පුත්තලම රෝහලේ වෛද්‍යවරියක හා ගිලන් රථ සහායකයකු මරණයට පත්වීමේ සිද්ධියේ පරීක්ෂණ හරියට නොකළැයි මුන්දලම පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම් කළ බව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සෙනරත් සඳුන්ගහවත්ත මහතාගේ කාර්යාල ආරංචි කියයි.
කිලිනොච්චියේ සිට වේදිකාවක් පටවාගෙන ආ ලොරියක එම ගිලන් රිය හැපී මේ අනතුර සිදු විය.
සිද්ධියේ පරීක්ෂණ තොරතුරු නිසි පරිදි ඉදිරිපත් නොකළැයි රථවාහන අංශයේ ස්ථානාධිපති ජයතිස්ස බණ්ඩාර අබේසිංහ, සැරයන් ජයවර්ධන හා කොස්තාපල් කරුණාරත්නගේ වැඩ තහනම් කර ඇත.
මරණ දෙකක් සිදු කළ ලොරි රියදුරා ඇප පිට මුදා හරිනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහත් තැනින් යයි ගලා ජලේ (නදී)
මේකේ පින්තුර පත්තරේ පලවෙලා තිබුණු විදියට, ලොරිය තිබුනේ පාරේ දකුණු පැත්තේ. ගොඩක් දුරට ලොරියේ වරද වෙන්න පුළුවන්. පොලිසිය සාධාරණ පරීක්ෂණය නොකළ බව හිතන්න පුළුවන්.(හේ)
අනේ ඒ දොස්තර දියණියගෙ අම්මා මේ ලෝකෙ තනිවුණා. එතුමිය කොහොම හිත හදාගන්නද මේ වෙච්ච දේට. දැන් කාගෙ පිළිසරණද?(හේ)
මේ අයට ලැබුන ගාණන ගැනත් ටිකක් හොයන්න (නදී)
ලොරිය ආණ්ඩුවේ බලවතෙක්ගේ හෙන්චයියෙක්ගේ. ඉතින් කොහොමද රාජකාරිය හරියට කරන්නේ. බයවෙන්න එපා. රාළහාමිලාට ලබන සතිය වෙනකොට වෙන පොලිසියකට රාජකාරිය හම්බ වෙයි. (නදී)
මෙහෙම මාරක රිය අනතුරු සිදුකරන රියදුරන්ව මෙසේ ලේසියෙන් මුදා හැරියාම නැවැත ඔවුන් වැරදි කරන්න බය නැහැ. ඔය කියන විදියට විශේෂ ජනපති බලතල පාවිච්චි කර ඉක්මනින් යුගයට අවශ්‍ය විදියට නීති රීති සම්පාදනය විය යුතුය (නදී)
පහත් තැනින් යයි ගලා ජලේ , කෝ ඔය ඕඩර් දීපු අය (නදී)
හරියටම හරි මම කිව්වනේ ඔය දැන් එලිවෙන්නේ. පොලිස්කාරයෝ බහුතරයක් වැඩකරන්නේ තමන්ට ජරාව ලැබෙන විදියට (නදී)
මේක හොඳ පාඩමක් පොලිසියට.(හේ)