IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මින් පසු කුරුදුගහ හැතැක්මට නොඑනු

කුරුදුගහ හැතැක්ම නගරයේ කඩයක් දැමීමට පිටින් ආ පුද්ගලයෙකු සැරැසෙතියි සිංහල රාවය හා වෙළෙද සංගමය  උද්ඝෝෂණයක් පැවැත්විය.

එහි පැමිණි ප්‍රාදේශීය සභාවේ සභාවේ සභාපති ගාමිණි අමරවංශ මහතා සිංහ රාවයට හා වෙළෙද සංගමයට සහාය පළ කිරීම නිසා රැස්ව සිටි දහසකට අධීක පිරිසක් තමන් ජයගත් බව කියමින්  උද්ඝෝෂකයන්ට ස්තූති කළහ.

නැවත පදිංචි කිරීමේ ඇමැති ගුණරත්න වීරකෝන් මහතා හා මහා සංඝරත්නය අතර  ඇති වු උණූසුම් වාග් හුවමාරුව බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්විය.කුරුදුගහ හැතැක්මේ විරෝධතාකරුවනට ඉඩ නැතැයි කී ඇමැති යළී නගරයට ඇතුළු නො එන්නැයි ද කීවේය.

උණූසුම් වචන හුවමාරුවේදී කියැවුණූ  සමහර වචන අපේ වෙබ් අඩවියේ පළ කළ නොහැක



අදහස් (0)

මින් පසු කුරුදුගහ හැතැක්මට නොඑනු

ඇසළ Sunday, 13 October 2013 06:28 PM

අසේල, සමුද්‍ර, පෙන්නලා දෙනවද උතුරු නැගෙනහිර සිංහල මිනිහෙකුට පිටින් ගිහිල්ල තියා එහේ පදිංචි වෙලාවත් කඩයක් දාගන්න පුලුවන්ද කියල. එතකොට එහේ ලංකාවේ නෙමෙයිද. (නදී)

:       0       0

ලාල් ජකර්තා Sunday, 13 October 2013 06:32 PM

ඔය සමහර මැති ඇමතිවරුන් කෙරෙහි මහා ජන අප්‍රසාදය නම් දිනෙන් දින ඉහළ යනවා. කථාකරන්නවත් දන්නේ නැති අය ඉන්නවා.(නදී)

:       0       0

ගෆුර්ගෙ යාලුවා Sunday, 20 October 2013 10:10 PM

සාමය කවුරුත් අගය කරනවා. ඒ නිසා සිංහල අය තමන්ගේ "තැන' රැක ගැනීම කාටවත් කරන ජාතිවාදයක් නෙමෙයි. (නි)

:       0       0

රනිල් Sunday, 13 October 2013 06:32 PM

මේක නිදහස් රටක් ඕන කෙනෙකුට ව්‍යාපාර කරන්ඩ නිදහස තියෙන්ඩ ඕනා. අපේ මිනිස්සු ගිහින් අරාබියේ රක්ෂාව කරලා මුදල් එවනවා. ඉතාලිය ඇතුළු යුරෝපා රටවල අපේ මිනිස්සු පිරිලා., එංගලන්තය,කැනඩාව ගත්තත් එහෙමයි . මේවා කල්පනාවෙන් කල යුතු වැඩ. මහා සඟ ආගම නිවැරදිව අපිට කියා දෙන්ඩ.(නදී)

:       0       0

දර්ශා Sunday, 13 October 2013 06:34 PM

ලංකාවේ ලාංකික පුරවැසියෙකුට නීත්‍යානුකූලව කඩයක් දාන්නවත් නිදහසක් නැද්ද?නිලදාරිනුත් මේවාට උඩගෙඩි දෙනවාද? (නදී)

:       0       0

ඉම්රාන් Monday, 14 October 2013 04:28 AM

විදේශ ශ්‍රමිකයන් එවන විදේශ විනිමය නොඑන්න අපි ඔක්කොම බරපතල ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙනවාමයි. ඇමතිවරු පත් කරනවා අවශ්‍ය ගණනටත් වැඩියෙන්. ඒවා ගැන එයාලා කොහෙත්ම කතා කරන්නේ නැහැ. කුමන ආගම ඇදහූවත් වැඩක් නැහැ, තමුන් ඒවා හරියට පිළිපැද්දේ නැත්නම්. (නි)

