|
|
”දියමන්ති මාලය පැළැන්ඳූ දිනේ
දුටුවාද වේදනාවන් මගෙ ඇස් දෙකේ
ඔබගේම මනමාලි වෙනතක් බලා
දුර යන්න සැරසේවි කඳුලක් දරා”
|
|
එලෙසින් ගීතයෙන් ආමන්ත‍්‍රණය කරන භාග්‍යා රංගනයෙන් මේ දිනවල අපට හමුවන්නේ, සුරවිමන (නිතී) ඉසිරිභවන (සෞන්දර්යා) බාලොලි මල් (රුවන්යා) යන චරිත වෙතිනි. අද අපේ කතා බහ එලෙසින් හමුවන භාග්‍යා සමඟයි.
සංගීතය හැදෑරූ ඔබ රඟපෑම තෝරා ගත්තෙ ඇයි?
උසස් පෙළ විෂයයන් හැදෑරුවෙ සංගීත අංශයෙන්. ඉන් පසුව කේමදාස මාස්ටර් යටතේ සංගීතය හැදෑරුවා. මේ අතරවාරයේදී මගේ යාළුවකු රූපවාහිනී දැන්වීමකට මට කතා කළා. කුමාරිකා දැන්වීම වූ එය ජනප‍්‍රිය වුණේ ”කැපෙන්නෙත් නෑ - කැපිලා යන්නෙත් නෑ” කියන දෙබස නිසයි. ඉන්පස්සේ දැන්වීම් ගණනාවකට පෙනී සිටියා.
කේමදාස මාස්ටර් යටතේ සංගීතය හදාරණ විට එතුමා ඔබට මොනවද කිව්වෙ?
ඇත්තටම එතුමා මට කිව්වෙ පොඩි ඉන්දිකා කියලයි. ඉන්දිකා උපමාලි අක්කා වගේම මාස්ටර් යටතේ හිටපු අපි ඔක්කෝම කරන කටයුත්තට ගොඩක් කැප වුණා. ඒ නිසා අපි මහන්සි වෙලා කළ දේවල් මාස්ටර් ඉහළින් අගය කළා.
මොනවද කළ දේවල්?
ඔපෙරා ආදි ප‍්‍රසාංගික බොහෝ දේ අපි කළා. මාස්ටර් වියෝවීමෙන් පසුව, එතුමාගේ ”පිරිණිවන් මංගල්‍යය” ඔපෙරාවටත් මම දායක වුණා. දර්ශන රුවන් දිසානායක මහතා කළ කැන්ටාටාවටත් දායක වුනා. නමුත් ඉන්පසුව ඒවා දිගටම කෙරුනේ නැහැ.
අද ඔබ ගායනයෙන් වැඩි යමක් නොකරන්නෙ ඇයි?
ගායනය ආවාට ගියාට කළ හැකි දෙයක් නෙවෙයි. ඊට ඉතා පුරුදු පුහුණුවීමක් අවශ්‍යයි. අද යූ ටියුබ් මියුසික් ඔස්සේ මුදා හැර ඇති මගේ ”දියමන්ති මාලය” ගීතයට හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නෙ.
භාග්‍යා අද වැඩිය කැමති ගායනයටද? රඟපෑමටද?
දෙකටම එක වගේ කැමතියි. ඒත් ගායනයට වඩා අද රඟපෑම වෘත්තිය වෙලා. කොහොමටත් ගායනයෙන් හම්බ කරන්න මම කැමතිත් නැහැ.
ඔබ එහෙම හිතුවට ගොඩාක් අය කරන්නෙ අනුන්ගෙ ගීත ගයලා හරි හම්බ කිරීමනෙ. ඇයි ඔබ ඊට අකමැති?
සංගීතයේ විවිධ අංශ විවිධ පැතිකඩ තිබෙනවා. මම ඉගෙන ගත්තෙ ශාස්තී‍්‍රය අංශයෙන්. ගැයුම සහ සංගීතය මම දකින්නෙ ආධ්‍යාත්මික දෙයක් හැටියටයි. ඒ නිසා ඊට ඇති ගරුත්වය නිසාම, එය මුදල් මත කරන දෙයක් කර ගන්න කැමති නැහැ.
