රත්නපුර නගර මධ්‍යයේදී ප්‍රසිද්ධියේ තමන්ට අමානුෂික අන්දමින් පහරදුන් බව කියන රත්නපුර පොලිස් සැරයන්ගෙන් රුපියල් කෝටි 5 ක වන්දි ඉල්ලා දෙදරු මවක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන් ප්‍රසන්න තිසේරා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නේය.
මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරිණි.
මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා මෙම දෙසැම්බර් 18 වැනිදින අධිකරණය හමුවේ කැඳවන ලෙසද නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පොලිසිය මෙහෙම ගහපු එකත් මම අනුමත නොකරමි." ඔන්න ඔච්චාරයි අපට දාගන්න ඕනා. එම ගැහැණිය කුණුහරප කීවා කියන එක කල්පිතයක් පමණයි. නමුත් ගහන හැටි අපි දැක්කා. කුණුහරප කීවා නම් නීති මගින් කටයුතු කරන්න නැතුව පොලිස්කාරයෙකුට මිනිසුන්ට ගහන්න කියල ලෝකේ කිසිම රටක ඉඩ දීල නැහැ. "ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නේය" මෙතනිනම පෙනෙනවා මෙතන නඩුවක් තිබෙන බව. (නදී)
ඔය කාන්තාව ඔය කියන තරම් නරක කෙනෙක් නෙමෙයි. දරුවන්ට කිරිපිටි ගන්න ඉඳලා හිටලා සාධාරන ගණනක් හොයාගන්නවා. (නි)
ඇයත් මනුස්ස දුවක්. අපේ රටේ පොලිසිය හැසිරෙන්නේ හරියට බෝධිසත්වයෝ වගෙයි. (නි)
ඕකෙන් නරක පුර්වාදර්ශයක් නේද රටට දෙන්නේ? දැනට ඔය රැකියාව කරගෙන යන අනිත් ගැහැණුන්ටත් උඩගෙඩිදීමක් වගෙයි නේද? දැන් බයක් සැකක් නැතුව වැඩේ කරගෙන යයි.දුප්පත්කමට ගැහැණුන්ට කරන්න ඕනෑතරම් රැකියා තිබෙනවා. (නි)
ජීවත්වෙන්න මිනිස්සු කරන දේවල්! ඇයි මෙහෙම වෙන්නේ? පළාතේ ප්‍රභූවරුනි, පාරට බැස රටතොට ගැන සොයා බලන්න. (නි)
බමුණු හරි. මේ කාන්තාවගේ වෘත්තීය දෙස පමණක් බලන ඊනියා 'සදාචාරවාදීන්' පොලිසියෙන් සාමාන්‍ය ජනයාට පහරදීම වක්‍රව අනුමත කරනවා. තමන්ගේ මුලික අයිතීන් කඩකළාට කමක් නැහැ කියලා පිළිගන්න මෙවැනි අය වෙන රටවලත් ඉන්නවද මන්දා. (නි)
අපි නම් වීදිකත කියන්නේ නීතිගරුකව වීදිය ප්‍රයෝජනයට ගන්නා ගරුකටයුතු කාන්තාවන්ටයි (නි)
මෙම කාන්තාව මෙම රැකියාව නොකරන්නට මෙහෙම දෙයකට සම්බන්ධ වන්නේ නැහැ. (නි)
සමහර කට්ටියට නම් මේ වගේ ගැහැණු ලොකුකම් පෙන්වන බව අපි දන්නවා. අනේ අපිට නම් එහෙම නැහැ. (නි)
කාන්තාවන් වෙනුවෙන් අපි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට කටයුතු කරමු. (නි)
පොලිස් සැරයන්ට මේ කෝටි 5 ගෙවුවට පස්සේ මොනවා වෙයිද? දෙවියනේ! පොලිස් පඩියෙන් පුලුවන්ද කෝටි 5ක් ගෙවන්න? (නි)