:       0       0

දුමින්ද Sunday, 13 October 2013 06:41 PM

පිට ගම්කාරයින්ට කඩ දාන්න තහනම් නීතියක් ගෙනාවොත් ,කොලඹ කඩ සේරම වහන්න වෙන්නේ.(නදී)

:       0       0

ඉම්රාන් Monday, 14 October 2013 04:40 AM

පිටරටකට ගොස් ලාංකික හැගීමෙන් එකිනෙකාට උදව් උපකාර කරමින් ජීවත් වෙන්නට හැකි නම් ලංකාවේ අපිට බැරි ඇයි? ලංකාව පුංචි රටක්. ඒ වගේම හැමදෙනාම සීයට සීයක්ම හරි නම් ලෝකයක් ආගමක් වුවමන නැහැ. (නි)

:       0       0

රසිකා ඕමාන් සිට Sunday, 13 October 2013 06:56 PM

මෙතනත් ඉන්නවා සිංහල නම් වලින් අදහස් පලකරන සිංහලයන්ව වනසන්න මාන බලන් ඉන්න ඇගේ ඉදන් කණ කන ජාතිය.පරිස්සමින් (නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 19 October 2013 09:22 PM

අපේ පැත්තේ දාන තරමක් කඩ දාන්නේ දකුනේ අය. අදහස් නම් ගොඩක් එනවා ලියන්න හිතෙන්නේ නැහැ.(නදී)

:       0       0

ගයන් සිල්වා Saturday, 19 October 2013 10:06 AM

කහ පාට ටී ෂර්ට් එක ඇදන් ඉන්නේ ඇමති වෙන්න ඇති දැක්කම පේනවා .(නදී)

:       0       0

නිහාල් Sunday, 13 October 2013 07:58 PM

මේ විදියට ගියොත් සිංහලයට ලංකාවෙන් පිට යන්න බැරි වෙයි.(නදී)

:       0       0

සත්‍යයා Monday, 14 October 2013 07:28 AM

"තලේබාන් සහ අල්කයිධා ප්‍රතිපත්ති වගේම තමා අපේ රටේ සංවිධානත් කිසිම වෙනසක් නැහැ" කියලා එක්කෙනෙක් කියනවා. ඒ කියමන රටේ නීතිය ආගාධයට දැමූ සංවිධානයට හොඳට ගැළපෙනවා.එහෙම නේද? (නි)

:       0       0

මාගරී Monday, 14 October 2013 01:21 PM

ත්‍රත්වාදයට ත්‍රස්තවාදයෙන් උත්තර දුන්නා වගේ අන්තවාදයටත් අන්තවාදයෙන්ම තමයි උත්තර දෙන්න වෙන්නේ. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 13 October 2013 08:18 PM

මේවා ඉතාමත් අනුවන ආදර්ශ. අලුත් ව්‍යාපාරය පටන් ගන්න පුද්ගලයා කවුද කියල අපි දන්නේ නැහැ. නමුත් සම්පූර්ණ වැරදි වැඩක්. ඒ මනුස්සයාගේ කඩෙන් අකමැති අය බඩු නොගෙන ඉන්න පුලුවන්නේ. නමුත් කඩ දාන්න එපා කියල කාටත් බල කරන්න බැහැ. නැගෙනහිර පලාතට අම්පාර නගරය අයත්වෙනවා. ඒ පලාත්වල සිංහල කඩ නැද්ද? එසේ නැත්නම් අනිත් පලාත්වල මිනිස්සු වෙළඳාම් කරන්නේ නැද්ද? හැබැයි බස්නාහිර පළාතේ නගර කිහිපයක් තිබෙනවා සිංහල කඩ පමණක් තිබෙන. නමුත් යාපනය නගරයේ වුනත් ඔනෙම කෙනෙකුට කඩ දාන්න පුළුවන්. මම එක උදාහරණයක් කියන්න කැමතිය කටාර් රාජ්‍යයේ සිංහල අයට අයිති අවන්හල් කිහිපයක් තිබෙනවා, ද්‍රවිඩ අයට අයිති " සැලූන්" තිබෙනවා මුස්ලිම් අයට අයිති අවන්හල් තිබෙනවා මේ සියල්ලෝම ලාංකිකයින්. නමුත් ලංකාවේ විතරක් ඇයි? කරුණාකර මොන ආගම වුනත් මොන ජාතිය වුනත් හොඳ දේවල් විතරක් කරන්න. බොරු දේවල් කියල මෝඩයෝ වගේ මේ රට ආයෙත් ආගාධයකට තල්ලු කරන්න එපා. හැම දෙයක්ම බුද්ධිමත්ව සිතන්න පුරුදුවන්න. කෙටි කාලයයි මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඉන්න ටිකේ පින් කරලා මේ ලෝකෙන් අපි හැමෝම සමුගන්න ඕනේ. අනුන්ගේ වැරදි හොයන්න යන්නේ නැතුව තමන් හරිද වැරදිද කියල පමණක් සිතමු. (නදී)

