පාසල් යන අවධියේ සිටම කලා කටයුතුවලට සම්බන්ධ වූ සංජු රවිශ්මි වර්තමානය වනවිට නිරූපිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන්නීය. විනෝදයට කලා කටයුතුවලට සම්බන්ධ වී සිටින සංජු දැනට පෞද්ගලික ආයතනයක සේවය නිතරව සිටින්නීය.
සංජු ක්ෂේත්‍රයට ආවේ?
මම පාසල් යන අවධියේමයි. 2012 අවුරුද්දේ විතර ඇති. රූපලාවණ්‍ය ශිල්පිනියකගෙන් ආරාධනාවක් ලැබුණා දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ "රූ මායා" කියන වැඩසටහනට නිරූපිකාවක විදිහට වැඩ කරන්න. ඒ තමයි මගේ පළමු නිරූපණ කටයුත්ත.
ඔය අතරේද අවුරුදු කුමරි තරගවලටත් ඉදිරිපත් වුණේ?
2015 අවුරුද්දේ ස්වාධීන රූපවාහිනි නාළිකාව මගින් සංවිධානය කළ "අයි.ටී.එන්" අවුරුදු කුමරිය තරගයේ අවසන් තරගකාරියන් 12 දෙනා අතරට ආවා. මේ අවුරුද්දෙ ස්වර්ණවාහිනි නාළිකාව සංවිධානය කළ "ස්වර්ණ කුමරිය" තරගයේ පළමු තැන දිනාගත්තා.
අවුරුදු කුමරියක් වූ පමණින් බොහෝ දෙනෙකුට රංගන වරම් ලැබෙනවා. ඔබටත් එහෙම අවස්ථා ලැබුණාද?
ඔව්. මම දැනට ටෙලිනාට්‍යය දෙකක රඟපාලා තියෙනවා. ඒ ටෙලිනාට්‍යය දෙකම විකාශය වුණේ ස්වාධීන රූපවාහිනි නාළිකාව තුළ. "ආදර වැස්සක්" හා "මේඝා" කියන ටෙලිනාට්‍යය. "ආදර වැස්ස" ටෙලිනාට්‍යයේ මා රඟපෑවේ රිතු අකාර්ෂාගේ හොඳම යාළුවා විදිහට. චරිතේ නම වුණේ "සංජු" කියලා. "මේඝා" ටෙලි නාට්‍යයේ "චාපා" කියන චරිතේ තමයි මම නිරූපණය කළේ. ඉදිරියේදී තවත් ටෙලිනාට්‍යය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත්, මගේ රැකියාවත් එක්ක ඒ වැඩකටයුතුවලට ඉඩක් සොයා ගන්න එක තමයි දැන් අමාරුම වැඩේ වෙලා තියෙන්නේ.
සංජු කියන්නේ නිරූපිකාවක්ද? රංගන ශිල්පිනියක්ද?
නිරූපිකාවක්. රංගනය පැත්තට මම වැඩිපුර යොමු වෙන්න අදහසක් නැහැ.
ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වගේ දේවල්වලට යොමු වෙන්නේ නැද්ද?
ආරාධනා ලැබිලා තියෙනවා. දැනට මම "ඩයලොග්" ආයතනයේ වෙළෙඳ දැන්වීමකට පෙනී ඉඳලත් තියෙනවා.
ඔබේ ඉලක්ක මොනවද?
ලොකු ඉලක්ක මට නැහැ. මගේ රැකියාව හොඳින් කරගෙන යන්න තමයි මගේ ලොකුම ඉලක්කය. ඊට අමතරව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක් හදාරනවා. ඒ උපාධිය සම්පුර්ණ කරන එක මගේ තව ඉලක්කයක්.
රැකියාවක් කරන අතරවාරයේ කලා කටයුතුවලට ඉඩක් සොයා ගන්න එක අපහසුයි නේද?
මෙහෙමයි. මගේ මූලිකත්වය දීලා තියෙන්නේ රැකියාවට. කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ "හොබි" එකක් විදිහට.
උදවු කළ පිරිසකුත් ඇති?
මාව නිරූපණය ක්ෂේත්‍රයට යොමු කළ "සැලෝන් ෂයෝමා". අම්මා, තාත්තා දෙන්නා. මගේ ආච්චි. ඇය තමයි මාව අවුරුදු කුමරිය තරගයට යන්න උනන්දු කළේ. මගේ පාසල් මිතුරු මිතුරියන් වගේම මගේ නැදෑයෝ සියලු දෙනාත් මට ගොඩක් උදවු කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මම මූලිකත්වය දීලා තියෙන්නෙ මගේ රැකියාවට