IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මන් මෝහන් එන්නේ නෑ: උප ජනපතිත් නෑ

නොවැම්බර් 15 වැනි දා ශ්‍රි ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට ඉන්දිය අගමැති ආචාර්ය මන් මෝහන් සිං නොයෙන බවත් විදේශ ඇමැති සල්මන් කුර්ෂිඩ් නියෝජිත පිරිස මෙහෙයවන බවත් ඉන්දියාවෙන් ලැබුණු අලුත් ආරංචි කියයි. ඉන්දීය උප ජනාධිපති හා ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන මොහොමඩ් අන්සාරි, මන්මෝහන් සිං වෙනුවට පැමිණීමට නියමිතව සිටියත් ඔහු ද නොයන බව නවදිල්ලි ආරංචි කියයි.



අදහස් (0)

මන් මෝහන් එන්නේ නෑ: උප ජනපතිත් නෑ

ටිකිරි බණ්ඩා Saturday, 09 November 2013 06:32 PM

ආවනම් වෙන්නේ තවත් වටයකින් රටේ බදු මිල දෙගුණ තෙගුණ වෙලා අපිට වහ කන්නයි සිද්ද වෙන්නේ. ප්‍රතිරුඋපය නංවන්න ගිහින් (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 09 November 2013 06:34 PM

රධ. ලංකාව ඇතුලේ දාන සෙල්ලම් ලෝකයත් එක්ක දාන්න බෑ නේද?ලංකාව ඇතුලේ නම් හොදින් බැරිනම් නරකින්,නැතිනම් සල්ලි වලින්.(අ)

:       0       0

චමත් ඉතාලිය Saturday, 09 November 2013 06:34 PM

අනේ මේ අපි අපේ වැඩක් බලාගමුද (අ)

:       0       0

මොහොමඩ් Sunday, 10 November 2013 08:35 AM

ඉන්දියාව ගණන් ගන්නේ නැතුව හිටියම ඉවරයිනේ. අපේ ශ්‍රී ලංකා බලය පෙන්වමු. ඒකට අපි සියලු ජාතින් එකමුතු වෙලා වැඩ කරමු. ජය ශ්‍රී ,ජය ශ්‍රී,ජය ශ්‍රී.(නදී)

:       0       0

අලිමුදීන්-දෝහා Saturday, 09 November 2013 06:38 PM

මගේ ඉන්දියන් යාලුවෙක් ගිය සතියේ පුහුණු පාඨමලාවකට චීනෙට ගිහින් අවා.චීනේ එන්ගිනීරුවෝ කතා වෙන්නේ ලංකාවේ සින්නක්කරයටම එදම් චීනෙට විකිණීම ගැනයි.එදිරියේදී ලංකාව චීනේ යටත් විජිතයක් වීම ගැනයි.මගේ යාළුවා මගෙන් අහනවා ඔබලාගේ රටේ පාලකයෝ රට ගැන හිතන්නේ නැද්ද කියල.හ(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 09 November 2013 06:39 PM

හරූන් අන්සාර් ණය පිට ණයවෙලා ජනතාවගේ බදුමුදල් නාස්ති කරන මේ ෂෝ එකට හොද ප්‍රතිචාරයක්!

:       0       0

ටිකිරි බංඩා Saturday, 09 November 2013 06:41 PM

කෝට් ප්‍රකෝටි මහජන මුදල් වලින් ගෙන්වල ගාල් කරලා තියෙන බෙන්ස් කාර් 500 ට මොකක්ද ඇත්තටම සිද්ද වෙන්නේ. (නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 09 November 2013 06:41 PM

ප්‍රදීප්, අපරාදේ ලෝකෙට දස අතේ නය වෙලා ගෙදර ළමයි ටික බඩගින්නේ තියල ලොකුවට මගුල් කන්න හිතාගෙන ගත්ත මගුලටත් මනමාලය එන්නේ නැහැ. මනමාලයා නැතුව කරන මගුල මොකක්ද?දැන් ඉතින් මොනවා කරන්නද නොකා නොබී බඩගින්නේ ඉදල දරුවනේ ඔය ණය ගෙවා දමමු.(නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 09 November 2013 06:43 PM

කෝටි ගානක් වියදම් කරලා ජයටම මගුල් කන්න සියලුම දේවල් සුදානම් කරලා තියෙද්දී මනමාලයා එන්නේ නැහැ කිව්වම මොකක්ද සිද්දවෙන්නේ. (නදී)

:       0       0

අලිමුදීන්-දෝහා Saturday, 09 November 2013 06:47 PM

අන්තර්ජාලයේ නම් ෆොටෝ සහිතවම පෙන්නුවා. මහජන මුදල් කෝටි ප්‍ර කෝටි මුදලින් ගෙන්වලා තියෙන කාර් කන්දරාව. අනේ අපොයි කියලා හිතෙනවා.(නදී)

:       0       0

ස්වර්ණා Saturday, 09 November 2013 06:52 PM

රජවරු පෙර කාලේ බාලයන් කියල කොටසක් වෙන් කලා පෙර රජවරු මනසින් දියුණු අය. ඒවා කලේ එම අයව ඉතා හොදින් අවබෝද කරගෙන මනමොහංසිංග් කියන්නේ ඉන්දියාවේ ඉපදුන බාලයෙක් එය දැන් පැහැදිලියි. (නදි)

