IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මිනිහා බඹරකන්දත් නැති කරයි

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන බඹරකන්ද දිය ඇල්ල මුළුමනින්ම සිඳී ගොසිනි. අඩි 863 ක් උසැති මෙම දිය ඇල්ල ඉහළින් ගොවි තැනට වතුර හරවා ගැනීමත් කැලෑ කැපීමත් කැලෑ ගිනි තැබීමත් නිසා මේ තත්වය උදා වී ඇතැයි වැසියෝ කියති ගෝනමලේ කන්ද ඇතුළු කඳු පංතියකින් වට වී ඇති බඹරකන්ද වැසි සමයේ අඩි 25 ක් පළලට විහිදුම් සේලයක් වැනි ජල කඳක් එදා එක් කළ බව ගැමියෝ පවසති. ඇල්ල සිඳී ගියත් ඇල්ල බැලීමට එන සංචාරකයන්ගෙන් රුපියල් 50 ක් අය කරන බව සංචාරකයෝ කියති.

හෝටන්තැන්නෙන් පටන් ගන්නා මෙම දිය ඇල්ල උසින් ලොව 299 වැනි දිය ඇල්ල බවත් කියති.

වතුර වැඩි කාලයට යෝධයෙකු නාන ආකාරය දිස් වන බවත් ගැමියෝ කියති

DSCN1436(1) DSCN1437 DSCN1438 DSCN1440

බඹරකන්ද ජලයෙන් පිරී ඇති විට

bambarakanda-waterfalls-3-800x600 bambarakanda-waterfalls-sri-laka-tourism



අදහස් (0)

මිනිහා බඹරකන්දත් නැති කරයි

අත්තනායක Monday, 12 September 2016 06:54 AM

අපරාදේ මේ ස්වභාවික සම්පත්! (නි)

:       0       0

අමිල Monday, 12 September 2016 07:32 AM

දුමින්ද වගේ අය දන්නේ හුඹස් තර්ක ඉදිරිපත් කරන්න විතරයි (නි)

:       0       0

මහේෂ් Thursday, 15 September 2016 05:48 AM

අපි හරිම ආත්මාර්ථකාමී කිසිම කෙළෙහිගුණයක් නැති ජාතියක්. එ්කයි දවසින් දවස අපේ ජාතිය පිරිහෙන්නේ. සොබාදහමින් මෙපමණ දායාද අපිට ලැබිලත් අපි ඒවාට දක්වන ප්‍රතිචාරය පේනවා නේද? වෙන රටවල මිනිස්සු ඒ රටේ සුන්දර තැන් රැකගන්න මොනතරම් වෙහෙසෙනවද? එ්කට අපේ රටේ පාලකයොයි, මිනිස්සුයි.? තමන්ගේ සාක්කුවට කීයක්හරි වැටෙනවා නම් ඕනෑම වැඩක් කරයි. පුදුම මිනිස්සු ඉන්න රටක්. (නි)

:       0       0

රන්ශාන් Monday, 19 September 2016 11:51 AM

සාමාන්‍යයෙන් බඹරකන්ද වැස්ස නැති කාලේට ඔහොම කමයි. (හේ)

:       0       0

රොහාන් Sunday, 11 September 2016 01:45 PM

වර්තමාන පරම්පරාව රටට ආදරේ කරන්නේ නැහැ ආදරේ නම් මෙහෙම් විනාශ වෙන්නේ නැහැ දැන් පරපුරට පරිසරය රැකගන්න උවමනාවක් නැහැ අපිට දුක රටේ ලස්සන දවසින් දවස නැතිවෙන එක. (ර)

:       0       0

දිලුම් Wednesday, 14 September 2016 05:45 AM

අපේ රටේ ඇමතිවරු කියන උන් ඉන්නේ සල්ලි හම්බකරන්න විතරනේ එයාලට තේරෙනවද මේවයේ වටිනාකම(රේ)

:       0       0

ශ්‍රියානි Sunday, 11 September 2016 02:06 PM

අනේ අපේ රටේ සුන්දරත්වය රැකගන්න. මේ ලස්සන විනාශ කරන්න එපා. (ර)

:       0       0

භාරත Monday, 12 September 2016 08:21 AM

බඹරකන්ද දිය ඇල්ලට අත්වි ඇති ඉරණම ගැන ඉතා කනගාටුයි. (බ)

