IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මානව හිමිකම් සමුළුව හෙට සිට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේදී සඳුදා(14) ආරම්භ කිරීමට නියමිතය.

සමුළුවේ  ආරම්භක දිනයේදී ලෝකයේ සියලූ රටවල්හි මානව හිමිකම් තත්ත්වය අළලා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් විසින් විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත අතර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ දේශීය යාන්ත‍්‍රණය පිළිබඳව සාමාජික රටවල් වලට කරුණු දක්වනු ඇතැයි ජිනීවා ආරංචි මාර්ග පවසයි.

මෙවර සැසිය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු පිරිසක් සහභාගී වන බැව් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ , ජීනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ යන මහත්වරු ඇතූළු විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීහුද ඒ සඳහා සහභාගී වෙති.

ඔක්තෝබර් 2 වැනිදා තෙක් පැවැත්වෙන මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටුවේ අවසන් වාර්තාව 30 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු විසින් මෙම ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව කවුන්සිලය හමුවේ සභාගත කිරීමට නියමිත අතර එදිනට එම වාර්තාව ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතීන් ප‍්‍රවර්ධනය කිරීමේ තේමාවෙන් යුතුව මානව හිමිකම් මහ කොමසාරිස්වරයා කවුන්සිලයේ සාමාජික රටවල් හමුවේ කරුණු දැක්වීම සිදු කෙරේ.

එම වාර්තාව එළි දැක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට එල්ල කෙරෙන චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ගෙන තිබූ පියවරට සහයා දැක්වන යෝජනාවක් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කීරීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.



අදහස් (0)

මානව හිමිකම් සමුළුව හෙට සිට

විතාන Sunday, 13 September 2015 09:34 PM

අපි බලමු මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 9 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 166 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 202 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 495 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 427 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 326 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 119 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 92 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site