බමුණු කොහොමත් වීදි කතුන්ගේ පැත්තේ තමයි. බමුණුලාට නඩු ලැබෙන මෙයාලා තරහ කරගන්න පුලුවන්ද? (නි)
අනේ අනිච්චන්, මේ අය කතාකරන්නේ මේ වෘත්තියේ යෙදිලා ඉන්නේ මේ කාන්තාව පමණයි වගේ. අම්බපාලි ලෙවල් එකේ කාන්තාවන් මේ රටේ කොච්චර ඉන්නවද? කාන්තාවන්ට අපහාස කරන්න එපා (නදී)
මොන පිස්සුද? ඔය නඩුව විසිවෙලා ඔය දුප්පත් කාන්තාවට රත්නපුරෙනුත් පැනලා යන්න වෙයි? විත්තිය විතරක් ගන්න අඩි හප්පන ගෝරනාඩු කරන පෙරකදෝරු මහත්තයෙක් ඇල්ලුවහම හරි. හරස් ප්‍රශ්ණ අහලා ඔය කාන්තාවගේ කටින්ම ඕන දේ කියවා ගන්න ඒ ගොල්ල දන්නවා. (නදී)
පිටිගල මහත්තයෝ..බය වෙන්න එපා උදුල්ට සහයට බමුණු ඉන්නවා. විදි කත ගොඩම තමයි. හැබැයි දෙන්නටම ඉස්පිරිතාලේ නතර වෙන්න වේවි නඩුව ඉවර වෙන කොට. (නදී)
සැරයන්ට කොහෙන්ද එච්චර මුදල්? (නි)
මේ ගුටිකාපු සහෝදරිය නීතිවිරෝධීව වැඩක් කළා නම් ඒකට නීත්‍යානුකූල ලෙස දඬුවම් දෙන්න ඕනෑ. (නි)
ගණිකා වෘත්තිය දුප්පතාට පොහොසතාට කියා වෙන් කරන්න බැහැ. වරදට දඩුවම දියයූතූයි.පිරිමින් ගණිකාවන් සොයන නිසයි අද සමාජයේ ගණිකාවන් වැඩිපුර බිහිවෙලා ඉන්නේ. (නි)
මිණිපුර හැමෝම දන්නවා ඔය කාන්තාව ගැන. දැඩි දඩුවම් දෙන්න ඕනෑ. (නි)
මෙම ප්‍රතිචාර නිසා යහපත් ප්‍රතිපලයක් ලැබෙනවද? (නදී)
ඒ කාන්තාවගේ රැකියාව මොකක් වුණත් පොලිසියේ මහත්තයා මේ කළ දේ අනුමත කරන්න බැහැ.(හේ)
ගණිකා වෘතිය නීතිගත කළා නම හොඳයි. වීදිකත මේ විදියට ඉල්ලන්නේ කළු සල්ලි කාරයෝ පස්සෙන් ඇති. (නදී)
මෙහෙම වන්දි ඉල්ලන එක හොඳයි. එතකොට මිනිස්සු දැනුවත් වෙනවා. පොලිසියත් ටිකක් හරි හැදෙනවා. එහෙම නැත්නම් පොලිසියේ සමහරු හිතාගෙන ඉන්නේ, එයාලට වැඩිය ලොක්කෝ නෑ කියල. හොරුන්ට, කුඩුකාරයන්ට, පාතාලයන්ට හොදට මහත්තුරුන්ට වගේ සලකල දුප්පත් අහිංසකයන්ට පාට් දමනවා. (නදී)
ගුටි කෑ කතගේ රැකියාව මෙතනට මොකටද? මෙතන සිදු උනේ කාන්තාවකට ප්‍රසිද්දියේ ගහපු එක. එතනයි ප්‍රශ්නය නැතුව එම කාන්තාවගේ රැකියාව නොවෙයි. හොදයි එම රැකියාව අනික් රටවල වගේ නීති ගත කර තිබුනා නම්. (නදී)
ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය." එහෙනම් අනික් අයගේ කතා වලින් වැඩක් නැත. (නදී)
කව්ද දන්නේ නැ උදව්කරන්නේ නඩුවට බය වෙන්නෙපා කාට කටත් සේවා ලාබාදී සතුටු කරෛනේ (අ)
ලෝකයේ ප්‍රථම පුරුෂයා සහ කාන්තාව තහනම් ගහේ ගෙඩි කාපු දවසේ ඉඳලනේ ලෝකයේ පරණම වෘත්තීය පටන් ගත්තයි කියන්නේ. එක නවත්වන්න හරි අවසරදෙන්න හරි නීති ගෙනාවට වැඩක් නැහැ. තහනම් ගහ කපල දාළ වවන එක නීති විරෝධී කරන්න ඕනා. (නදී)