:       0       0

දිලුම් Wednesday, 14 September 2016 05:45 AM

අපේ රටේ ඇමතිවරු කියන අය ඉන්නේ සල්ලි හම්බකරන්න විතරනේ ඔවුන්ට තේරෙනවද මේවයේ වටිනාකම (බ)

:       0       0

නිහාල් Sunday, 11 September 2016 02:25 PM

රොහාන්, ජනතාව විතරක් නොවේ මේ රටේ ඉහළ පාලකයින්ද මේ විනාශයට වගකිව යුතුයි. මේ ගැන සොයාබැලිය යුතුයි (නි)

:       0       0

උපුල් Sunday, 11 September 2016 02:35 PM

සල්ලි කන්න බැරි බව තේරුම්ගත් දවසට මිනිස්සු පරිසර විනාශය නවත්වාවි. ඒත් එදාට රකින්න පරිසරයක් නැතිවේවි (නි)

:       0       0

සුදේශ් Sunday, 11 September 2016 03:11 PM

මේ රටේ මිනිස්සු කවදාවත් හදන්නත් බැහැ. හැදෙන්නෙත් නැහැ (නි)

:       0       0

සුසන්ත Tuesday, 13 September 2016 02:16 AM

මේවායේ අගය දැනෙන්නේ මේවා අහිමි වූ දාටයි (නි)

:       0       0

කීර්ති Sunday, 11 September 2016 04:03 PM

ඉදිරියේදී මේ සියල්ල දැකගත හැක්කේ පින්තූර සහ විඩ්යෝ වලින් පමණි. එනිසා ඒවා සංරක්‍ෂණය කර තබන්න (නි)

:       0       0

සුකුමලී Sunday, 11 September 2016 04:23 PM

ලංකාවේ ඉන්නේ ගෝත්‍රික මෝඩයින් රැසක්. කවමදාවත් දියුණුවෙන්නේ නැති පිරිසක්. ඕක තමයි ඇත්ත. මේ රට ඉස්සර ඉංග්‍රීසින්ට යටත්ව තිබුන යුගයේදී සුද්දා පරිසරය ආරක්ෂා කළා.ඒ වගේම රටත් දියුණු කළා. සුද්දා ලංකාවට නොඑන්න අපි තවමත් ගස් උඩ තමයි. සමහර දේශප්‍රේමී අයට මේ සටහනට තරහා යාවි. නමුත් ඇත්ත එය බව ඒ අයත් හොඳින්ම දන්නවා. (නි)

:       0       0

ජෙහාන් ග්‍රේරු Sunday, 11 September 2016 04:45 PM

සල්ලි ලැබෙනවා නම් මිනිස්සු ඕනෑදෙයක් කරනවා. (නි)

:       0       0

ටෝනි Sunday, 11 September 2016 04:54 PM

ලස්සන පරිසරයක්, සුන්දර දසුන් අප වෙතින් නැතිකරන්න එපා. සොබා දහම පනමෙන් රකිමු (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 11 September 2016 04:56 PM

මෙතරම් ලස්සන දිය ඇල්ලක් වෙනුවට, තව පරම්පරා 4 - 5 කින් උපදින දරුවන්ට දැක ගැනීමට හැකිවන්නේ අතිවිශාල, උස කළුගල් කන්දක් වෙන්න පුළුවන්. එ්කත් ඉතින් ගල් බෝරකාරයන්ගේ අනුකම්පාව උඩ තමා. පරිසර හිතවාදීන් හෝ ඇමතිවරයා තවමත් පසුවන්නේ සැප නින්දක වෙන්න පුළුවන්. ඒ අය අවදි වෙනකොට "යෝධයා නාලා" ඉවරවෙයි. ඇල්ල බැලීමට එන සංචාරකයන්ගෙන් අයකරන රුපියල් 50 න් මොකද්ද කරන්නේ? කාගේ සාක්කුවටද ඒවා වැටෙන්නේ කියා හොයා බලන්න කවුරුත් නැද්ද? (නි)

:       0       0

එරංග Sunday, 11 September 2016 05:00 PM

බඹරකන්ද හිදෙන්න හේතුව ෆයිනස් වැවීමයි. මේක කරන්න තමයි එදා දැඟලුවේ. ජාතියේ අවාසනාව! දුකයි. දැන්වත් ෆයිනස් සම්පුර්ණයෙන්ම ඉවත්කරමු. (නි)

