IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මම එදා නිරැවතින් හිටියේ නෑ...

deshaya-20151214-hot-story

deshaya-20151214-hot-story-02

 

0101

 පාසල් නිවාඩු කාලය හින්දා ගුරැවරියක් වන ඔබට ලොකු විවේකයක් ලැබිලා ඇති?
ඇත්තටම විවේකයක් නැහැ. රිදී රුයක් ප්‍රසංගයට සූදානම් වෙන හින්දා. මම රඟපෑ චක්‍ර ටෙලිනාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. රිදී රුයක් ප්‍රසංගයෙන් පසුව චක්‍ර ඉතිරි රෑගත කිරීම්වලට සහභාගි වෙන්න ඕන. සම්පූර්ණ මාසෙම කලා කටයුතුවලට වෙන්වෙලා තියෙන්නෙ.


0101 චක්‍රවලට හොඳ ප්‍රතිචාර තියෙනවද?

ඔව්. ඇත්තටම හිතුවට වැඩිය පිරිසක් නරඹනවා. ගොඩක් අය කතාවට මගේ චරිතයට ගොඩක් කැමති බව කියන දේවල්වලින් තේරෙනවා.  


0101 ගුරැවරියක්, නිළියක් කියන වෘත්තීන් දෙක එකට කරගෙන යන්න පුළුවන්ද?

සමහර වෙලාවට ගුරැවරියක් වීම නිසාම නොවුණත් චිත්‍රපට සඳහා තෝරා බේරාගෙන වැඩ කරනවා. රංගනය ලංකාවේ සංස්කෘතීන්ට ජීවන රටාවට ගැළපෙන්න කරන්න ඕන කියන සිතුවිල්ලෙ මම ඉන්නවා. ගොඩක් වෙලාවට තෝරා බේරගෙන වැඩ භාර අරගෙන පාසලේ කටයුතු වගේම රංගන කටයුතුත් කරගෙන යනවා.


0101 මොනවද පාසලේ උගන්වන්නෙ?

නැටුම්.


0101 අලුතෙන් එන්න තියෙන නිර්මාණ මොනවද?

අපේ කාලයේ පටාචාරා, උදයකාන්ත වර්ණසූරිය මහතාගේ කොරල් ෆිල්ම් එකක් හැටියට බන්දන් චිත්‍රපට දෙක එන්න තියෙනවා. ටෙලිනාට්‍ය දෙක තුනක් එන්න තියෙනවා.


0101  ඒවත් ඉතිහාස කතාද?

නෑ. බන්දන අපේ සංස්කෘතියේ තිබෙන යාග හෝම ආශ්‍රය කරගෙන කළ චිත්‍රපටයක්. ඒක හොල්මන් පැත්තට වැටෙන එකක්. අපේ කාලයේ පටාචාරා චිත්‍රපටය හැදිලා තියෙන්නෙ වර්තමානය සහ අතීතය මිශ්‍රවෙලා.deshaya-20151214-hot-story-03

 

0101  ඔබ ඉතිහාසය කතා කිහිපයකම රඟපාලා තිබෙනවා. මේ ඉතිහාස කතා රුල්ලට ගොඩක් විවේචන එල්ල වෙනවා නේද?

එක එක කාලවලදී රුලි ආවත් කාලෙ ඉවර වුණාම රුල්ල යනවා. මේ කාලය තුළ ඓතිහාසික රුල්ලට බර චිත්‍රපට බිහිවුවත් එය නැතිවේගෙන යන ස්වභාවයක් තියෙනවා. වාණිජමය චිත්‍රපට රුසක් එළියට ඒමත් එක්ක වෙනත් රුල්ලක් ඒවි.


0101  වැඩි ඉල්ලුම කුමන චිත්‍රපටවලටද?

වාණිජමය චිත්‍රපට හැටියට ප්‍රවේගය, ඇඩ්‍රස් නෑ, මේ වගේ ආදරයක් වැනි චිත්‍රපටවලට යම් ප්‍රේක්‍ෂක අවධානයක් දිනා ගැනීමට හැකිවීමත් එක්ක විවිධාකාර චිත්‍රපට නිර්මාණයට නැවත ඉඩක් වෙන් වේවි.


0101  ඔබ රසිකයන් අතරට එන්නෙත් මේ ඉතිහාස කතා එක්කයි. වැඩි කැමැත්ත තවමත් මේ කතාවල රඟපාන්නද?

මම රංගන ශිල්පිනියක් හැටියට බලාපොරොත්තු වෙන්නෙ වෙනස්ම වූ දෙයක් අරගෙන ප්‍රේක්‍ෂකයා අතරට එන්න. මම කැමැති හැමතිස්සෙම අලුත් දෙයක් එනවා නම්. ඓතිහාසික චිත්‍රපටම නොකර අලුත් විදියට වෙනස් වන චිත්‍රපට කිරීමයි මට බලපාන්නෙ.


0101  ඔබ ලැබෙන ඕනම චරිතයක් බාරගන්නවද?

නෑ. පියපත කියවලා මට කරන්න පුළුවන් දෙයක් නම් විතරයි තෝරාගන්නෙ. 