:       0       0

නුවන් Sunday, 13 October 2013 08:22 PM

වෙළඳ සංගමය මේ අවුරුද්ද මුලදි තීරණයක් ගත්තා. ඒත් දැන් මාසයකට විතර පෙර අදාල වෙළඳ සැල් හිමියාට බදු මුදලටත් වඩා වැඩි මුදලක් ලබා දෙමින් කඩය බදු ගෙන තිබෙන බවයි සැලවෙන්නෙ.(නදී)

:       0       0

ශ්‍රී Monday, 14 October 2013 01:38 PM

ටෙනි, ඔබ දන්නවද අද ලංකාවේ මුස්ලිම් ජනතාව මෙසේ ඔබ කියන ආකාරයට හිතන්න පටන් ගත්තේ ඇයි කියලා? (නි)

:       0       0

පැංචින් Sunday, 13 October 2013 08:27 PM

උත්තරා "කහපාට ටී ෂර්ට් එකේ ඉන්න කෙනා කියන වචනේ" කියන්නෙපා...ලියන්නෙපා දන්නවා දන්නවා. ඔන්න මම කිව්වා පින්තුරේ පත්තරේ දැම්මොත්....ආයෙත් එහෙම්ම කියනවා මන්..(නදී)

:       0       0

සෙනරත් Sunday, 13 October 2013 08:29 PM

නැගෙනහිර පළාතේ සිංහල අයට කඩ දාන්න ඉඩ නොදෙන්නේ ඇයි කියා ඔය මානව හිමි කම් ගැන කතා කරන අය පොඩ්ඩක් පැහැදිලි කරනවද?(නදී)

:       0       0

ආරියසේන Sunday, 13 October 2013 08:32 PM

පිටසක්වලින් ආ කෙනෙක් ද දන්නේ නැහැ. ඒ නිසා ඉඩ නොදෙන්න ඇති, මොකද උතුරු නැගෙනහිර වෙනත් පිටසක්වලින් ආ අයට ඉඩක් නොදෙන නිසා.(නදී)

:       0       0

පැං Sunday, 13 October 2013 08:40 PM

2013 හොඳම වාර්තාවට සම්මාන දෙනවා නම් මේ පින්තුරය හා වාර්තාව අංක එක ලෙස තෝරා ගැනීම කාටවත් වැලක් විය නොහැකිය. උත්තරා ට හොඳම කොමෙන්ටුවට හිමි තෑග්ග ලැබිය යුතුය...අර වචනය කිව්වා මගේ පින්තුරය පත්තරේ දානවා නෙවෙයි..(නදී)

:       0       0

ලුම්බිණි Monday, 14 October 2013 08:30 AM

කාටවත් කිසිම අයිතියක් නැහැ මිනිසුන්ට නගරයට ඇතුළු වෙන්න එපා කියන්න. මේ නගරය කාගේවත් බුදලයක් නොවෙයි. ‍ (නි)

:       0       0

චතුරංග Sunday, 13 October 2013 08:54 PM

අසේල 2013-10-13 17:54:26 කුරුදුගහ හැතැක්ම නගරය තියෙන්නේ ලංකාව ඇතුලේ නෙමෙයිද? ලංකාව ඇතුලේ නම් ඕනෙම කෙනෙකුට අවසර අරන් කඩයක් දාන්න පුළුවන් කමක් තියෙන්නේ ඕනෙනේ. (දිල්)

:       0       0

සෙනරත් Sunday, 13 October 2013 09:10 PM

උත්තරා, කහ පාට ටි ෂර්ට් එක ඇඳපු කෙනා කියන්නේ ඔයාගේ නම කියලයි මට නම් හිතෙන්නේ. (නදී)

