IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මන්ත්‍රී ශ්‍රේණිගත කිරීමේ පළමු තැන අනුරට

‘රියලිටි ෂෝ හරහා ලංකාවේ ගායක ගායිකාවන් නළු නිළියන් තෝරනවා. ඒත් දේශපාලනඥයන් ඇගයීමකට ලක්වන්නේ නෑ. ඔවුන් හැමදාම බැනුම් අහනවා. අද තමයි අවුරුදු 16ක මගේ දේශපාලන ජීවිතයේ ඇගයීමකට ලක්වුණේ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

හඳුන්නෙත්ති මහතා එසේ පැවසූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමින් මන්ත්‍රීන් ශ්‍රේණිගත කිරීමේ විශ්ලේෂණාත්මක දත්ත ඉදිරිපත් කරන manthri.lk වෙබ් අඩවිය  8වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ශ්‍රේණිගත කිරීම එළිදැක්වීම වෙනුවෙන් අද(21) සංවිධානය කරතිබූ සාකච්ඡා මණ්ඩපයකට එක්වෙමිනි.

manrhri.lk වෙබ් අඩවිය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය, විවාද සඳහා සහභාගීත්වය, ප්‍රශ්න ඇසීම, ජනතාව වෙනුවෙන් කථා කිරීම, නීති අණ පනත් සම්මත කරගැනීම සඳහා දක්වන දායකත්වය ආදී කරුණු ගණනාවක් ඔස්සේ ඇගයීමකට ලක්කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සකසා ඇත. මෙවර එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා හිමිකරගෙන ඇත.

සුනිල් හඳුන්නෙත්ති (ජවිපෙ), බුද්ධික පතිරණ (එජාප), රනිල් වික්‍රමසිංහ අගමැති, නලින්ද ජයතිස්ස (ජවිපෙ) යන අය පිළිවෙළින් දෙවැනි, තුන්වැනි, සිව්වැනි හා පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.

කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ පැවැති එම අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වන එරාන් වික්‍රමරත්න, අජිත් පී.පෙරේරා, බන්දුල ගුණවර්ධන, බුද්ධික පතිරණ, රවුෆ් හකීම්, එම්.කේ.සුමන්තිරන්, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු දේශපාලනඥයින් සහ විවිධ  සංවිධානවල නියෝජිතයන් රැසක් ද එක්ව සිටියහ.

 



අදහස් (0)

මන්ත්‍රී ශ්‍රේණිගත කිරීමේ පළමු තැන අනුරට

විජේසිංහ Thursday, 21 July 2016 04:07 PM

මේ පාර්ලිමේන්තුවට ජවිපෙන් 40 පත්වුනොත් රටේ තත්වය යහපත් අතට වෙනස්වේවි කියලා මම හිතනවා. (හේ)

:       0       0

රාමන් Thursday, 21 July 2016 04:25 PM

අනේ මන්දා මේක කොහොම කළාද කියලා. මට නම් ප්‍රතිඵල ගැන සෑහීමකට පත්වෙන්න බැහැ (නි)

:       0       0

විශ්ව Thursday, 21 July 2016 04:28 PM

තවම අපේ ඡන්දදායකයට ඔය ටිකේ තේරුම් ගන්න බැරි වුණා. ඕක තේරුම්ගිය දිනයට රට දියුණු වෙයි. (නි)

:       0       0

නන්ද Thursday, 21 July 2016 04:35 PM

අදාළ කරුණු පමණක් ඉදිරිපත් කිරීම, තොරතුරු නිසියාකාරව අධ්‍යයනය කොට සාකච්ඡා වලට සහභාගී වීම හා කතා සහ දේශනා පැවැත්වීම, අසන්නන්ගේ අවධානය යොමුකර ගැනීමට සමත්වීම වැනි කරුණු අතින් ජ.වී.පෙ. දේශපාලකයින් ඉහළම මට්ටමක සිටිනවා යැයි පක්ෂ බේදයෙන් තොරව මැදහත් ජනතාවගේ පිළිගැනීමයි. මීට අමතරව, අනෙක් දේශපාලන පක්ෂවල අයට සාපේක්ෂකව බලන විට ජ.වි.පෙ. අය ඉතාම ආදර්ශවත් පිරිසක් යැයි කිවයුතුයි. (නි)

:       0       0

චන්දන Thursday, 21 July 2016 05:12 PM

නියම විදියට තෝරලා තියෙනවා. කෝ විමල් වීරවංශ? (නි)

:       0       0

ගුණසිරි Thursday, 21 July 2016 05:18 PM

සුදුස්සාට සුදුසු තැන! (නි)

:       0       0

දිලංක Thursday, 21 July 2016 08:05 PM

මම නම් කියන්නේ රට වෙනුවෙන් හිරගත වුණ නාමල් රාජපක්ෂට මෙය ලැබිය යුතුයි. කොහෙද ඉතින්, බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේනේ.... (නි)

