යුද අපරාධ සිදුවී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජිනීවා යෝජනා ප්‍රකාරව ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග පසසමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් යාපන පුස්තකාලයේ දී විපක්ෂ නායක ආර් සම්බන්ධන්, උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ හා උතුරේ මහ ඇමති සී විග්නේශ්වරන් සමග අද (02) පැවසීය.
“ආණ්ඩුව හොඳට වැඩ කරන බව පේනවා. යුක්තිය හා වග වීම ශ්‍රී ලංකා රජයෙන් අප බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කරන ලෙස අපි රජයට කියනවා.“ යැයි ද ඔහු කීවේය.
විපක්ෂ නායක හා උතුරේ මහ ඇමැති අතර පැවති සාකච්ඡා ගැන ඒ දෙදෙනා මාධ්‍යට කිසිවක් කීවේ නැත.
පලාලි ගුවන් තොට අසල අලුතින් පදිංචි කළ දෙමළ ජනාවාසයකට ගිය මහ ලේකම් එහි වැසියන්ගේ ප්‍රශ්න ගැන සොයා බැලීය.
ඔහු අද සවස යාපනයෙන් කොළඹ බලා පිටත්වීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ සමහර මිනිස්සු හමුදා මගින් අතුරුදන් කරවුවකනට යුක්තිය ඉටුකිරීම වරදක් ලෙස දැකීම රටේ අවාසනාව.. (ම)
සහතික නොවෙයි තව ඕනෑ දෙයක් දෙයි කියන කියන විදියට නටනවා නම් (නි)
එයාලගේ සහතික නැතුවට අපිට කමක් නැහැ (නි)
යාපනය හොඳයිද දැන්? (නි)
මේවා දකිනකොට අපේ ඇඟේ මාළු නටනවා (නි)
කොහොමද හිනාව? සිත සතුටෙන් පිරෙනවා (නි)
ලෝක සාමයට මෙතරම් ත්‍රස්තවාදී තර්ජන එල්ලවී තිබෙන කාලෙක ඒ ගැන සොයාබැලුවා නම් මිටවඩා හොඳ නැද්ද? (නි)
අපිට එයාලගේ සහතික අවශ්‍ය නැහැ (නි)
අපේ ගෙවල් වලටත් ඇවිල්ලා බැලුවා නම් හොඳයි නේද. දැන් ඔක්කොම වැරදි කරලා තියෙන්නේ සිංහල මිනිස්සු වගෙයි පෙනෙන්නේ. (නි)
වහලුන් නම් ලිදේ ඉන්න මැඩියෝ වැනිය(රේ)
ඊලම දුන්නම හොඳටම හොඳයි කියල සහතිකයකුත් දේවී. යටත් උන 800 පොලිස් නිලදාරීන් මැරුවටත් සහතිකයක් ඒගොල්ලන්ට දේවී නේද (රේ)
මූන්ට පුදුම මාරුවක් තමයි අපේ රට ගැන තියෙන්නේ. ලෝකේ පුරාම අහිංසක මිනිස්සු 1000 ගණන් මරණ යුරෝපා රටවල් ඔක්කොම හොඳයි. අනික කොටි කරපු වැඩත් හොඳයි. සිංහල මිනිස්සු ඔක්කොම වැරදියි. මේ වගේ අය රටට ගෙන්න ගන්නවත් හොඳ නැහැ. (නි)