අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කළ චෝදනාව අනුව ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරීන් ගියේ කුමන මිනීමරුවකුගේ නිවසකටදැයි හෙළි කරන ලෙස දන්වමින් ගම්පහ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා ඛනිජ තෙල් ඇමති සරණ ගුණවර්ධන මහතාට ලිපියක් යවා ඇත.
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සහ පළාත් අධ්‍යාපන ලේකම්ටද එම ලිපියේ පිටපත් යවා ඇතැයි කලාප අධ්‍යාපන කාර්යාලයයේ ආරංචි කියයි.
පසුගිය සදුදා පැවැති අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා පැවසුවේ ගම්පහ අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරීන් තිදෙනකු මිනීමරුවකුගේ නිවසට ගොස් ඇති බවයි.
එය මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමග ගම්පහ අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරීන් නිවසට ගිය මිනීමරුවා හෙළි කරන්නැයි කියමින් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට එම ලිපිය යවා ඇත.
ගම්පහ කලාපයෙන් කරන කොහොඹාකංකාරිය ශාන්ති කර්මයක් පැවැත්වීමට නියමිත බවත්, ඊට සහයෝගය දැක්වීමට කැමැති ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ නිවසට තමා ගිය බවත්, නමුත් මිනීමරුවකුගේ නිවසකට තමා නොගිය බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ යැවූ ලිපියේ සඳහන්ය.
අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරීන් මිනීමරුවකුගේ නිවසකට ගියේ නම් ඒ මිනීමරුවා හෙළි කරන ලෙස දන්වා ඇති කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එය තමාගේ ඉදිරි කටයුතු පහසු කිරීමට හේතු වනු ඇතැයි ද සඳහන් කර ඇත.
මේ ගැන කළ විමසීමකදී ඛණිතතෙල් සංවර්ධන ඇමැති සරණ ගුණවර්ධන මහතා පැවසුවේ තමා මේ දිනවල පාර්ලිමේන්තු රැස්වීමවල සහභාගී වන බැවින් එවැනි ලිපියක් නොලැබුණු බවයි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ ලිපිය ලද වහාම මිනීමරුවා කවුදැයි ඔහුගේ මුහුණටම කියන බවත්, මිනීමරුවා ගැන තොරතුරු හෙළි කරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නෙ ෂුවර් එකටම අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා යන්න ඇත්තෙ දේශපාලනඥයෙක් හම්බ වෙන්න. ඒකයි එතුමා නිසැකවම දන්නෙ ටක්කෙටම. (නදී)
''සරණට-අසරණ..සරණයි...බුදු සරණ''---(නදී)
අපිට නම් ඉතින් හිතාගන්න පුළුවන් (නි)
අනේ හොන්දායි දැන් එතකොට මිනීමරුවා දන්නව නම් සාක්කියකට ගන්න පුළුවන්.මිනි මරුවෝ අල්ලන්න මැති ඇමති වරුත්...මාරයි. (අ).
මිදී කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත ? (අ)
දැන් මිනීමරුවෝ නැහැ නේද?ඉන්නේ දේශප්‍රේමීන් නේද?අනෙක් අයගෙන් කවුද හොරා කියා හෝ කවුද මිනීමරුවා කියා විමසීම නිෂ්ඵලය. (නි)
මෙවැනි ජඩ දෙසපළුවන් පත්කරගන්න ජනතාවට මගේ ප්‍රණාමය ..ජයවේව ජනතාවනි ජයවේව.....ඔබේ වටිනා ජන්දය නැවත මෙතුමන්ලටම ලබාදෙන්න ...(අ)
කවුරු ගැනද ඔය කියන්නේ? (නි)
අහවල් කෙනාගෙ ගෙදරට යන්න ඇති (අ)
මෙහෙවත් පොලිසියක් (අ)
පොලිසිය ඉතින් මොනවාද දන්නේ (අ)
අනේ මතකද වවුල් කැලේ. අපේ හොද යාලුවෙක් වුන අයෙකුත්, ග්‍රාමසේවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වීරගුලදී පනපිටින් පුච්චලා දැම්මේ. ඒවා කරපු අයට මෙලොවදී පලදෙන්න ඕනේ. නිට්ටඹුවේ වෙළද සමාගමේ සභාපතිව අමු අමුවේ වෙඩි තිබේ කවුද කියල අපි දන්නවා.(නදී)
අලි මදිවට හරක් කිව්වලු .මෙයා කන්නාඩිය බලල තමන්ගේ රුපෙටම රැවටිලා වත් ද ?(දිල්)
අනේ මන්දා?මේ ගොල්ලන්ට ඇමතිකම් ඔරොත්තු දෙන්නේ නැහැ වගේ. එක්කෙනෙක් අතුරුදහන් වෙච්ච මාධ්‍ය වේදියෙක් පිට රටකදී හම්බ උනා කියල පච වෙලා. මේයා මිනීමරූ කතාවක් .ඇදගෙන. මේ කට්ටිය පාර්ලිමේන්තු යැව්වේ මේවා කියා කිය ඉන්නද?. ජනතාවට සේවය කරන්නද? කියල ඒ ගොල්ල තේරුම් ගත්තොත් හොඳයි.(නදී)
මොකක්හරි කරන්නම වෙයි වගේ මේ ප්‍රශ්නය විසඳන්න නම්... (නි)
ඔක්කොම මිනීමරුවෝ වන දිනය වැඩි ඈතක නැහැ. එදාට කවුද මිනීමරුවා කියන ප්‍රශ්නය අහන්නවත් කෙනෙකු ඉතුරු වන්නේ නැහැ. (නි)
අනේ මගේ කට! (නි)
දැන් කියයිද කවුද කියලා? (නි)
මේ ගැන වගකිවයුත්තේ කවුද? (නි)
'අනේ ඔහුත්, වුණේ අසරණ...! වැහි නැතිදා පහත් වෙන සැර,.. ළඟක් බව දැන් පෙනේ අප හට" (නි)
අපිට හිතාගන්න පුළුවන් (නි)
ඉතින් කවුද දන්නේ අධ්‍යාපන නිලධාරීන් ඒ ගෙදරට වැරදිලා ගියාද කියලා? (නි)
ඔබතුමාලට අමතක වුණාට මතක තියෙන කෙනෙකුත් ඇති (නි)
මමත් මේ රජයට සහයෝගය දුන් කෙනෙක්. නමුත් අද මේ රජය නියෝජනය කරන බහුතරයක් තමන් කරන්නේ කියන්නේ මොකක්ද කියලාවත් නොතේරෙන තත්වයට පත්වෙලා ඉන්නවා. අනාගතයේදී දේශපාලනයට සම්බන්ධ වීමට ඉන්න අපේ සිසුන් පවා කරන්නෙත් මේක තමා. මේවා ඔවුන් හිතන්න පුළුවන් මහා ලොකු දේවල් කියලා. නමුත් බුද්ධිමත් ජනතාවට නම්..........? (නි)