක්වලින් ආ කෙනෙක් ද දන්නේ නැහැ. ඒ නිසා ඉඩ නොදෙන්න ඇති, මොකද උතුරු නැගෙනහිර වෙනත් පිටසක්වලින් ආ අයට ඉඩක් නොදෙන නිසා.(නදී)
2013 හොඳම වාර්තාවට සම්මාන දෙනවා නම් මේ පින්තුරය හා වාර්තාව අංක එක ලෙස තෝරා ගැනීම කාටවත් වැලක් විය නොහැකිය. උත්තරා ට හොඳම කොමෙන්ටුවට හිමි තෑග්ග ලැබිය යුතුය...අර වචනය කිව්වා මගේ පින්තුරය පත්තරේ දානවා නෙවෙයි..(නදී)
අසේල 2013-10-13 17:54:26 කුරුදුගහ හැතැක්ම නගරය තියෙන්නේ ලංකාව ඇතුලේ නෙමෙයිද? ලංකාව ඇතුලේ නම් ඕනෙම කෙනෙකුට අවසර අරන් කඩයක් දාන්න පුළුවන් කමක් තියෙන්නේ ඕනෙනේ. (දිල්)
උත්තරා, කහ පාට ටි ෂර්ට් එක ඇඳපු කෙනා කියන්නේ ඔයාගේ නම කියලයි මට නම් හිතෙන්නේ. (නදී)
ලංකාවේ ඉපදුනු සියලු ජාතින් ට මේ ශ්‍රී ලංකාව අයත් ජාතිවාදී ලෙස අදහස් ලියන්න එපා.(දිල්)
උත්තරාටත් සුද්ද සිංහල අමතක වෙලා නැහැ. අපිට වගේම පිටරට උන්නට.. (දිල්)
පිට සක්වලින් ආපු බුතයෙක් වත් කඩවල් දාන්න ආව ද දන්නේ නැහැ.ඒකට ඉඩ දෙන්න හොද නැහැ .මොකද උතුරු නැගෙනහිරත් ඒ අයට ඉඩක් නැති නිසා. (දිල්)
තලේබාන් සහ අල්කයිධා ප්‍රතිපත්ති වගේම තමා අපේ රටේ සංවිධානත් කිසිම වෙනසක් නැහැ .අන්තවාදය සහ නිතිය අතට ගෙන ඔවුන් කටයුතු කරනා ආකාරය (නදී)
පිටින් ආපු කෙනෙක් කඩයක් දාන්න ගිය පලියට ඔහොම උනා වෙන්න බැහැ. ඔය ප්‍රවුර්තියේ නොකිව්වට ඔයිට යටින් තව මොනවා හරි තියෙන්න පුළුවන් (නදී)
කුරුඳු ගහ හැතැප්මෙ පිට අයට කඩ දාන්න බැරිලු. මෙතන සමහරු කියනව නැගෙනහිරත් බෑ කියලා. එතකොට මේ රටේ ආණ්ඩුවක් නැද්ද? වෙන වෙනම රාජ්‍යද තියෙන්නෙ? (නදී)
තව අවුරුදු 30 කින් බලාගන්න පුළුවන් උද්ඝෝෂණ කරන හැටි (නි)
අනේ බුදුදහමට ගිය කල! අර ලොකු හාමුදුරුවෝ කෝ? (නි)