2009 සිට 2013 දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවූයේ දැයි සෙවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට යයි. ලබන දෙවැනි දා ආරම්භ වන එම විමර්ශනය මාස දහ අටකින් අවසන් කිරීමට නියමිතය බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අතරතුර එහිලේකම් කමලේශ් ශර්මා ඇතුළු රාජ්‍ය නායකයෝ කිහිපදෙනකුම දේශීය විමර්ශනයක අවශ්‍යතාව මතු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් අපි වැරදි නැත්නම් බියවන්න දෙයක් නැහැ (නි)
ඊළඟ ගුන්ඩුව කන්නයි යන්නේ.(නදී)
අපේ රජතුමෙකු අල්ලලා ඉන්දියාවේ හිරගෙදරකට යවා මැරෙන්න සලස්වපු එකටත් කොමිසමක් තියමු (නි)
සමුළුවේ සාර්ථකත්වය පේනවා නේද දැන්? කෝ සාර්ථකයි කියපු අය? අන්ධ භක්තියෙන් ප්‍රශස්ති කියපු අය කෝ දැන්? අපේ රණවිරුවන් දං ගෙඩියට තියන්න නෙමෙයිද මේ සැරසෙන්නේ? කෝ දැන් දේශප්‍රේමියෝ?අර ගෙනාපු බෙන්ස් කාර් බෙදාගන්න පොරේ ඇති නේද? බොරු කයිවාරු විතරයි නේද? කෝටි ගණන් මහජන මුදල් වියදම් කරලා ඉල්ලගෙනම කෑවා නේද? අනේද කියන්නේ. (නි)
පිටිගල මිලානෝ, 2009 සිට 2013 දක්වා කියන කෑල්ල දැක්කේ නැද්ද? (නදී)
අපි කලින්ම කිවුවා. චීනේ ලිබියාවට ඕක කළා. සෝමාලියාවට කළා. ඉරාකෙට ඕක කළා. අතිජාතයා කියල කියන උතුරු කොරියාවට කළා.ඉරාකෙට ඕක කළා. ඇෆ්ගනිස්තානෙට කළා. ඔය චීනෙයි රුසියාවයි පණදෙන්න වගේ හිටියට ඔවුන්ට ඕනෑ අපේ රටවල සම්පත් විතරයි. කොච්චර ළඟින් හිටියත් ඇමරිකාවයි එන්ගලන්තෙයි අතදාපු ගමන් අතපිහදාගෙන අයින්වෙනවා. මොකද චීනේ ලොකුම මාකට් එක ඇමරිකාවයි යුරෝපෙයි. චීනේ කවදාවත් මේදෙගොල්ලෝ අතහරින්නෙ නැහැ. අතහරින්නේ අපිව. දවසක අපේ රට සිරියාවක් කරලා තමයි නවතින්නේ. කෝ සිරියාවට පණ දෙන්න හිටපු චීනේ ඇමරිකාවේ පරීක්ෂකයෝ ආවාම කොහෙද ගියේ. අපිටත් ඔය ටික තමයි. (නි)
දිලංක,ඔබගේ අදහසට මා එකඟ වෙමි.චෝගම් අවසන් වෙනවත් සමගම චීනය විදේශ මාධ්‍යයකට ප්‍රකාශයක් කරලා තිබුනා, කැනඩාව ,ඉන්දියාව ,එංගලන්තය යන රටවල් කියනවා නම් මානව හිමිකම් ගැන විමර්ශනයක් කරන්න වෙයි කියලා.2014 වර්ෂයේ මානව හිමිකම් කවුන්සලයට පත්වෙලා ඉන්නේ ,චීනය ,රුසියාව,කියුබාව සහ වියට්නාමය යන රටවල්. (නි)
දේශීය විමර්ශන වලට ඉඩ දෙන්න....මේවා හරියට කරලා කියන්න මානව හිමිකම් කඩකළේ කොටි කියල. ඒක හරියට කරලා ලෝකෙට පෙන්නන්න. ලොකු ප්‍රචාරයක් දෙන්න මුළු ලෝකෙටම ඇහෙන්න. (නි)
