IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මන්ත්‍රී දීමනා යෝජනාව අකුලා ගනී

මන්ත්‍රී දීමනා වැඩිකිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාව ඉවත් කර ගැනීමට බදාදා පැවැති පක්ෂ නායක හමුවේදී තීරණය කර ඇතැයි රජයේ ආරංචි කියයි.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (24) පාර්ලිමේන්තුවට මේ සම්බන්ධ දළ සටහනක් ඉදිරිපත් කිරීමට නියමිත අතර පාර්ලිමේන්තු ගෘහස්ත කමිටුවේ යෝජනාවක් අනුව මෙය ඉදිරිපත් කැර තිබිණි.

පක්ෂ නායක රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව මෙම යෝජනාව ඉවත් කර ගැනීමට තීරණය කරගත් බව කථානායක කාර්යාලය දැනුම් දී ඇත. මහජන අදහස් ද සැලකිල්ලට ගනිමින් මෙම යෝජනා ඉදිරියේදී සකස් කිරීම සුදුසු බව කථානායක කරු ජයසූරිය මහතා දැනුම් දී ඇත.

නමුත් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස හිමි නොවූ මන්ත්‍රීන් 7 දෙනකු වෙනුවෙන් කිසියම් සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන බවටද එහිදී එකඟතාවය පළවී ඇත.



අදහස් (0)

මන්ත්‍රී දීමනා යෝජනාව අකුලා ගනී

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 March 2016 08:37 AM

හැමදාමත් හැමතැනකදීමත් හැන්ද අතේ ඇත්තෝ බෙදාහදා ගන්නා අතර හැන්ද අතේ නැත්තෝ දුක් විඳිති. වරින් වරට වසර පහෙන් පහට පාර්ලිමේන්තු යන්නේ වෙන වෙන මහජන නියෝජිත ආයතන වෙත යන්න මේ තරම්ම බෙල්ල කඩා ගෙන පොරකන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි තමන්ට බෙදා හදා ගන්න හැන්ද අතට ගන්න බව දැන්වත් වැඩ කරන අහිංසක අසරණ මහජනතාව තේරුම් ගත්තොත් අපිට හා අපේ රටට මීට වඩා ලොකු දියුණුවක් සංවර්ධනයක් ඇති වේවි. (බ)

:       0       0

නිපුල් Thursday, 24 March 2016 09:21 AM

මේ විදිහටම, තීරු බදු සහන සහිත වාහන ආනයන බලපත් ලබාදීමේ යෝජනාවත් ඉවත්කරන්න හෝ, ඉන්ධන පිරිමහන​, හයිබ්‍රිඩ්, සෝල පවර් හෝ අඩු ධාරිතා ඇංජින් සහිත වාහන ලෙස සංශෝධනය කරන්න​. (බ)

:       0       0

ටිරෝන් Thursday, 24 March 2016 10:27 AM

මොනවා කරන්නද ලිප්ටන් වටරුමට වත් යමුද බෝර්ඩ් කෑල්ලකුත් අරගෙන. (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 24 March 2016 10:43 AM

මන්ත්‍රී දීමනා යෝජනාව අකුලා ගත එක හොඳයි. ඒ වෙනුවෙන් සියලු පක්ෂ නායකයන්ට අපේ ආචාරය රටේ දැනට තිබෙන ආර්ථික අමාරුකම් ගැන නොහිතා, නොසලකා මන්ත්‍රී දීමනා වැඩි කිරීමේ යෝජනාවේ මුලිකත්වය ගත් අයට රජය සමාවක් නොදිය යුතුය. ඒ අයට විතරද අමාරුකම් දැනෙන්නේ ? (ර)

:       0       0

සොපි Thursday, 24 March 2016 04:57 AM

බයවෙන්න එපා ඔය අකුල ගත්තේ තාවකාලිකව. (ර)

:       0       0

තුවාන් Thursday, 24 March 2016 05:10 AM

මේකෙන් කොච්චර විශාල බදු ප්‍රමාණයක් රජයට අහිමි වෙනවද? පොඩ්ඩක් හිතල බලන්න. හැම අවරුදු 5 කට පාරක්ම මේ පර්මිට් දෙනවා කියන්නේ අවරුදු 20 ක් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී කෙනෙකුට ලක්ෂ 1000 ක් ලැබෙනවා කියන එක. මේ වගේ 225 කට දෙන්න ගියහම මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? (ර)

:       0       0

විපුල Thursday, 24 March 2016 05:17 AM

රටේ තත්වේ හැටියට මෙවැනි යෝජනාවක් කතා කරන්නේ නැතුව හිටියනම් තමයි හොද. (ර)

:       0       0

ප්‍රනාන්දු Saturday, 26 March 2016 09:29 PM

මොවුන් අපේ ලස්සන ශ්‍රී ලංකාව විනාශ කරනවට අපි මොවුන්ගේ දීමනාවත් වැඩි කරදෙමු නේද? (නි)

:       0       0

දුමින්ද Thursday, 24 March 2016 05:36 AM

ජයවේවා! අපිට හරිම සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 35 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 669 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 459 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3118 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1725 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37993 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site