IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මනාලිය මනාලයා රෝද පුටුවෙන් කැන්දන් යයි

කිසිදු ආබාධයක් නැති, ලස්සන කතක් (40) අඩි දෙකකට වඩා නූස්වූ ආබාධිත සමාජසේවකයකු (53) සමග හෝමාගමදී ආවාහ වූවාය. මීගොඩ කරුවලපිටියේ නිමල් ජයවර්ධන හා බත්තරමුල්ල පැලවත්තේ ඉරංගා සෙව්වන්දි මාබොගොඩ අතර විවාහය හෝමාගම අතිරේක විවාහ ලේකම් කේ.බී. සමිතා දීපිකා මහත්මිය විසින් ලියාපදිංචි කෙරිණි. දෙදෙනාම පේ‍්‍රම සම්බන්ධයකින් යුග දිවියට ඇතුළුවූහ.



අදහස් (0)

මනාලිය මනාලයා රෝද පුටුවෙන් කැන්දන් යයි

සන්ධ්‍යා කුමාරි Thursday, 16 August 2012 07:45 PM

මේ දෙන්න මීට මාසයකට පමණ කලින් පොදු තැනකදි දුටුවා.. ඒ වෙලාවේ මම හිතුවෙ මේ කාන්තාව මේ පුද්ගලයාට උදව්වක් කරනවා වෙන්න ඇති කියලා.. රෝද පුටුව තල්ලු කරමින්. මම විශ්මයෙන් මේ පුද්ගලයා දිහා බලාගෙන හිටියා කාත්තාව මා සමග සිනාසුනා.. මම හිතුවෙ ඒ වෙලාවේ උදව්වට සිටි කෙකෙන් කියලා.. පෙම්වතිය බව දන්නෙ නැහැ.. අවංකවම අපේ සුභ පැතුම්.. මොහු මිල මුදල් ඇති අවංක සමාජ සේවයකයෙක් බව මා දන්නවා..!!(නු)

:       0       0

ප්‍රියන්ත Saturday, 18 August 2012 09:46 PM

ඔබ දෙපලට බුදු සරණයි.. කරුණාකරලා ඔබේ බැංකු ගිණුම දෙන්න.. මේ පුවතට ලංකාදීපෙට පිං..!!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 08:24 PM

ඇවිදගෙන යන්නවත් පුලුවන් වුණා නම්.... සුභ පතනවා අපි! (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 08:25 PM

උදවුවක් ඕනෑ නම් උදවු කරන්න කැමතියි. (නි)

:       0       0

අමරා Thursday, 16 August 2012 08:36 PM

පුදුමයි ඒත් ඇත්තයි. අපෙත් සුභ පැතුම්! (නි)

:       0       0

කෙවින් Thursday, 16 August 2012 03:12 PM

ආවාහ වෙනවා කියන්නේ විවාහ වෙනවා කියන එකටමද? (නු)

:       0       0

‍රොෂාන් Thursday, 30 August 2012 12:54 PM

පිටින් පෙනෙන සෑම දෙයක්ම අගය නොකළ යුතුයි. එහෙම කළොත් ඒක අපි සමාජයට කරන ලොකු වරදක්. (නි)

:       0       0

උදාර Thursday, 16 August 2012 03:39 PM

සුභ මංගලම් .ඔබ දෙපලට ජයෙන් ජයම උදාවේවා ! (ස)

:       0       0

ලලිත් - කටාර් Friday, 17 August 2012 11:34 AM

මේක අසාමාන්‍යයයි. කොහේ හේ මොකක් හරි වරදක් තිබේ. (නි)

:       0       0

සේනානායක Thursday, 16 August 2012 03:52 PM

මොනවා උනත් ඔබ උතුම් පරිත්‍යාගශීලි කාන්තාවක්.සුභ පැතුම්.. (ස)

:       0       0

කිත්සිරි Thursday, 16 August 2012 03:55 PM

මහරගම වජිරඥාන ධර්මායතනයේ දී පොහෝ දින සිල් ඇඳුමෙන් සැරසී රෝද පුටුව මත සිටින ඔබ දැක ඇත්තෙමි. ඔබ දෙපලට ප්‍රීතිමත් අනාගතයක් වේවා! (ස)

:       0       0

Jayawardena Friday, 17 August 2012 12:08 PM

මම ඔබ දෙපලට සුභ පතනවා.. මම මේ පුද්ගලයාව ඉතාම හොදට දන්නවා.. එයා හොද උදාහරණයක් අනෙකුත් ආබාධිත පුද්ගලයන්ට සහ උතුම් කාන්තාවන්ට.. මම එයාලගේ පවුල පිළිබදවනම් දුක් වෙනවා.. එයාලා මොහුට සළකන්නේ නැහැ. අම්මාගේ මරණයෙන් පස්සෙ.. ඔහුට රජයෙන් ලබාදුන් ඉඩමද යමකු විසින් අල්ලා ගෙන.. ඔහු ජීවත් වෙන්නේ ඔහුගේ බිරිදගේ ගෙදර.. ඔහුට ආදායමක් නැහැ. සමහර මිතුරන් ඔහුට උදව් කරනවා. ඔහු ඇතතටම ආබාධිතයෙක් සහ ඇය කාන්තා ආරක්ෂකවරියක් ලෙස සේවය කරනවා.. ඇය හදවතින් පොහොසත් ඇය එයටම කියා නිවසක් ගත්තා.. හිතන්න එපා ඔහු ඉතා ධනවත් යැයි. මම සමහර අදහස්වල දැක්කා එසේ... ඔහු ඉතා හොද පුද්ගලයෙක්.. මම හිතනවා යම් පුද්ගලයන් මෙම පුවත පළවූවාට පසු ඔහුට නව ජීවිතය ගෙන යාමට උදව් කරාවි කියා. බුදු සරණයි..!!(නු)

:       0       0

රුවිනි අභේවර්ධන Thursday, 16 August 2012 04:06 PM

නිමල් ජයවර්ධන කියන්නේ උපතින්ම ආබාධිත කෙනෙක්. අම්මා තාත්තා මැරැණට පස්සේ සළකන්න කෙනෙක් නැහැ.. ඒත් වැදගත් උසස් රුකියා කරන සහෝදර සහෝදරියො ඉන්නවා.. නිමල් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ලොකු සේවයක් කරන කෙනෙක්. නිමල් කරන සේවය නිසා එයාට ඉඩම ලැබිලා තියෙනවා. ඒකෙ පොඩියට කාමරයක් හදාගෙන ඉන්නකොට උදව්වට කියලා ආව මාම කෙනෙක් නිමල් පන්නගෙන ඒක අයිති කරගෙන. නිමල් විවෘත විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාවකට යන කොට දැන හදුනාගත් කාන්තාවක් සෙව්වන්දි කියන්නෙ.. යන එන මං නැති නිසා නිමල්ට සෙව්වන්දිගේ පොඩි ගෙදර නවාතැන් ඇප උපස්ථාන ලැබිලා.. සෙව්වන්දිගෙ සැමියා මැරිලා මීට අවුරුදු 14කට පෙර අවුරුදු 12ක පුතෙකුත් ඉන්නවා. මේ සමාජය මනුස්සකම් හදුනන්නෙ නැහැනේ.. එයාලට නින්දා අවමන් කරන නිසයි විවාහ වෙන්න තීරණය කරලා තියෙන්නේ.. දෙන්නටම මිල මුදල් නැහැ.. මනුස්සකම්වලට අවමන් කරන්න එපා. යහපත් චේතනාවෙන් බලන්න.. මම මේ විස්තර දන්නේ නිමල් පැලවත්තේ මහ පාරෙ රෝදපුටුවෙන් යනකොට එයාව මගේ වාහනයේ දාගෙන ගොස් උදව් කරපු නිසායි... පසුව මම එයාට උපකාර කරන්න හමුවෙන්න ගිය නිසා.. යහපත් දේ යහපත් ලෙස දකින්න.. (නු)

:       0       0

ජයතිලක Sunday, 19 August 2012 09:13 AM

මෙම පුද්ගලයාගේ බැංකු ගිණුමට මාස්පතා මුදලක් බැර කිරීමට මම කැමැත්තෙමි. කරුණාකර ඔබගේ ගිණුම් අංකය පවසන්න. (නි)

:       0       0

ගෝපාල් Saturday, 18 August 2012 12:17 PM

මේක දැකල මට නිකන් පිස්සු වගේ අනේ...(ස)

:       0       0

ප්‍රියන්ත Sunday, 19 August 2012 07:42 PM

නංගි, ඔයා නම් දෙවු දුවක්. සුභ මංගලම්! (නි)

:       0       0

සේනක Sunday, 19 August 2012 07:53 PM

අගය කලයුතු වැඩක්

:       0       0

නමාල් Sunday, 19 August 2012 07:53 PM

ආදරයක මගිම

:       0       0

චමින්දි Sunday, 19 August 2012 09:41 AM

ඔබ දෙපළට සුභ පැතුම්! (නි)

