IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මානව පරිනාමයේ විශ්මිත සොයා ගැනීමක් ලංකාවෙන්

ශ්‍රී ලංකාවේ ජීවත් වූ ආදි මානවයන්ගේ අවශේෂ අතර තිබී හමුවූ දත් පිළිබඳ කරණ ලද පර්යේෂණකින් ලොව මානව පරිනාමය පිළිබඳ ඉතා වැදගත් සාක්ෂි හමුවී ඇතැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා පර්යේෂකයෝ පිරිසක් කියති.

ඔවුන් පෙන්වා දෙන්නේ පුරාවිද්‍යාඥයන් නොසිතූ ආකාරයෙන් අතීත ප්‍රාග් ඓතිහාසික මානවයන් ආහාර සුලබව නොමැති නිවර්තන තෙත් වර්ෂා වනාන්තර මධ්‍යයේ ද ඉතා දුෂ්කර ලෙස වුව ද ජීවත්වී ඇති බව ශ්‍රී ලංකාවෙන් ලැබුණු මානව සාධක අනුව තහවුරු වන බවයි.

ඔවුන් සිදුකළ පර්යේෂණය 2015 මාර්තු මස 15 දා නිකුත් කළ ජාත්‍යන්තර සයන්ස් සඟරාවේ ප්‍රකාශයට පත්කැර ඇත. මේ පර්යේෂණය සිදුකැර ඇත්තේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය පෙට්‍රික් රොබට්ස්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අචාර්ය නිමල් පෙරේරා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා නිලධාරි ඔෂාන් වෙදගේ, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය ශිරාන් දැරණියගල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සත්ත්ව විශ්ලේෂක ජූඩ්පෙරේරා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂක සමන් ඇරාගම, ආචාර්ය ඇන්ඩෘ ග්ලෙදිල්, ආචාර්ය මයිකල් ඩී පෙට්‍රග්ලියා, ආචාර්ය ජූලියා ඒ ලී තෝප් න කණ්ඩායම විසිනි.

1982 වර්ෂයේ කුරුවිට බටදොඹ ලෙනෙන් සොයාගත් මානව දතක් විශ්ලේෂණයට ලක්කරමින් එනැමලය සම්බන්ධයෙන් කරණ ලද ගැඹුරු පර්යේෂණයක් මේ සඳහා පාදක කරගෙන තිබේ. එමෙන් ම ශ්‍රී ලංකවේ තෙත් කලාපයේ පිහිටි ගල්ලෙන් කැණීම්වල දී හමුවූ අනිකුත් මානව අවශේෂ සහ ඔවුන් ආහාරයට ගත් සතුන්ගේ අවශේෂ සම්බන්ධයෙන් කරණ ලද පර්යේෂණ ද මේ වාර්තාවට උපයෝගී කැරගෙන ඇත.  

පර්යේෂකයන් පවසන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයා තම පරිනාමයේ දී සවානා තෘණ භූමි, වියළි කලාපීය වනාන්තර හා වෙරළ ආශ්‍රිත පරිසරයන්හි ජීවත් වූවායැයි තිබූ මතය ශ්‍රී ලංකාවෙන් කරණ ලද සොයාගැනීම අනුව බිඳවැටෙන බව පර්යේෂකයෝ කියති.

පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය නිමල් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ කිවේය.

‘‘කුරුවිට බටදොඹ ලෙන, හොරණ පාහියන් ලෙන, බලංගොඩ කූරගල ලෙන, කිතුල්ගල බෙලි ලෙන වැනි ලෙන්වලින් ලැබුණු  මානව දත් සහ සත්ත්ව අවශේෂ මෙහිදී විශේෂයෙන් පර්යේෂණයට ලක් කළා. ඒවායින් සොයාගත් ඉතා වැදගත් කරුණු රැසක් නව පර්යේෂණ වාර්තාවෙන් අපි ඉදිරිපත් කරණවා. එහිදී අපි මෙම කරුණු විශ්ලේෂණය කළා. ලොව අවසාන හිම යුගය හෙවත් ප්ලයිස්ටොසීන යුගයේ සිට හොලෝසීන යුගය දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සාධක හමුවනවා. මේවා අතර ඇති මානව හා සත්ත්ව අවශේෂවල ස්ථායී කාබන් හා ඔක්සිජන් සමස්ථානිකවල විශ්ලේෂණයක් සිදු කළා. එය දීර්ඝ කාලයක් ගතවන පර්යෙෂණයක්. 1982 වර්ෂයේ සිට 2005 වර්ෂය දක්වා කැණීම් වලින් හමුවූ සාධක මේ සඳහා යොදා ගත්තා. “

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකවේ සිටි ප්‍රාග් ඓතිහාසික මානවයා මූළික වශයෙන් වැසි වනාන්තර මධ්‍යෙය් ජීවත් වී ඇති බවයි. බට දොඹ ලෙනේ මානව සාධක වසර 37,000ක් තරම් පැරණි අතීතයකට අයත් වුව ද පර්යේෂණයට ලක්කළ මානව දත හමුවී ඇත්තේ වසර 20,000 ක් පැරණි පස් තට්ටුවකිනි. කාබන් කාලනිර්ණය අනුව එම මානවයා අදින් වසර 20,000ට පෙර ජීවත් වූ මානවයකු බව තහවුරු කිරීමට හැකිවූ බව ද ආචාර්ය පෙරේරා මහතා පවසයි.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වැසි වනාන්තරවල ආදි මානවයන් ඉතා දුෂ්කර දිවියක් ගත කරන්නට ඇති බවයි. එවැනි වනාන්තරයක ඔවුන්ගේ යැපීම් ධාරිතාව ඉතා අඩු අගයක් ගන්නා බව ද ඔවුහු කියති. පැතිරුණු ඝන යටි රෝපණයත් ශක්තිමත් උඩු වියනත් හේතුවෙන් මෙවැනි වනාන්තරවල දක්නට ලැබෙන්නේ කුඩා සතුන් වීම ආහාර සොයා යාමේ දී ඔවුන්ට ගැටළුවක් වන්නට ඇති බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති. මී මින්නන්, වල් ඌරන්, ඉත්තෑවුන්, හාවුන්, දඬු ලේනන්, වඳුරන් වැනි සතුන් දඩයම් කිරීමට වැය කිරීමට සිදුවන ශක්තිය හා ඔවුන්ගෙන් ගත හැකි ආහාර ප්‍රමාණය සැළකූ විට යැපීම් ධාරිතාව ඉතා අඩු අගයක් ගන්නා බව පුරාවිද්‍යාණයන්ගේ මතයයි.   

