IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මානප අංකෙ නොකීවැයි ඡන්ද පත්‍රිකාව ඉරලා

(සුමිත් පොතුපිටිය)

ඡන්ද මධ්‍යස්ථාන නිළධාරීන් සමග ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් ඡන්ද පත්‍රිකාව ඉරාදැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

සැකකරු අද පෙරවරු 11 ට පමණ  ඡන්දය ප්‍රකාශ කිරීමට පොතුපිටිය පූජාරාමය විහාරාස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ තිබේ. 

පසුව ඡන්දය සලකුණු කර ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක කණ්ඩායම් නායකයාගේ මනාප  අංකය කාර්ය මණ්ඩලයෙන් විමසා සිට ඇති බව සදහන් වේ.

එහිදී නිළධාරින් එම අංකය දැනුම් දීමට මැලිවීම හේතුවෙන් සලකුණු කල ඡන්ද පත්‍රිකාව ඉරාදමා ඇති බව වාර්තාවේ  .

ඉරා දමන ලද ඡන්ද පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානාධිපතිගේ භාරයට ගෙන තිබේ.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .

වාද්දුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .



අදහස් (2)

මානප අංකෙ නොකීවැයි ඡන්ද පත්‍රිකාව ඉරලා

බද්රානි Thursday, 14 November 2024 03:03 PM

මේක කාර්ය මණ්ඩලය උගුලකට හසුකර ගැනීමට යෙදූ උප්පර වැට්ටියක් (උපක්‍රමයක්)... පිළිතුර පටිගතකොට ඒ නිලධාරීන්ව ගැටලුවකට පත්කිරීම තමයි අරමුණ... තව පිරිසක් මේ පිටුපස සිටිය හැකියි.. කරුණාකර මේ ගැන විධිමත් පරීක්ෂණයක් කොට මේ පුද්ගලයාට නිසි දඬුවම් ලබාදෙන්න.

:       0       11

kasun Thursday, 14 November 2024 05:15 PM

දැන් මොකක්ද මෙතන වැරැද්ද? මේ රජයේ නිලධාරීන් කියන අයගෙන් වැඩි හරියක් කරන්නේ නිකන් ඉන්න එක. ඡන්දෙ දාන්න ආවේ නැතිනම් මේ මොකුත් නැහැ අර මනුස්සයාට. ඇවිල්ලා අන්තිමට මේ රජයේ නිලධාරීන්ගේ මානසික ලෙඩ නිසා පොලිසියේ යන්නත් ඕනෑ. මේවා විකාර...

:       7       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2117 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 627 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1075 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 943 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 697 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2123 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site