ඉතාම හොඳ නියෝගයකුයි අධිකරණයෙන් දීල තිබෙන්නේ. නිතිය අතට අරගෙන ක්‍රියා කළ එක නීච පොලිස් කාරයෙකු නිසා පොලිස් පති තුමා හෝ පොලිස් දෙපාර්තමේන්තුවම වග උත්තර කරුවන් විය යුතු නැහැ. මේ පොලිස් නිලධාරියා කිසිසේත් පොලිසියට සුදුස්සකු ද නොවේ. (නදී)
මේ රටේ නීතියක් තියෙනවා. එහෙම මිනිස්සුන්ට ගහන්න බෑ. එහෙම බලහත් කාරකම් කරන්න පුලුවන්ද. ඔය කාන්තාව ඔය තත්වයට වැටෙන්න හේතු මොනවද කියල බලන්න ඕනේ. දුප්පත් කම හෝ නුගත් කම නම් ඒවා නැති කරන්න ඕනේ. (නදී)
මෙතන කවුරුත් කියන්නේ නැහැ. මෙම කාන්තාව ප්‍රසිද්දියේ කුණුහරුප කියමින් නගරයේ හැසිරෙන ආකාරයත්, ප්‍රසිද්දියේ පොලිස් නිල නිලාදරියට කුණුහරුපෙන් කතා කල එකත්, පොලිසිය මෙහෙම ගහපු එකත් මම අනුමත නොකරමි. එහෙත් මේ කතටත් නිසි දඬුවම් ලබා නොදුන්නොත් විදි කතුන් ඉබේම නීති ගත වනවා. දරුවන් සිටින වැදගත් දෙමව්පියන් මෙය අනුමත කරන්නේ නැහැ (නදී)
කෝටි 5 කෙසේ වෙතත් ජිවත් වන්නට සෑහෙන මුදලක් ලබාදී , මිහිපුර වීදී කතගේ දෛනික රැකියාව නතර කර , මිහිපුර වැසියන් සහ පාසල් ළමුන් බේරා ගැනීම ලොකු දෙයක්.(හේ)
මෙයා කෝටි පහක් අරන් ඡන්දේ ඉල්ලයිද දන්නේ නෑ.(හේ්)
කතටද දඬුවම් කරන්න ඕනෑ. දුප්පත් කම කියල ඔය රස්සාව කරන එක වැරදිනේ. සමාජ පිළිල (අ)
ඡන්දෙට වියදමට ගානක් හොයාගන්න වගේ ඉදුල් මහත්තය හදන්නේ..එත් බලාගෙන ..නරක ලෙඩ තියෙන්න පුළුවන්.. ඔය කට්ටිය විශ්වාස නැහැ..(අ)
වල් ගෑනුන්ට ගහන්න ඕන ඔහොම නෙමේ මඩු වල්ගෙන් මේ රාළහාමිට උසස් වීමක් දිය යුතු වැඩක්.(අ)
බමුණු ගේ අදහසට එකඟ වෙමි.තවද රත්නපුර පොලිසියට සහයට ත්‍රී වීල් රියදුරන්ගේ උද්ගෝෂණය මෙහෙය වුයේ පොලිසියම තමයි.ඒ වගේම මෙතන එම කාන්තාවගේ රැකියාව අවශ්‍ය නැත.ස්වයං පෝෂිත රටක කාන්තාවන් මේ වැනි රැකියාවන් කරන්නේද නැත. (අ)
මෙවෙනි සිද්දි ඇතිනොවෙන්න ගණිකාවන්ට එරෙහිව තද නීති හදන්න ඕන පාර්ලිමේන්තුවේ අය කැමති නැ වගේ රුපියල් පනහ වෙනුවට ලොකු දඩුවමක් දෙන්න මොකද එයාලත් නිතර ඔය පොට් වල ඉදල හම්බ වෙනවනේ එක හන්ද ඔය ගැණු ඉන්නේ හරි ලොකු කමකින් (අ)
මේ සිද්ධියේදී මෙම කාන්තාව වීදි කත හැටියට හැඳින්වීම සදාචාරාත්මකද.මෙතන ප්‍රවෘත්තිය වන්නේ ඇය වීදි කතක් වීම නොවේ. (අ)
රත්නපුරේ වීදි කත, කොළඹ ජිනා මැඩම්. පුදුම රටක් දේශපාලකයෝ හොරෙන් හොරෙන් රිංගන තැන්වල මැඩම්ලා එදා වේල සරිකරගන්න දුප්පත් මිනිස්සු විදියේ ගණිකාවෝ. දුප්පත් උවත් ඇයත් අපේම සහෝදරියක් (නදී)