:       0       0

බලංගොඩ සිංහයා Sunday, 10 November 2013 09:10 AM

ඉංදියාව නම් අපිට වැඩක්ම නැහැ. එයාලගෙන් අපි ගන්න බඩු ටික අඩුකර ගත්තානම් නම් ඔය උඩගු කම යනවා.(නදී)

:       0       0

රානා Saturday, 09 November 2013 06:58 PM

ඉන්දියාව අපට ඉතිහාසේ බොහෝ දෙය ලබා දීල තියෙනවා. බුදු දහම , කලාව වගේ දේවල් . ඒ උන පලියටම අපි අපේ ලොකු අයියගේ පාර්ට් වලට යට වෙන්න ඕනද. (නදී)

:       0       0

රානා Saturday, 09 November 2013 07:06 PM

මගේ නම දාල කොමෙන්ට්ස් දාන යට කියන්නේ , ඒ මතයේ නොවෙයි මම ඉන්නේ. ඉන්දියාව අපිට ගොඩක් දේ ලබා දීල තියෙනවා. බුදු දහම , කලාව වගේ දේවල්. ඒ උන පලියට අපිට දැන් කරන හැම කෙනිහිලි කමක්ම ඉවසන්නද කියන්නේ. අගමැති එන්නේ නෙත්නම් මොකක්ද තියන ප්‍රශ්නේ. මෙතන පුද්ගලයෙක් වටින්නේ නැහැනේ. විදේශ ඇමති එනවා ඉන්දියාව නියෝජනය කරන්න. තමිල් නාඩුව සනසන්න කරන බොරු චුන්.(නදී)

:       0       0

දයාන් Saturday, 09 November 2013 07:38 PM

අනේ මන්දා,ඇයි අපට තේරුම් ගන්න බැරි ඉන්දියන් අගමැති පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවටත් සහභාගී නොවූ බව.එය පැවතියේ ඕස්ට්‍රේලියාවේ. එයට ගියේ නාම මාත්‍රික උප ජනාධිපති පමණයි.මේකට විදේශ ඇමති හරි එනවා. පීඩනය අපට නොවේ,එයාලටයි (නි)

:       0       0

සරණ Sunday, 10 November 2013 10:06 AM

ලංකාවේ මිනිස්සු විදියට අපිට තියෙන්නේ ඉන්දියාව සහභාගි වෙන්නේ නැති නම් අපි සමුළුව තියාගන්නවා කියලා මෝඩ ආතල් ගන්න එක නෙවෙයි. මේ වගේ දේවල් වෙන්න හේතු මොනවද කියලා තේරුම් අරගෙන මානව අයිතිවාසිකම් සුරකින අන් අයට ගරු කරන සමාජයක් ගොඩ නගන මාර්ගයකට සහයෝගය දක්වන එකට. මමත් දැන් අවුරුදු දහයක විතර ඉඳන් ඉන්නේ ඉන්දියන් අය ගොඩක් ඉන්න රටක. ඒ අය අතරෙත් අනිත් අය ගැන තකන්නේ නැති මින්ස්සු ගොඩක් ඉන්නවා, ලංකාවේ අය අතර නරක අය ඉන්නවා වගේම. හොඳින් බැලුවොත් තේරුම් ගන්න පුලුවන් නරක ලාංකිකයෙකුට වඩා හොඳ ඉන්දියානුවෙක් නරක නැති බව.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 09 November 2013 07:44 PM

එදිරියේදී පෙට්‍රල්,ඩීසල්,ගෑස්,සියලුම කන බොන දේවල් වැඩි වෙනවා.දුප්පත් එකාට දරුවන් ගමග ගගට මුහුදට පැනලා ජීවිත විනාශ කර ගන්න වැඩ සිද්ධ වෙනවා.රටේ වාසනාව. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 10 November 2013 10:14 AM

සුරංගි - බලන්න ගියාම කොන්ද පන නැත්තේ ඔයාලට. මොකද අපේ රටේ ප්‍රශ්නය තිබෙනවා නම් රට හැරලා යනවද? මේකට තමා කියන්නේ නිවට කම කියලා. මම කටාර් ආවේ රටේ ප්‍රශ්න නිසා නොවේ මගේ ආර්ථික ප්‍රශ්න නිසා. මේ වගේ රටකට අවිල්ලා හොද රැකියාවක් කරන්න වාසනාව ලැබුනෙත් මගේ රටෙන් මට ලැබුන නිදහස් අධයාපනය නිසා. ආණ්ඩුවක් අද තිබිල හෙට වෙනස් වෙන්න පුළුවන් නමුත් අපිට රටට විරුද්ධ සිදුවෙන දේවල් දෙස බලා දේශපාලන උවමනා මත සතුටුවෙන්න බැහැනේ. (නදී)