අවුරුදු 30 හම පරීක්ෂණ කළ යුත්තේ, ළදරුවන් ගස්වල ගහලා මරපුවා, අහිංසක හාමුදුරුවරුන් මරපුවා, ගම්වැසියන් පවුල් පිටින් මරපුවා...මේ සියල්ලම සොයන්න ඕනෑ. ප්‍රභාකරන් මැරුණට ජීවත්ව ඉන්න ත්‍රස්තවාදීන් සහ ඔවුන්ට උදවු කළ මුදල් දුන් සියලු දෙන වගකිව යුතුයි (නි)
ජනතාව කියන්නේ උතුරු අය කියලා විතරක් හිතන්න එපා. එතකොට සිංහලයා සිවිල් ජනතාවගේ ගොඩට අයත් නැද්ද? මේ දේවල් වලින් හැමෝටම හොදයි. (නි)
ලංකාවේ කොමිෂන් ගැන නම් ඉතින් කතාකරල වැඩක් නැහැ. ජාත්‍යන්තරය ගොනාට අන්දලා බේරන්න ගහන ගැටයක්ද? එහෙම නැත්නං රෙද්ද ගැලවෙන කෙලියක්ද?(නදී)
කොටින් කළ මානව හිමිකම් කඩකිරීම් සොයන්නේ නැද්ද? මිනිසුසු මැරූ ඝාතක කොටි නායකයන් රජ සැප විඳිද්දී ,රණවිරු බලඇණි මෙහෙයවූ මහා රණවිරුවාගේ ප්‍රජා අයිතිය නැතිවීම ගැන සොයන්නේ නැද්ද? මෙන්න බොදු බල සේනා වලට,සිහල රාවයට සිංහලකම පෙන්වීමට හොඳ අවස්ථාවක්.දෙකටම සහය දෙන අයෙකු වශයෙන් මම මෙසේ අසන්නේ. (නි)
ලෝක දේශපාලනය දන්නේ නැති අය තමයි මෙහෙම කථා කියන්නේ. මට අරයා ඉන්නවා, මෙයා මාගේ ෆිට් එක, අරයා මගේ බොක්ක යන මැටි කථා.මුබාරක්ට ඇමෙරිකාව කරපු දේ තමයි හොඳම උදාහරණය. ඊශ්‍රායල් හා ඇමෙරිකා හවුලේ බුදු ෆිට් එකට තීර්ණාත්මක අවස්ථාවේ අහක බලා ගත්තා.ඇත්ත කථාව අපේ මිලියන 21 වෙළදපොළ ටොප් ටෙන් නෙමෙයි මුල් 50ත් නෑ, භූමියෙන් කුඩා ඉතා දියුණු ආර්ථික වන සිංගප්පූරුව, හොංකො, ඩුබායි මට්ටමට ආර්ථිකය දියුණුවවත් තිබ්බනම් පිහිටීම නිසාවත් චීනය ඕක කියන්න කලින් 2ක් හිතයි. (ස)
මොකද මේ හදිස්සියේ? (නි)
රකිත්, මම ඔබේ ප්‍රකාශය අගය කරනවා. ඔබ නිවහල්ව හිතනවා. ඔබ වගේ හිතන අයට ජය වේවා! (නි)
දැන මොකද චීනයත් ලංකාවෙ උදවියට මානව හිමිකම් ගැන අවධානය යොමු කරන්ඩ කියලා - නොකියා පලා බෙදන්නෙ. (ස)
පිටිගල මිලානෝ, වැඩේ කියන්නේ දැන් ඔය සේරම දෙමල මාතාවන්ට අමතක වෙලා හෝ අමතක කරවල තියෙන්නේ.හමුදාවේ අපේ සොයුරන්ගේ මිනියක්වත් නැතිව කී දෙනෙක් ඉන්නවද? මේ වෙලාවේ ජාති බේදයකින් තොරව රට ගොඩ ගන්න හිතුවොත් රටටම හොඳ හෙටක් තියේවි. (ස)
එතකොට 2009 ඉස්සර වෙච්ච දේවල් කවුද හොයන්නේ ....මිනිසුනේ තේරෙන්නේ නැද්ද ඇත්ත මොකක්ද කියලා.. ජනාධිපති තුමනි මේ කිසි දෙයකින් ඔබ සැලෙන්න එපා...ඔබත් එක්ක අපි සියලු දෙනාම ඉන්නවා.. (ස)
