IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මනූෂ බාර වීමෙන් වරෙන්තු ආපසු කැඳවයි

( ඩී.ජී.සුගතපාල)

 
නඩුවක සාක්කි දිම සඳහා අධිකරණයේ පෙනි නොසිටිම හේතුවෙන් වරෙන්තු ලබා සිටි   ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා අද (07) මෝසමක් ගොනුකොට ජ්‍යෙෂ්ඨ නිතිඥ රජින්ද්‍ර නාරංගොඩ මහතා මගින් අධිකරණයට බාරවු අවස්ථාවේ වරෙන්තුව ආපසු කැඳවිමට  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග  කළේය.
 

මනූෂ නානායක්කාර මහතා මගින් ජපන් රටේ රැකියාවලට යවන බව පවසා තරුණයින්ගෙන් මුදල් වංචා කිරිමට තැත් කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ පැමිණිල්ලේ පළමුවන සාක්කිකරු ලෙස නම්කර සිටින මන්ත්‍රිවරයා සාක්කි දිම සඳහා ඉකුත් 4වනදින  අධිකරණයේ පෙනි සිටිමට නියමිතව තිබුනත් අධිකරණයේ පෙනි නොසිටිම නිසා එදින  වරෙන්තු නිකුත් කරනු ලැබිය.
 
තංගල්ලේ තරුණයෙකු දික්වැල්ලේ මිතුරෙකු සමග ජපන් භාෂාව හදාරා ඇති අතර දික්වැල්ලේ මිතුරාගේ පියා තංගල්ලේ තරුණයාට ගාල්ල හපුගල පදිංචි පුද්ගලයෙකු හඳුන්වා දි ඔහු වතු අධිකාරිවරයෙකු බවත් මනූෂ නානායක්කාර මහතා මගින් ජපන් රටේ රැකියා ලබාදිමට ඔහුට හැකි බවත් පවසා තිබේ.
 
ඒ අනුව තංගල්ලේ තරුණයා එම පුද්ගලයා සමග කතා කිරිමේදි මන්ත්‍රිවරයා මගින් ජපන් රටේ රැකියාවලට යැවිමට හැකි බවත් ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ හතරක් අවශ්‍ය බවත් පවසා ඇත.
 
පසුව 2019 පෙබරවාරි23 වනදින තරුණයා මුදල් ලබාදිම සඳහා ගාල්ලට පැමිණ ඇති අතර   රාගම තරුණයෙකුද මුදල් ලබාදිම සඳහා පැමිණ ඇත. එම ස්ථානයට පැමිණි සැකකරු අදදින මන්ත්‍රිවරයා නොමැති බවත් එය ඉටුකරදිම සඳහා පළමුව රුපියල් ලක්ෂ දෙක බැගින් ලබා දෙන ලෙසත් සැකකරු ඉල්ලා තිබේ.
එම අවස්ථාවේ සැකයක් ඇතිවු තරුණයා තම මිතුරෙකුට දුර කතන ඇමතුමක් ලබාදි මේ පිළිබඳව විමසිමේදි මෙය වංචාවක් බවත් මුදල් ලබා නොදෙන බවත් දන්වා ඇත.පසුව තංගල්ලේ සිට පැමිණි තරුණයා පොලිසියට පැමිණිලි කර තිබේ.
 
පසුව පොලිසිය විසින් වක්වැල්ල හපුගල පදිංචි නානායක්කාර ලියන පතිරණ චන්ද්‍රලාල් නමැති 62 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා ඇත. මේ සම්බන්ධ නඩුවේ පළමුවන සාක්කිකරු ලෙස මනුෂ  නානානයක්කාර මහතා නම් කර ඇත.වැඩිදුර නඩු විභාගය නොවැම්බර් 6 වනදිනට කල් තබන ලදි.



අදහස් (0)

මනූෂ බාර වීමෙන් වරෙන්තු ආපසු කැඳවයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 68 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 283 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 244 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 982 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1004 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 82 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27577 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 21148 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 657 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site