පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරිය මෙනවිය සහ දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන මහතා ලබන 14 වැනි දා විවාහ දිවියට එළඹීමට නියමිතය.
2015 වසරේ දී මහනුවරදී පැවැති ‘මහින්ද සුළග‘ රැලියේ දී මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය ඇරැඹුණු බව දේශපාලන ආරංචි කියයි.
දෙදෙනාගේ දෙවැනි ගමන ලබන 17 වැනි දා ට නියමිතය.
සමන්මලී සකලසූරිය මෙනවිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සද්ධාතිස්ස සලකසූරිය මහතාගේ දියණිය යි. ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනගේ මහතාගේ ද ඥාති දියණිකි.
මේ ගැන විමසීමට සමන්මලී සකලසූරිය මෙනවිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් අසාර්ථක විය.
බොරළුගොඩ සිංහයා ලෙස විරුධාවලිය ලත් පිලිප් ගුණවර්ධන මහතාගේ මුණුබරකු වන යදාමිණී, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාය. සූරියමල් ව්‍යාපාරයේ නියමුවකු වූ පිලිප් මහතා ඇන්.ඇම් කොල්වින්, බර්නාඩ්, ලෙස්ලි හා විලියම් වැනි වාමාංෂික නායකයන් සමග සිරබත් කෑ වාමාංශික නායකයෙකි.
පිලිප්ගේ මුණුබුරාද පිලිප් මෙන් ඇමෙරිකාවේ විස්කොන්සින් සරසවියේ අධ්‍යාපනය ලැබීය. ඔහු වේල්ස් සරසවියේ ද අධ්‍යාපනය ලැබීය. ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයයේ කෙනඩි පාසලේ විධායක අධ්‍යාපනය ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට මඩ ගහන්න එපා. දිනේෂ් මැතිතුමා කවදාවත් හොරා කෑවේ නැහැ. එතුමන්ලාගේ පුද්ගලික දේපල විකුණලා තමයි එතුමන්ලා දේශපාලනය කළේ. ඒක ගමේ මිනිස්සු විදියට අපි හොඳටම දන්නවා. (නි)
ඇයි සමහරු කුණුකන්දල් අවුස්සන්නේ මේ වගේ සතුටුවෙන්න, සුබ පතන්න ඕනෑ වෙලාවක? මම ආනන්ද විද්‍යාලයේ එකට ඉගෙනගත්තේ පිලිප් මහත්තයාගේ එක පුතෙක් එක්ක. මම හොඳටම දන්නවා ඔවුන් ගැන. (නි)
සුබ පැතුම්! (නි)
සුමුදු අමාලිලා වගේ අය මොනවා කිවුවත් රටේ මොළයක් තියන අය ඇත්ත දන්නවා (නි)
මේ විවාහයේ පරමාර්ථය රටට හොඳ පියෙක්, හොඳ මවක්, හොඳ දරු පරපුරක් බිහි කරලීම නොවෙයි...තම තමන්ගේ දේශපාලන බලය වැඩි කරගෙන සදාකාලිකවම බලය රැක ගැනීමයි..(ම)
දේශපාලනය සමහර පවුල්වල ඉතින් පරම්පරාවලට යන ව්‍යාපාරයක් වෙලානේ. (ම)
චමින්ද එයා හොඳ මිනිහෙක් නම් කොහොමද දෙශපලකයෙක් වුණේ. දේශ පාලකයෙකුට කවදාවත් ගුණ ගරුක වෙන්න බෑ. වෙන රස්සාවක් කරන්න තරම් ඉගෙන ගන්න නැතිව ඇති. නීතිය කරන්න ඇති අනුන්ගේ ලේ බොන්න. (අ)
අමලී.. දිනේෂ් මහත්තය ගෙන මම හොඳට දන්නවා.. ඔය ගොල්ල මොනවද දන්නේ. (අ)
කැලේ ගසකට කැලේ වේලක් එතෙනවා කියන්නේ මේවගේ සිද්ධීන් වලට , සුබ පතමි (ම)
දිනේෂ් ගුනවර්දන මහත්තයාගේ පුතා ඉගෙන ගෙන තියෙන තැන් බලපුවහම හොඳට තේරෙනවා නේද අපේ නිදහස් අධ්‍යාපනය ගැන එතුමාගේම තිබිල තියෙන පැහැදීම. (ම)
සුබ පැතුම් අක්කි . (අ)
අනේ වාසනාවන්! මෙතුමිය කලින්නම් එස් බී දිසානායක මහත්තයාගේ "නිරුවත" අරුත්ගන්න්වන්නට උත්සහකරා. (අ)
හදවතින්ම සුබ පැතුම්! (නි)
සහන්ලට යමක් තේරෙනවා. චමින්ද, ලොකුගේ, ටිකක් හිතලා අදහස් දාන්න (නි)
අපෙනුත් සුබ පැතුම්! (නි)
කවුද දෙවැනි මනමාලයා? (නි)
අර නාමාවලියේ නියෝජ්‍ය ලැයිස්තුව එනකොට මෙයාටත් තැනක් දෙනවා නේද? (බ)
අනේ සාධු! ඕවා ඔහොම තමයි (නි)
සුළි සුළඟේ ප්‍රතිඵල රට පුරාම දකින්න තියෙනවා. එයාලා අන්ධ වුණාට අපි මොනවා කරන්නද. (නි)
සුබ පැතුම්! කදිම යුවළක් (නි)
අනික් ඇමති පුත්තු වගේ නොවෙයි යදාමිණී. පාඩුවේ ඉන්න චරිතයක්. ඔබගේ නව දිවියට සුබ පතනවා මල්ලි! (නි)
කවුරු වුණත් ගුණයහපත් වුණාට වැඩක් නැහැ, මහජන මුදලින් නඩත්තු වෙනවා නම් (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
හොඳ එක්වීමක්. ඔබ දෙදෙනාට සුබ අනාගතයක් පතමි! (නි)
එතුමිය කතා නොකර ඉන්න තරමට වැඩිදුරක් යන්න පුලුවන් වෙයි (නි)
සහන්, ඔයාගේ හිත නම් නියම කුණුගොඩක් බව පැහැදිලියි. (නි)
සහන්, මිනිස්සු ගැන නොදැන අදහස් දක්වන්න එපා. යදාමිණී නියම මහත්මයෙක්. කියන්න තියන දේ කෙළින් කියන ගුණගරුක, ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක්. දිනේෂ් ගුණවර්ධන මහතාවත් ඔබ කියන ගොඩට වැටෙන්නේ නැහැ. යදාමිණී මහතාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! (නි)
සුළි සුළඟේ එකම ප්‍රතිඵලයද (බ)
ඉතා ගුණ යහපත් , කට වාචාලකම් පුරුදු නැති මහත්මයෙක්. සුබ අනාගතයක්.(හේ)
මේ අය සමාජවාදය කතා කලාට ලෝකේ ප්‍රදාන පෙලේ ධනවාදී රටවල ඉගෙනගෙන තියෙන්නේ (හේ)
කුණු ගොඩට කුණු , හොරුන්ට හොරු එකතු වෙනවා (බ)