(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මනමේ නාට්‍ය කණ්ඩායම අතර හමුවක් කොළඹ පස්වන පටුමග නිවසේදී අද (24)පස්වරුවේ පැවැත්විණි.

මහාචාර්ය එදිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයට වසර 70ක් පිරීම නිමිත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනයකට අනුව මනමේ නාට්‍ය කණ්ඩායම එම නිවසට පැමිණියහ. එහිදී මනමේ නාටකයේ ගීත ගායනා සහ රඟ දැක්වීමි ද සිදුකෙරිණි.

ලලිතා සරච්චන්ද මහත්මිය ඇතුළු මනමේ නාට්‍ය කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සමුගත්තේ සෙල්ෆි ඡායාරූපයකට ද පෙනී සිටීමෙන් අනතුරුවයි.