ඇය තරුමලී. මේ දිනවල බොහෝ දෙනෙක් කතා වන්නේ ඇය ගැනයි. සතියේ සෑම දිනකම මේ තරුමලී අපට හමුවන්නෙ ස්වර්ණවාහිනිය ඔස්සේයි අද සඳැල්ල කතාබහ හැඩ කරන්නේ තරුමලී ලෙස රඟපාන සුරූපී විනු සිරිවර්ධනයි.
විනු උදානි සිරිවර්ධන කියන්නද? තරුමලී කියන්නද?
මගේ සැබෑ නම විනු උදානි වුණත් අදනම්, හැමෝම වගේ මට කියන්නෙ ”තරුමලී” කියලයි. පොඩි ළමයි එහෙම මට කියන්නෙ ”තරු” අක්කා කියලයි. මේ
චරිතයට ලැබෙන ප‍්‍රතිචාර නම් ඇත්තටම හරිම ඉහළයි. ක්ෂේත‍්‍රයේ සමකාලීන අය වගේම, ප‍්‍රවීනයින්ගෙන් පවා ලැබෙන ප‍්‍රතිචාර ඉහළයි.
|
|
|
දැන් වයස කීයද?
අවුරුදු විසි එකයි.
ජීවිතේ අලූත් වෙනසක් වෙන්න යනවලූ නේද?
ඔව්, මම චිත‍්‍රපටයක රඟපාන්නයි සූදානම
x ඒකද වෙනස?
ඔව්, මොකද මෙතෙක් රඟපෑවේ, ටෙලි නාට්‍ය වල විතරයි. ඇහැලේපොල කුමාරිහාමි චිත‍්‍රපටයේ පුස්සැල්ලේ කුමාරිහාමිගෙ දුව ලෙස චරිතයක් ලැබිලා තියෙන්නෙ. ඒ චරිතය රඟපාන්න මම ගොඩාක් ආසාවෙන් ඉන්නෙ.
ලබන වසරේ විවාහය සඳහාත් සූදානම් වෙනවලූ නේද?
යෝජනා නම් ඇවිත් තියෙනවා. ඒත් තවම විවාහය ගැන නම් හිතුවෙ නැහැ. මේ යෝජනා ගැන දෙමාපියන් තවම සොයලා බලනවා.
එයා රංගන ක්ෂේත‍්‍රයේම කෙනෙක්ද?
මේ ක්ෂේත‍්‍රයට කොහෙත්ම සම්බන්ධ නැති කෙනෙක්. එයා විදේශගත වෙලයි සිටින්නෙ.
විදේශ රටවල සිටින අය විවාහයට තෝරා ගැනීම අද බොහෝ දෙනා කරන දෙයක් නේද?
මම නම් එහෙම හිතාගෙන කළ තේරීමක් නෙවෙයි. එයා ලංකාවේ සිටියදී තමයි මේ යෝජනාව ආවේ. ඒ හැරත් එයා දීර්ඝ කාලීනව විදේශගතව සිටින කෙනෙක් නෙවෙයි.
ඒ කියන්නෙ විවාහයෙන් පසුව විදේශගත වෙන්න ඔබට කැමැත්තක් නැහැ කියන එකද?
ඇත්තටම මම කැමති ලංකාවේ ජීවත් වෙන්නයි. ඒ වගේම විවාහ වන කෙනා මේ ක්ෂේත‍්‍රයේම කෙනෙක් විය යුතුය කියලා බලාපොරොත්තු වුණෙත් නැහැ.
නළු පරපුරේ අයගෙ යෝජනාවලට කැමති නැද්ද?
මුල් කාලයේදී වගේ නම් එහෙම යෝජනාත් ආවා. නමුත් කාගෙන්වත් බලපෑම් නම් වුණෙත් නැහැ.
ක්ෂේත‍්‍රයේ කෙනෙක් එක්ක විවාහ වන අදහස කවදාවත් මට තිබුණෙ නැහැ.
ඒත් නිළි පරපුරේ සමහර අය නම් කියන්නෙ ක්ෂේත‍්‍රයේම කෙනෙක් එක්ක විවාහ වීම හොඳයි කියලයි. ඇයි ඔබ අකමැති.?
එය ඇත්තටම පුද්ගලයා අනුව වෙනස්වන දෙයක්. සමහර වෙලාවට ක්ෂේත‍්‍රයේ කෙනෙක් සමග විවාහ වීම වැඩ කටයුතු වලට සහයෝගයක් වගේම සමහර වෙලාවට බාධාවක් වෙන්නත් පුළුවනි. නමුත් කුමක් හෝ වේවා, එතැනදි මුල් වන්නෙ ”ආදරයයි”. ඒ වගේම මේ කලා අංශයෙන් දුර ගමනක් යන කෙනෙකුට නම් කලාවෙම නියැලී සිටින කෙනෙක් තේරීම වැදගත් වේවි.
කලා ක්ෂේත‍්‍රයේ දිගටම රැඳී සිටින්න ඔබට අදහසක් නැද්ද?
ඇත්තටම මම ක්ෂේත‍්‍රයට ආවෙත් යම්කිසි සීමාවක සිටයි. ලැබෙන සියල්ලම බාර ගත්තෙ නැහැ. කොහොම වුනත්, විවාහ වන පුද්ගලයාගේ කැමැත්ත අනුව එය තීරණය වේවි.
එයා එපා කිව්වොත් ?
එයා අකමැති නම් ඊට අවනත වන්න ඕනෑ.
ඔබ කිව්වනෙ පුද්ගලයා කවුරු හෝ වේවා ආදරයක් තිබේ නම් ප‍්‍රශ්නයක් නැහැ කියලා. දැන් ඔබට ආදරයක් ඇතිවෙලාද තියෙන්නෙ?
ඒ ආපු යෝජනාවට කැමැත්තක් ඇතිවෙලා තියෙන්නෙ. එකට එක්ව ගමනක් යන්න පුළුවන්ද කියන දේ ගැන තව දුරටත් තේරුම් ගැනීම අවශ්‍යයි.
ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට රංගනයෙහි වෙනස දැනෙන්නෙ කොහොමද ?
තවම චිත‍්‍රපටයෙ රූගත කිරීම් වලට දායක වුණේ නැහැ. ඒ නිසා තවම ඒ වෙනස අත්විඳින්න බැරි වුණා. කොහොම වුනත්, චිත‍්‍රපට රංගනය ටෙලි නාට්‍ය රඟපෑමට වඩා සංකීර්ණ වේවි.
රඟපැම ඔබගෙ වෘත්තිය නෙවෙයිද ?
කරන දේ වෘත්තීය ගරුත්වයෙන් කරන්නෙ. නමුත් උසස් අධ්‍යාපනය හදාරන්නෙ ජනමාධ්‍ය කළමනාකරණ අංශයෙන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ලස්සන වෙන්න විදලා තියෙන දුක කාටවත්ම පේන්නේ නැද්ද ? (නදී)
කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා කොල්ලෝ ඇනකොටා ගන්න එපා එයාගේ ලස්සන එය ලග තිබුණා දෙන්, (අ)
රගපනන්න නම් ගියාට කමක් නැහැ ෆිල්ම් එහෙක උනත්..අනේ පරිස්සමෙන් කරන දෙයක්..හොදේ..සුබ අනාගතයක් ඔයාට (දී)
අනේ කවදද දේශපාලනයට එන්නේ? (දී)
ඊට පස්සේ දේශපාලනයට එන්න.(නදී)
ලස්සන නිසා අනාගතයක් තියෙන ලස්සන කෙල්ලෙක් (නදී )
ලස්සන බලන්නේ කොහොමද, මේකප් ගොඩකනේ ඉන්නේ, අනේ මන්දන්නේ නැහැ මේ මේකප් කරන අයට පිස්සුද කියල (දී)
පින්තුර ටිකනම් ලස්සනයි අක්කේ ඔයාට සුබ පතනවා අක්කේ ඔය ගොඩක් ලස්සනයි රගපානව නියමයි අක්කේ ඔයා කොහොමද ඔච්චර සුදු වෙන්නේ අපිටත් කියන්නකෝ ඔයාගේ හිනාව ලස්සනයි (දී)
කුමාරි හාමිට පිස්සු. එහෙම කියන කෙනෙක්ව එයා බඳින්නේ නැ. (දී)
හොද අනාගතයක් තියෙන ලස්සන කෙල්ලෙක් (දී)
බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ දකින කිසිම දෙයක ඇලෙන්න ගැටෙන්න එපා කියල අපිත් ඒ විදියට ඉන්නවනම් තමයි අපි බුද්දහගම් කාරයෝ වෙන්නේ.(දී)
ලස්සන පිරිපුන් ළමයෙක්. දැක්කම හිත පිරෙනවා.(නදී)
"විවාහ වන පුද්ගලයාගේ කැමැත්ත අනුව එය තීරණය වේවි. එයා එපා කිව්වොත් ?එයා අකමැති නම් ඊට අවනත වන්න ඕනෑ." සුවච කීකරු භාර්යාවක්. එයා කිව්වොත් ගවුම් කලිසම් අඳින්න එපා චීත්තෙයි හැට්ටෙයි අඳින්න කියල, ඔයා චීත්තෙයි හැට්ටෙයි අඳිනවද? (දී)
සුභ අනාගතයකට සුභාපතනවා , හොද නිර්මාණ බලාපොරොත්තු වෙනවා අපි ඔබෙන් (දී)
සමහර නිළියෝ ඉන්නවා පාට සුදු උනාට හරි නපුරු පාට. මේ ළමයගේ මූනත් හරි සිරියාවයි. හමේ පාටත් ලස්සනයි. තොල් දත් නහය කටත් ලස්සනයි. ඒකයි මම කිවිවේ දැක්කම හිත පිරෙනවා කියලා. (දී)
සචින් ඔයා සාමාන්‍යයෙන් ලස්සනයි කියන්නේ මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනාට විතරද? අනේ මන්ද ඒකට කියන්නේ ඉරිසියාව කියලා. ලෙඩේට බේත තමයි ලෙඩෙත් එක්කම මැරෙන්න අරින එක කියලා කවුද ගායකයෙකුත් කියලා තියනවා. (දී)
ලස්සනයි, එත් තියෙන ලස්සන මෙතන නම් කැත කරගෙන වගේ.(නදී)
ඔබට ඇත්තටම හොද අනාගතයක් තියෙනවා සුභපතනවා (දී)
මම යෝජනාවක් කරන්නම් , තමන්ට ගැලපෙන චරිත පමණක් තෝරා ගන්න උත්සාහ කරන්න (දී)
මම ඔබේ අනාගතයට සුභාපතනවා. (දී)
රංගා ඔයා ලස්සන කෙල්ලෝ දැකල නැද්ද? මම කියන්නේ නැහැ විනු කැතයි කියලා. ඒත් ඊට වඩා ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නවා.(නදී)