:       0       0

සෙනරත් Thursday, 16 August 2012 04:45 PM

අපි වැඩිදුර හිතන්න යන්න ඕනෑ නැහැ. ඔබ දෙපළට සුභ මංගලම්! (නි)

:       0       0

රම්‍යා Thursday, 16 August 2012 04:51 PM

මෙයාට සල්ලි තියෙන පාටයි.. පිටිපස්සෙන් ඉනනෙ පුතාද? කොහොම උනත් කමක් නැහැ...!!(නු)

:       0       0

ජස්මින් Friday, 17 August 2012 12:52 AM

සුභ පැතුම්..!!(නු)

:       0       0

දුලන්ජා Thursday, 13 September 2012 09:58 AM

අපිට හොද ආදර්ශයක්. (නි)

:       0       0

සිසිර Thursday, 16 August 2012 12:14 PM

හිතාගන්නවත් බෑ මේ වගේ කාන්තාවන් ඉන්නව කියලා.. (ස)

:       0       0

සම්පත් Thursday, 16 August 2012 12:18 PM

මාරයිනේ... (ස)

:       0       0

අරුණ ශාන්ත කුමාර Monday, 20 August 2012 06:32 PM

ඔබගේ ඉල්ලීමට අනුව, ඔහුගේ බැංකු ගිණුම් අංකය පහත දැක්වේ හැටන් නැෂනල් බැංකුවේ (HNB) හෝමාගම ශාඛාවේ 077020282008 ස්තුතියි

:       0       0

අනුර ‍එස් ලියනගේ - මුල්ලෙරියාව Thursday, 16 August 2012 12:19 PM

සුභ මංගළන් නව යුවළට (ස)

:       0       0

ලලිත් Friday, 17 August 2012 05:19 AM

නියම සමාජ සේවය කියන්නේ මේවට තමයි. (නි)

:       0       0

කීර්ති Thursday, 16 August 2012 05:34 PM

හරිම සතුටුයි. අසරණ සරණ වෙන මෙවන් කාන්තාවන් ආඩම්බරයක්. සුභ මංගලම්! (නි)

:       0       0

පාලිත අබේරත්න Thursday, 16 August 2012 12:26 PM

මට නම් පුදුම සතුටක් ඇතිවෙන්නේ.. ඇස්වල කදුළු එනවා.. මීට පෙර හමුදා සෙබලෙක්ගෙ විවාහය වගේ.. මේ වගේ ගැහැණුන් ලබන ආත්මයේ පිරිමි බවය ලැබෙනවා නියතයි.. ඔබ දෙපලට දුකෙන් තොර සැපෙන් බර වාසනාවන්ත පවුල් ජීවිතයක් පතනවා.. සම්මා සම්බුදු සරණයි.. කාන්තාවන්ට ආදර්ශයක් දුන්න තවත් ලාංකික කාන්තාවක්..!!(නු)

:       0       0

කෙවින් Thursday, 16 August 2012 05:31 PM

ගොඩක් පින් අතේ වැඩක්. ඒ මනුස්සයා එක දවසක් හරි සතුටින් ඉදීවිනේ.යටි අරමුණු මොනවා වුණත් අපට වැඩක් නැහැ. සුභ මංගලම්! (නි)

:       0       0

බන්ඩාර Thursday, 16 August 2012 12:26 PM

ඔයා විශිෂ්ඨ කාන්තාවක්.. (ස)

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 16 August 2012 12:23 PM

පුදුමයි....! පෙර ආත්මෙක ඉඳලම පතාගෙන එන ආකාරයට සිදු වෙන්න ඇති....අපිත් සුභ මංගලම් කියලා පතමු... (ස)

:       0       0

මාරසිංහ Thursday, 16 August 2012 12:30 PM

සුභ මංගලම්! (නි)

:       0       0

අනුර Thursday, 16 August 2012 05:44 PM

වල පයයි ගොඩ පයයි කොහොම ජීවත්වෙයිද?