මෙම සොයාගැනීම සිදුකරණ තුරු පුරාවිද්‍යාඥයන්ගේ මතය වූයේ තෙත් කලාපීය ලෙන් ආශ්‍රිතව මානවයා ජීවත් වුව ද ඔවුන් තම ආහාර අවශ්‍යතා සඳහා වියළි කලාපයට සංක්‍රමණය වීම හෝ ආහාර හුවමාරුව කරන්නට ඇති බවයි.  එම මතයත් සැවානා තෘණ බිම් හා වියළි වනාන්තරයන්හි ආහාර බහුල හා විශාල සතුන් දඩයම් කළ හැකි ප්‍රදේශවල ආදි මානව ජනාවාස පැතිරී තිබූ බවට පෙර තිබූ මතයත් ශ්‍රී ලංකාවේ මානව දත් පදනම් කරගනිමින් කරණ ලද නව පර්යේෂණය අනුව අභියෝගයට ලක්වේ.

teeth - Copy teeth 2 teeth 3  teeth 5

teeth 4

 

 

 



අදහස් (0)

මානව පරිනාමයේ විශ්මිත සොයා ගැනීමක් ලංකාවෙන්

සුදේශ් Friday, 20 March 2015 03:45 AM

අපිට මහත් සතුටක් (නදී)

:       1       11

සාගර Friday, 20 March 2015 04:36 AM

සුදේශ් ඇයි ඒ ?(හේ)

:       2       6

සොපී Friday, 20 March 2015 04:44 AM

පුරා විද්‍යාත්මකව නම් අපිට ලොකු ආඩම්බරයක් තමයි බ්‍රිතාන්‍යයේ මේ මතය .(හේ)

:       2       5

සොපී Friday, 20 March 2015 04:44 AM

පුරා විද්‍යාත්මකව නම් අපිට ලොකු ආඩම්බරයක් තමයි බ්‍රිතාන්‍යයේ මේ මතය .ඒත් එයාලගේ දේශපාලන මතනම් අපිට වැදගත් නැහැ (බ)

:       0       7

දුමින්ද Friday, 20 March 2015 04:48 AM

ලෝක ශිෂ්ටාචාර කතාවේ අලුත් හැරවුමක්ද. (බ)

:       0       5

මංජු Friday, 20 March 2015 05:09 AM

එතකොට මෙයාලා කොළ ගෙඩි කාලම නැද්ද ? මස් විතරද ඒ කාලේ මානවයා කාලා තියෙන්නේ.(දිල්)

:       0       2

සමන්තලාල් කුමාරසිංහ Friday, 20 March 2015 07:36 AM

තරහ වෙන්න එපා කවුරුවත් මගෙත් එක්ක ලංකාවේ දස දෙසින් දිනපතාම වාර්තා වෙන්නේ පුදුම සහගත සොයා ගැනීම් සහ අරුම පුදුම දේවල් පත්තර10ක් ගත්තොත් මේ වගේ දේවල් 100 විතර සොයා ගන්න පුළුවන්. නමුත් ඉන් පසු මේවට වෙච්ච දෙයක් හෝ මේවයින් ලබාගත් ප්‍රයෝජනයක් නම් දකින්න නැති තරම්. ශ්‍රී ලංකාවේ අපිට තියෙන්නේ දූපත් මානසිකත්වයක්. අනික් රටවල් සමග හුවමාරුවක් නෑ නීතිය සංස්කෘතිය හරස් වෙනවා. අපිට ප්‍රෞඩ ඉතිහාසයක් තිබුණත් පැහැදිලි අනාගතයක් නෑ (බ)

:       1       1

සුදේශ් Friday, 20 March 2015 08:56 AM

සාගර, වැදගත් දෙයක් සම්බන්ධයෙන් ලංකාව ගෑවිලා හරි තියෙන එක සතුටක් නෙවෙයිද? මට නම් එහෙම දැනෙනවා. මම දන්නෑ එ් ඇයි කියලා. (බ)

:       0       2

සුදේශ් Friday, 20 March 2015 08:59 AM

සාගර, වැදගත් දෙයක් සම්බන්දයෙන් ලංකාව ගෑවිලා හරි තියෙන එක සතුටක් නෙවෙයිද? මට නම් එහෙම දැනෙනවා. මම දන්නේ නැහැ එ් ඇයි කියලා.(නදී)

:       0       1

ලංකාසිරි Friday, 20 March 2015 09:05 AM

අවුරුදු 20000 කට එහා ගැන කියන්නේ දැනුත් ශ්‍රී ලංකා වාසින් කොච්චර දුෂ්කර ජීවිතයක්ද ගත කරන්නේ. (නදී)

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 875 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 405 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 885 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3215 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 589 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site