බෙලීනා නිරූපිකාවක් වුණේ?
නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැනට අවුරුදු 2 ½ විතර වෙනවා. පුංචි කාලේ ඉඳලා මම කලාවට ගොඩක් කැමති කෙනෙක්. නමුත්, නිරූපිකාවකට වඩා මම ගොඩක් කැමැත්තෙන් හිටියේ සංගීතය හා නර්තනය පැත්තට. දැන් වුණත් නිරූපණ කටයුතුවලට අමතරව මම සංගීතය පිළිබඳව හැදෑරීම් කරනවා.
එතකොට නිරූපණය පැත්තට යොමු වෙන්න අවස්ථාව ලැබුණේ?
මම යොවුන් සේනාංකයට සම්බන්ධ වෙලා හිටියා. ඒ කාලයේදී වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියාත්, විවිධ උත්සවවල නර්තනයෙන් මෙන්ම, නිවේදන කටයුතු සඳහා දායකත්වය ලබාදුන්නා. අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීලා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. දැනට මම ගොඩක්ම කරලා තියෙන්නේ පොටෝ ෂූට්වලට පෙනී ඉන්න එක. මොකද තවමත් මම අධ්‍යාපනය හදාරන නිසා.
ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම්වලට දායක වෙලා නැද්ද?
නැහැ. නමුත්, ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඉදිරියට ඒවාට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.
පොඩි කාලේ හීන දැන් නැද්ද?
තියෙනවා. තවමත් මම බටහිර සංගීතය පිළිබඳව ඉගෙන ගන්නවා.
ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?
හොඳ ගමනක් යන්න පුළුවන් වෘත්තියක්. ඒ වගේම තමයි විවිධ ක්ෂේත්‍රවල බොහෝ පිරිසක් මේ ක්ෂේත්‍ර තුළදී හඳුන ගන්න පුළුවන්. හරි විදිහට මේ ක්ෂේත්‍රය තුළ ගියොත් තමන්ට අවශ්‍ය කරන ඉලක්කයට යන්න පුළුවන්. මම නිරූපිකාවක් විදිහට කටයුතු කළත් මගේ ලොකුම හීනය තමයි සංගීතය පැත්තෙන් ඉදිරියට යන ඒක. ඒ පැත්තෙන් ඉදිරියට යන්න ගොඩ දෙනෙකුගේ උදව් මේ ක්ෂේත්‍රය තුළදී මට ලැබුණා. මම හිතන්නේ මේ ක්ෂේත්‍රය තුළදී ලැබෙන එක්තරා වාසියක්.
ඉලක්ක තියෙනවාද?
මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ජනප්‍රියත්වය පසුපස හඹා යන්න නෙමෙයි. අර්ථවත් දෙයක් අලුත් දෙයක් කරන්න. මම කරන පොටෝ ෂූට් එකක් වුණත් නිතරම අලුත් තේමාවකට කරන්න මං‘ උත්සාහ කරනවා. මොකද, මම බලාපොරොත්තුවෙන් ඉන්නෙ කවදාහරි දවසක සංගීත ක්ෂේත්‍රය තුළ වගේම නිරූපණ ක්ෂේත්‍රය තුළ දක්ෂ කෙනෙක් වෙන්න. ඒ වගේම හොඳ අර්ථවත් දෙයක් කරපු කෙනෙක් විදිහට නමක් හදාගන්න. මම දකින විදිහට ජනප්‍රිය කෙනෙක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා වැඩක් නැහැ. කරන වැඩෙන් යමක් සිද්ධ වෙන්නේ නැත්නම්. උදාහරණයක් විදිහට කරන පොටෝ ෂූට් එකකින් වුණත් එය බලන කෙනෙකුගේ සිතුම් පැතුම් මොහොතකට හරි වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනා.
වේදිකාවට සම්බන්ධ වී රඟපාන්න කැමති නැද්ද?
ලොකු කැමැත්තක් තියෙනවා. හොඳ චරිතයක්, නිර්මාණයක් ලැබුණොත් රඟපානවා.
උදව් කළ අය?
ගොඩක් අයගේ උදව් මට ලැබුණා. ඒ අතර විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ පවුලේ අයගෙන්. මේ ක්ෂේත්‍රයේ ඉදිරියෙන් ඉන්න බොහෝ දෙනෙකු මට උදව් කරලා තියෙනවා. නම් නොකීවත් ඒ සියලු දෙනාවම මම මේ වෙලාවේදී මතක් කරනවා.
බුද්ධික සේනාධීර / ඡායාරූප - බෙලීනාගේ ෆේස්බුක් ගිණුමෙනි.
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මම බටහිර සංගීතය පිළිබඳව ඉගෙන ගන්නවා
ලියනගේ Thursday, 18 August 2016 10:22 AM
ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන කණගාටුවක් තියෙන්නේ.(හේ)