IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මම ඉස්සො වඩේ කන්න පෙරේතයි

2017-01-05-ent-44

ජනපි‍්‍රයම නිළිය (දෙරණ සිනමා සම්මාන උළෙල) ස්ටාර් සිටි (දෙරණ) අනාගත බලාපොරොත්තු තැබිය හැකි නිළිය (හිරු ගෝල්ඩන් සම්මාන උළෙල) නිර්මාණශීලී රංග කුසලතා (සිග්නීස් සම්මාන උළෙල) කුසලතා සම්මානය (සරසවි සම්මාන උළෙල) ගෙවී ගිය 2016 වසරේදී දිනක්‍ෂි පි‍්‍රයසාද්ගේ රංගන ජීවිතයට ලැබුණු සම්මාන ඒවාය. සම්මාන ලැබෙන තරමට නිහතමානීව ඒවා විඳ දරා ගෙන තම දක්‍ෂතාවයට මූලිකත්වය දෙමින් රංගනයේ යෙදෙන දිනක්‍ෂිගේ ජීවිතය 2017 දී කොහොම වේවිද? නව බලාපොරොත්තු සමග ඇරඹි 2017 වසරේ සඳැල්ල කතාබහ වෙනුවෙන් අපි ඇයට ඇරියුම් කළෙමු.

 

දිනක්‍ෂි මොකද මේ දිනවල ගෙදරවත් නැහැ කියන්නෙ?

2017-01-05-ent-42වැඩ. වැඩ ඉතිං.

 

මොනවද ඔච්චර වැඩ?

ෂුටිං, විවිධ ඉවෙන්ට්ස්, පුහුණුවීම් ඒ වගේ දේ නිසා තමයි.

 

කාර්යබහුල වූ ඒ නිර්මාණ ගැන කිව්වොත්?

ගැමුණු මහරජ (හිරු) මෞනයාගය (ජාතික රූපවාහිනිය) ටී - ටුවෙන්ටි (ස්වාධීන රූපවාහිනිය) කවුරුන්ද නුඹ මගේ (හිරු ටීවී එකේ මේ වසරේ සිට) නාට්‍ය නිසා කාර්යබහුලයි.

 

දැන් රැකියාවට යන්නේ නැද්ද?

ඇඟළුම් නිෂ්පාදනය හා කළමනාකරණය ගැන තවදුරටත් හදාරනවා. රැුකියාව ෆුල් ටයිම් කරන්නෙ නැහැ. මම වඩා ආසා මේ කලා කටයුතු වලටයි.

 

”කවුරුන්දෝ නුඹ මගේ” නාට්‍ය ගැන මොකද හිතෙන්නෙ?

හොඳ කතාවක්. නරඹන්නට ආසා හිතේවි.

 

‘කවුරුන්දෝ නුඹ මගේ’ කියාලා කවුරුහරි ඔබගෙන් අහලා තියෙනවද?

නැහැ.

 

මගේ වෙන්න කියලත් අහලා නැද්ද?

අහපු අයත් ඉන්නවා. ඒත් හිතලා නැහැ මම ඒ ගැන.

 

මේ කාර්යබහුල වීම ගැන හිතන්නේ කොහොමද?

2016 වසරේ මුල ඉඳලාම කාර්යබහුල වුණා. හැකි විදියට ඒ සෑම දෙයක්ම සාර්ථක කරගන්න දායක වුණා. ඒ නිසා ඒ ගැන සතුටුයි.

 

සම්මාන නිසා වැඩ වැඩි වෙන්නත් ඇති?

ඒ නිසා වැඩ වැඩි වුණේ නැහැ. නමුත් ඉතා හොඳ නිර්මාණ කීපයකට අවස්ථාව ලැබුණා.

 

වැඩත් එක්ක කාර්යබහුල නිසා සල්ලිත් ගොඩක් ඇති?

විශ්වාස කරන්න මම දායක වන වැඩ අතරින් වැඩිපුරම දායක වෙන්නෙ සහ වෙලා තියෙන්නෙ සමාජ සුබසාධනය වෙනුවෙන් වූ වැඩවලටයි. කලා ක්‍ෂේත‍්‍රයේදී සමහර හොඳ නිර්මාණවලට දායක වන්නේ සල්ලිම බලාගෙන නොවෙයි. තවමත් මම අම්මාගෙන් කීයක් හරි ඉල්ලගෙන යන්නෙ.

 

මොනවටද වැඩිපුරම වියදම් කරන්නෙ?

මම වියදම් කරන්න ටිකක් ලෝභයි. හැබැයි හිතුණොත් කෙළවරක් නැතුව වියදම් කරනවා. ඒකට මුඞ් එකක් එන්න ඕනෑ. කෑමක් කන්න හිතුණොත් අත දිගහැරලා වියදම් කරනවා.

 

හොඳ තරුපහේ හෝටලයකට වෙන්න ඇති?

නෑ අනේ. ඉස්සෝ වඬේවලට.

 

ඔයා හරි සතුටින් ඉන්න කෙනෙක් වගෙයි?

ඔව්. එහෙම වෙන්න එපායැ. නිතරම සතුටින් ඉන්න කොට ජීවිතය සැහැල්ලූයි. සතුට අප ළඟට එන්නෙ නැහැ. ඕනෑම දෙයක් සතුටින් බාර ගන්න පුරුදු වෙන්න ඕනෑ.

 

රඟපෑමට ඇවිත් දැන් කොපමණ කාලයක් වෙනවද?

අවුරුදු 7ක් විතර. ඒ වසර 7ට සම්මාන 7ක් ලැබුණා. ඉතින් හරි සතුටුයි.

 

අක්කා - නංගිලා අතර මොනවද අලූත් දේ?

අපි තුන්දෙනා ඉතින් රණ්ඩු වෙන එක තමයි.

 

මොනවටද රණ්ඩු වෙන්නෙ?

ඇඳුම්වලට, සපත්තුවලට ඒ හැර ඉතින් ඕපාදුප කිය කියා ගෙදරට වෙලා ඉන්නවා.

 

තුන්දෙනා එකතු වෙලා ප‍්‍රසංගයක් කරන්න ලැස්ති වුණා නේද?

අදහසක් තිබුණා ඒක පස්සට ගියා.

ඒ හැර තුන්දෙනා එකතුවෙලා නත්තලට රසට කෑම හැදුවා. ශේෂාද්‍රිට තමයි රසටම කෑම හදන්න පුළුවන් ශේෂාද්‍රි සහ මම රඟපාන Zoom චිත‍්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. මතක ඇතිව ගිහින් බලන්න.

 

සටහන/ඡායාරූප සඳුන් ගමගේ

 

2017-01-05-ent-43
2017-01-05-ent-41
2017-01-05-ent-40
2017-01-05-ent-39
2017-01-05-ent-38
2017-01-05-ent-37



අදහස් (0)

මම ඉස්සො වඩේ කන්න පෙරේතයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1190 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2130 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 939 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9195 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3354 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site