IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මිනීමරුවා කවුදැයි ගම්පහ නිලධාරීහු අසති

අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කළ චෝදනාව අනුව ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරීන් ගියේ කුමන මිනීමරුවකුගේ නිවසකටදැයි හෙළි කරන ලෙස දන්වමින් ගම්පහ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා ඛනිජ තෙල් ඇමති සරණ ගුණවර්ධන මහතාට ලිපියක් යවා ඇත.

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සහ පළාත් අධ්‍යාපන ලේකම්ටද එම ලිපියේ පිටපත් යවා ඇතැයි කලාප අධ්‍යාපන කාර්යාලයයේ ආරංචි කියයි.

පසුගිය සදුදා පැවැති අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා පැවසුවේ ගම්පහ අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරීන් තිදෙනකු මිනීමරුවකුගේ නිවසට ගොස් ඇති බවයි.

එය මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමග ගම්පහ අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරීන් නිවසට ගිය මිනීමරුවා හෙළි කරන්නැයි කියමින් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට එම ලිපිය යවා ඇත.

ගම්පහ කලාපයෙන් කරන කොහොඹාකංකාරිය ශාන්ති කර්මයක් පැවැත්වීමට නියමිත බවත්, ඊට සහයෝගය දැක්වීමට කැමැති ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ නිවසට තමා ගිය බවත්, නමුත් මිනීමරුවකුගේ නිවසකට තමා නොගිය බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ යැවූ ලිපියේ සඳහන්ය.

අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරීන් මිනීමරුවකුගේ නිවසකට ගියේ නම් ඒ මිනීමරුවා හෙළි කරන ලෙස දන්වා ඇති කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එය තමාගේ ඉදිරි කටයුතු පහසු කිරීමට හේතු වනු ඇතැයි ද සඳහන් කර ඇත.

මේ ගැන කළ විමසීමකදී ඛණිතතෙල් සංවර්ධන ඇමැති සරණ ගුණවර්ධන මහතා පැවසුවේ තමා මේ දිනවල පාර්ලිමේන්තු රැස්වීමවල සහභාගී වන බැවින් එවැනි ලිපියක් නොලැබුණු බවයි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ ලිපිය ලද වහාම මිනීමරුවා කවුදැයි ඔහුගේ මුහුණටම කියන බවත්, මිනීමරුවා ගැන තොරතුරු හෙළි කරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.



අදහස් (0)

මිනීමරුවා කවුදැයි ගම්පහ නිලධාරීහු අසති

සජී Saturday, 30 November 2013 01:43 PM

කවුරු ගැනද ඔය කියන්නේ? (නි)

:       0       0

සුමනා Friday, 29 November 2013 10:56 PM

ඔබතුමාලට අමතක වුණාට මතක තියෙන කෙනෙකුත් ඇති (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 29 November 2013 11:11 PM

ඉතින් කවුද දන්නේ අධ්‍යාපන නිලධාරීන් ඒ ගෙදරට වැරදිලා ගියාද කියලා? (නි)

:       0       0

සිරා Saturday, 30 November 2013 03:08 PM

මෙවැනි ජඩ දෙසපළුවන් පත්කරගන්න ජනතාවට මගේ ප්‍රණාමය ..ජයවේව ජනතාවනි ජයවේව.....ඔබේ වටිනා ජන්දය නැවත මෙතුමන්ලටම ලබාදෙන්න ...(අ)

:       0       0

කවී Saturday, 30 November 2013 12:55 AM

අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

පී. Saturday, 30 November 2013 01:15 AM

'අනේ ඔහුත්, වුණේ අසරණ...! වැහි නැතිදා පහත් වෙන සැර,.. ළඟක් බව දැන් පෙනේ අප හට" (නි)

:       0       0

ප්‍රමුඛ Saturday, 30 November 2013 04:53 PM

දැන් මිනීමරුවෝ නැහැ නේද?ඉන්නේ දේශප්‍රේමීන් නේද?අනෙක් අයගෙන් කවුද හොරා කියා හෝ කවුද මිනීමරුවා කියා විමසීම නිෂ්ඵලය. (නි)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 01 December 2013 12:10 PM

''සරණට-අසරණ..සරණයි...බුදු සරණ''---(නදී)

:       0       0

දයා Saturday, 30 November 2013 02:36 AM

මේ ගැන වගකිවයුත්තේ කවුද? (නි)

:       0       0

සනී Saturday, 30 November 2013 03:34 AM

දැන් කියයිද කවුද කියලා? (නි)

:       0       0

උපාලි Saturday, 30 November 2013 03:57 AM

අනේ මගේ කට! (නි)

:       0       0

දයා Saturday, 30 November 2013 06:28 PM

මිදී කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත ? (අ)

:       0       0

සත්‍යා Saturday, 30 November 2013 04:36 AM

ඔක්කොම මිනීමරුවෝ වන දිනය වැඩි ඈතක නැහැ. එදාට කවුද මිනීමරුවා කියන ප්‍රශ්නය අහන්නවත් කෙනෙකු ඉතුරු වන්නේ නැහැ. (නි)

:       0       0

ඉන්දු-ලන්ඩන් Saturday, 30 November 2013 04:46 AM

මොකක්හරි කරන්නම වෙයි වගේ මේ ප්‍රශ්නය විසඳන්න නම්... (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 30 November 2013 07:24 AM

අනේ මන්දා?මේ ගොල්ලන්ට ඇමතිකම් ඔරොත්තු දෙන්නේ නැහැ වගේ. එක්කෙනෙක් අතුරුදහන් වෙච්ච මාධ්‍ය වේදියෙක් පිට රටකදී හම්බ උනා කියල පච වෙලා. මේයා මිනීමරූ කතාවක් .ඇදගෙන. මේ කට්ටිය පාර්ලිමේන්තු යැව්වේ මේවා කියා කිය ඉන්නද?. ජනතාවට සේවය කරන්නද? කියල ඒ ගොල්ල තේරුම් ගත්තොත් හොඳයි.(නදී)

:       0       0

සාරසී Saturday, 30 November 2013 09:18 PM

අනේ හොන්දායි දැන් එතකොට මිනීමරුවා දන්නව නම් සාක්කියකට ගන්න පුළුවන්.මිනි මරුවෝ අල්ලන්න මැති ඇමති වරුත්...මාරයි. (අ).

:       0       0

නිමල් Saturday, 30 November 2013 08:52 AM

මම හිතන්නෙ ෂුවර් එකටම අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා යන්න ඇත්තෙ දේශපාලනඥයෙක් හම්බ වෙන්න. ඒකයි එතුමා නිසැකවම දන්නෙ ටක්කෙටම. (නදී)

:       0       0

ලලිත් Saturday, 30 November 2013 09:53 AM

අනේ මතකද වවුල් කැලේ. අපේ හොද යාලුවෙක් වුන අයෙකුත්, ග්‍රාමසේවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වීරගුලදී පනපිටින් පුච්චලා දැම්මේ. ඒවා කරපු අයට මෙලොවදී පලදෙන්න ඕනේ. නිට්ටඹුවේ වෙළද සමාගමේ සභාපතිව අමු අමුවේ වෙඩි තිබේ කවුද කියල අපි දන්නවා.(නදී)

:       0       0

අතුල Saturday, 30 November 2013 11:14 AM

පොලිසිය ඉතින් මොනවාද දන්නේ (අ)

:       0       0

අජ්ත් Saturday, 30 November 2013 11:17 AM

මෙහෙවත් පොලිසියක් (අ)

:       0       0

සෑන් Saturday, 30 November 2013 11:19 AM

අහවල් කෙනාගෙ ගෙදරට යන්න ඇති (අ)

:       0       0

මලී Sunday, 01 December 2013 06:21 AM

අපිට නම් ඉතින් හිතාගන්න පුළුවන් (නි)

:       0       0

වෙලේ සුදා Friday, 29 November 2013 10:08 PM

අලි මදිවට හරක් කිව්වලු .මෙයා කන්නාඩිය බලල තමන්ගේ රුපෙටම රැවටිලා වත් ද ?(දිල්)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Friday, 29 November 2013 10:29 PM

මමත් මේ රජයට සහයෝගය දුන් කෙනෙක්. නමුත් අද මේ රජය නියෝජනය කරන බහුතරයක් තමන් කරන්නේ කියන්නේ මොකක්ද කියලාවත් නොතේරෙන තත්වයට පත්වෙලා ඉන්නවා. අනාගතයේදී දේශපාලනයට සම්බන්ධ වීමට ඉන්න අපේ සිසුන් පවා කරන්නෙත් මේක තමා. මේවා ඔවුන් හිතන්න පුළුවන් මහා ලොකු දේවල් කියලා. නමුත් බුද්ධිමත් ජනතාවට නම්..........? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 851 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 761 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 159 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1031 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 205 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1222 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 142 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site