IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මම රියැලිටිවලට කැමැති නෑ

 

 

තරුවක් මෙන් සොඳුරු හැඩකාර වූ ශලනි තාරකා යොවුන් රංගන තාරකාවිය මේ දිනවල හමුවන්නේ දියමත ලියමි. (අයිටිඑන්) ආදර සංධ්වනිය (සිරස) සහ සඳ පිනි බිඳක (හිරු) ටෙලි නාට්‍යවලිනි.  ඊට අමතරව  හිරු ටොප් ටුවෙන්ටි වැඩ සටහන ඉදිරිපත් කරන්නේ ද ඇයයි. මේ විදියට ශලනි හෙවත් ආදරණිය ”ශලා” ආලින්දයට ආවත්, දුරකථනයෙන් ඇයව අල්ලා ගන්න නම් බැරිලූ. ”ශලා” මොකද නිශ්ශබ්ද? මේ කතා යෙදී ඇය ඒ ගැන කියාවි.

 

  ”ශලා” මොකද නිශ්ශබ්ද?
සද්ද නැතුව ඉන්න කොට හොඳයි.

 

 

  පසුගිය දිනවල ඔබව කාටත් අල්ලගන්න බැරි වුණේ ඒකද?
ඒකට නම් හේතුව දුරකතනයේ ප‍්‍රශ්නයක් නිසයි. එය තාක්‍ෂණික ප‍්‍රශ්නයක් ”තාක්‍ෂණික දෝෂයක් සිදුවූ අපහසුතාවයට සමාවන්න”.

 

 

 

  මේ අවුරුද්දෙ විශේෂිත වැඩකට සුදානම් වෙනවා කියලයි ආරංචි?
විශේෂිතව සිද්ධ වන කිසිම දෙයක් නැහැ. විවාහය හෝ වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි වෙන විශේෂත්වයක් නම් තියෙනවා.


 


  මොකක්ද ඒ ?
මම රඟපාපු චිත‍්‍රපට දෙකක් වන මායාවි සහ ස්පන්දන මේ වසරේ තිරගත වීමට නියමිතයි.

 

  අද ජීවිතය ගෙවෙන්නෙ මොන  විදියට ද ශලා?
එදා වගෙම්, සැහැල්ලූවෙන් ගෙවන්නෙ. විවේකයක් නිතරම හදා ගත්තා. රියැටිලි වැඩ සටහන්වලට පසුගිය කාලයේ ගියේ නැහැ.


 


  ඇයි රියැලිටිවලට අකමැතිද?
අවංකවම රියැලිටිවලට කැමති නැහැ. ටෙලි සහ චිත‍්‍රපට චරිත වුණත් කරන්නේ තෝරා බේරාගෙන. ජීවිතය තදබදයක් කර ගන්න කැමති නැහැ.


 


  කොහොම වුණත් ඔබ කරන දේවල්වලින් සාර්ථක මොන අංශය කියලද හිතන්නේ.
මට හිතෙන විදියට රංගනය තමයි. ඒකට දක්‍ෂ නැත්නම් චරිත ලැබෙන්නෙත් නැහැනෙ.


 


  සඳ පිණි බිඳක, දියමත ලියමි, ආදර සංධ්වනිය, මේ චරිත අතරින් වඩා කැමති චරිතය  මොකක්ද?
විවිධ රසඥතාවය අනුව විවිධාකාර ප‍්‍රතිචාර ලැබෙන්නෙ. නමුත් දියමත ලියමි චරිතයට පුද්ගලිකව මගේ කැමැත්තක් තියෙන්නෙ. මොකද  එය නිළියක වටා ගෙතුණ කතාවක්. ගමින් නගරයට ආ ගැහැණු ළමයකු ලෙස ජනපි‍්‍රයත්වය ලබනවා. ඇය කොච්චර  හොඳට හිටියත් සමහර විට මඩවලට මුහුණ දෙන්න වෙනවා. ඒක යථාර්ථවාදී චරිතයක්. ඒ නිසා කැමතියි.


 


  පසුගිය වසර තරු මංගල්‍ය වසරක් වුණා. ඔබගේ සමකාලීන ටෙලි චරිත බොහොමයක් විවාහ වුණා. ඔවුන් එලෙස විවාහ වෙද්දී ”විවාහය” ගැන ඔබට මොනවද හිතුණේ?
ඔවුන් විවාහවීම මට සතුටටම දෙයක් වුණා. මොකද එයාලා මගේ යෙහෙළියො නෙ. ශේෂාද්‍රි මගේ හොඳම යෙහෙළියක්. එයාගේ විවාහයත් සිදුවුණා. ඉතින් ඒ පිළිවෙල වීම ගැන මම සතුටුයි.


 

 

  ඇයි? ඔබ විවාහයට අකමැති?
සමහරවිට මම ජීවිත කාලය පුරාම නොබැඳ ඉන්නත් පුළුවනි. ඒත් නැතිනම් හිතේ ඉන්න කෙනා හමුවුණොත් විවාහ වෙන්නත් පුළුවනි. ඉරණමේ ලියැවිලා තියෙන විදියට වේවි.


 


හිතේ ඉන්නෙ කොහොම කෙනෙක්ද?
ඒක විග‍්‍රහ කරන්න අමාරුයි. මම හිතාගෙන ඉන්න විදිය. එකපාරටම කෙනෙක් ඇවිත් වෙනස් කරන්නත් බැරි නැහැ.


 

 


  ඔබ ජීවිතයේ කිසිම දෙයක් පස්සෙ පන්නාගෙන යන්නේ නැහැලූ. නේද?
ඔව් තේරුමක් නැහැනේ. ජීවිතය හොඳින් ගත කිරීම විතරයි අරමුණ.