:       0       0

සත්‍යයා Thursday, 21 July 2016 08:39 PM

අනාගතය පිළිබඳ සුභවාදී පෙරනිමිත්තක් සනිටුහන් කරන තවත් එක සංසිද්ධියක්ද? කොහොම වෙතත් ප්‍රශංසාවේදී තව තවත් නිහතමානී වුවහොත් අනුරට දීර්ඝ ගමනක් යා හැකියි. (නි)

:       0       0

වින්සන්ට් Thursday, 21 July 2016 09:26 PM

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා දෙවැනි ස්ථානයට පැමිණියත්, මැතිවරණයකදී එතුමාගේ මන්ත්‍රී පදවියවත් ආරක්ෂා කරගැනීමට ජනතා කැමැත්ත ලැබේවිද යන්න සැකසහිතයි. එහෙත් දෑතට විලංගු වැටුන ජනතා නියෝජිතයන් වීරයන් බව අද උසාවි ළඟදී දකින්නට ඇත. දේශපාලන මත කුමක් වුවත් අවංක, ක්‍රියාකාරී දේශපාලකයන් අපි අගය කරමු. (නි)

:       0       0

චානක Thursday, 21 July 2016 10:04 PM

නියමයි. හැබැයි ඡන්දෙ දෙනකොට ඕවා අදාළ නැහැ හොඳේ

:       0       0

අබය Thursday, 21 July 2016 10:09 PM

අඩුගානේ මෙහෙම හරි කිහිප දෙනෙක් ඉන්න එක ගැන සතුටුයි. (නි)

:       0       0

සමන් Thursday, 21 July 2016 10:14 PM

මේක පුදුමාකාර චිත්‍රපටයක් වගෙයි මට නම් (නි)

:       0       0

රාධා Thursday, 21 July 2016 10:25 PM

මේකටත් "කෙටි පණිවිඩ" යවමුද? (නි)

:       0       0

ලංකා Thursday, 21 July 2016 11:10 PM

හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

කසුන් Thursday, 21 July 2016 11:17 PM

සුබපැතුම්. පුදුමයි මේ ඇගයීම් ටිකත් කඳ බඩ මහත, සම්ප්‍රදායික අයටම නොගිය එක. (නි)

:       0       0

කාන්ති Thursday, 21 July 2016 11:26 PM

කවුරු ඇගයුවෙ නැතත් ජනතාවගේ හිත් වලින් අපි අගයනවා කරන හොඳ දේවල්. නමුත් එසේ අගයමින් ඡන්දයදාට නිල් හෝ කොළ අයට ඡන්දය දෙන අය නිසා තමයි ඔබට ඉදිරියට එන්න බැරි. එයට විසඳුමක් සොයන්න ඔය මොළ වලින්. ජය නියතයි. (නි)

:       0       0

ගුණසිරි Friday, 22 July 2016 01:07 AM

මගේ මනාපයත් මම දෙන්නේ අනුර මහතාට තමයි (නි)

:       0       0

ප්‍රසංග Friday, 22 July 2016 01:22 AM

පිළිගත් වෘත්තිකයින් ඔබ පක්ෂයට බඳවා ගැනීම හොඳ ලකුණක්. (නි)

:       0       0

සරත් Friday, 22 July 2016 01:33 AM

මෙයාලා දකුණේ දේවල් වලට කෑගැහුවට උතුරේ ඒවට කටක් අරින්නේ නැහැ. මොනවා වුණත් වැඩක් නැහැ, බලමුකෝ මෙයාලා මොකක්ද කියන්නේ කියලා යාපනයේ විශ්ව විද්‍යාලයට වෙනත් පළාත් වලින් දරුවන් ගන්නවට, උතුරු පළාත් සභාව කියා තියෙන දේට (නි)

:       0       0

අනිල් Friday, 22 July 2016 01:39 AM

100% ඇත්ත. සුබ පැතුම්! (නි)

:       0       0

නිම්මි Friday, 22 July 2016 02:40 PM

අනේ මේ මොන තේරීමක්ද? මීටවැඩ වැදගත් අය කොච්චර ඉන්නවද? මම මහින්දවාදියෙක්. නමුත් හර්ෂද සිල්වා මහත්මයා මෙතන සිටිය යුතුයි (නි)

:       0       0

ජයසේන Friday, 22 July 2016 02:12 AM

අනුර මහතාට සුබ පතමි! (නි)

:       0       0

කෝනාර Friday, 22 July 2016 02:16 AM

සරත්, හැමඑකටම කතාකළා කියලා උගත්කමක් ජනතාව නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (නි)

:       0       0

නිමල් Friday, 22 July 2016 02:24 AM

සත්‍යය එළිදකිනවා කවදාහරි. (නි)

