IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මන්නාරම මිනීවළ පැරණි සුසානයක්‘

මන්නාරමේ සමූහ මිනී වළකයි ලෙස සැකකරමින් කැණීම් සිදුකළ ස්ථානය පැරණි සුසාන භූමියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ස්ථානයේ සිරුරු තැන්පත් කැර ඇති ආකාර, පස් ස්ථර සැකැස්ම හා ලැබී ඇති අවශේෂ පරීක්ෂා කිරීමෙන් පසු මෙම නිගමනයට එළඹීමට හැකිවූ බැවින් එහි කැණීම් ඊයේ (06* සිට නවතා දැමූ බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කැණීම් සිදුකැරිණි. පුරාවිද්‍යා කැණීම් නිලධාරී ඒ.ඒ.විජේරත්න මහතාගෙන් අප කළ විමසුමක දී ඒ මහතා කියා සිටියේ මෙතැන වළ දමා ඇති සිරුරු කිසියම් අභිචාරී ක‍්‍රමයකට අනුව වළ දමා ඇති බවයි. එමෙන්ම පස් තට්ටු පරීක්ෂා කිරීමේ දී එක් එක් සිරුරක් සඳහා වෙන වෙනම වළවල් කපා මිහිදන් කැර ඇති බවට සාක්ෂි සොයා ගත හැකි වූ බව ද ඒ මහතා පවසයි.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ විවිධ කාල වල දී මිහිදන් කැර ඇති මේ සිරුරු වසර 50ත් 60ත් අතර කාලයක් පැරණි බවයි. එහි හමුවන ඇතැම් සිරුරු වසර 100ට වඩා පැරණි බව ද ඔවුහු පෙන්වා දෙති.
මේ සිරුරු තැන්පත් කරන කාලයේ දී සිරුරු පෙට්ටිවල බහා තැන්පත් කිරීමේ සිරිතක් ඒ අවට පදිංචිකරුවන් අතර නොතිබෙන්නට ඇති බවත් පුරාවිද්‍යාඥයන්ගේ අදහස වී ඇත.
කෙසේ වෙතත් 1936 සහ 1937 වර්ෂවලදී වියළි කලාපය පුරා පැතිරී ගිය මැලේරියා වසංගතයෙන් මියගිය පිරිසකගේ සිරුරු මේ ස්ථානයේ තැන්පත් කැර තිබේ ද යන්න පිළිබඳවත් අවධානය යොමුවී තිබේ.
මන්නාරම මාන්තෙයි මන්සන්ධියේ සිට මන්නාරම, තිරුකේදීශ්වරන් දක්වා ජල නළ පද්ධතියක් ඉදිකරනු ලැබූ සේවකයන් පිරිසකට පසුගිය දෙසැම්බර් මස 20දා පළමු වතාවට මිනිස් ඇට සැකිළි හමුවී තිබිණි. ඉන් අනතුරුව මන්නාරම මහේස්ත‍්‍රාත් ආනන්දි කනගරත්නම් මහත්මියගේ නියෝගයෙන් සමූහ මිනී වළේ කැණීම් ආරම්භ කැරිණි. කැණීම් සිදුකරන අතුරතුර ඒ සඳහා පුරාවිද්‍යාඥයන්ගේ ද සහය ලබා ගැනිණි. මේ වනවිට එම ස්ථානයේ තිබී මිනිස් සිරුරු 84ට අයත්යැයි සිතිය හැකි අස්ථි කොටස් හමුවී ඇත.
පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තාව ඉදිරි දිනක දී අධිකරණයට භාර දීමට නියමිතය.