:       0       0

ගනේගොඩ Sunday, 10 November 2013 11:47 PM

මම වසර හතක පමණ කාලයක් දකුණු ඉන්දියානුවන් සමග වැඩ කර ඇත්තෙමි. ඊට අමතරව තවත් රටවල් දහයක පමණ ජාතීන් සමගද එකට රැකියාව කර ඇත්තෙමි. දකුණු ඉන්දියානුවන් තරම් අනෙක් අයට පහත් ලෙස සළකන, ශීලාචාරකම් නොදන්න, පිරිසිදුකම් ගැන නොදන්න, පිරිසක් කිසිම ජාතියක මම දැක නැත. ඔවුන් ඔබට තේ කෝප්පයක් පිළිගැන්වූවහොත් එයට හරියන්නට ඔබට හොරෙන් හෝ ඔබේ යමක් ආපසු ලබා ගනී. උතුරු ඉන්දියානුවන්ද දකුණු ඉන්දියානුවන්ව හඳුන්වන්නේ සර්පයින් ලෙසිනි. (නි)

:       0       0

සෙනිතු Saturday, 09 November 2013 08:06 PM

මන්මෝහන් සින්ට බය ඇති (නි)

:       0       0

සුරංගි Saturday, 09 November 2013 08:41 PM

ගෆුර්,ඔව් මම දැනටත් වෙනත් රටක පුරවැසිභාවය ලබා ගෙන ඉන්නේ.ඒ මගේ මව්බිමට ආදරය නැති නිසා නොවේ.කොන්ද කෙලින් තියාගෙන ,අවංකව ,ස්වාධීනව තමන්ගේ හැකියාවෙන්,දක්ෂතාවෙන්,ජීවත් වෙන්න පරිසරයක් ලංකාවේ නැති නිසා.රටේ ආර්ථික ප්‍රතිලාභ සාධාරණව සෑම ජනකොටසකට බෙදී නොයන නිසා.නිවටයන්ගේ දෙපා මුල වැද වැටෙන්න බැරි නිසා.ඔබ දකින සාධාරණ ආර්ථික,සමාජීය පරිසරය ලංකාවේ තිබෙනවා නම් ඇයි ඔබ කටාර් වල රැකියාවට ආවේ.මේක තමා හේතුව.ඔබ නොදන්නවාට ඔබල මුලා කරලා තියෙන්නේ ජාතිවාදය මගින්. (නි)

:       0       0

ක්‍රිෂාන් Saturday, 09 November 2013 08:47 PM

මන්මෝහන් මේදවස්වල චන්දෙට වැඩ එතින් එන්නේ කොහොමද තමිල්නාඩුවේ ජන්ද ටිකට කෙළවෙන නිසා එයා ඇවිත් කොහොමද ජන්ද ටික ගන්නේ ....අයියෝ ජන්ද ටික කියා කියා මේ දවස්වල් පිස්සු වගේලු එයාට....අනේ මන්දා කාටද පිස්සු කියල ,,,,,,,මොකා ආවත් නාවත් සමුළුව එලටම තියෙනවා මගුල් ගෙදරට ආරාදනා කරලා අවේ නැහැ කියල මගුල කැන්සල් කරන්නේ නැහැනේ සමුළුවට ජයවේව(අ)

:       0       0

සෙනරත් Saturday, 09 November 2013 08:48 PM

ලෝක නායකයෝ අපේ රටට පැමිණෙන විට කාර් නොමැතිව අපි දුප්පත් කියා ගොන් කරත්ත ලෑස්ති කර තැබීමට හැකියාවකුත් නැත. මුදල් වැයවෙන නිසා සමුළුව එපා කියමින් නැවත අමුඩය සහ පොරෝ කෙටිය අතට ගෙන පරණ ශිෂ්ටාචාරය දෙසට පිය නැගීමටද බැරිය. මෙය මුදල් නාස්තියක් නොව ලෝකයා සමග අත්වැල් බැඳ ගැනීමක් ලෙස මම දකිමි. සමුළුවේ මුල් බලවතා වන මහා බ්‍රතාන්‍ය රජයේ සහභාගිත්වය අනෙක් සිල්ලටම වඩා වටී. (අ)

:       0       0

සුරංගි. Saturday, 09 November 2013 08:58 PM

ඔව් අපේ ගෙදර සල්ලි ටික හොරකම් කරමින් අපිව බඩගින්නේ තියනවා නම් අපිට අමානුෂික ලෙස වද හිංසා දෙනවා නම් ,හොදින් ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැතිනම් තාත්තට පිටිපානවා තමයි. (අ)

:       0       0

ආරියසේන Saturday, 09 November 2013 09:50 PM

ඉන්දීය මධ්‍යම රජයේ බලය රැඳී ඇත්තේ තමිල් නාඩුවේ මන්ත්‍රී වරුන්ගෙන්.ඔහුන්ට දේශපාලන වශයෙන් විශාල පෙරලියක් කල හැකිය.ඔහුන් අපේ රටේ ප්‍රශ්න වලට වැඩිය ඔහුන්ගේ රටේ දේශපාලන ස්ථාවරය ට මුල් තැන දේ .(අ)

