නිරූපණ ක්ෂේත්රය තුල දැකීමට අවස්ථාවක් නොලැබෙන දිනූශා ආදරය පිළිබඳව දරන්නේ මෙවැනි මතකයකි, "ආදරේදී ඕනෑම කෙනෙක් හරි තීරණ වගේම වැරදි තීරණත් ගන්නවා.
ඒක ආදරේ හැටි. වැරදි තීරණයක් ගත්තට පස්සේ අපි හිතාගන්නවා ආයෙ නම් ආදරේ කරන්නෙ නැහැ කියලා. ඒත් අන්තිමට ආයෙත් පාරක් ආදරේ හොරෙන්ම ඇවිත් අපිව පිස්සු වට්ටනකල්ම අපි දන්නෙ නෑ. එතකොට අර කලින් දේවල් ඔක්කොම අමතකයි. මම ආදරේ රස හොඳට දන්නවා. ආදරේ වේදනාවත් දන්නවා. ඒ නිසා මම ආදරේ කරන්න කලින් ගොඩක් දුරට හිතනවා. මම ගොඩක් කැමතියි මගේ ගැන හොඳින් හොයලා බලන, මට හිතට දැනෙන්න ආදරේ කරන කෙනෙකුට. මාත් එක්ක හැමදේකටම එකඟ නොවුණට කමක් නැහැ. එහෙම වෙන්න ඕනෙත් නැහැ.
අපි දෙන්නා දෙන්නෙක්නේ . ඒත් මාත් එක්ක යාළුවෙක් වගේ, වැඩිහිටියෙක් වගේ, ආරක්ෂකයෙක් වගේ ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම තමයි ආදරේ කරන කෙනා මාත් එක්ක විවෘත මනුස්සයෙක් වෙන්න ඕන. මාව ආදරෙන් බලාගන්න කෙනෙක් වෙන්න ඕන. ගෑනු ළමයි විදියට අපි පිරිමියෙක්ගේ කඩවසම්බ වට ආස කරන්නේ නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්. මමත් එහෙම ආසා වෙලා තියෙනවා. ඒත් අපි පරිණත වෙනකොට ඉගෙන ගන්න පාඩමක් තමයි ඇත්තටම වැදගත් වෙන්නේ බාහිර කඩවසම් බව නෙවෙයි කියන එක. පිරිමියෙක්ගේ පිරිමිකමක්, හොඳ පෞරෂත්වයක් තියෙන්න ඕන කියන එකේ විවාදයක් නැහැ. ඒත් බාහිර පෙනුමට වඩා මම ඉස්සෙල්ලා කියලා තියෙන ගතිගුණ තමයි වැදගත් වෙන්නේ."
සටහන - පැතුම් පුංචිහේවා / ඡායාරූප - මාලක වැලිගොඩපොල
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මම ආදරේ රස හොඳට දන්නවා