:       0       0

ගඟන Friday, 22 July 2016 02:23 AM

ජනතාවට ඔබලාට බලය දෙන්න බය ආණ්ඩුවක් කරන්න පුළුවන්ද කියන සැකය නිසයි. දැන් සහ එදා ඇමතිකම් කරන බහුතරය අය සා/පෙළත් අසමත් බව දන්නේ ටික දෙනයි. ඔබගේ හැකියාව ජනතාව අතරට ගියා මදි. (නි)

:       0       0

සමන් Friday, 22 July 2016 02:30 AM

දකුණේ දේවල් වලට හරි හරියට කතාකරනවනේ. ඒකත් මදැයි සරත්. එකපාර 100% ක් බලාපොරොත්තු වෙන්න එපා. (නි)

:       0       0

සංජය Friday, 22 July 2016 03:25 AM

ආණ්ඩුවට කඩේ යන තරමට මේවා හම්බ වෙන්න ඕනනේ. කොහොමටත් මෙයාලගේ කට විතරනනේ වැඩ නැහැනේ. ආණ්ඩුවත් එක්ක තියෙන ඩීල් වලට මේවා ලැබෙනවා ඇති. (බ)

:       0       0

සුසන්ත Friday, 22 July 2016 04:45 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..... තවත් මස් කට්ටක් (බ)

:       0       0

යමුණා Friday, 22 July 2016 05:04 AM

සාධාරණ විනිශ්චයක් .මහජනතාව වෙනුවෙන් කතාකරන හතරපස් දෙනෙක් හරි ඉන්න එක ගැනත් සතුටු විය යුතුයි (බ)

:       0       0

පද්මිණී Friday, 22 July 2016 05:07 AM

ශ්‍රී ලංකාව විනය ගරුක රටක් වෙන්නේ අනුර, නලින්ද, බිමල්, සුනිල්, වගේ නායකයින් පාලකයින් වුනොත් පමණයි. විදේශක සිට මම නරඹන්නේ ඔවුන් සිටින දේශපාලන වැඩ සටහන් . අපේ රටේ දරු පරම්පරාවට එවැනි සදාචාරවත් රටක් ' නුදුරු දිනක උදා වේවා! (බ)

:       0       0

විදුරංග විතානගේ Friday, 22 July 2016 05:26 AM

ලස්සන අනාගතයකට පෙර සුබ මග ලකුණු පෙනේ. ජේවීපී එකට හැකියාව මැනවින් ඔප්පු කළා. අනුර සහෝදරයා ඇතුළු සියල්ලට සුබ පැතුම්! (බ)

:       0       0

ඉමේෂ් Friday, 22 July 2016 05:31 AM

තාක්ෂණයට බුද්ධිය තියෙනවා නේ. එනිසා ඔබ තුමාලා කොහොමත් තේරෙනවා. මිනිසා විසින් තෝරන විට බුද්ධියට වඩා හදවතට මුල් තැන දෙන නිසා ඔබ තුමාලාට නිසිතැන නොලැබී ඇත. එයයි අපේ උරුමය. (බ)

:       0       0

සකුන්තලා Friday, 22 July 2016 05:39 AM

මෙතන පස්දෙනාම නිදහස් අධ්‍යාපනය යටතේ උසස්පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබුවන් වීම විශේෂිතයි. එලෙසම දන්නා තරමින් විදේශ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධියක් සඳහාවත් නොගිය අය වීම විශේෂිතයි. මෙයම ඇති අපගේ රජයේ විශ්වවිද්‍යාලවල උගත් අයගේ විශේෂත්වය පෙන්වීමට. (බ)

:       0       0

කරුණාතිලක Friday, 22 July 2016 05:46 AM

ඔහොම යන් ඔහොම යන් අනුර , සුබපැතුම් (බ)

:       0       0

වෙනුර සමන් Friday, 22 July 2016 06:05 AM

ඕක තේරුම්ගිය දිනයට රට දියුණු වෙයි. මගේ මනාපයත් මම දෙන්නේ අනුර මහතාට (නි)

:       0       0

විරාජ් Friday, 22 July 2016 06:11 AM

කුරුණෑගල මන්ත්‍රීතුමා කීවෙනියද දන්නෙ නැහැ (නි)

:       0       0

සරත් Friday, 22 July 2016 06:22 AM

සමන්, කෝනාර, කතා කරනවා නම් හැම එකකටම කතා කරන්න ඕනෑ. උතුරටයි දකුණටයි දෙවිදියකට බෙදන්න බැහැනේ. මොකද උතුරේ කළත් වැරැද්ද වැරැද්දමයි. මොකටද බය වෙන්නේ? (නි)