0101  වැඩි කැමැත්ත චිත්‍රපටවලටද?

මම ආවත් චිත්‍රපටවලින්. මම සිනමාවට ගොඩක් ආදරය කළත් හොඳ ටෙලි නාට්‍යයක් ආවෙත් අත්හරින්නෙ නම් නෑ.


0101  තවම තනිකඩ ඔබට විවාහ වෙන්න අදහසක් නැද්ද?

විවාහ වෙන්න ඕන. තාම විවාහයක් වුණේ නෑ. ඉදිරියට බලමු. ඒකත් වෙයි ඉතිං.


0101  ඒ කියන්නෙ ඔබ ආදරය ගැන කොහොමද හිතන්නෙ?

ආදරය අත්‍යවශ්‍ය දෙයක්. පැවැත්මට ඇඳුම් පැළඳුම් වගේම ආදරයත් අවශ්‍යයි. 


0101  දැන් ආදරය කරන කෙනෙක් ඉන්නවද?

ආදරය අපි එක එක විදිහට කරනවා.


0101  නම කියන්න කැමතිද?

නෑ. මම කිව්වෙ ආදරය කරනවා. ආදරය එක එක විදිහට කරනවනෙ. සමහරවිට අනිත් කෙනා ආදරය කරනවා කියලා දන්නෙත් නෑ. සමහර වෙලාවට අනිත් කෙනා දන්නවා වුණත් වැඩක් වෙන්නෙ නෑ. ආදරය දෙන්නෙක් එකතු වෙලාම කරන්නෙ නැහැ. ආදරය කියන හැඟීම මම විඳලා ලබලා තියෙනවා. නැවත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සමහරවිට අනිත් කෙනා නොදැන ආදරය කරන කාලවකවානු ගෙවිලා යනවා.


0101  මේ කාලයේ ඔබේ ඒකපාර්ශ්වික ප්‍රේමයක් තිබෙන බවද කියන්නෙ?

deshaya-20151214-hot-story-01ආදරය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ හැඟීමක් තියෙන්නෙ.


0101  ක්‍ෂේත්‍රයට ආවාම එක එක අයගෙන් බලපෑම් එල්ල වන බව ඇතැමුන් කියනවා. ඔබටත් මේ දේවල් අත්විඳින්න වුණාද?

කාගෙන්වත් කරදර වෙලා නෑ. කලාකරැවන් විදියට අපට ආදරය කරන පිරිස වැඩියි. තමන් ඒකට ෆේස් කරන්න ඕන විදියක් තියෙනවා. ඒක ප්‍රශ්නවලට පෙරළගන්නෙ නැතුව සාවධානව ඇහුම්කන් දීලා විසඳගන්න ඕනෙ. අපට ආදරය කරන්න කාටවත් එපා කියන්න බෑ. අපි ඉන්න ස්ථාවරත්වය පෙන්නුවාම කාටවත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.


0101  මෙතෙක් ආව ගමන ගැන හිතුවොත්?

මම තෘප්තිමත් වෙනවා. ක්‍ෂේත්‍රයට එන්න වගේම පවතින්න අමාරැයි. මම හෙමින් මේ ගමන ආවෙ. නමුත් මගේ වාසනාවට මම මුලින්ම එන්නෙ ප්‍රධාන චරිතයක් හරහා. එය ඉතා සතුටින් ආරක්‍ෂා කරගෙන යනවා. මිනිස්සු ආදරය කරන චරිතයක් වෙන්න ලැබීම ගැන සතුටුයි.


0101  කලකට ඉහත ඔබ රඟපෑ චිත්‍රපටයක ඔබ පනින දර්ශනයක නිරැවත් බව ඔබ ග්‍රැෆික් නිර්මාණයක් බව කියා තිබුණා. මේ ගැන වෙබ් අඩවි පුවත් මැව්වා. ඔබට සාධාරණයක් වගකිවයුත්තන්ගෙන් ඉටුවුණාද?

නෑ අන්තර්ජාලයට මුදාහැරියාම ඒ ගැන ෆයිට් කරන්න බැහැ. දුක තියෙන්නෙ අපිත් එක්ක එකටම ඉන්න අයනෙ ඔය දේ කරන්නෙ. ඒ ගැන දුකයි. අපි විශ්වාසවන්තව වැඩ කරන අය වෙන වෙන අවශ්‍යතා වෙනුවෙන් ඒ අය තවත් කෙනෙක් අපහසුතාවයට පත්කරලා ලබන සතුට මොකද්ද? ජීවිතයේ කවදාහරි ඒගොල්ල කරපු දේට ඔවුන්ගේ හිතින් පවා වන්දි ගෙවාවි.


0101  ඔබව නිරැවත් කළාද?

මම ටයිඩ් ෂෝටක් ඇඳලා හිටියත් වෙන දෙයක් යොදා නිර්මාණය කර තිබුණා.


 - වැවගම / සේයාරෑ - අන්තර්ජාලයෙන් - 

 



අදහස් (0)

මම එදා නිරැවතින් හිටියේ නෑ...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 55 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 677 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 463 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3125 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1729 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site