 



අදහස් (0)

‘මන්නාරම මිනීවළ පැරණි සුසානයක්‘

ජයතිලක Friday, 07 March 2014 10:21 AM

පැරණි සුසාන් භූමියක් වුනානම්, අඩු වශයෙන් අක්කර ගණනක එය පැතිර තිබිය යුතුයි.එතකොට මේ හාරපු සමුහ මිනි වලත් අක්කර ගානක් විශාලද ? ඩි එන් ඒ තාක්ෂනය යොදා ගත්තා නම්, මේ අස්ථි කොටස් යුද සමයේ අතුරුදහන් වූ සොල්දාදුවන්ගේදැයි සොයා ගන්න තිබුණා (අ)

:       0       0

ඉන්දික Friday, 07 March 2014 10:38 AM

පිටබැද්දර ජයා, දැන් ප්‍රමාද වැඩියි. මේවා ජිනිව වලට ගෙනිහිල්ල ඉවරයි. සමහරවිට ඒගොල්ලෝ ඒ බව දැනගෙන ඉන්නත් ඇති. ඒත් මේ වෙලාවේ ඒ වගේ දෙයක් වටිනා හින්ඳා සද්ද නැතුව ඉන්න ඇති.(නදී)

:       0       0

මුණසිංහ Saturday, 08 March 2014 08:08 AM

මේවා සොයාගන්න මෙතරම් ප්‍රමාද ඇයි? ප්‍රමාදය තමා පසුතැවිල්ලට හේතුවෙලා තියෙන්නේ. අපේ රටේ රාජ්‍ය නිලධාරීන් මීට වඩා කාර්යක්ෂම නම් මෙතරම් ගැටළු නැහැ නේද?(දිල්)

:       0       0

සරත් Friday, 07 March 2014 11:35 AM

දාන කොමෙන්ට් හැටියට සත්‍යා කියන්නේ සියල්ල දත් පණ්ඩිතයෙක්. මන්නාරමටම ගිහින් ඕක බලලා තීරණයක් අරන් දෙන්නකෝ. බක පණ්ඩිතයෝ හිටියහම ඒ-දණ්ඩක තියා පරකවත් යන්න බැහැ.(නදී)

:       0       0

මනෝජ්-සාජා Friday, 07 March 2014 01:18 PM

සත්‍යා කියන දේවල් ගණන් ගන්න එපා. සරත් .දාන කොමෙන්ට් වලින්ම තේරෙනවා එයා ගේ තරම.(නදී)

:       0       0

නීලා Friday, 07 March 2014 02:45 PM

ලංකාවේ සොහොන් ගැන විස්තර පල කරනකොට රටේ විතරක් නෙමෙයි ලෝකේ මිනිස්සුත් කුලප්පු කරනවා. ජිනිවා කට්ටියට මිනිසුන්ගේ ඇටකටු පෙන්නන බැරිව ඉන්න වෙලාවේ ,මේ කතන්දර එලියට දාන්න කලින් ටිකක් හොයල බලන්න තිබුනා නේද? (නදී)

:       0       0

නෙසන් Thursday, 06 March 2014 08:34 PM

මොකක් හරි බොරුවක් කරන්න සැරසෙනවදෝ කියල මට නම් හිතෙනවා. (දිල්)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 06 March 2014 09:56 PM

සුසාන භූමියකුත් වෙන්න ඇති ඒත් කට ඇරුණු මිනී වලලනවද?. (නදී)

:       0       0

සත්‍යයා Friday, 07 March 2014 04:23 PM

බොරුව මිනීවලේ උඩට එද්දී සත්‍යයා ඔය පස් යටම වලලා දමන්න. ඒ සත්‍යයා කවදා හෝ නැවත ඉපදී ජීවමානව දර්ශනය වේවි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 07 March 2014 06:27 AM

මදැයි ඔයින් ගියා නැත්නම් මානව කට්ටියට හොද්ද බොර කරගන්න තිබුන ලංකාවට විරුද්දව.(නදී)

:       0       0

රුවන් Friday, 07 March 2014 06:57 AM

තව පොඩ්ඩෙන් හාන්සි තමා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2038 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2177 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2732 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5785 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1882 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6513 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18436 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site