හරි පටන් ගත කියමුකෝ, එතකොට එල්ටීටීඊ එකට යුධ උපකරණ දුන්න රටවල්, එයාලට සහයෝගය දුන්නු අය, රටවල්, එල්ටීටීඊ එක අපේ මිනිස්සු මරපු ඒවා, මානව හිමිකම කියන්නේ එල්ටීටීඊ එකට විතරක් නොවෙයි, එල්ටීටීඊ කියන්නේ ත්‍රස්තවාදියෝ, උන්ට පහර දුන්න එක මානව හිමිකම් කඩ කිරීමක්ද? එතකොට ඉරාක් / ලිබියා / ඇෆ්ගනිස්ථාන් / සිරියා ඒවාට වග කියන්නේ මානව හිමිකම් එකේ අය නොවෙයිද. අපි බය නැහැ. මානව හිමිකම් කඩ උනේ අපිට, එල්ටීටීඊ එකට නොවේ. (ස)
හොඳ වැඩක්. මේක හරියට කරලා ලෝකයට පෙන්නන්න ඇත්ත තත්වය. ඔය බොරුවට දාපු ගණන් ප්‍රමාණ වැරදිය කියා පෙන්නන.(නදී)
දැන් ඔය මානව හිමිකම් කඩකරේ අපේ ත්‍රිවිද හමුදාවද ප්‍රභාකරන් ඇතුළු කොටිද?අහිංසක මිනිසුන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් ගත් ඇය ඒ හිමිකන් සුරකුවද? සෝදිසි කරලා අපි දෙන වාර්තාව ලෝකේ පිලි නොගත්තොත්? කරුණාකර කමලෙස් ශර්මා අපේ රට ගැන යුද්දේ තිබුන කාලේ වගේම අපිටම බලා ගන්න දෙනවද? ශ්‍රීලංකාව ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත් සැමට රත්නත්‍රයේ පිහිටාරක්ශාවයි! (දී)
මෙය ඉතා හොද දෙයක්. අපක්ෂපාතිව සිදු කරන්න ඕන. එතකොටවත්, අපි බලමු මේ මිනිස්සුන්ට නින්ද යාවිද කියල... (දී)
මානව හිමිකම් පමණක නොවී රාජ්‍ය පෙරලීමට උදව් උපකාර කල විදේශික ඇඩොල බලසින්හ්ගම් සහ අනිකුට් අයව වහාම අත්අඩංගුවට අරගන්න ඕන ත්‍රස්තවාදීන්ට යුද උපකාර කල රටවල් හෙලිකොරන්න ඕන. (අ)
ඔය කියන මානව හිමිකම් කොම්පැනිය ඇතුලෙත් මානව හිමිකම් කැඩෙනවා නේ. ඉතින් ඒ අයගේ වාර්තාව ඒ අයටම හොදයි. (දී)
දෙන්න එතකොට අතුරුදහන් උනා කියල බටහිර රටවලට රිංග ගත්තු අයගේ විස්තර එම රටවල් මානව හිමිකම් කොමිසමට දෙනවද? ත්‍රස්තවාදීන්ට අවි සපයපු බටහිර රටවල ඉන්න අය ලංකාවට බාර දෙයිද (දී)
එතකොට කටුනායක, රතුපස්වල සිදුවීම්? (නි)
නිදහසත් හරියට ජීවිතය වගේ දෙයක්.ඔලුව නැත්නම් අතපය වැඩක් නැහැ.අැදවත නැත්නම් රුධිර නාලිකා වැඩක් නැහැ.ජීවිතය හැදෙන්නෙ මේ සේරම එක්වීමෙන්.නිදහසත්ඒ වගේ.ඒක සම්පුර්ණයෙන්ම ලැබෙනකල් ඔබ නිදොස් මිනිහෙක් නොවේ(නි)
හාමුදුරුවරුනි, මායිම් ගම්වල මිනිසුනි, උතුරු පෙදෙස් වල කාලයක් ජීවත්ව පන්නා දැමුණු මිනිසුනි, දකුණේ බෝම්බ වලින් මියගිය අයගේ නෑයිනි, ආබාධිත සෙබළුනි, ඔබ සියල්ල මෙම කොමිසමට ගොස් සිදුවුණ විපත් ගැන කියන්න. අහිංසක දෙමල මව් වරුනි ප්‍රභාකරන් මාරයා ඔබලාගේ දරුවන් බලෙන් රැගෙන ගිය හැටි කියන්න. උන් යන යන තැන ඔබලාගෙන් උන් ආරක්ෂක පවුරු තනා ගෙන අන්තිමට ජීවිතය බේරාගන්න පැනල යන්න හදද්දී ප්‍රභාකරන් මාරයා ඔබලාට වෙඩි තියපු හැටි මේ කොමිසමට කියන්න.(නදී)
