IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මම උත්සහ කරනවා කට කතා නොහැදෙන්න ජීවත් වෙන්න

2016-07-07-ent-68


නම?

2016-07-07-ent-70දුෂේනි මියුරංගි

 

ගම?

පන් ගම මාතර. හැබැයි හැදුණේ කුරැණෑගල. දැන් පදිංචිය කොළඹ.

 

ඉගෙන ගත්තේ?

වයඹ රාජකීය විදුහල.

 

පවුලේ විස්තර?

අම්මා, තාත්තා, මල්ලියි, මමයි.

 

කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

2015 පැවති මිස් ක්වීන් ඔෆ් ඒෂියා තරගයෙන් කිරැළ දිනාගත්තාට පසුව තමයි මට ආරාධනා ලැබුණේ නාට්‍යවලට.

 

රංගන ශිල්පිනියක් වෙන්න ඕන කියන හීනයක් තිබුණද?

අනේ නැහැ. එහෙම තිබුණේ නැහැ. මම ඉගෙන ගන්නේ ව්‍යාපාර කළමනාකරණය පැත්තෙන්. නමුත් මට මතකයි මම A/L කරන කාලේ නිකම් අම්මට කිව්වා මම නිළියක් වෙනවා කියලා.

 

උපේක්ෂා වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

ඔව්, මම රෑ රුජන කිරැළ දිනාගත්තට පස්සේ, නිල්වලා ආයතනයේ අධිපති උපුල් ජයසිංහ මහතාත්, ලලිත් වසන්ත මහතාත්, සඳුන් රාජකරැණා මහතාත් සහ සුජීව ප්‍රසන්න මහතාත් මට කතා කළා. ඔවුක් තමයි මට මේ චරිතය දුන්නේ. ඒ චරිතය මට හොඳටම ගැලපුණා.

 

ඒ චරිතය ලැබීම ගැන මොකද අද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. උපේක්ෂා කියන්නේ බොහොම අහිංසක ආදරය දිනාගන්න පුළුවන් චරිතයක්. ඉතින් ඒවගේ චරිතයක් ලැබීම මගේ වාසනාව.

 

උපේක්ෂා දුෂේනිට සමානද?

ඇත්තටම සමීපකම් තියෙනවා. මොකද උපේක්ෂාත් තාත්තට ගොඩක් ආදරෙයි. මමත් එහෙමයි ගොඩක් ආදරේ තාත්තට. නමුත් මේ දවස්වල නම් පොඩ්ඩක් වෙනස් වෙලා ආදරයකට මැදිවෙලා ඉන්නේ. හැබැයි ඒ මම නෙවෙයි උපේක්ෂා. එතැනදී නම් උෙප්ක්ෂා වෙනස්. උපේක්ෂා ගොඩක් අහිංසක හැමෝම එක්ක ආදරෙන් ඉන්න කැමති කෙනෙක්. මමත් එහෙමයි. ඉතින් සමානකම් තියෙනවා.

 

දැන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ දුෂේනිටද?

උපේක්ෂාටද? හ්ම්.... මේ දවස්වල නම් උපේක්ෂාට.

 

වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ කොයි වයස්වල අයගෙන්ද?

ගොඩාක්ම පුංචි ළමයින්ගෙන්. මොකද මාව මඟ තොටේදී දැක්කම මුලින්ම ඒ අය තමා මාව අඳුනගෙන අන්න අම්මේ උපේක්ෂා අක්කා කියලා පෙන්නන්නේ. ඒවගේම ලොකු කුඩා කට්ටිය මට ආදරෙයි.

 

ගෙදරින් ලැබෙන සහයෝගය?

අද මම මෙතන ඉන්නේ මගේ අම්මා තාත්තා නිසා. පුදුම සහයෝගයක් මට ලබාදෙන්නේ. මට තාමත් සියලු වියදම් කරන්නේ තාත්තා. ඒ වගේම මා එක්ක සියලු රෑපගත කිරීම්වලට මගේ අම්මා එනවා. ඉතින් එයාලා නැත්නම් අද මම මෙතන නැහැ.

 

කට කතා ගැන මොකද හිතන්නේ?

කට කතා හදන අයව වෙනස් කරන්න බැහැ. නමුත් මම ගත්ත්තොත් මම උගත් කෙනෙක්. ඒ නිසා මොළේ කල්පනා කරලා තමා වැඩ කරන්නේ. මොකද ජනප්‍රිය වෙද්දී මිනිස්සු බලන් ඉන්නේ කට කතා හදන්න. එතැනදි අපි හරියට හිටියත් කට කතා හදන්න පුළුවන් කෙනෙක්ට. මොකද ඉරිසියාවට සහ තරහට. ඒ නිසා මම උත්සහ කරනවා කට කතා හැදෙන්නේ නැති විදියට ජීවත් වෙන්න.