:       0       0

දිසානායක Saturday, 09 November 2013 10:00 PM

මහත්තයෝ මම සුද්ද සිංහලෙන් කියන්නම් මේ මිනිස්සු ගැන ..මම අවුරුදු ගණනක් ඉන්දියන්සලා ඇසුරු කරනවා .අනිත් ජාතිකයොත ඇසුරු කරනවා .ඒ අතින් බලන කොට පහත්ම ගතිගුණ තියන ජාතියක් .කවදාවත් විස්වාස කරන්න එපා ..කේලන් කියන්න දක්ෂ කොට්ටාසයක් පවු පින් කියල දෙයක් දන්නේ නැහැ ..කන බොන දේවල් වලට වීදුරු කුඩු පවා දල කන්න දෙන ජාරාම ජාතියක් තිරිසන්නු හොදයි .නාන්න පිරිසිදු කමක් ගැන දන්නේ නැහැ .ටිකක් උගත් පිරිසක් ඉන්නේ ගොඔවා ප්‍රදේයේ පමණයි (අ)

:       0       0

ලාල් සුරන්ජිත් Sunday, 10 November 2013 11:57 AM

මම අවුරුදු 10 කටත් වැඩිය පිට රට සේවය කරනවා. මා ලැබූ අත් දැකීම අනුව ඉන්දියානු ජාතිකයන් ඉතාම කුහක, ආත්මාර්ථකාමී ඉතාම පහත් හා කෘර ගතිගුණ තිබෙන ජාතින් පිරිසක්. දිසානායක මහතා කිවුවා වගේ ගෝවා කියන ප්‍රාන්තයේ විතරයි ටිකක් හරි හොඳ අය ඉන්නේ. මා ඉන්න රටට ඉන්දියාවේ බෙහෙත් වර්ග ගෙන ඒමත් තහනම් ඒවායේ ප්‍රමිතියක් නැති නිසා. අපේ ලංකාවට ඇති තරමක් ප්‍රස්න ඇති කලේ ඉන්දියාවයි.(නදී)

:       0       0

කලන Saturday, 09 November 2013 10:36 PM

මේක වැඩක් ඇති දෙයක් නෙමේ කියල උන් දන්නවා, අපේ ගොන්නු තමයි උස්සගෙන දඟලන්නේ, අයි චර්ලෙස් එනවනේ. (අ)

:       0       0

ජයකොඩි Saturday, 09 November 2013 10:38 PM

ඉන්දියාව අපෙ කලාව හෑදුවෙ නෑහෑ..එගොල්ලො කලෙ අපෙ කලාව නෑති වෙන විදිහට එගොල්ලන්ගෙ කලාව බලෙන් පටවපු එක..ලංකාව ඉන්දියානුකරනය කරන්න උත්සහගත්ත එක..විජය ආපු දවසෙ ඉදන් උනෙ එක..දෑනුත් වෙන්නෙ එක..තවත් ඉන්දියාව පස්සෙ දුවන්න ගියොත් අනාගතෙ ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙලයි නවතින්නෙ..2500ට පෙර හෙල ඉතිහාසය ගවෙශනය කලොත් ලංකාවෙ පරම සතුරා ඉන්දියාව බව වෑටහෙවි...බුදුදහම ඈරෙන්න ලංකාවට ප්‍රයොජනවත් දෙයක් ඉන්දියාවෙන් ලෑබුනෙ නෑ. (අ)

:       0       0

චාමර Saturday, 09 November 2013 03:45 PM

එල කිරි . ඔහොම යන් .(නදී)

:       0       0

මනෝජ් Saturday, 09 November 2013 11:22 PM

ඔය බමුණා ආවත් එකයි නාවත් එකයි .අපි චීනෙට ලන්වෙමු .එදාට මෙයා අපේ පස්සෙන් වැද වැද එයි .(අ)

:       0       0

කෙවින් Saturday, 09 November 2013 03:51 PM

කෙලියා තාප්පෙට? වැදගත් මිනිස්සු කවුරුත් එන්නේ නැද්ද?  අපිට සුවාසිලන්තේ, උගන්ඩාව වගේ රටවල් ඉන්න නිසා අපි බය නැහැ. (නදී)

:       0       0

මහේෂ් Saturday, 09 November 2013 03:51 PM

එන්නේ නැත්තන් ඉන්න කියන්න. බලෙන් ගෙන්වා ගන්නද? එන අයත් එක්ක සාර්ථක සමුළුවක් කරගන්න එක තමයි වෙදගත්. (නදී)

:       0       0

ඩලස් Saturday, 09 November 2013 03:52 PM

එන්න එපා ලොකු දෙයක්.(නදී)

:       0       0

නුවන් Saturday, 09 November 2013 03:59 PM

රටේ කාෂිකර්මය, කර්මාන්ත ශාලා දියුණු කරලා නැති වෙච්ච අපනයන වෙළධ පොල නැවත ගොඩ නැඟුවොත් .ඔය එක එක අයගේ ගෑස් බලන්න ඕනේ නැහැ. ඕක අපේ දේශපාලුවන්ට තේරෙන්නේ නැහැ. නැත්නම් කරන්න ඕන කමක් නැහැ. රට අගාතෙට යන එක තමයි වෙන්නේ.(නදී)

:       0       0

පෙත්තා Sunday, 10 November 2013 12:10 AM

මම බලා හිටියේ පොඩි වැඩකට.කෝ ඒකටත් ඉඩක් නැහැනේ. (නි)

