කලා රසිකත්වය නැංවීමෙහිලා ඉංජිනේරුවරුන් තිදෙනෙකු එක්ව අලුත් කටයුත්තක් ඇරඹීමට නියමිතය. එනම්, ගීත ප්‍රසංගයක් හා බැඳුණු ගීත රසවින්දනයක මිහිරියාව සහෘද ඔබ වෙතට ළඟා කරවීමටය. අද "තරුණයා" කවරය සරසන්නේ එහි ප්‍රසංගයට දායක වන දුමාල් වර්ණකුලසූරිය හා මීනා ප්‍රසාදිනීය. අපි ඒ ප්‍රසංගය පිළිබඳව කතාබස් කිරීමට ඔවුන් හා එක්වුණෙමු.
මීනා ප්‍රසාදිනී
මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ අගෝස්තු 20 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න රංග ශාලාවේදියි. එම ප්‍රසංගයට ගායනයෙන් දායක වීමට ලැබීම මට මහත් භාග්‍යයක්. උසස් රසවින්දනයක් සඳහා කැමති ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම මම ආරාධනා කරනවා මෙම ප්‍රසංගයට සහභාගි වෙන්න කියලා. වෙනමම තේමාවකට ලංකාවෙ පළමුවැනි වතාවට කරන නිර්මාණාත්මක කටයුත්තක් මේක.
සුභාවිත ප්‍රසංග
අපේ රටේ සුභාවිත සංගීතය අභාවයට යන යුගයක අපි වගේ ආධුනික ශිල්පීන් විදියට ප්‍රවීණයන්ගේ මෙවැනි ගීත නැතිවෙන්නට නොදී රැකගැනීමටත් සුභාවිත ගීතය සඳහා ජනතාව උද්යෝගිමත් කිරීම සඳහා මෙම ප්‍රසංගය දිගටම පැවැත්වුවොත්, නවක පරපුර උද්යෝගිමත් කිරීමටත් මෙම ප්‍රසංගය පිටුවහලක් වේවි කියලා විශ්වාස කරනවා. එමෙන්ම මම කැමතිම ප්‍රවීණතම කලාකරුවන් සමග එකම වේදිකාවේ ගී ගැයීමට ලැබීමත් භාග්‍යයක්.
දුමාල් වර්ණකුලසූරිය
ලංකාවෙ බිහිවුණු මිහිරි, සුභාවිත ගීත සහ එම ගීතවල අර්ථය පමණක් නෙවෙයි ලියවෙන්න හේතුව. සංගීතය මෙන්ම ඇයි එහෙම යෙදෙන්නෙ යනාදී බොහෝ කරුණු කාරණා කතාකරන ප්‍රසංගයක් සහ රසවින්දනාත්මක වැඩ සටහනක් තමයි මේක. කාලෙකින් නොකෙරුණු වැඩසටහනක්. මම බොහොම කැමැත්තෙන් තමයි එවැනි වැඩසටහනට සම්බන්ධ වෙන්නෙ. ඊළඟට ලංකවෙ සුභාවිත සංගීතය ඉදිරියට ගෙන යන්න කැමති කෙනෙක් විදියට එයට සහභාගි වීම භාග්‍යයක් ලෙසයි මම දකින්නෙ. සහභාගි වෙන්නෙ ප්‍රවීණ ගායන ශිල්පීන් දෙදෙනෙක් සහ අලුත් පරපුරේ අය විදියට මමත්, මීනාත් තමයි සහභාගි වෙන්නෙ. සුභාවිත සංගීතය රැකගැනීම සහ ඉදිරි පරපුරට ගීතය රසවිඳින්නෙ කොහොමද යන්න හා ඒවායේ අභ්‍යන්තරය තේරුම් කිරීම තමයි මෙහි ප්‍රධානම අරමුණ.
අනුන්ගේ ගීත ගයන්නෙ ඇයි?
මේ වැඩසටහනට තෝරගෙන තිබෙන ගීත අපිට කලින් ජනප්‍රිය වූ ගීත. පුද්ගලිකව මගේ සම්මානයට නිර්දේශ වූ සහ සම්මානිත ගීත විශාල ප්‍රමාණයක් තිබෙනවා. මගේ බොහොමයක් ගීත තිබුණත් ඒවා ජනප්‍රිය වෙලා නෑ. එනිසා වෙන්න ඕන එම ගීත මුල් වැඩසටහනට තෝරා නොගත්තේ. නමුත් ඉදිරි වැඩ සටහන්වලදී මගේ ගීත ගායනා කරන්නත් ඒවා පිළිබඳව සංවාද ඇති කරන්නත් බලාපොරොත්තු වෙනවා. දැනට මිනිස්සු අතර තිබෙන වැඩිය ප්‍රචාරය නොවන සුභාවිත ගීත තමයි මෙහිදී කතාබස් කෙරෙන්නෙ. මේ දිනවලත් මම ගීත ගායනා කළ ටෙලිනාට්‍ය ගීත ප්‍රචාරය වෙනවා. නමුත් මේ කටයුත්තේදී අවශ්‍යතාව අනුවයි මෙම ගීත ගායනා කරන්නෙ.
සටහන ඉඳුනිල් සින්දු /සේයාරූ මිහිර බණ්ඩාර
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මීනා සහ දුමාල්ගෙන් 'සුභාවිත' ගී ප්‍රසංගයක්