 

උපේක්ෂාට පස්සේ දුෂේනිව දකින්න පුළුවන් මොන චරිතයකින්ද?

මේ දවස්වල අලුත් නාට්‍යක වැඩ කරගෙන යනවා. ඒකත් නිල්වලා ආයතනයෙන් කරන්නේ. ඉරේෂ් ලොකු බණ්ඩාරගේ අධ්‍යක්ෂණයක්.

 

මොකක්ද ඒකෙ දුෂේනිට ලැබුණ චරිතය?

ඒකෙ මම කරන්නේ පංචාලි කියලා ද්විත්ව චරිතයක්. සිංහල හා දෙමළ චරිතයක්. මට ටිකක් අභියෝගයක් වුණ චරිතයක් කිව්වොත් හරි. මොකද අහිංසක කෙල්ලෙක්ගේ චරිතයක් කරපු මට මේක අභියෝගයක්. හැබැයි මම ඒ අභියෝගය භාරගත්තා. කාවිංග පෙරේරා එක්ක තමා මම එහි රඟපාන්නේ.

 

සිනමාවට ආරාධනා නැද්ද?

නැහැ. තවම මට ආරාධනා ලැබුණේ නැහැ. මගේ තාත්තාත් කැමතියි මම සිනමාවට සම්බන්ධ වෙනවා දකින්න. ඉතින් මමත් ආසාවෙන් ඉන්නවා හොඳ නිර්මාණයකට දායක වෙන්න.

 

චරිත තෝරාගන්නේ කොහොමද?

මම කැමති ප්‍රේක්ෂක ආදරය දිනාගන්න පුළුවන් චරිත කරන්න. මොකද මම ප්‍රේක්ෂක ආදරයට ගොඩක් ආදරෙයි. ඉතින් එහෙම හොඳ චර?ිත ලැබුණොත් මම භාරගන්නවා.

 

ආදරය ගැන මොකද හිතෙන්නේ?

මම තාම විඳින්නේ අම්මගේ තාත්තගේ ආදරේ. වැඩිපුරම තාත්තගේ ආදරේ. ඉදිරියේදී මම හිතනවා මට ගැළපෙන ආදරයක් ලැබෙයි කියලා.

 

ක්ෂේත්‍රයේම කෙනෙක්ටද කැමති?

ඒක ඉතින් කියන්න බැහැ. ක්ෂේත්‍රයේම වුණත් නොවුණත් මට ගැටලුවක් නැහැ. නමුත් මම බලපොරොත්තු වෙන දේ තියෙනවානම්.

 

මොනවාද මුලිකවම බලපොරොත්තු වෙන්නේ?

විශ්වාසය සහ මාව තේරැම් ගැනීම.

 

දුෂේනිගේ අනාගත බලපොරොත්තු?

මම මිස් ක්වීන් ඔෆ් ඒෂියා තරගයෙන් කිරැළ දිනාගත් කෙනෙක්. ඉතින් මම කැමතියි ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ලබාදෙන්න. ඒ සඳහාත් මගේ අරමුණක් තියෙනවා. ඒ වගේම හොඳ කලා නිර්මාණ වලින් ඉදිරියට යන්න තමා බලපොරොත්තු වෙන්නේ.

 

ඒ කියන්නේ දිගටම කලා නිර්මාණවලින් දකින්න පුළුවන්.

ඔව් මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට මාව දකින්න ලැබෙයි. මොකද මම මේ ක්ෂේත්‍රයට පුදුම ආදරයක් තියෙන්නේ.

 

අවසාන වශයෙන් මොනාද කියන්න තියෙන්නේ?

උපේක්ෂට ගොඩක් අය ආදරෙයි. ඉතින් මට කියන්න තියෙන්නේ මමත් උපේක්ෂට ආදරය කරන හැමෝටම ආදරෙයි කියලා.

 

අනූෂා රණසිංහ

සේයාරූ - සුමුදු හේවාපතිරණ

 

2016-07-07-ent-69
2016-07-07-ent-65
2016-07-07-ent-67

 



අදහස් (0)

මම උත්සහ කරනවා කට කතා නොහැදෙන්න ජීවත් වෙන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 997 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 665 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1822 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 351 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 593 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1560 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38923 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site