:       0       0

වැඩපියා Saturday, 09 November 2013 04:00 PM

ඉන්දියාව එන නොඑන එක ගැන මොකටද කලබල වෙන්නේ? එනවා නම් ආපු දෙන් නැත්නම් ඔහේ ඉන්ඩ අරින්ඩ. ඔය එන්නේ නෑ කියලා කෑ ගහන අය ආවත් නැතන් මොන භාධක ආවත් අපේ රටේ සමුළුව තියෙනවා. ඒ ගැන පිටරටක ජිවත් වෙන කෙනෙක් වශයෙන් ආඩම්බර වෙනවා! (නදී)

:       0       0

දොන් පෙරේරා Saturday, 09 November 2013 04:02 PM

සමහරු කියනවා මෙයා අපේ ලොකු අයියා කියා,අපේ මිනිස්සු තේරුම් ගත හොත් හොදයි මෙයා අපිට කරදරමයි කලේ , දැන්වත් මගේ කුණු බඩු ගන්න එක ගැන සිතා බලන්න.(නදී)

:       0       0

රංජන් Saturday, 09 November 2013 04:03 PM

සුවාසිලන්තේ, උගන්ඩාව වගේ රටවල් වල ඉන්න අය අපේ නෑයෝ නමුත් එච්.අයි.වී තියෙනවා.(නදී)

:       0       0

වසන්ත Sunday, 10 November 2013 12:23 AM

එයා ආවේ නැහැ කියලා අපිට මොකද? (නි)

:       0       0

දනුශ්ක Sunday, 10 November 2013 12:42 AM

චිනෙ ඉස්සර කරගෙන සමුළුව තියන්න චීනය පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක් නෙමෙයි.මේ අදහස් දැක්කම ලංකාවෙ අය ජීවත් වෙන්නෙ චින්නුන්ගෙ පිහිටෙන් චින්නුන්ට අත පාලා කියලා හිතෙනවා. (නි)

:       0       0

චින්තක Saturday, 09 November 2013 04:21 PM

කොන්දක් තියෙන අගමැති තුමෙක් , කිව්ව දේ කරනවා. මෙහෙ අය බෙන්ස් ගෙන්නල්ල හොල්ලල පෙන්න නේ හැදුවේ.(නදී)

:       0       0

ලංකා Saturday, 09 November 2013 04:22 PM

ඇයි අනිත් අයත් එන්නේ? එයාලටත් එහෙම ඉන්න කියන්නකෝ. බය ඇති මධ්‍යම රජය පෙරලයි කියලා. පව්.(නදී)

:       0       0

සිසිල් Sunday, 10 November 2013 12:48 AM

කවුරු ආවත් නාවත් අපි සමුළුව තියනවා (නි)

:       0       0

ඩලස් Saturday, 09 November 2013 04:26 PM

ලොකු අයියා නොවෙයි ඉන්දියාව අපේ පරම සතුරා , එන්න එපා පැත්ත පළාතේ , අංචි අදින්න.(නදී)

:       0       0

මහානාම. Saturday, 09 November 2013 04:28 PM

කලාපයේ බලවතා ගෙන්වා ගැනීමට තරම් විශ්වාශයක් ගොඩ නගා ගැනීමට අප අපොහොසත් වී සිටින බව තහවුරු වේ. කෝටි ගණන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කර වාහන,මල් වෙඩි ගෙන්වා බාහිර අලංකාරය වැඩි කළාට මේ නායකයන් රවටා ගන්න බැරි බව තේරුම් ගත යුතුය.රටේ ප්‍රජාතන්ත්‍රවාදය ,මානව හිමිකම් ,ඇති කර විනිවිද භාවයෙන් ලෝකයාගේ විස්වාශය දිනා ගත යුතුය.(නදී)

:       0       0

කුසල් Saturday, 09 November 2013 04:28 PM

ඉන්දියාව කරගන්න හදන්නේ ලොකු වැරැද්දක්. ඉන්දීය අගමැතිට කොන්ද පන නැතිද? ජයලලිතටයි කරුණානිධිටයි බයේ නේද එන්නේ නැත්තේ? චිනය තමයි අපේ නියම මිතුරා.(නදී)

:       0       0

රනා. Saturday, 09 November 2013 04:36 PM

කවුරු නාවත් කමක් නැහැ ස්වාසිලන්තය,සහ උගන්ඩාව ආවොත් ඒ ඇති. දැන් ක්සිනෝ පටන් ගන්න යන නිසා ස්වාසිලන්තය අපේ කාන්තා කාර්යාංශ සමග ඒකාබද්ධ වැඩ පිළිවෙලක් දියත් කරාවි. එච්.අයි.වී.ඒඩ්ස් වලින් අඩුවකුත් නැහැනේ..(නදී)

:       0       0

ඇතුගල Saturday, 09 November 2013 04:38 PM

අපේ රටේ මිනිස්සුන්ට හොද අවස්තාවක්. මේක තේරුම් අරගෙන අපේ පාලකයෝ ඉන්දියාවෙන් ගෙන්වන සියලුම බඩු ගෙන්වන් එක නතර කලානම් ඉන්දියාවට තේරේවි ශ්‍රිලංකාවේ අගය. ඒ ගැනහිතල එහෙම කරන්න කාලය තමා මේ එක අපේ රටේ පාලකයෝ තේරුම ගන්නවානම් හොදා නේද?..(අ)