:       0       0

කමල් Sunday, 13 October 2013 09:42 PM

ලංකාවේ ඉපදුනු සියලු ජාතින් ට මේ ශ්‍රී ලංකාව අයත් ජාතිවාදී ලෙස අදහස් ලියන්න එපා.(දිල්)

:       0       0

පද්මිණි Sunday, 13 October 2013 09:45 PM

උත්තරාටත් සුද්ද සිංහල අමතක වෙලා නැහැ. අපිට වගේම පිටරට උන්නට.. (දිල්)

:       0       0

නිමල් Monday, 14 October 2013 09:29 AM

සිංහලයාට අද උතුර නැහැ. නැගෙනහිරත් අහිමිවෙන පාටයි (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් -කටාර් Monday, 14 October 2013 02:25 PM

මොහාන් - 1970 න් පස්සේ සුනාමි ඇවිල්ල සිංහල කඩවල් ඔක්කොම මුහුදට ගහගෙන ගියාද? එහෙම නැත්නම් දෙමළ මුස්ලිම් අය එකතු වෙලා සිංහල අයව එලව ගත්තද? යාළුවා - තරඟයක දී ප්‍රතිවාදී කණ්ඩායමට වඩා දස්කම් දක්වන කණ්ඩායම තමා එදාට දිනන්නේ. කාගේවත් දුර්වලතාවය වසා ගන්න දිනපු අයට දොස් කියන එක හරිද? නටන්න දන්නේ නැහැ / බැහැ කියලා කියන්න හැබැයි පොලොව ඇදයි කියල කියන්න එපා! මමත් මේ නිකන් කිව්වේ....... (ස)

:       0       0

සාන්ත Monday, 14 October 2013 09:37 AM

එක එක අදහස් තියන මිනිස්සු නිසා මින් පසු ගමකින් ගමකට යන්නත් පාස්පෝර්ට් /වීස ඕන වෙයි...අනේ මෙහෙම බෙදුණු රටක්... (ස)

:       0       0

නිමල්ලාලිත Monday, 14 October 2013 02:31 PM

මොහාන් මම කොළඹ මහා නගර සභාවේ සේවය කල කාලයේදී ඔබව මුණ ගැසුනේ නැහැ නේ. සමහරවිට ඔබ ඒ දවස් වල පොඩි කොල්ලෙක් වෙන්න ඇති. (ස)

:       0       0

ආරියසේන Sunday, 13 October 2013 10:00 PM

පිට සක්වලින් ආපු බුතයෙක් වත් කඩවල් දාන්න ආව ද දන්නේ නැහැ.ඒකට ඉඩ දෙන්න හොද නැහැ .මොකද උතුරු නැගෙනහිරත් ඒ අයට ඉඩක් නැති නිසා. (දිල්)

:       0       0

මංජා Monday, 14 October 2013 09:58 AM

අපි කවුරුත් මැරෙන බව මතක තියාගන්න (නි)

:       0       0

රාජුන් Monday, 14 October 2013 10:24 AM

කුරුඳු ගහ හැතැප්මේ අය අපේ ගම පැත්තේ එහෙම එනවා නෙමෙයි, හොදේ (නි)

:       0       0

රාජුන් Monday, 14 October 2013 10:28 AM

මේක මේ නින්ද ගමක්නේ, නේද? (නි)

:       0       0

යු. එස්. ඒ Sunday, 13 October 2013 10:58 PM

තලේබාන් සහ අල්කයිධා ප්‍රතිපත්ති වගේම තමා අපේ රටේ සංවිධානත් කිසිම වෙනසක් නැහැ .අන්තවාදය සහ නිතිය අතට ගෙන ඔවුන් කටයුතු කරනා ආකාරය (නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 14 October 2013 10:39 AM

එකග වෙනවා මේ පුංචි රටේ හැමෝම එකාවගේ ඉන්න ඕනෑ කියන එකට.ඒත් ඒ කියමන වලංගු සිංහල අපිට විතරද? ඇයි අනික් අයත් ඒ විදියටම නොහිතන්නේ? (නි)

:       0       0

ලලිත් Sunday, 13 October 2013 11:01 PM

පිටින් ආපු කෙනෙක් කඩයක් දාන්න ගිය පලියට ඔහොම උනා වෙන්න බැහැ. ඔය ප්‍රවුර්තියේ නොකිව්වට ඔයිට යටින් තව මොනවා හරි තියෙන්න පුළුවන් (නදී)

