IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මන්ත්‍රීවරු 53ක් දවල් කෑම එපා කියති

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සියලුම  මන්ත්‍රීවරුන්ට  පාර්ලිමේන්තුවෙන් සැපයෙන දිවා ආහාර වේල රටේ ජනතාව මුහුණදී සිටින ආර්ථික  දුෂ්කරතා සැලකිල්ලට ගෙන  අත්හිටුවන ලෙස   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු   53 දෙනෙක්  සිය අත්සනින් යුතුව සකස් කෙරුණු   ලිපියක්   කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදෙමින් අද (19) ඉල්ලීමක් කළහ.

රටේ ජනතාව අද එක වේලක් හෝ ගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටින මොහොතක මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට  දිවා ආහාර වේල සැපයීම සඳහා විශාල වියදමක් දැරීම අසාධාරණ බවද   මන්ත්‍රීවරු පිරිස   ඒ ලිපියෙන්  පෙන්වා දෙති.

පාර්ලිමේන්තු රැස්වීම් දවස පුරා පැවැත්වෙන අවස්ථාවලදී පමණක්  වෙළෙඳපොළේ පවතින මිල ගණන් යටතේ  බත් පාර්සලයක් ලබාදීමට කටයුතු කරන ලෙසද  ඔවුහු ඉල්ලා සිටිති.

මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් දිවා ආහාරය සැපයීම  ආර්ථික  අර්බුදය පවතින තාක්  අත්හිටුවන ලෙස මන්ත්‍රී පිරිස
එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

මෙම ලිපියට අත්සන් තබා ඇති පිරිසට  සිසිර ජයකොඩි, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් සී දොලවත්ත, කපිල අතුකෝරාල, ජානක තිස්ස කුට්ටිආරච්චි, සහන් ප්‍රදීප් විතාන ශාන්ත බණ්ඩාර, චරිත හේරත් , ලලිත් වර්ණ කුමාර, සමන්ප්‍රිය හෙරත් අරුන්දික ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ පියල් නිශාන්ත ද සිල්වා , නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, ගයාෂාන් නවනන්දන, මධුර විතානගේ, පවිත්‍රා වන්නිආරච්චි කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණී වලේබොඩ ඇතුළු මන්ත්‍රීවරු 53 දෙනෙක් ඇතුළත් වෙති



අදහස් (4)

මන්ත්‍රීවරු 53ක් දවල් කෑම එපා කියති

Kule Thursday, 19 May 2022 04:04 PM

හොඳ ආරම්භයක්... හැබැයි ඒ බත්පාර්සලේත් මන්ත්‍රීවරු, කාර්ය මණ්ඩලය ගෙදරදීම ඔතාගෙන ආවානම් තමයි වැඩේ සම්පූර්ණ වෙන්නේ.. ඡායාරූපය දැක්කාම නම් හිතෙන්නේ සංදර්ශනයක් කියලයි.

:       3       59

දිමුත් Thursday, 19 May 2022 04:04 PM

හම්මෝ දැන් ලොකු ගාණක් ඉතුරු වෙයි.

:       5       45

Sampath Thursday, 19 May 2022 04:18 PM

මුල සිටම අධික වියදම් අඩු කරා නම් රට මෙතරම් බංකළොත් වෙන්නේ නැහැ.

:       2       45

ගමේ එකාලා Thursday, 19 May 2022 04:53 PM

මෙච්වර කල් කාපු දේවල් හොඳටම ඇති. බොරු සෝබන... මේවාට කොහෙන් හිනා වෙන්නද මන්දා...?

:       5       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 144 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
2024 නොවැම්බර් මස 19 422 0

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 403 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 646 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1651 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 945 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27029 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18881 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1871 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site