:       0       0

ටෙරන්ස් Sunday, 11 September 2016 05:11 PM

අන්තිමට අපිට මේ හැමදේම දවසක අහිමිවෙලා යයි (නි)

:       0       0

අන්වර් Sunday, 11 September 2016 07:35 PM

ජලයෙන් පිරී ඇති දියඇලි අපිට තව කොපමණ කාලයක් දකින්න ලැබෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

අනුෂ Monday, 12 September 2016 11:13 AM

එරංග කියනදේ හරියටම හරි දිය උල්පත් සිදියමට ප්‍රදානම හේතුව තමයි ෆයිනස් සහ සර්පන්ටයින් වගාව. වහාම මෙම ගස් ඉවත් කර කොස්, අඹ වගේ ශාක වගා කළ යුතුව තියෙනවා (හේ)

:       0       0

විකුම් රංගන Sunday, 11 September 2016 08:26 PM

අනේ රොහාන්, ඔබලා මොනවද මේ රටේ බාල පරම්පරාවට ඉතිරි කළේ? බාල පරම්පරාවට දුන් ආදර්ශය මොකක්ද? ජඩකම් කම් වීරකම් ලෙසත්, අමනකම් ගුණවන්තකම් ලෙසත්, නොහික්මුණු, නොසන්ඩාලකම් ධර්මිෂ්ඨකම් ලෙසත්, අධර්මය ධර්මය ලෙසත් අර්ථ දක්වා මෙතන බාල පරපුරට දොස් නඟන්න එපා. එතකොට රටේ තියන ගස් කැපුවේ බාල පරම්පරාවද? ගංගාවල තියන වැලිටික හූරාගෙන කෑවෙ බාල පරම්පරාවද? පරිසරය සුරැකීමට බාල පරම්පරාවට දුන් ආදර්ශය මොකක්ද? කටේ කයිවාරුව තිබුනට වැඩක් නැහැ. බාල පරම්පරාවට ආදර්ශයක් වෙන ලෙස හැසිරෙන්න මොළෙත් හොඳට වැඩ කරන්න ඕනෑ. අන්න ඒක මතක තියාගන්න. (නි)

:       0       0

පුබුදු Sunday, 11 September 2016 08:21 PM

අයියෝ බලධාරිනි, මේ වෙනුවෙන් වහාම පියවර ගන්න. මේවා රැකගන්න. (නි)

:       0       0

අබය Sunday, 11 September 2016 09:49 PM

වර්තමාන පරපුර මේ නෙළාගන්නේ පහුගිය පරපුර කළ කී දේ තමයි...... (නි)

:       0       0

ආනන්ද Sunday, 11 September 2016 10:44 PM

පරිසර ලොකු ලොක්කෝ කොහේද? ලොකු වාහන, පහසුකම්, ගමන් වියදම්, බටා සියල්ල අපේ සල්ලි. අපි විතරක් නොවෙයි රටම අවාසනාවන්තයෝ වෙලා (නි)

:       0       0

රොහාන් Sunday, 11 September 2016 11:07 PM

කවදාහරි මේවා ඡයාරූප වලට පමණක් සීමාවේවි (නි)

:       0       0

අනුරාධ Monday, 12 September 2016 01:20 AM

විකුම් රංගන, ඔබ හරි. ඇත්තටම බාල පරම්පරාව රටට ආදරෙයි වැඩිහිටි පරම්පරාවට වැඩිය (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 12 September 2016 01:35 AM

පරිසරය විනාශ කරන හැටි ඊයේ පෙරේදා නකල්ස් ගින්නෙන් හොඳට දැකගන්න ලැබුනා. අපේ රටේ වන අපරාධ වලට දඬුවම් ප්‍රමාණවත් නොමැතිකම නිසා මෙවැනි අපරාධ වළක්වා ගැනීම අපහසුවෙලා තිබෙනවා. (නි)

:       0       0

තිලංක Monday, 12 September 2016 02:18 AM

දැන් කාලේ අයට මේවායින් ඇති වැඩක් නැහැ (නි)

