(නිමල කොඩිතුවක්කු)
මොන්ටිසෝරි දරුවන් ක්‍රීඩා කරනවා මෙන් රටේ විදේශ ප්‍රතිපත්තිය සකස් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා කොළඹ දී පැවසීය.
රටේ ආර්ථිකයට, කොවිඩ් පාලනයට, විදේශ ප්‍රතිපත්තියට ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නොමැතිවීමේ බලපෑම් ඉදිරියේ දී රටට භුක්ති විදීමට සිදුවනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පක්ෂ විපක්ෂනායක කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා මෙසේද කීය.
“අපේ රට තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. එක පැත්තකින් ජිනීවා මානව හිමිකම් සම්මේලනය ආරම්භ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපේ හිත මිත්‍ර රටක රාජ්‍ය නායකයෙක් වන පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙනවා. තවත් පැත්තකින් රටක් ජාතියක් විදිහට අපි අර්බුද රැසකට මුහුණ දී සිටිනවා.
රට මුහුණ දී තිබෙන මේ තීරණාත්මක අභියෝගයන් පිළිබඳ අපි ජනතාවත් එක්ක අවංක සංවාදයක යෙදිය යුතුයි. අපි ජනතාවට බොරු කතා කියලා සුරංගනා ලෝක මවල වැඩක් නෑ. රට මුහුණ දීලා තියෙන ප්‍රශ්න වල සැබෑ තත්වය පිළිබඳව සංවාදයක් ඇති කරන්න කියලා මාධ්‍යයෙනුත් අපි ඉල්ලා සිටිනවා.
අද ජිනීවා සම්මේලනයේදී අපි ගැන මොනවද ප්‍රශ්න කරන්නේ කියලා සොයා බැලිය යුතුයි. අතීත සිදුවීම් ගැනද ප්‍රශ්න කරන්නේ එහෙම නැත්නම් වර්තමාන ගමන් මාර්ගය ගැන ද ප්‍රශ්න කරන්නේ කියලා විමසා බැලිය යුතුයි.
අපිට වඩාත්ම හිතමිත්‍ර රටක රාජ්‍ය නායකයා වන පකිස්ථානු අග්‍රාමාත්‍යවරයා දිවයිනට එනවා. මුලින් මාධ්‍ය වාර්තා කළා ඔහු පාර්ලිමේන්තුව අමතනවා කියලා. දැන් ඒක අවලංගු කරලා තියෙනවා. විදේශ ප්‍රතිපත්තියේ එක්ක මොන්ටිසෝරි ළමයි වගේ සෙල්ලම් කරන්න බැහැ. නිදහස ලැබූ දා සිටම අපේ හිටපු නායකයෝ ඉන්දියාවේ, පකිස්ථානයේ වැදගත්කම පිළිබඳව සළකා බැලුවා.
ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තු සැසිය අමතන එක අවලංගු කළේ පකිස්ථානයත් එක්ක සාකච්ඡා කරලද කියලා අද සමාජ මාධ්‍ය වල වාර්තා පළ වනවා. සැබෑ හේතුව මොකක්ද කියලා ජනතාවට වහාම හෙළිදරව් කළ යුතුයි.
ජාත්‍යන්තර දේශපාලනය හරියට තුලනය කර ගන්නේ නැතුව අපේ රට කොහාට ගෙනියන්න හදනවද කියලා අපි දන්නෙ නැහැ. අපේ විදේශ ප්‍රතිපත්තිය අද කලාපීය වශයෙන් අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ජිනීවා සම්මේලනයේදීත් ලෝකය ඉදිරියේ දීත් අපේ විදේශ ප්‍රතිපත්තිය අද අභියෝගයට ලක් වෙනවා.
මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව දිහා බැලුවාම එයා ප්‍රශ්න කරන්නේ අතීතය ගැන නෙවෙයි. ඇය ප්‍රධාන වශයෙන් කරනු 6ක් මතු කරනවා.
ඒ අනුව සිවිල් පාලනය මිලිටරීකරණය කිරීම, ව්‍යවස්ථා සංවරණ ඉවත් කිරීම, අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම සදහා දේශපාලන බලපෑම් සිදුකිරීම, බහුතරවාදී වී අනිකුත් ජන කොටස් ඉවත් කිරීමේ ප්‍රවණතාවය, පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට සහ නිදහසට හානි වන විදියට රජය විසින් නිරීක්ෂණය කිරීම සහ සිවිල් සමාජයට බලපෑම් කිරීම සහ ප්රජාතන්ත්රවාදී අවකාශය සීමා කිරීම, අළුත් මානව හිමිකම් ප්‍රශ්න පිලිබඳ එයින් ප්‍රශ්ණ කරනවා.
අපි අතීතය අමතක කරලා තියෙනවා කියලා කොමිෂන් සභා වාර්තාව පැහැදිලිවම කියලා තියෙනවා. අපි කතා කරන්නේ වර්තමාන ප්‍රශ්න ගැන කියලා කොමසාරිස්වරිය කියනවා. සංහිඳියාව සහ ජාතික එකමුතුව වැනි කරුණුවලින් ක්‍රමානුකූලව ඉවත් වෙලා කියලා තියෙනවා. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි බැඳිලා ඉන්නවා.
මේ කතා කරන්න අපේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන. ඒ නිසා අපට මෙවයින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ.
අපේ රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වලට දාන තහංචි ගැන තමයි ඇය ප්‍රශ්න කරන්නේ. අපේ රටේ ප්රජාතන්ත්රවාදී සමාජවාදී පැවැත්මට ඇතිවෙලා තියෙන බාධා ගැන තමයි ඇය මතු කරන්නේ. අපි ජනතාව ගැන හිතමින් අපේ රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරගත යුතුයි.
මේක විශ්ව ගම්මානයක්. අපි ලෝකයත් එක්ක බැඳිලා ඉන්නේ. අපිට ප්‍රශ්න වලින් ගැලවිලා යන්න බැහැ. අපට වගවීමක් තිබිය යුතුයි. දේශප්‍රේමී කියන ලේබල් ගහගෙන පුරවැසියන්ගේ අයිතිවාසිකම් වලට බලපෑම් කරන්න අපිට බැහැ.
කොවිඩ් කළමනාකරණය ගැන අද වෛද්‍ය සංගමය ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රශ්න කරලා තියෙනවා. මුලින්ම අපි කොවිඩ් ගැන කතා කරහම ආණ්ඩුව ඒ ගැන උපහාසයට ගත්තා. එන්නත් වෙනුවට මිත්‍යාව පසුපස දිව්වා. තවම කොවීඩ් එන්නත දීලා තියෙන්නේ ලක්ෂ හමාරකට දෙකට වගේ පිරිසකටයි. අඩුගානේ මේ වෙනවිට රටින් භාගයක්වත් එන්නත දීල තියෙන්න ඕන. අනිත් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බලවත් රටවල් එක්ක සාකච්ඡා කරලා තමන්ගේ රටට මේ එන්නත ලබා ගන්න ඉක්මන් වුණා. මේ ප්‍රමාදවීම රටට බලපානවා.
ආර්ථිකමය අතින් අපි ඉතාමත්ම තීරණාත්මක කඩඉමකට පත්වෙලා තියෙනවා. අපේ රටේ ආර්ථිකය ණය පොලී ගෙවීම් ගැන විදේශ සංචිත ආදිය ගැන අවංක සංවාදයක් ඇති විය යුතුයි. පාර්ලිමේන්තුව කියන සුරංගනා කතා වලට අපේ ජනතාව මුළා වෙලා හිටියොත් අපිට යන්න වෙන්නේ රුවන්ඩාව වගේ තත්ත්වයකටයි. මේ රට මෙහෙම යන්න දෙන්න බැහැ ප්රබුද්ධ සමාජය අවදි විය යුතුයි.
අපි ඉදිරියේ තියෙන මේ අභියෝග ජය ගන්න පටු පක්ෂ භේදයකින් තොරව විවෘතව කටයුතු කරමු කියලා අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා. මාධ්‍යයටත් එතැනදි විශාල වගකීමක් තියෙනවා. ඇතැම් මාධ්‍ය කරනවා වගේ රජයට ප්රශස්ති ගායනා කරලා රජයට ආවඩන්නේ නැතිව විවෘත සංවාදයක් ඇති කරන්න කියලා අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මොන්ටිසෝරි ළමයි ක්‍රීඩා කරනවා වගේ රටේ විදේශ ප්‍රතිපත්ති සකස් වෙලා’
Senarath Tuesday, 23 February 2021 09:22 AM
අපොයි, ඔබතුමාට ගරුකරනවා. තුන්වැනි පන්තියට වැටුණු දේශපාලකයකු නොවන නිසා.. ඒ වුණාට ඔය කතාව කිව්වද මංගල සමරවීර 2017දී සම අනුග්‍රහය දීලා අපේ රටට විරුද්ධව ගෙනා යෝජනා බාරගන්නකොට. හිටපු අගමැති රටේ ආර්ථිකය 6% වර්ධනයේ සිට 2018 වෙනකොට 4%ට අඩුකරලා.. මම රට සංවර්ධනය කළා.. දැන් තියෙන්නේ ආර්ථිකය හදන්න.. කියනකොට..
SUNIL MILANO Tuesday, 23 February 2021 10:39 AM
පුතාණෝ සහ නඩයේ මොන්ටිසෝරි කතා...
Raveendra Tuesday, 23 February 2021 10:56 AM
මාකර් ගොයියා හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ දියවන්නාව පට්ටියේ රජ වෙලා ඉන්නකොට එකටඑක අනුපාතයට කොන්ක්‍රීට් දැම්මා වගේ විදේශ ප්‍රතිපත්ති තිබුණා වගේනේ.. අම්මපා මාකර් ගොයියෝ මුන්නැහේ කොයි පැත්තෙන්ද කතාකරන්නේ කියලා අපිට පහදා දෙන්නකෝ...
Kakiyana Lea Tuesday, 23 February 2021 01:55 PM
රුවන්ඩාව ගැන මොනවද දන්නේ? ඒකද පල්ලිවල කඩු ගෙනත් හංගලා තිබුණේ? 1994දී රුවන්ඩාවටත් වුණේ ඕකම තමයි...
කපුරු හාමි Tuesday, 23 February 2021 02:15 PM
බලය තියෙන කොට නොකියපු කතා බලය නැති වුණාම කියනවා. දේශපාලුවෝ කවුරු කවුරුත් ඔහොම තමයි.
Bandara Tuesday, 23 February 2021 09:31 PM
මහත්තයෝ මංගලලාගේ කාලේ ඔබතුමා නිදාගෙනද හිටියේ...?