කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාගේ කුලියාපිටියේ ඉදිකෙරෙන නිවසේ ප්‍රධාන බාස් ආර්.ඩබ්ලිව්.ඒ ප්‍රියන්ත කුමාර හා මුරකරු ජී.ඒ ධර්මසේන ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි කුලියාපිටිය මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්ත මහතා නියෝග කළේය.
කාරියවසම් මහතා ඉදිකරගෙන යන නිවසෙහි රුපියල් හාරලක්ෂයක් පමණ වන දැව හා යකඩ සොරකම් කළැයි ඒ දෙදෙනාද තවත් තිදෙනෙක්ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
දැව මිළට ගත් බව කියන චමින්ද සම්පත් හා නිවසේ ඉදිකිරීම් කටයුත්වල යෙදී සිටි එස්.ඩී ලලිත් ප්‍රියන්ත හා ආර්.ඒ චන්දන දේශප්‍රිය රුපියල් ලක්ෂය බැගින් ඇප මත මුදාහරි හරිනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා බාස් කෙනෙක් වෙන්න ඇති යකඩ හොරකම් කරන්න ඇත්තේ. (දී)
දැන් හැමතැනම ලොකු, කුඩා සහ මහා පරිමාණයේ හොරු (දී)
මන්තිගේ යකඩ හා දැව නෙවි, ජනතාවගේ යකඩ හාදැව හොරකම් කර අසුවී කියන්න. (අ)
යකඩ වලට , ලී වලට ලක්ෂ 4 නම් ගෙට ලක්ෂ කීයද ? (දී)
ඉතින් ආපු විදියටම යනවා. වැරදි පාරෙන් ආවොත් වැරදි පාරෙන් යනවා. ඒකට පුදුම වෙන්න දෙයක් නැහැ. ලෝක ස්වභාවය.(නදී)
හොදට හොදයි කියන්න බැරි පුරා ජේරුකාරයෝ.(නදී)
වැඩේ මක බාස්ට බාරයි.මන්තිරි හාමුදුරුවන්ට ලක්ස හතර මොන කජ්ජක්ද?(අ)
හුසේන් ඔයා හරි.(නදී)
අපි නම් වැඩිපුර අහල තියෙන්නේ ඕකේ අනික පැත්ත. ඒ කියන්නේ මන්ත්‍රීලා වගේ ලොකු කට්ටිය මහජනතාව සතු යකඩ හොරකම් කරන බව. එහෙම කරපු රේල් පීලි වගයක් අහුවුනා එක තැනක. එක ලොක්කෙක් වරෙන්තුත් තියෙද්දී අගේට ඉන්නවා. (නි)
යකඩ බාස්ට ඉක්මනට අර අහවල් ටීවී වැනල් එකේ ජොබ් එකක් ගන්න කියන්න. එතන ඉන්න යකඩ හොරාගෙන් උපදෙස් අරගෙන ඉන්න පුළුවන්. ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද, මේ ලංකාවේ? (නි)
එයා අතින් අසාධාරණයට ලක්වූවන්ට සාධාරණයක් ඉටුවෙලා තිබෙනවද? (නි)
ඕක ලොකු ගානක් නෙමෙයි මන්ත්‍රී හාමුදුරුවනේ (නි)
හොරුන්ගේ බඩු හොරකම් කරන හොරු කව්ද කියමු බලන්නෙ.(නදී)
විරුද්ධ පක්ෂයේ ඉදලා ඔහොම නම්, පාලන පක්ෂයේ හිටියානම් කොහොම මාළිගාවක් හදයි? (නදී)
අර මාධ්‍යවේදියා ඔය පැත්තේ ගියාද දන්නේ නැහැ? පොඩ්ඩක් හොයලා බැලුවා නම්... එයාට තමයි යකඩ පෙන්නන්න බැරි (නි)
මට නම් හිතෙන්නේ බාස්ලට පඩි ගෙවන්න නැතුව ඇති. බාස්ලත් ජිවත් වෙන්න එපැයි. එහෙම නේද? (නි)