:       0       0

ලුම්බිණි Saturday, 09 November 2013 04:44 PM

ඉන්දියන් අගමැති නැතුව සම්මේලනය කරන්න බැරි කමක් නැහැ. ඒත් කැනඩා අගමැති වගේ නොවෙයි ඉන්දියන් අගමැති නොඑන එක අපට ලැජ්ජාවක්. .(නදී)

:       0       0

බංඩාර Sunday, 10 November 2013 07:10 PM

සුරංගි,ඔබ ජීවත්වන රටේ තුන්වෙනි පන්තියේ පුරවැසියෙක්ද?අපි නම් හෙළයේ දරුවෝ. (නදී)

:       0       0

පෙටී Saturday, 09 November 2013 04:44 PM

එන්ට එපා අයියා..එන්ට එපා අයියා..එපා..එපා..අපට අපේ වැඩ බලා ගන්ට පුළුවනි. එන්ට එපා.(නදී)

:       0       0

සාරංගි Sunday, 10 November 2013 01:40 PM

ලෝකෙට දස අතේ නය වෙලා ,ණය වෙලා කරන මේ මගුලෙන් වෙන්නේ අපිට තව තවත් ණය බර පටවන එක විතරයි. දඹර අමිල හාමුදුරුවෝ කීවක් මෙන් කවදාහරි දවසක සියදොරිසලා බුදු වෙනකල් අපිට මේ ණය ගෙවන්න වෙනවා. අන්තිමට වෙන්නේ මන් මෝහනුත් එන්නේ නැතිනම් කන්දකට තටමලා කෙන්දක් එලියට දාන්න තමා. දැන්වත් අපි බොරු කය්වාරු දේශප්‍රේමී කතා නවත්වලා ,අපිට ලෝකය සලකන ආකාරය තේරුම් ගෙන වැරදි නිවැරදි කර ගත යුතුය.(නදී)

:       0       0

ප්‍රදීප් Saturday, 09 November 2013 04:49 PM

අපරාදේ ලෝකෙට දස අතේ නය වෙලා ගෙදර ළමයි ටික බඩගින්නේ තියල ලොකුවට මගුල් කන්න හිතාගෙන ගත්ත මගුලටත් මනමාලය එන්නේ නැහැ.මනමාලයා නැතුව කරන මගුල මොකක්ද?දැන් ඉතින් මොනවා කරන්නද නොකා නොබී බඩගින්නේ ඉදල දරුවනේ ඔය ණය ගෙවා දමමු.(අ)

:       0       0

අනුරාධ. Saturday, 09 November 2013 04:52 PM

ඔය පුද්ගලයා අපේ රටට නොඑන්නේ ලැජ්ජාව නිසා.නොයෙකුත් ආකාරයෙන් අපේ රටට විනකරන ඔය ඉන්දියන් කාරයන්ට අනෙකුත් රාජ්‍ය නායකයන් ඉදිරියේ අපේ රටේ නායකයාගේ මූණ බලන්න අමාරු ඇති. ත්‍රස්තයව විනාශ කරලා දැම්ම නිසා ඔය උදවියට බොහොම අමාරුයි.ජාත්‍යන්තරව කටයුතු කරද්දී බුද්ධිමත්ව ක්‍රියා කලයුතු උවත් ඉන්දියාවෙන් අපේ රටට ආනයනය කරන දේ ක්‍රමානුකූලව අඩුකිරීමෙන් ඒ අයට දැනෙන දෙයක් අපිට කරන්න පුළුවන්. (අ)

:       0       0

හරූන් අන්සාර් Saturday, 09 November 2013 04:54 PM

ණය පිට ණයවෙලා ජනතාවගේ බදුමුදල් නාස්ති කරන මේ ෂෝ එකට හොද ප්‍රතිචාරයක්! (අ)

:       0       0

හරූන් අන්සාර් Saturday, 09 November 2013 04:54 PM

ණය පිට ණයවෙලා ජනතාවගේ බදුමුදල් නාස්ති කරන මේ ෂෝ එකට හොද ප්‍රතිචාරයක්! (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 09 November 2013 04:55 PM

ඉන්දියාවේ අගමැති පස්සේ මෙපමණ මොකට යනවද... එන්නේ නැතිනම් ඉන්න කියන්න හැබැයි මෙහෙට එන්න එයට ඉඩ නොදෙන තමිල්නාඩුවේ කට්ටිය මතක තියාගන්න ඕනේ එයාලට මීට පස්සේ අපේරටේ දේවල් ගැන කතාකරන්න අයිතියක් නෑ මොකද එයාලට සම්බන්ද කව්රුත් මෙහි නැති නිසානේ එයාලට මෙහි එන එක වැදගත් නොවන්නේ. (අ)

:       0       0

නඩරාජා Sunday, 10 November 2013 01:58 PM

රජිවට වුණ දේ මතකද? බය ඇති ලංකාවට එන්න.ලංකාවට නාවට කමක් නැහැ (නි)