:       0       0

උපුල් Thursday, 16 August 2012 12:29 PM

සුභ පතනවා...තෙරුවන්සරණයි.. (ස)

:       0       0

දුමින්ද Thursday, 16 August 2012 12:32 PM

ඔබ දෙපලට ලක්වැසි සැමගේ සුභ පැතුම්... (ස)

:       0       0

ලංකා Thursday, 16 August 2012 12:36 PM

ගැහැණිය ඉන්නේ සතුටින් නෙමේ, හිනාවෙන්නේ රන් මුද්දට පමණි. මෙහි ප්‍රේම සම්බන්දයක් තිබිය නොහැක. (ස)

:       0       0

මධු Thursday, 16 August 2012 12:34 PM

සුභ මංගලම්! සුභ මංගලම්! (නි)

:       0       0

අජිත් Thursday, 16 August 2012 12:38 PM

අද කාලේ හැටියට හිතා ගන්නවත් බැරි දෙයක්. මට නම් මේක හරියට පුදුම හතෙන් එකක් වගෙයි. (නි)

:       0       0

නයනා Friday, 17 August 2012 07:51 AM

මතුපිටින් නොපෙනෙන බරපතළ කාරණාවක් මෙය යටින් ඇත. (නි)

:       0       0

කසුනි Thursday, 16 August 2012 12:43 PM

සල්ලි තියේනම් මොනවද බැරි.. (ස)

:       0       0

වරුණ Thursday, 16 August 2012 12:44 PM

ඇයි පේන්නේ නැද්ද අර මුද්ද දානකොට හිනාවෙනවා... (ස)

:       0       0

සදුනි Thursday, 16 August 2012 12:52 PM

පුදුමයි අදහාගන්නත් බැ මටනම්. වෙනස් විදියට හිතන කාන්තාවක් වගේ.. (ස)

:       0       0

සරත් Thursday, 16 August 2012 12:53 PM

ඔන්න දෙන්නටම මම සුභ පැතුවා! ඒත් වෙන මොකක් හරි මොකක්දෝ දෙයක් මෙතන තියෙනවා ව‍‍ගෙයි. (නි)

:       0       0

ලංකා Thursday, 16 August 2012 12:54 PM

මට හිතෙන විදිහට මෙතන වෙනත් රහසක් (යටි අරමුණක්) තියෙනවා කියල හිතෙනවා. ඒත් මෙම විවාහය සද්භාවයෙන්ම සිද්ධ වුණානම් මුළු ශ්‍රී ලාංකීය ජනතාවගේම සුභ පැතුම්! (නි)

:       0       0

ඉන්දික Thursday, 16 August 2012 12:55 PM

සල්ලි වලටද ?? අවංකවමද ?? .අනාගතේදි බලමු පිලිතුරු.. (ස)

:       0       0

ප්‍රදීප් Thursday, 16 August 2012 06:14 PM

අපි කවුරුත් රහත් වෙලා නැහැ. පැහැදිලිවම මෙය ආදරයකට එහා ගිය යම් දෙයක්. මනමාලි නම් ලස්සනයි. අපි බලන් ඉමු. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 17 August 2012 07:59 AM

අක්කේ, ඔය පොඩ්ඩා හොදට බලා ගන්න. ඔයාට පින්! (නි)

:       0       0

වීරසූරිය Thursday, 16 August 2012 12:58 PM

සුභ මංගලම් !!!!!!!!!!! (ස)

:       0       0

සම්පත් Thursday, 16 August 2012 12:55 PM

හඳ පතුලෙන්ම සුභ පතනවා... (ස)

:       0       0

ජයවර්ධණ Friday, 17 August 2012 02:34 PM

සුභ මංගලම් මම මේ මනලයව හොඳින් අඳුරනවා වැගත් උදත් සල්ලිකාර පවුලක කෙනෙක්, මවගේ මරණයෙන් පස්සේ පාරට ඇදවැටුනා. ලැබුණු ඉඩමක හිතවත් අයගේ සහායෙන් ජිවත් වූ අතර සමහර නරක අය නිවස අත්කරගෙන සිටින අවස්ථාවක මෙයාට අත දෙන්න මේ සුන්දර නැගනිය ඉදිරිපත් වීම විශාල පිනක් (අ)

:       0       0

අබේසිංහ Thursday, 16 August 2012 01:03 PM

හොදයි කාටවත් මොකුත් කියන්න බැහැ... එයාට යහමින් සල්ලි ඇති..!!(නු)

:       0       0

වරුණ Thursday, 16 August 2012 01:06 PM

පස්වැනි ඡායාරූපයේ මනමාලිට පිටුපසින් ඉන්න පුතා කවුද? (නි)

:       0       0

සජී Thursday, 16 August 2012 01:20 PM

මටනම් හිතාගන්නත් බෑ.. (ස)

:       0       0

අනුර Thursday, 16 August 2012 01:18 PM

හිතාගන්න බෑ මොනවිදියට සිදු උනාද කියලා..ටික කලෙකට විතරක් වෙයිද ?? (ස)

