IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මනම්පිටිය වැලි සමාගම කම්කරුවෝ වටලති

 

(මනම්පිටිය නිමල් ජයරත්න)

මනම්පිටිය වැලි මංකඩලාභින් සහ ටිපර් රථ හිමිකරුවන් මෙන්ම වැලි ගොඩ දමන කම්කරුවන් පිරිසක් අද( 23 ) මනම්පිටිය වැලිගොඩ දමන පෞද්ගලික සමාගමේ කාර්යාලය තුළට ඇතුල්වී එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා පැය හතරක පමණ කාලයක් කාර්යාල අඩස්සියටගෙන වැලි මංකඩලාභීන් සහ කම්කරුවන් විරෝධතාවකවක නිරත වූහ.

පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ පාරම්පරිකව වැලි ගොඩදමන මංකඩලාභීන්ගේ වැලි කැණීම් බලපත්‍ර හතරක් දැනුම් දීමකින් තොරව, නීති විරෝධී අයුරින්, එක් බලපත්‍රයකට රුපියල්  ලක්ෂ විසිපහ බැගින් ගෙන පිටස්තර පුද්ගලයින් සිව්දෙනෙකුට ලබාදී ඇති බවට පවසමින් ඔවුහු මෙලෙස විරෝධතාවේ නියැලුණහ.

වැලි කැණීම් බලපත්‍රයක් පවුලේ කෙනෙකුට හෝ ඥාතියෙකුට පැවරීම හැරුණු කොට වෙනත් අයෙකුට පැවරීම තහනම් කර තිබිණි.

ඒලෙස තිබියදී  වැලි සමාගමේ ප්‍රධාන විධායක කළමනාකාරවරයා සහ තවත් නිළධාරීන් කිහිප දෙනෙකු එක්ව පසුගිය 18 වැනිදා තම සාමාජික සිවුදෙනෙකුගේ වැලි කැණීම් බලපත්‍ර ආරක්ෂක අංශයේ සහ දේශපාලන හිතවතුන්ට ලබාදී ඇති බවත්, එය නීතිවිරෝධී බවත්, එය වහාම අත්හිටුවා තම සාමාජිකයන්ට යළි වැලි කැණීම් බලපත්‍ර ලබාදීමට කටයුතු කර ලෙසද විරෝධතාකරුවෝ මෙහිදී සඳහන් කළහ.

ප්‍රධාන විධායක නිලධාරීවරයාට කාර්යාලයෙන් එළියට යෑමට ඉඩ නොදී වැලි කම්කරුවන් වැලි මංකඩලාභීන්  මෙන්ම ටිපර් රථ රියැදුරන් කාර්යාලයේ බිම වාඩි සිටින අවස්ථාවේදී එය තරමක් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූහ.
පසුව මනම්පිටිය පොලිසිය මැදිහත්වී ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ විරෝධතාකරුවන් සමග සාකච්ඡාවකින් අනතුරුව     පිටස්තර සිව්දෙනාට ලබාදී ඇති වැලි කැනීම් බලපත්‍ර වහාම අත්හිටුවා, වැලි කැණීම් බලපත්‍ර සාමාජිකයන් සිව්දෙනාට යළිත් වරක් ලබාදෙන ලබාදෙන බවට දුන් ලිඛිත පොරොන්දුවක් සමග විරෝධතාවය අවසන් වූහ.


 



අදහස් (2)

මනම්පිටිය වැලි සමාගම කම්කරුවෝ වටලති

Mahasen Monday, 23 October 2023 03:30 PM

පව් අහිංසක කම්පැනි කාරයෝ කීයක් හරි හොයා ගන්න හිතුවා විතරයි

:       0       3

Athula Monday, 23 October 2023 10:34 PM

රටම දුෂණයෙන්... නොදකින් මේ තක්කඩි එළවන්න වරෙල්ලා යකෝ...! බොරුවට ඔහොම එකඑක ප්‍රශ්න අරගෙන කාර්යාල ගානේ ගිහින් ඵලක් නැහැ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 8 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 137 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 206 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


සුදු සීනි තොග මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 10 193 0

පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.


හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 494 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER නිල වශයෙන් පිළි ගනී
2024 ඔක්තෝබර් මස 10 159 0

ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39770 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 69 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1248 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site