:       0       0

බණ්ඩාර Sunday, 10 November 2013 07:31 PM

ඉන්දියානු අධිරදයේ අදිරාජයා එන්නේ නැතිලු. ඉන්දියානු මැක්කෝ සුද්දා ගිය ගිය තැන ගියා. එක තමයි මේ ඔක්කොටම හේතුව. (අ)

:       0       0

සමදර. Saturday, 09 November 2013 04:58 PM

විශ්වාශය නිදන් කෙරුව සිතක් බිදුණු පසු..කල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම ඔසු..අගවිනිසුරුතුමියට සාධාරණය ඉටුකරන්න,මානව හිමිකම් වලට ගරු කරන්න.ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න,විස්වාශය යලි ගොඩනග ගැනීමට උත්සහ වන්න. (අ)

:       0       0

රධ. Saturday, 09 November 2013 05:03 PM

ලංකාව ඇතුලේ දාන සෙල්ලම් ලෝකයත් එක්ක දාන්න බෑ නේද?ලංකාව ඇතුලේ නම් හොදින් බැරිනම් නරකින්,නැතිනම් සල්ලි වලින්. (අ)

:       0       0

රවී Saturday, 09 November 2013 05:05 PM

ඉන්දියාව දිගටම ඔහාම දේවල් කරොත් ලංකාව චීනේ දෙසට තව තවත් ගමන් කරනවා...ඉන්දියාවඒකට කැමති වෙන්නේනෑ (අ)

:       0       0

දිසානායක Sunday, 10 November 2013 02:05 PM

මම හැමදාම ඵස්රුල් ගෆුර් කටාර් මහත්මාගේ අදහස් අගය කලා. ඔහු හොද මධ්‍යස්ථ මත දාරියෙක්.(නදී)

:       0       0

දිලා Sunday, 10 November 2013 04:00 AM

අන්න හොදයි. පින් සිද්ධ වෙනවා, මිනිස්සුන්ගේ සීනි කිලෝ 1ක් නගින ගණන සතයකින් හරි නැවැත්තුවාට. (නි)

:       0       0

නඩරාජා Sunday, 10 November 2013 02:06 PM

වින්නේශ්වරන්ගේ බලාපොරොත්තු සුන් වුනා. කට ඇරගන බලාගෙන හිටියනේ.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 09 November 2013 05:10 PM

අය්යෝ අපි ඉවරයි .(නදී)

:       0       0

ජයතිලක Sunday, 10 November 2013 05:25 AM

අලිමුදීන් -දෝහා, ඒ ඉන්දියන් මිතුරා ඔබගේ අවංක මිතුරෙකු නොවේ. ඔබගේ හතුරෙකි. ප්‍රවේශම් වෙන්න. ඔවුන්ව විශ්වාස කරන්න එපා. (නි)

:       0       0

ධර්මසේන. Saturday, 09 November 2013 05:16 PM

සමුළුවට සහභාගී නොවුනට කමක් නැහැ.කෝටි ගණනක් වියදම් කරලා පාට පාට ගල් අතුරු පොලොව,දෙකෝටි හතළිස් ලක්ෂයක් වියදම් කරලා ගෙන්වපු මල් වෙඩි,සුදු යකඩ වැටවල්,එස් 500 බෙන්ස් කාර් ,මේවා ටික බලල යන්න.මොකද මේවා මීට පෙර ඔබල දැකලා නැතුව ඇතිනේ.(නදී)

:       0       0

චමත් [ලංකාව] Sunday, 10 November 2013 05:54 AM

රෝහණ සහ දිසානායක ඉන්දියන්කාරයන් ගැන බොහෝ දේ කියා ඇත. ඒ දේවල් 100% ඇත්තය. මාගේ ජීවිතයේදී මා දැකපු ආත්මාර්ථකාමී,කුහකම, ජාතිකයන් ඉන්දියානුවන්ය. බොහෝ රටවල් වල අය ඉන්දියානුවන්ට කැමති නැත. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 10 November 2013 06:04 AM

2009 දී අපි ඉන්දියානු ත්‍රස්තයින් අතුගාලා දැම්මා. ඉතින් එන්නේ කොහොමද? (නි)

:       0       0

නිශාන්ත Saturday, 09 November 2013 05:30 PM

සමුළු වලට මුදල් විනාශ කරනවා. බඩු මිල වාහන මිල ඉහල යනවා. (නදී)

:       0       0

බණ්ඩාර Sunday, 10 November 2013 06:28 AM

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය හැදුවේ ඉන්දියානු කුලී බටයෝ හා කුලීකාරයින්ගෙන්. ඉන්දියාව හැදුවේ බ්‍රිතාන්‍යයෝ.ජර්මනිය සහ ජපානය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විනාශ කළා.අද එහි තියෙන්නේ ඉන්දියානු අධිරාජ්‍යයක්.මොරසියස්,සහ පීජි වලත් වැඩිය ඉන්නේ ඉන්දියානුවෝ.සුද්දෝ ගිය හැමතැනම ඔවුන් ගෙනගියා. (නි)

:       0       0

සුරංගි. Saturday, 09 November 2013 05:44 PM

වෙන කවුරු පැමිණියත් වටිනාකමක් නැහැ කලාපීය බලවතා නො මැතිව. කිසියම් රටක් ලෝක සම්මුතීන් උල්ලංඝනය කරමින් ,ප්‍රජාතන්ත්‍රවාදී මුල ධර්ම වලට පටහැනිව අන් අයට කන් නොදී කටයුතු කරන්නේ නම් ඒ රට "බෝයි කෝට්"කිරීම වරදක් නැත..(නදී)

:       0       0

රෝහණ Saturday, 09 November 2013 05:53 PM

මමත් ඉන්දියාවේ දිල්ලි වල අවුරුදු අවුරුදු 10ක් හිටියා.මට හිතාගන්ඩ බැරි අපි මොකද මෙතරම් මන මෝහන් ගේ පස්සෙන් යන්නේ කියලා. මේ ගොල්ලෝ කවදාවත් හදවතින් අපිට උදවු කරන අය නොවෙයි. ඉන්දියාව තරම් සෙල්ෆිෂ් ජාතියක් ලොව කොහෙවත් නැත. මේ ගොල්ලන්ගෙන් ඈත් වෙලා ඉන්න එක තමා හොඳ.(නදී)

:       0       0

බිනර Sunday, 10 November 2013 06:57 AM

සුරංගි,ඔයා අපිට අයිති නැහැ. ඔයා අපේ රටේ පුරවැසියෙක් නොවෙයි. එනිසා ඔයාගේ වැඩක් බලාගන්න.ඔයා ඉන්න රටේ තුන්වැනි පුරවැසියෙක්ද? (නි)

:       0       0

රාණා Saturday, 09 November 2013 06:11 PM

අප ඉන්දීය බඩු වර්ජනය කල යුතුය. සම්පුර්ණ බලාගාරය ගිවිසුම අවලංගු කල යුතුය. මෙහි සිටින ඉන්දීය වෙළෙන්දන් පිටුවහල් කල යුතුය.(නදී)

:       0       0

මදූ Sunday, 10 November 2013 03:03 PM

මම කැමැති ඉන්දියාවට . ලංකාවේ ලගම මිතුරෙක්. යම් යම් දේශපාලන හේතුන් නිසා මෙහම දුරස් වන එක ඒ තරම් සුබ මදි . මුස්ලිම් රටක ලං වීම සුබ දායක නැහැ.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 09 November 2013 06:12 PM

අයියෝ එන්නේ නැහැලු, මොනා කරලා හරි ගෙන්න ගන්න.(නදී)

:       0       0

තරුවක් Saturday, 09 November 2013 06:14 PM

කව්රු නාවත් කමක් නැහැ. අපේ මැි ඇමතිවරු 200 ක් ඉන්නවා.(නදී)

:       0       0

මදූ Sunday, 10 November 2013 03:06 PM

සුරංගි ඔබ හරි ! ඔබට ජය !(නදී)

:       0       0

මාධව. Saturday, 09 November 2013 06:22 PM

මන් මොහාන් මැතිතුමනි, ඔබ උගත් ,බුද්ධිමත්,අවංක ජන නායකයෙක්. ඒ බව ඔබ ඔබේ දේශපාලන දිවියේ පසක් කොට ඇත. මේ නිසා අසල් වැසි ප්‍රබල රට ලෙස ඔබ මෑතක් වෙන තෙක්ම අප සමග මිතුරුව සිටියත් දැන් එය වෙනස වී ඇත. ඔබලාගේ අවංක භාවය අපේ පොකට්ටුවට බලපාන නිසා කෙමෙන් ඔබ අතහැර අප චීනයට සමීප වුනා. චීනය ඔබ මෙන් නොව අවංක කම පසෙක දමා සෑම කොන්ත්‍රාත් එකකින්ම අපට හොඳට සලකනවා. දැන් අපිට පුළුවන් වුනා බලා ඉදිද්දී පෝසතුන් වෙන්න. ඔබ නාවට කම් නැත. (නදී)

:       0       0

ජයතිලක Sunday, 10 November 2013 07:30 AM

දනුෂ්ක,කවුද මෙතන කිව්වේ චීනය පොදුරාජ්‍ය මණ්ඩලයේ රටක් කියලා?අනේ මන් දන්නේ නැහැ.මේ කට්ටියට සිංහල ඉගෙන ගන්න ඉස්කෝලෙකට අරින්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා. සිංහල දැනුම ඒ තරම් ඉහලයි.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 09 November 2013 06:23 PM

සුරංගි- ඔයාගේ ඔය පණ්ඩිත ඉංග්‍රීසි අපට ඕනේ නැහැ ඔයා මතක තියාගන්න ඔයා කියන ඔය "බෝයි කෝට්" එසේ නැත්නම් වර්ජනය ඉන්දියාව කරලා තිබෙන්නේ අපේ රටට එරිහිව. ඒ කියන්නේ ඔයාගේ ගෙදර අයට විරුද්ධව කවුරු හරි මොනවා හරි කලොත් එක සාධාරනය් කියල නිකන් ඉන්නවද? එහෙනම් ඔයත් ලංකාව අතහැරලා ගිහින් ඉන්දියාවේ පදිංචි වෙන්න. උස්සල දෙයි පුරවැසිභාවය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 878 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2376 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 431 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 166 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 188 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1559 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 36 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site