ඔබ කියන්නෙ ගායනය මුදලට කළයුතු දෙයක් නෙවෙයි කියලද?
මම කියන්නෙ එහෙම දෙයක් නෙමෙයි. අද රඟපෑම වෘත්තිය කරගෙන සිටින නිසා, ගැයුම මම මගේ ආසාව නිසාම කරන දෙයක්. ඒ නිසා රඟපෑමේදී එහි අඩුපාඩුකම් ප‍්‍රවීණයින්ගෙන් දැනගෙන ඉතා හොඳ රංග ශිල්පිනියක ලෙස රටට කීර්තියක් ගෙන දීම අරමුණයි. අනෙක ගායනයේදී මම තවත් එක් ගායිකාවක් විතරක් වෙන්න කැමති නැහැ. සුදුසු නිර්මාණයක් පමණක් ගායනයෙන් දායක වෙනවා.
ජීවිතේ කොහොමද?
හොඳින් ගෙවිලා යනවා. ටිකක් වැඩ වැඩියි. ඒත් මම ඒකට කැමතියි.
පේ‍්‍රමය - ආදරය එහෙම දැනෙන්නෙ කොහොමද? ළඟදීම දියමන්ති මාලයක් පළඳින්න අදහසක් එහෙම නැද්ද?
ආදරයට මම ගොඩක්ම ආදරෙයි.
භාග්‍යා කොහොම කෙනෙක්ද?
හරිම අවංක, සාධාරණව හිතන හරිම විශ්වාසවන්ත කෙනෙක්.
කාටද විශ්වාසවන්ත?
අවංක විශ්වාසවන්ත අයට.
හැඩගැන්වීම් : සරත් ලක්‍ෂාන් (මහරගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංකුව උඩ ඉඳගෙන මොකද කරන්නේ? (නි)
මමත් තවම තනිකඩයි.යෝජනාවක් අවොත් සළකා බලනවා.මටත් චිත්‍රපටි නාට්‍යය, වෙළද දැන්වීම් වලින් ආරාධනා ලැබුනා. නමුත් මම ඒවා බාරගන්නේ නැහැ වැඩ වැඩි නිසා (නි)
ඇයි ඒ ළමයට බැංකුවක් උඩ ඉන්න තහනම්ද? (නදී)
කොණ්ඩෙ අවුල් කරගෙන නේද ඉන්න කැමති. (ස)
මම ඔයාට කැමතියි ඔයාගේ මුරණ්ඩු රගපෑමට.ඒ රගපෑම හරි හුරතල් (නි)
අත නම් උස්සන්න එපා (නි)
මට නිකන් මොකක්ද වගේ ..... (නි)
කේමදාස මාස්ටර් යටතේ සංගීතය හැදෑරු ඔබ දක්ෂ කෙනෙක් බව මමත් විශ්වාස කරනවා.නමුත් ඔබගේ රගපෑම් දකින්න තමයි මම ගොඩක් කැමති.ඔබ සහජ දක්ෂතා ඇති නිලියක් ලෙස මම දකිනවා.ඔබට සුබ පැතුම් නංගී! (නි)
මටත් නිකම් මොකක්ද වගේ.......(නදී)
අනේ ඔයත් සින්දු කියලා සල්ලි ගන්නවනේ. නොමිලේ සින්දු කියන් නෑනේ. ඒකට තමා ගීතය විකුණගෙන කනවා කියන්නේ. ගායිකාවෝ ගායකයෝ, පද රචකයෝ, සංගීතඥයෝ, රිඟින් ටෝන් කාරයෝ හැමෝම කරන්නේ ගීත විකුණගෙන කන එක තමයි.(දිල්)
ටිකක් විතර මට ප්‍රශ්නයක් වගේ. නිකන්ම සින්දු කියනවද? (නි)
ලස්සනයි.(නදී)
කව්ද මෙයා (ස)
ඔවු චාන් මෙයට අත නම් උස්සන්න එපා කියන්න . නමුත් මෙයාගේ නියපොතුනම් ලස්සනයි (නදී)