මන්නාරම පාපන්දු ලීගයේ විරෝධය නොකතමින් එහි නිලවරණය (2013-15) පැවැත්වීට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගෙන ඇති තීරණය පිළිබඳව මන්නාරම පාපන්දු ලීගය කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ. එසේ වුවත් නිලවරණය යොදාගත් පරිදි හෙට (21) පැවැත්වෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මන්නාරම පාපන්දු ලීගයට දැනුම්දී ඇතැයිද වාර්තා වේ.
පාපන්දු සම්මේලනයේ තීරණය අනුව මන්නාරම පාපන්දු ලීගයේ නිලවරණය (2013-15) හෙට පෙරවරු 10.30ට මන්නාරම තරුණ කි‍්‍රස්තියානි ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මෙම නිලවරණය කැඳවීමට පාපන්දු සම්මේලන ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් විරෝධතා ගොනුකළ එහි හිටපු සභාපති ඇන්ටන් පිගුරාඩෝ මහතාද යළිත් සභාපති ධුරය සඳහා නාමයෝජනා බාරදී තිබේ.
පාපන්දු සම්මේලනයේ ලේකම් ධුරයේද කලකට පෙර කටයුතු කළ මන්නාරම පාපන්දු ලීගයේ හිටපු ලේකම් ඇන්ටන් තංගේෂ්වරම් මහතාද මන්නාරම පාපන්දු ලීගයේ සභාපති ධුරය සඳහා මෙවර නාමයෝජනා බාරදී ඇතැයි වාර්තා වේ. පාපන්දු සම්මේලනයේ ඉල්ලීමක් පරිදි ඔහු අවසන් මොහොතේදී නාමයෝජනා බාරදී තිබෙන බවත් වාර්තා වේ.
මන්නාරම පාපන්දු ලීගයේ නිලවරණය සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන ආරාවුලට හේතුවී ඇත්තේ එහි කී‍්‍රඩා සමාජ 8ක් සහභාගී කර ගනිමින් එහි එක් පාර්ශවයක් ‘මන්නාරම පාපන්දු ලීගය’ යනුවෙන් හඳුන්වා ගනිමින් නිලවරණය පැවැත්වීට කළ උත්සාහයක් බවද දැනගන්නට ඇත. එහිදී සභාපති ධුරයට පත්වූ බව කියන ඇන්ටනි දේවින්ද්‍රන් මහතා හෙට පැවැත්වෙන නිලවරණයේදී මන්නාරම පාපන්දු ලීගයේ ලේකම් ධුරයට නාමයෝජනා බාරදී තිබේ.
කෙසේ වුවත් ව්‍යාජ මන්නාරම පාපන්දු ලීගයක් පිහිටුවා ඇතැයි කියමින් එහි සභාපති පිගුරාඩෝ මහතා පාපන්දු සම්මේලනයට පැමිණිලි කර තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් නොපවත්වමින් මන්නාරම පාපන්දු ලීගයේ නිලවරණය කැඳවීමට පාපන්දු සම්මේලනය ගෙන තිබෙන තීරණයට ඔහු විරෝධය පළ කර සිටී.
මන්නාරම පාපන්දු ලීගයේ සභාපති ධුරය දරමින් සිටියදී තමන්ට නොදන්වා නිලවරණය කැඳවීමත් තමන්ගේ පැමිණිල්ල ගැන විභාගයක් කිරීමට උනන්දු නොවීමත් ගැන ඔහු දැඩි ලෙස පාපන්දු සම්මේලනයට විරෝධය පළකළ බවද මන්නාරම පාපන්දු ලීග ආරංචි මාර්ග සඳහන් කරයි.
ව්‍යාජ පාපන්දු ලීගයක් මන්නාරමේ පිහිටුවීමට ගත් බව කියන උත්සාහය ගැන මන්නාරම පාපන්දු ලීගය මන්නාරම දිසාපති සරත් රවීන්ද්‍ර මහතාට ලිඛිතව පැමිණිලි කර තිබෙන අතර එහිදී අර්බුදයට මැදිවී සිටින දෙපාර්ශවය කැඳවා සාකච්ඡ කිරීමට ගත් උත්සාහයද එක් පාර්ශවයක් නොපැමිණීමෙන් අසාර්ථක වූ බවට තොරතුරු හෙලිවේ.
එයින් පසු මන්නාරම දිසාපතිවරයා ඒ සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේ අවධානය යොමුකර සිටි බවද වාර්තා වේ.
මන්නාරම පාපන්දු ලීගයේ හිටපු සභාපතිවරයාගේ පැමිණිල්ලට අනුව කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පාපන්දු සම්මේලනයෙන් කරුණු විමසීමක් කරතිබේ. මන්නාරම පාපන්දු ලීගයේ කී‍්‍රඩා සමාජ ගණන 21 කි. ඉන් 18 ක් හෙට නිලවරණයට සහභාගී වන බවද වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මන්නාරම පාපන්දු ලීගයේ නිලවරණය පැවැත්වීමට හිටපු සභාපතිවරයාගෙන් කී‍්‍රඩා ඇමතිට විරෝධතාවක්