:       0       0

බන්දු Monday, 12 September 2016 02:20 AM

කවදාහරි මේවායේ විපාක විඳින්න වෙන කාලෙට තේරෙයි (නි)

:       0       0

බෙනට් Monday, 12 September 2016 01:17 PM

ඔය ඇල්ල බලන්න එන අයගෙන් රුපියල් පනහක් අය කලත් ඒ අය කරන කට්ටිය ඔය ඇල්ලේ ඉදිරි අනාගතය වෙනුවෙන් එක සත පහක් වියදම් කරලා නැහැ .. රටේ අනිත් ස්ථාන වලටත් ඔය දේම තමයි වෙලා තියෙන්නේ . (ර)

:       0       0

රොමේෂා Monday, 12 September 2016 02:50 AM

තව ඉදිරියට අනෙක් දියඇළි වලටත් මේ ආනිසංසයම තමයි ඉතින් (නි)

:       0       0

ප්‍රියාන් Monday, 12 September 2016 02:54 AM

අපේ මතු පරපුර අනිවාර්යයෙන්ම අපිට ශාප කරනවා නියතයි, අද වෙන සියලු දෙයට. සොබා දහමට කරන අකටයුතුත් සමඟම. (නි)

:       0       0

ඉමල්ක Monday, 12 September 2016 03:41 AM

අපේ අයට අපේ දේවල් වල අගයක් නැහැ (නි)

:       0       0

අමිල Monday, 12 September 2016 03:48 AM

නිකන් කඩාහැලෙන එක බලන්න සල්ලි ගන්නේ හරියට මේක නඩත්තු කරන්න මහා සල්ලියක් යනවා වගේනේ (නි)

:       0       0

නඳුන් Monday, 12 September 2016 05:07 AM

කොතරම් සුන්දර ස්ථානයක්ද මේ.(හේ)

:       0       0

නිමල් Monday, 12 September 2016 05:03 AM

ජාතික සම්පත් විනාශ කිරීමට,විනාශ වීමට ඉඩදී බලාසිටින ,වගකිව යුතු බලධාරින්ට සාප වේවා.(හේ)

:       0       0

දුමින්ද Monday, 12 September 2016 05:27 AM

මට නම් මේවා දකිනකොට මතක් වෙන්නේම, බොරු ජාත්‍යාලය පෙන්නාගෙන ඉන්න කට්ටිය, තමන්ගේ බලයට ආගම, රට, ජාතිය පෙරට දාලා කටමැත දොඩවන අය, ඇත්තටම රටට කළේ මොනවාද කියලා හොඳම නිදර්ශනයක් මේක. දැන්වත් බොරු ජාත්‍යාලයට මුලානොවී, සැබෑ ලාංකිකයන් විදිහට හිතන්න කාලය හරි (නි)

:       0       0

සංගීත් Tuesday, 13 September 2016 08:18 AM

පරිසරය ගැන වගකියන්න ඕනෑ බලධාරින් ඇස් කන් පියාගෙනද ඉන්නේ? (නි)

:       0       0

සංජීව Tuesday, 13 September 2016 08:19 AM

කෝ මේ පරිසර ඇමතිවරයා ඇතුළු නිසි බලධාරින්? ඔවුන්ට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

හිමාල් Tuesday, 13 September 2016 09:30 AM

ඔය පැත්තේ සමහර මිනිස්සු කැළෑ ගිනි තියනවා සත්තුන්ට කන්න අලුත් තණකොළ වවා ගන්න. වතුර පාරවල් හරවලා තියෙන්නෙත් ඔය මිනිස්සුම තමයි. මේකට නිලධාරීන්ට බැනලා වැඩක් නෑ. නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්න ආවම පිකට් කරන්නේ, නිලධාරීන්ට බලපෑම් කරන්නේ ඔය ජනතාවම තමයි. (බ)

:       0       0

තුසිත අබේකෝන් Tuesday, 13 September 2016 10:20 AM

ලක්‍ෂපාන ඇල්ලත් මේ වගේ (බ)

:       0       0

තුසිත අබේකෝන් Tuesday, 13 September 2016 10:39 AM

ලක්‍ෂපාන ඇල්ලත් මේ වගේ නෙවෙයි. අන්තිම ඡායාරූප දෙකම ලක්‍ෂපාන ඇල්ලේ තමයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 19 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 354 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 217 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 750 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 316 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site