:       0       0

විජේ Thursday, 16 August 2012 06:39 PM

අපරාදේ සුදූ.... (නි)

:       0       0

විජේ Thursday, 16 August 2012 06:41 PM

නෙතත්, මොළයේ අමාරුවක් නම් තියෙනවා වගේ පේනවා. මොනවා වූණත් අපරාදේ. (නි)

:       0       0

මොහාන් Thursday, 16 August 2012 01:23 PM

ප්‍රසිද්ධ වෙන්න කරපු දෙයක් . මොකක් හරි යටි අරමුණක් තියෙනවා වගේ.. (ස)

:       0       0

සුනිල් Thursday, 16 August 2012 06:48 PM

කවුරු සොනවා කිවවුත් ඒ දෙන්නා අතර සම්බන්ධයක් තියෙන්න ඇති. ඔවුන් සතුටින් ජීවත් වේවි. (නි)

:       0       0

ජයී Saturday, 18 August 2012 02:30 AM

මෙවැනි පිංවන්ත සිද්ධීන් සිදුවන්නේ ඉතාමත් කළාතුරකින්ය. මෙය සිදුවී ඇත්තේ මේ කාන්තාවගේ ඔහු වෙත ඇති ආදරය, අණුකම්පාව, දයාව, කරුණාව වැනි උතුම් ගුණ ධර්ම නිසාය. මම ඔබ දෙපොලට සුබ පතමි. එංගලන්තයේ භෞතික විද්‍යාඥ , තාරකා විද්‍යාඥ Stephen Hawking සහ ඔහුට උවටැන් කළ හෙදිය වන Elaine Mason මහත්මියගේ 1995 වර්ෂයේ සිදුවූ විවාහයද මෙයට සමාන කල හැකියි. වෙනසකට ඇත්තේ Stephen Hawking ලෝකප්‍රසිද්ධ,ඉතාමත් ඥාණවන්ත විද්‍යාඥයෙකි.(ස)

:       0       0

සදලි Friday, 17 August 2012 03:17 PM

මනමාලිට පිටුපසින් ඉන්නේ මල් කුමාරයා. සුභ මංගලම්!!!!!!!!!!!!! (නි)

:       0       0

දයා සෞදි Thursday, 16 August 2012 01:50 PM

ගොඩක් දෙනෙක් කියනවා වගේ යටි අරමුණක් තියෙන්න පුළුවං.. එත් ඉතිං කවුරු හෝ හොදින් සමාජයේ ජීවත් වෙන එක තමා යහපත්.. පෞද්ගලික ජීවිතය කෙසේ පැවතියත් වරදක් නැහැ මෙතනදී..!!(නු)

:       0       0

විභූෂ Thursday, 16 August 2012 07:07 PM

නියමයි මේවා ආදර්ශයට ගන්න ඕන...!!(නු)

:       0       0

ලක්ෂ්මන් සේනාධීර Friday, 17 August 2012 03:20 PM

වන්සක්කාර පවුලක වැඩමහල් පුතා වන මෙම මනමල මහතාට සහ මනමාලියට සුභ පතන අතර මෙම මනමාල මහත්මියගේ ආදරය සහ සෙවන ලැබූම ඔහුගේ වාසනාවක් බවත් ඔහුගේ මවගේ මරණයෙන් පසු පාරට ඇද වැටුනා මොහුගේ අවන්ක දිරිය ජිවිතයට සුබ පතමි (අ) සුභ මංගලම්,

:       0       0

සදලි Friday, 17 August 2012 03:29 PM

'සල්ලි තියෙන පාට' මොන පාටද? කුහකකම කියන්නෙ ඒකට තමයි. සැළෙන්න එපා. ඔබ දෙපළට සුභ මංගලම්! (නි)

:       0       0

ජානක Friday, 17 August 2012 03:35 PM

සමාජයේ යහපතට හේතුවන අදහස් ඉදිරිපත් කරන්න.............. සුභ පතනවා...තෙරුවන්සරණයි.....(ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 11 October 2012 09:07 PM

අයියෝ සල්ලි

:       0       0

අසංක Friday, 17 August 2012 10:08 AM

මෙච්චර කල් ඉදලත් බැදපු කෙනා ගැන හිතද්දි ඔයා ගැන පවු කියලා හිතෙනවා. ඒත් ඇත්තටම ආදරෙන් නම් මෙහෙම වුණේ, ගෑණු සංහතියටම හොද ආදර්ශයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1175 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 734 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 261 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1955 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1782 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 555 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40038 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 239 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site