මන්නාරමේ සමූහ මිනී වළකයි ලෙස සැකකරමින් කැණීම් සිදුකළ ස්ථානය පැරණි සුසාන භූමියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ස්ථානයේ සිරුරු තැන්පත් කැර ඇති ආකාර, පස් ස්ථර සැකැස්ම හා ලැබී ඇති අවශේෂ පරීක්ෂා කිරීමෙන් පසු මෙම නිගමනයට එළඹීමට හැකිවූ බැවින් එහි කැණීම් ඊයේ (06* සිට නවතා දැමූ බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කැණීම් සිදුකැරිණි. පුරාවිද්‍යා කැණීම් නිලධාරී ඒ.ඒ.විජේරත්න මහතාගෙන් අප කළ විමසුමක දී ඒ මහතා කියා සිටියේ මෙතැන වළ දමා ඇති සිරුරු කිසියම් අභිචාරී ක‍්‍රමයකට අනුව වළ දමා ඇති බවයි. එමෙන්ම පස් තට්ටු පරීක්ෂා කිරීමේ දී එක් එක් සිරුරක් සඳහා වෙන වෙනම වළවල් කපා මිහිදන් කැර ඇති බවට සාක්ෂි සොයා ගත හැකි වූ බව ද ඒ මහතා පවසයි.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ විවිධ කාල වල දී මිහිදන් කැර ඇති මේ සිරුරු වසර 50ත් 60ත් අතර කාලයක් පැරණි බවයි. එහි හමුවන ඇතැම් සිරුරු වසර 100ට වඩා පැරණි බව ද ඔවුහු පෙන්වා දෙති.
මේ සිරුරු තැන්පත් කරන කාලයේ දී සිරුරු පෙට්ටිවල බහා තැන්පත් කිරීමේ සිරිතක් ඒ අවට පදිංචිකරුවන් අතර නොතිබෙන්නට ඇති බවත් පුරාවිද්‍යාඥයන්ගේ අදහස වී ඇත.
කෙසේ වෙතත් 1936 සහ 1937 වර්ෂවලදී වියළි කලාපය පුරා පැතිරී ගිය මැලේරියා වසංගතයෙන් මියගිය පිරිසකගේ සිරුරු මේ ස්ථානයේ තැන්පත් කැර තිබේ ද යන්න පිළිබඳවත් අවධානය යොමුවී තිබේ.
මන්නාරම මාන්තෙයි මන්සන්ධියේ සිට මන්නාරම, තිරුකේදීශ්වරන් දක්වා ජල නළ පද්ධතියක් ඉදිකරනු ලැබූ සේවකයන් පිරිසකට පසුගිය දෙසැම්බර් මස 20දා පළමු වතාවට මිනිස් ඇට සැකිළි හමුවී තිබිණි. ඉන් අනතුරුව මන්නාරම මහේස්ත‍්‍රාත් ආනන්දි කනගරත්නම් මහත්මියගේ නියෝගයෙන් සමූහ මිනී වළේ කැණීම් ආරම්භ කැරිණි. කැණීම් සිදුකරන අතුරතුර ඒ සඳහා පුරාවිද්‍යාඥයන්ගේ ද සහය ලබා ගැනිණි. මේ වනවිට එම ස්ථානයේ තිබී මිනිස් සිරුරු 84ට අයත්යැයි සිතිය හැකි අස්ථි කොටස් හමුවී ඇත.
පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තාව ඉදිරි දිනක දී අධිකරණයට භාර දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හරි බොරුවක් කරන්න සැරසෙනවදෝ කියල මට නම් හිතෙනවා. (දිල්)
සුසාන භූමියකුත් වෙන්න ඇති ඒත් කට ඇරුණු මිනී වලලනවද?. (නදී)
මදැයි ඔයින් ගියා නැත්නම් මානව කට්ටියට හොද්ද බොර කරගන්න තිබුන ලංකාවට විරුද්දව.(නදී)
තව පොඩ්ඩෙන් හාන්සි තමා. (නදී)
පැරණි සුසාන් භූමියක් වුනානම්, අඩු වශයෙන් අක්කර ගණනක එය පැතිර තිබිය යුතුයි.එතකොට මේ හාරපු සමුහ මිනි වලත් අක්කර ගානක් විශාලද ? ඩි එන් ඒ තාක්ෂනය යොදා ගත්තා නම්, මේ අස්ථි කොටස් යුද සමයේ අතුරුදහන් වූ සොල්දාදුවන්ගේදැයි සොයා ගන්න තිබුණා (අ)
පිටබැද්දර ජයා, දැන් ප්‍රමාද වැඩියි. මේවා ජිනිව වලට ගෙනිහිල්ල ඉවරයි. සමහරවිට ඒගොල්ලෝ ඒ බව දැනගෙන ඉන්නත් ඇති. ඒත් මේ වෙලාවේ ඒ වගේ දෙයක් වටිනා හින්ඳා සද්ද නැතුව ඉන්න ඇති.(නදී)
දාන කොමෙන්ට් හැටියට සත්‍යා කියන්නේ සියල්ල දත් පණ්ඩිතයෙක්. මන්නාරමටම ගිහින් ඕක බලලා තීරණයක් අරන් දෙන්නකෝ. බක පණ්ඩිතයෝ හිටියහම ඒ-දණ්ඩක තියා පරකවත් යන්න බැහැ.(නදී)
සත්‍යා කියන දේවල් ගණන් ගන්න එපා. සරත් .දාන කොමෙන්ට් වලින්ම තේරෙනවා එයා ගේ තරම.(නදී)
ලංකාවේ සොහොන් ගැන විස්තර පල කරනකොට රටේ විතරක් නෙමෙයි ලෝකේ මිනිස්සුත් කුලප්පු කරනවා. ජිනිවා කට්ටියට මිනිසුන්ගේ ඇටකටු පෙන්නන බැරිව ඉන්න වෙලාවේ ,මේ කතන්දර එලියට දාන්න කලින් ටිකක් හොයල බලන්න තිබුනා නේද? (නදී)
බොරුව මිනීවලේ උඩට එද්දී සත්‍යයා ඔය පස් යටම වලලා දමන්න. ඒ සත්‍යයා කවදා හෝ නැවත ඉපදී ජීවමානව දර්ශනය වේවි. (නදී)
මේවා සොයාගන්න මෙතරම් ප්‍රමාද ඇයි? ප්‍රමාදය තමා පසුතැවිල්ලට හේතුවෙලා තියෙන්නේ. අපේ රටේ රාජ්‍ය නිලධාරීන් මීට වඩා කාර්යක්ෂම නම් මෙතරම් ගැටළු නැහැ නේද?(දිල්)