:       0       0

උපාලි Monday, 14 October 2013 03:09 PM

ෆස්රුල් ගෆූර් හරි, මොනව හරි තැනක අසාධාරණයක් තියනවා නම් එය හදා ගැනීම තමයි කල යුත්තේ. නැතිව එහෙ එහෙම නම් අපි අපේ ගමෙත් එහෙමයි කියනවා නම් රට බෙදන එක තමයි වෙන්නේ... (ස)

:       0       0

සම්‍ද්‍රා Sunday, 13 October 2013 11:18 PM

කුරුඳු ගහ හැතැප්මෙ පිට අයට කඩ දාන්න බැරිලු. මෙතන සමහරු කියනව නැගෙනහිරත් බෑ කියලා. එතකොට මේ රටේ ආණ්ඩුවක් නැද්ද? වෙන වෙනම රාජ්‍යද තියෙන්නෙ? (නදී)

:       0       0

විජේසිංහ Monday, 14 October 2013 10:55 AM

සුද්දෝ හොදයිනේ. අපේ අය ඇමරිකාවේ, එංගලන්තයේ කඩ දාලා තියෙනවානේ. (නි)

:       0       0

නසූර් Sunday, 13 October 2013 11:36 PM

තව අවුරුදු 30 කින් බලාගන්න පුළුවන් උද්ඝෝෂණ කරන හැටි (නි)

:       0       0

ලාල් Sunday, 13 October 2013 11:45 PM

අනේ බුදුදහමට ගිය කල! අර ලොකු හාමුදුරුවෝ කෝ? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 14 October 2013 11:19 AM

ටෙනී, ඇත්තටම මට කියන්න තේරෙන්නේ නැහැ ඔබලා මුස්ලිම් අයගේ දකින ඔය ජාතිවාදීකම මොකක්ද කියලා. ටෙනි , අපේ රටේ හැම නගරයකම විවිධාකාර වෙළඳසැල් තිබෙනවා. යම්කිසි ක්ෂේත්‍රයක කෙනෙකුට හැකියාවක් තිබෙනවා නම් පමණයි ඒ ව්‍යාපාරයෙන් ඔහුට දියුණු විය හැක්කේ. හැමෝටම හැමදෙයක්ම මේ ලෝකයේ කරන්න බැහැ. ඒවාට ආගම් අදාල නැහැ. (නි)

:       0       0

ෂෙරෝස් Monday, 14 October 2013 11:19 AM

ඕනෑ එකටත් එපා එකටත් හාමුදුරුවරු යන්න නරකයි. එතකොට පන්සල් වැහෙනවා. (නි).

:       0       0

ටෙනිසොන් Monday, 14 October 2013 12:41 AM

ෆස්රුල් ගෆූර්, මම ඔයාගේ අදහස් වලට බොහොම ගරු කරන සිංහල බෞද්ධයෙක්. ජාතිවාදයට මම කොහොමත් කැමති නැහැ.දෙමල ,මුස්ලිම් මෙන්ම බර්ගර් ජාතික මිතුරෝ ගොඩක් මට ඉන්නවා කුඩා කල සිට. අදටත් අපි හොද මිතුරෝ. නමුත් ගෆූර්, අද දෙමල ජාතිකයින්ටත් වැඩිය ඔයාලගේ මුසිලිම්වරු ජාතිවාදී වෙලා. නැගෙනහිර නම් ඉතාම නරක විදිහට. කොළඹ හා මහනුවරත් ඊට දෙවැනි නැහැ.අනෙක් නගර ගැන කියන්න තරම් කරුණු කාරණා මම දන්නේ නැහැ. එනිසා ඒ ගැන ට්කක් සොයා බලා එක එක්කෙනා බැගින් හෝ නිසි මගට ගන්න ක්‍රමයක් සොයා ගත්තොත් නම් ලොකු පිනක්. (නි)

:       0       0

දිල්ශානි Monday, 14 October 2013 12:43 AM

කුරුදුගහට වෙන අයගේ කඩ ඕනෑ නැහැ.ඕනෑතරම් කඩ දැනටම තිබෙනවා.කුරුඳුගහ බෞද්ධ ජනතාවට ජයවේවා! (නි)

:       0       0

මොහාන් Monday, 14 October 2013 11:26 AM

1970 වැල්ලවත්තේ තිබුණේ දෙමල කඩ 2 යි. දැන් තියෙන කඩ 1000 කින් සිංහල කඩ 3 යි තිබෙන්නේ. අනිත් සියල්ල මුස්ලිම් සහ දෙමළ. හිතා ගන්න කැමති දෙයක්,මම නිකම් මේක කිව්වේ. (නි)