:       0       0

මනෝජ් Friday, 22 July 2016 06:23 AM

මෙතැනදී නියම අයට තැන ලැබිලා තියනවා . ඔහොම යමු කොහොම වුනත් ඕනවට වඩා හිතට ගන්න එපා . ටික ටික මිනිසුන් අතරට යන්න ඕනේ (හේ)

:       0       0

හුසේන් මොහමඩ් Friday, 22 July 2016 06:31 AM

මන් දන්නේ නැහැ කවුද මෙහෙම තේරුවේ කියලා. කිසිම සාධාරණයක් නැහැ.(හේ)

:       0       0

රණවීර Friday, 22 July 2016 06:34 AM

සුබපැතුම්. ජනතාවට කතා කළ හැකි වෘර්තීය මට්ටමේ අය තව තවත් ජවිපෙට බන්දවා ගන්න. දැන් යන තත්ත්වය හොදයි. නමුත් ජවය මදි. ඔබලාට ඇති එකම හයිය හොරකම් නොකරන බවට ජනතාව තුල ඇති විශ්වසනියත්වයයි. වෙන මොනදේ නැත්ත එයම ඇති බලය ගන්න. (හේ)

:       0       0

ජයන්ත Friday, 22 July 2016 06:29 AM

ඒකාබද්ද විපක්ෂයේ අයත් තැනකට ගේන්නත් කම්බ හොරුන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයකුත් ගෙන්නකෝ අනේ ....(හේ)

:       0       0

චාමිනි Friday, 22 July 2016 06:31 AM

වල්පල් දොඩවන, කුනුහරුප කියන, ස්ත්‍රින් ගැන කතාකරන හොරකම් කරන කොමිස් ගහන චාටු බස් දොඩන දේශපාලඥයින් ජනතාවට ඇතිවෙලා ඉන්නේ. ඒ අතින් ඔබලා විශිශ්ටයි. නමුත් පක්ෂය තව පුළුල් විය යුතුයි. උගතුන්, බුද්ධිමතුන්, පක්ෂයට එක්කකර ගත යුතුයි. (හේ)

:       0       0

හෂාන් Friday, 22 July 2016 06:39 AM

කවුද දැන් මේ අයව තෝරන්නේ.(හේ)

:       0       0

සමන්තිකා Friday, 22 July 2016 06:53 AM

මේ මන්ත්‍රී ලිස්ට් එකේ 229ක්ම ඉන්නවානේ. (නි)

:       0       0

නිසල් Friday, 22 July 2016 07:34 AM

අනුන්නට හෙන වදින කුහක කතා කියන කෙනෙක් වුණානම් මටත් මේකේ පලවෙනි තැන ගන්න තිබ්බ... (බ)

:       0       0

අරවින්ද Friday, 22 July 2016 07:42 AM

සුභපැතුම්. වසර 2020 දී ජවිපෙ ප්‍රධාන ජනතාවාදී ආණ්ඩුවක් හැදෙයි. ඔබ සියලු පහරදීම් හමුවේ නොසැලී නිවැරදි දේශපාලනයේ යෙදුනු නිසයි මේ පැසසුම්. ඔබට ජය. (බ)

:       0       0

නුවන් Friday, 22 July 2016 07:58 AM

විජේසිංහ ගේ කතාව 100% හරි (හේ)

:       0       0

අජිත් Friday, 22 July 2016 08:01 AM

අනුර මහතාට සුබ පතමි! (හේ)

:       0       0

විපුල Friday, 22 July 2016 08:12 AM

මෙයාට සම්මාන ලැබුනට පක්ෂය දියාරු වෙලා ඉවරයි.(හේ)

:       0       0

කුමාර Friday, 22 July 2016 08:09 AM

සරත්,ඔයාට තියෙන දැක්ම ගැන මට හරි ආඩම්බරයක්. (හේ)

:       0       0

මහාසේන් Friday, 22 July 2016 08:11 AM

නිවරැදි තේරීම කරලා තියෙනවා.(හේ)

:       0       0

ලලිත් Friday, 22 July 2016 08:36 AM

අපි ඒ ගැන දන්නවා.(හේ)

:       0       0

ගාමිණි Friday, 22 July 2016 08:40 AM

ඔබතුමා පමණයි ඇත්ත කතා කරන්නේ.(හේ)

:       0       0

සම්පත් Friday, 22 July 2016 08:40 AM

අපගේ උණුසුම් සුබ පැතුම් මහත්තයෝ.(හේ)

:       0       0

අසේල Friday, 22 July 2016 08:40 AM

සුබ පැතුම් නමුත් ජනතාව බයයි ඔබ තුමාලට ඡන්දය දෙන්න (හේ)

:       0       0

නිමල් විමලසිරි Friday, 22 July 2016 08:37 AM

අපි තාව ජනතාව වෙනුවෙන් වැඩ කරමු සහෝදර වරුනේ ඔබලාට ජය (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 75 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 1295 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 8205 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 492 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1795 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3481 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25552 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site