
(අංජුල මහික වීරරත්න)
බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් එන්නත් (මිනිස්) බීපී 1,000 අයියූ, මිලිලීටර 10 (30% ද්‍රාව්‍ය 70% අයිසෝපේන්) වයල් 2,700,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් එන්නත් (මිනිස්) බීපී 1,000 අයියූ, මිලිලීටර 10 (30% ද්‍රාව්‍ය 70% අයිසෝපේන්) වයල් 2,700,000ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 02 ක් ලැබී ඇත.
එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම් වූ එකම ලංසුකරු වන M.J. Biopharm Private Limited, (Manufacturer: M.J. Biopharm Pvt Ltd., India) වෙත පිරිවැය හා ගැල් කුලී මිල ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් මිලියන 4.293 ක මුදලකට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd