ලබන මස 15දින සිට දින තුනක් පුරා කොළඹදී පැවැත්වෙන පුදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ 23 වන සැසි වාරය සඳහා ඉන්දියා අගමැති ආචාර්ය මන්මෝහන් සින් මහතා සහභාගී වීමට ඉඩ ඇති බවට මෙතෙක් එළිදරව් වී ඇති ප්‍රබලතම ඉඟිය ඊයේ පකිස්තානු පුවත්පත් වාර්තාවක් මඟින් දැනගත හැකි විය.
එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ පකිස්තානු අගමැති නවාස් ෂරිෆ් පොදුරාජ්‍ය මණ්ඩල සැසිවාරය පවතින අතර වාරයේදී ඉන්දියා අගමැති ආචාර්ය මන්මෝහන් සින් හමුවී වැදගත් සාකච්ඡා වාරයක් පැවැත්වීම සඳහා අවශ්‍ය විධි විධාන සකස්කර ඇති බවයි.
දෙරට නායකයින් කෙටි කාලයක් ඇතුළත සාකච්ඡා වටයකට සහභාගී වන දෙවන අවස්ථාව මෙය වන බව අවධාරණය කරන එම වාර්තාවෙහි උලුප්පා දක්වා ඇත්තේ පකිස්තානය සහ ඉන්දියාව අතර සුහදතාවය වර්ධනය කරගැනීම සඳහා මෙම නායකයින් දෙදෙනාම ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කරන බව පෙනීයන බවයි.
කොළඹ සමුළුවට සහභාගී නොවන ලෙසටඉන්දියානු අගමැතිවරයාට දකුණු ඉන්දියාවේ දේශපාලන ක්‍රියාකාරින් දෛනිකව අතිවිශාල බලපෑමක්එල්ල කරති. මේ හේතුවෙන් වැඩි දෙනා විශ්වාස කරන්නේ ඉන්දියා අගමැතිවරයා කොළඹට පැමිණීමෙන් වැළකී සිටීමට හොඳටම ඉඩ ඇති බවයි.
මෙවැනිම බලපෑමක් එල්ලවුවද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මෙවර සමුළුව සඳහා සහභාගිවීමට තීරණය කළේය. ඔහුගේ තර්කය වන්නේ ශ්‍රී ලංකාවේ සමහර ක්‍රියාකලාප පිළිබඳ ගැටළු ඇති නිසා ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා සමඟ කතා බස් කිරීමට සහ තර්ක කිරීමට ඇති අවකාශය සමුළුවට සහභාගී නොවුවහොත් මඟ හැරී යන බවයි.
සමුළුව සඳහා අමාත්‍ය මට්ටමේ නියෝජනයක් ඇතිවිටෙක රාජ්‍ය නායකයින් හමුවීමට හෝ ඔවුන් සහභාගිවන සාකච්ඡාවලදී කරුණු දැක්වීමටහෝ එවන් නියෝජිත කණ්ඩායම් වලට අවකාශයක් ලැබෙන්නේ නැත.
1991 ඔක්තෝම්බර් මාසයේ සිම්බාබ්වේහි පැවති සැසිවාරයේදී රාජ්‍ය නායකයින් සහභාගිවූ එක් සැසිවාරයකට පැමිණ සිටි එක කණ්ඩායමක නායකත්වය දැරු අමාත්‍යවරයෙක් සිම්බාබ්වේහි මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැඟීමට උත්සාහ කළේය. එවිට සැසිවාරයේ මුලසුන හොබවමින් සිටි සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ එකවරම කිවේ " ඔබ ඔබේ රටේ නියෝජිත කණ්ඩායමේ නායකයා වන්නට පුළුවන්. නමුත් ඔබ ඔබේ රටේ රාජ්‍ය නායකයා නොවේ. මෙතන පවත්වන්නේ පොදුරාජ්‍ය මණ්ඩල සාමාජික රටවල රාජ්‍ය නායකයින් අතර සාකච්ඡාවකුයි. ඇමතිවරයෙකුට සවන්දෙන්න ප්‍රේක්ෂක පිරිසක් මේ සභාවේ නැහැ. එනිසා කටවහගෙන ඉන්න." කියාය.
මුගාබේගේ එම කතාව අසා සිටි රැස්වීමේ සිටි රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකුගේම මුහුණු රතුවූ බව එම රැස්වීම පිලිබඳ එදා පළවූ පුවත්පත් වාර්ථා වල සඳහන් විය.
මෙවන් රාජ්‍ය නායක රැස්වීම්වල ක්‍රියා කාරිත්වය සම්බන්ධ පිළිගත් ක්‍රමවේදයක් ඇත. පකිස්තාන සහ ඉන්දියා අගමැතින් අතර සාකච්ඡාවක් සුදානම් කෙරෙන්නේ එවන් ක්‍රමවේදයන්ට අනුකුලවය. මේ දෙදෙනා ගෙන් එක අයකු හෝ සමුළුවට සහභාගී නොවන්නේනම් එවන් හමුවීමක් පිලිබඳ වැඩපිළිවෙළක් සුදානම් කිරීමේ අවශ්‍යතාවයක් පැනනගින්නේද නැත.
ඉන්දියා අගමැති කොළඹට පැමිණෙන්නේ නැති බවට මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත. පකිස්තාන පුවත්පත් වාර්ථාවේ සඳහන් කරුණු සත්‍ය නොවේ යැයිද කියා දෙරටේ බලධාරීන් කිසිවෙක් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කරද නොමැත.
මෙනිසා එම වාර්තාවෙහි දැක්වෙන කරුණු සත්‍ය පිළිගනිම වරදක් විය හැකි නොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද ...මොහු එන්නේ මොහුගේ වාසියට...මොවුන් පය නොගහන ලෝකය වාසනාවන්...අපිත් ආවම මොවුන්ගේ බෝට්ටු ප්‍රශ්නය ගැන කතා කරන්න ඕන. (ස)
එතුමා ළඟදී චීනයේදී කිව්වලු නේද අනිත් රටවල් ඇතුලේ ඇඟිලි ගහන්න යන්නේ නැහැ කියලා. (නි)
ඉන්දියාව සල්ලි වලින් ඇමරිකාව නටවනවා.ඇමරිකාව කරන්නේ ඉන්දියාවට ඕනෑ දේ.ඇමරිකාවේ ඉන්දියන් මිනිස්සු ගොඩක් ජීවත් වෙනවා.ඔවුන්ගේ ඡන්දය ගන්න ඔවුන් කියන දේ කරනවා. (නි)
ඔය එන කට්ටිය හැමතැනම අරගෙන ගිහිල්ලා අවසන් වෙද්දී, කරකවලා අත්‍හැරියා වගේ තියෙයි (නි)
නිලූ කියූ දේ තමා කරන්න තියෙන්නේ .අපි මොකටද සිංට ඔලුව නමන්නේ? (නි)
මෙහාට එනවා නම් අපේ හාමුදුරුවන්ට උපාසකයන්ට තමිල්නාඩුව පහරදීම ගැන උත්තර දෙන්න ඕනෑ. (නි)
මෙයා දෙපැත්තට වැනි වැනි තාම එනවා කියලා නොකියන්නේ වාසිය කොයි පැත්තටද ඒ පැත්තට වැටෙන්න. එතකොට අනිත් රටවල අයට පේනවනේ අල්ලපු රටත් අපිත් එක්ක නැ කියලා. නොඑන එක අපිට අවාසියි. ඒත් එනවා නම් දැනටමත් කියලා. නාවොත් අපේ රජයට තියෙන්නේ සිංට දැනෙන්න පුලුවන් උපරිම දේ සමුළුවවට සහබාගි වන අනිත් රට වල් වෙනුවෙන් කරන්න..(නදි)
කෙළින් කතා කරන්න බැරි අය ගැන අපිට ලැජ්ජයි (නි)
මන් ඉස්සර සිංට හුඟක් ආදරේ කරා. මොකද සයිඩ් සපෝර්ට් කරාට. දැන් නම් මට එයා කරන වැඩ දිහා බලපුවම චීන චුන් කොච්චර හොඳයිද කියලා හිතෙනවා . කැමරොන් ඇවිත්ල අපේ අහුමුලු අතගන්නේ මොකටද. කරලා තියෙන දේවල් මදිවට (නදී)
මනමොහන් ලංකාවට ආවම මොහනය කරලා අරිමු අපි (නදී)
මානෙන් උදම් වෙලා, මෝහෙන් මුලාවෙලා, ඉන්න හින්ද තමයි මන මෝහන් කියන්නේ. (ස)
පාකිස්තානේ එක්ක කොයි වෙලාවේ කතා කරන්න බැරිද? ඊට වඩා වැදගත් කරුණු කීපයක් තියෙනවනේ මෝහන් සිං අගමැතිතුමාට. හෙට අනිද්දා ඉන්දියාවේ මහා මැතිවරණය. අනික් පැත්තෙන් චීනෙට ඉඩ දෙනවද නැද්ද කියන එක. අපිත් බලාගෙන ඉන්නේ එතුමා රාජ්‍ය තන්තික ඥානය කොයිතරම් උපායශීලිව පාවිච්චි කරනවද කියල දැනගන්න. (නදී)
කවුරු ආවත් නාවත් අපි පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව තියනවා (නි)
රණවිරුවන් ජිවිත පුජාවෙන් ලබාදුන් යුධ ජයග්‍රහණය කිහිප දෙනෙකු නිසා කැත කර ගත යුතු නැත. (නි)
අපේ අයට පුළුවන්නේ කෙළින්ම අහන්න (නි)
මමත් බලාගෙන ඉන්නේ එනකම් හොද දෙකක් කියන්න,(දිල්)
ආවදෙන්කෝ..... (ස)
මම නම් හිතන්නේ නැහැ ඔය බමුණා ලංකාවට එයි කියලා.(නදී)
ආසයි බයයි. (ස)
උපාලි යන්නේ කොදේද මල්ලේ පොල් වෙන්න එපා. අනිත් මිනිස්සුන්ගෙත් කාලේ නාස්ති කරනවා. (ස)
ඉන්දියාව නටන්නේ ඇමරිකාවට ඕනේ විදිහට. ඒ නිසා එන එක පැහැදිලි නැහැ. . හේතුව දකුණු ඉන්දියාව නෙමේ. මානව හිම්කම් වලට ඡන්දය දීපු බව අමතක කරන්න එපා. මේ අයට ලෝක වෙළඳපොල ලොකුයිලු අපිට වඩා. එන්නේ නැහැ කියල නම් දන්නවා. (නදී)