නව පරපුරේ සොඳුරු, රුවැත්තියක වන අංජලී ලියනගේ මෙතෙක් කළ පෙළහර පෑවේ පුංචි තිරයේ හා රිදී තිරයේය. එහෙත් පසුගියදා වේදිකාවටත් ඇය ගොඩ වැදුණහ. ඒ ගැන විස්තර දැන ගන්නට ඇය හමුවීමු.
අංජලී "නෝනාවරු සමඟ මහත්වරු" එක්ක වේදිකාවට ගොඩ වැදුණාය කියලා ආරංචියි?
අනේ ඔව් මගේ කලා ජීවිතේ සිදුවණු වාසනාවන්තම දේ තමයි ඒක. අපේ රටේ ඉන්න සුපිරිතම නළු නිළියන් රුසක් පන්නරය ලබා තිබුණෙ වේදිකාවෙන්. විනය, ඉවසීම, කැපකිරීම වැනි ගුණාංග රුසක් වේදිකාව තුළින් උකහා ගන්න පුළුවන් වෙනවා.
ඔබට ඒ අවස්ථාව ලැබුණෙ කොහොමද?
මම කොහොමත් වේදිකාවට ආස බව හැමෝම දැනගෙන හිටියා. දවසක් ප්‍රියන්ත සමරකෝන් මහතා මාව හමුවෙලා ඇහුවා නාට්‍යයක පොඩි කොටසක් තියෙනවා, කරන්න කැමතිද කියලා. පොඩියි කියපු නිසාත්, වේදිකා රංගනයට දැඩි ආසාවක් තිබුණ නිසාත් මම කැමති වුණා.
පොඩි චරිතෙ හොඳට කළාද?
පොඩි? හොඳ පොඩි තමයි. ප්‍රධාන චරිතයට සමගාමීව යන චරිතයක් මට දීලා තිබුණෙ. මට පුහුණුවෙන්න තිබුණෙ එකම දවසයි. ඊට පස්සෙ ෂෝ එක වේදිකා ගත කළා. පුහුණු වීම් ගියාම මට උතුර දකුණ මාරු වුණා. මම ආපහු හැරිලා එන්න ආවා. ඒත් ඒ නාට්‍යයේ රංගනයෙන් දායක වුණු ප්‍රවීණයින් මාව ධෛර්යමත් කරලා මාව කොහොම හරි වැඩේ ගොඩදාන තැනට යොමු කළා.
කවුද ඒ ප්‍රවීණ ශිල්පීන්?
මම ඉතාම ගෞරවයෙන් මතක් කරන්න ඕනෙ ජනක කුඹුකගේ, මොරීන් චාරුනි සහ අවන්ති අපොන්දු කියන ප්‍රවීණ ශිල්පීන්. ඔවුන්ගේ අනුබලය හා උනන්දුව නොවන්නට මම තාම ඒ නාට්‍ය දාලා දුවනවා.
ඒ නාට්‍යය කී සැරයක් වේදිකා ගත කළාද?
"නෝනාවරු සමඟ මහත්වරු" දැනට 5 වරක් වේදිකාගත කරලා තියෙනවා. ඉදිරියේදී ඉල්ලීම් තියෙනවා. ඒ අත්දැකීම මට කෝටියක් වටිනවා.
"ඇඩ්‍රස් නෑ" චිත්‍රපටයෙන් පස්සෙ කළ රඟපෑම් මොනවාද?
ප්‍රියන්ත කොළඹගේ මහතාගේ "ආදරණීය කථාවක්" චිත්‍රපටයේ රඟපෑවා. ඒකත් ළඟදීම තිරගත වෙන්න නියමිතයි.
ටෙලි නාට්‍ය වැඩ කටයුතු කොහොමද?
මේ දිනවල මම රංගනයෙන් දායක වුණු "බව චක්‍ර" හා "කුරුලු පිහාටු" ටෙලි නිර්මාණ විකාශය වෙනවා. ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් හොඳයි. මේ දිනවල රූගත කෙරෙන ටෙලි නාට්‍ය දෙකක රංගනයෙන් දායක වෙනවා.
ඉදිරියේදී පිටපත් රචනය හෝ අධ්‍යක්‍ෂණය වගේ පැතිකඩ සඳහා යොමුවන්නට අදහසක් නැද්ද?
අනේ එහෙම කිසිම අදහසක් නැහැ. මම ඒ තැනට ඇවිත් නැහැ. මම තාම රඟපෑම ඉගෙන ගන්නවා. අපි මේ ක්‍ෂේත්‍රයේ හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා.
රමේෂ් උවයිස්
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මම තාම රඟපෑම ඉගෙන ගන්නවා