රන්ජන් .ඇඩෙලා එංගලන්ත කාරියක්ද? නැතිනම් ඔස්ට්‍රේලියන්ද? ඕස්ට්‍රේලියන් නම් ටිකක් අමාරුයි. මොකද ඔස්ට්‍රේලියාව අපී යාලුවෙක් නේ.ලොකු සතෙක් ඇමෙරිකාවේ තියාගෙන් සුරතල් කරනවා. ජනතාව කියන්නේ උතුරු අයට විතරද? එතකොට සිංහලයා සිවිල් ජනතාවගේ ගොඩට අයත් නැතිද? (නදී)
ඉතා හොද දෙයක් (නි)
එතකොට මිට ප්‍රථම 1983 සිට 2009 කාලය තුල ලංකාවේ මානව හිමිකම් කවුන්සලයක් තිබුන ද ? උතුරේ සහ දකුණේ සිංහල හා මුස්ලිම් ජනතාව කුඩා ලමුන්,තරුණ ,තරුණයන් ,වැඩිහිටියන් කපා කොටා,බෝම්බ තියල එල් .ටි .ටි විසින් මරල,සමහර මිනිස්සු ගම්බිම් වලින් පලවා හැරී යට ඒවාට මානව කවුන්සලයේ කතා කරන්නේ නැද්ද ?එක පුදුම අසාදාරනයක්.(නදී)
මේක හොද දෙයක් දැන් මේකෙන් රටේ නීති පද්දතිය ශක්තිමත් වීමටත් බලපානවා. මානව හිමිකම් කියන්නේ හමුදාවයි කොටියි අතර විතරක් දෝලනය වෙන දෙයක් නෙවෙයි .රටක පුරවැසියන්ගේ අයිතියක් .දැන් පහු ගිය කාලේ ලොකු ව්‍යාපරිකයෝ ගොඩක් අතුරුදන් උනා.දේශපාලකයෝ කීදෙනෙක් නම් පොඩි දරුවෝ කෙලෙසුවද ඒවාට නඩුත් නෑ එයාල සැපට ඉන්නවා. නිපුන රාමනායක වගේ ළමයිට නීතියෙන් සහනයක් ලැබෙන්නේ කොච්චර පහුවෙලාද .මේවගේ සහනයක් ලැබෙන කම් අසරණ අය කොච්චර බලාගෙන ඉන්නවද. දැන් පැමිණිල්ලක් කරත් එක ක්‍රියාත්මක වෙන්නේ පැමිණිල්ල කරපු පුද්ගලයාගේ දේසපාලන බලය වත්කම වගේ දේවල් අනුව. ඒක නිසා දැන්වත් මේවා වෙනස් වෙලා ඉදිරියට රට දියුණු වෙන එක ගැන සතුටුවෙයල්ලා පාට කන්නාඩි ගලවල අපරාද කාරයන්ට උදව් නොවී රට ගැන හිතාපල්ලා .(නදී)
ආරක්ෂක ලේකම්තුමා නිදසුන් සහිතව පෙන්වල දීල තිබුන අතුරුදහන් වුනා කියල නෑදෑයෝ පෙළපාලි ගිය එවුන් ඇත්තටම රටින් පැනල ගිහින් විදේශවල ජීවත් වන බව. බොහොම සීරුවට කරන්න ඕන වැඩක් මේ විමර්ශනය. මොක වුනත් ඉතාම හොඳ වැඩක්. (නදී)
කමලේෂ් ෂර්මා මහතාට මහතාට බැරිද කැමරන් සුද්දගේ රටෙත් සිදුවන මානව හිමිකම් කඩකරන සිද්ධින් වලට කොමිසමක් පත් කරන්න. ඒකයි අපක්ෂ පාතිකම (නදී)
අපිට වැදි බණ කියනවා වගේනේ නථාව.(නදී)
අපක්ෂපාතීව වැඩ කරයිද? (නදී)
ඇයි 2009 ඉඳල 2013 වෙනකම්, ඊට කලින් තිස් අවුරුද්දක් පුරා රස්සාවට උදේ ගිය මනුස්සයා හවස ගෙදර එයිද, කොතන බෝම්බයක් කොයි වෙලාවේ පුපුරයිද කියල පන බයේ හිටපු අපේ කඩවුන මානව හිමිකම් ගැන කතා කරන්නේ මොකාද ?(නදී)
මාස 18ක් ඕනද මේ වැඩේට? මේක පොදු රාජ්‍ය මණ්ඩලය කිව්ව නිසාද කරන්නේ? (නදී)