:       0       0

සනා බණ්ඩාර Monday, 14 October 2013 12:56 AM

කොළොඹ නගරයේ දාන්න යන ලොකු කැසිනෝ හොටල් වලට රවනා බලය සහ බොදු බලය මෙහෙම ව්රෝදතා දක්වන්නේ නැද්ද ? ඒවා පිටරටින් එන ලොකු පිටගම් කාරයන් බදු සහන යට දාන ඒවා නේද?(නදී)

:       0       0

කුමාර් Sunday, 13 October 2013 04:57 PM

මේකත් පුංචි යාපනයක් වගේ වෙලාද? (නදී)

:       0       0

උත්තරා Sunday, 13 October 2013 05:27 PM

කහපාට ටී ෂර්ට් එකේ ඉන්න කෙනා කියන වචනේ දන්නවා නේද? (නදී)

:       0       0

උත්තරා Sunday, 13 October 2013 05:28 PM

ඉතා හොඳ ඡායාරූප ජන මාධ්‍ය අවස්ථාවකි. (නදී)

:       0       0

ලකි Sunday, 20 October 2013 11:33 AM

කහ පාට ටී ෂර්ට් එක ඇදගෙන ඉන්නේ ඇමති තුමාද? මීට කලින් දැකලා නැහැ ඒකයි ඇහැව්වේ.(නදී)

:       0       0

ආරියසේන Monday, 14 October 2013 02:06 AM

ලලිත්, ඔබ හරි.මේකේ නොකියන රහසක් ඇති. (නි)

:       0       0

ගජමෑන් Sunday, 13 October 2013 05:30 PM

කව්රු හරිද වැරදිද දන්නේ නැතත් ඇමති නම් හොඳ චන්ඩියෙක් බව පේනවා. (නදී)

:       0       0

ඇනී Monday, 14 October 2013 02:11 AM

මේ හාමුදුරුවරුත් නැති තැනක් නැහැ (නි)

:       0       0

අසේල Sunday, 13 October 2013 05:54 PM

කුරුදුගහ හැතැක්ම නගරය තියෙන්නේ ලංකාව ඇතුලේ නෙමෙයිද? ලංකාව ඇතුලේ නම් ඕනෙම කෙනෙකුට අවසර අරන් කඩයක් දාන්න පුළුවන් කමක් තියෙන්නේ ඕනෙනේ. (නදී)

:       0       0

ආශා Sunday, 13 October 2013 06:00 PM

නැගෙනහිර තියන්නේ ලංකාවේ නෙවෙයිද? සිංහල මිනිහෙක්ට කඩයක් දාන්ඩ පුලුවන්ද එහෙ ? දන්නා දෙයක් කතා කරන්න.(නදී)

:       0       0

ආශා Sunday, 13 October 2013 06:01 PM

ඔය කෙනත් කඩේ යන කෙනෙක් තමයි. (නදී)

:       0       0

ඉන්දි Monday, 14 October 2013 02:32 AM

ෆස්රූල්, මම ඔයාගේ වටිනා අදහසට ගරු කරනවා. අපේ රටේ හැමෝම ඔය වගේ හිතනවා නම් අපිට ගොඩක් ඉදිරියට යන්න පුළුවන්. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 14 October 2013 12:04 PM

කඩයක් කිව්වට මේක මොන කඩයක්ද දන්නේ නැහැනේ. (නි)

:       0       0

රුවන්ති Monday, 14 October 2013 02:51 AM

මේ සිද්දියේ කවුරු හරි වැරදි උනත් ඇමති වරු නම් සාධාරණ තීරණ ගන්න අහිංසක උදවිය නේද (නදී)

:       0       0

සුරංග Saturday, 19 October 2013 07:30 AM

කව්ද මේ ඇමති... සිය ගානක් ඉන්න හින්ද අන්දුරගන්ඩ අමාරුයි (ස)

:       0       0

සමුද්‍ර Sunday, 13 October 2013 06:15 PM

කුරුඳු ගහ හැතැප්මෙ කඩ දාන්න පුළුවන් එහෙ අයට විතරද? යන්න වීසා ගන්නත් ඕනද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2802 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2371 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2948 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5860 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1977 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6676 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18616 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 146 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site