 

  විලාසිතා පස්සේ යන්නෙත් නැද්ද?
තාරුණ්‍යයට විලාසිතා අත්‍යවශ්‍යයි. ඒ නිසානෙ තාරුණ්‍ය හැඩ වෙනවා වගේම ප‍්‍රබෝධයක් ලබන්නෙ. කොහොම වුනත් තැණට සුදුසු විදියට ගලපා ගැනීම වැදගත්.


 


  මේ පිහාටු විලාසිතාව කොහොමද හදාගත්තෙ?
ඒක ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී රමණී අර්සකුලරත්න මහත්මිය නිර්මාණය කළ එකක්. මේ වගේ විලාසිතා  ඡායාරූප පෙළකට එය කදිමයි. හරි අපුරු නිර්මාණයක්. ඒ පාටට සහ සංකලනයට මම ආසයි.


 


  අද වනවිට ඔබ, ඔබ ගැන සතුටු වනවා නම්, ආඩම්බර වනවා නම් ඒ මොන වගේ දේ නිසාද?
කවුරු කොහොම මොන විදියට හිතුවත් මම එදා ශලනිමයි. වෙනස් වෙලා නැහැ. වැරදි දේ කරලත් නැහැ. මගේ ආත්මය ආරක්‍ෂා කරගෙන හෘද සාක්‍ෂියට අනුව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා හිතට සතුටුයි.

 

 

 

                 ගැඩගැන්වීම සහ විලාසිතා රමණී අර්සකුලරත්න                    

 

 

 



අදහස් (0)

මම රියැලිටිවලට කැමැති නෑ

චමී Wednesday, 05 February 2014 03:55 PM

ඇඳුම දැක්කම ගිරිපුර ඇත්තෝ කාටූනයේ “විමලා“ මතක් වෙනවා (දී)

:       0       0

සංජිව Tuesday, 14 January 2014 11:15 AM

මේ පින්තුර වල කිසිම හරයක් නැහැ. (දී)

:       0       0

රුණි Monday, 27 January 2014 04:22 PM

ඔයා රියලිටි එකක හිටිය නෙද මට හෙම මතකයක තියෙනවා.

:       0       0

ඉන්දික Tuesday, 14 January 2014 11:47 AM

මාරම විහිළුවක් තමයි මෙයා කියන්නේ (දී)

:       0       0

සුසන්ත Wednesday, 22 January 2014 03:56 PM

මේ තත්වයට ආවේ කොහොමද (දී)

:       0       0

ශාන්ති Wednesday, 22 January 2014 03:56 PM

ඒ කතාව වැරදි (දී)

:       0       0

සෙන්පති Saturday, 18 January 2014 04:18 PM

අලුත් වෙන්න අකමැති කට්ටිය බොරු සංස්කෘතිය ඉහ මුදුනට ගෙන අනුන්ට පිස්සු කියනවා. හැබැයි අනුන්ට පිස්සු කියන කට්ටිය තමුන්ට ඇඟිලි තුනක් දිග් වෙලා කියලා දන්නේ නැහැ.(නදී)

:       0       0

බුද්ධිකා Friday, 17 January 2014 07:18 AM

පිස්සු නැත්නම් හොඳයි.(නදී)

:       0       0

සිල්වා Tuesday, 14 January 2014 01:31 PM

ලස්සන පින්තුර ටික , හැබැයි නංගි මුල අමතක කරන්න එපා (දී)

:       0       0

රෝමි Tuesday, 14 January 2014 02:05 PM

අනේ එහෙම කියන්න එපා. කොහොම හරි බදින්න. අපිත් ආසයි මගුල්ගේ බලන්න. (දී)

:       0       0

රමණී Friday, 17 January 2014 09:04 AM

සද පිනි බිදක ..ලස්සනට රගපානවා...ඔයාට ලස්සන ගමනක් යන්න සුබ පෙතුම් (අ)

:       0       0

දිල් Wednesday, 26 February 2014 09:27 AM

අනේ ශලිනි, ඔයා ඔතනට ආවේ රියැලිටි ෂෝ එකකින් බව අමතකද? ඔයා කලාවට කරන ලොකුම උපකාරය රඟපෑම නතර කරන එක තමයි ඉතින්. ඔයාට රගපාන්න බැරි බව දැන්වත් තේරුම් ගන්න.(දී)

:       0       0

දසුන් Sunday, 19 January 2014 10:59 PM

මෙයාගේ තියෙන්නේ මහේෂි මදුශංකාගේ වගේ සුන්දර චාම් ලස්සනක් නොව නාගරික තාලයේ මොඩ් ලස්සනක්. (නදී)

:       0       0

විදුර​ Saturday, 01 February 2014 01:23 PM

අතාත්වික ටී වී කීව නම් හරි.බටහිරින් ආනයන කල ලන්නක් මේ තාත්වික ටී වී.ඕව ගිලින්න එපා.තාත්වික නම් මේකප් දාන්නෙ නැතුව ඉන්න එපැයි! (දී)

:       0       0

චමින්ද Tuesday, 14 January 2014 05:28 AM

ඇඳගෙන ඉන්න ඇඳුමයි කොණ්ඩේ දැක්කම පේනවා මෙයා රියලිටි වලට කැමති නැති බව.(දිල්)

:       0       0

සමීර Wednesday, 05 February 2014 10:55 AM

මට හිතා ගන්න බැහැ, මෙය ආවෙත් ඒ වගේ වැඩ සටහනකින්, දැන් කියනවා කැමති නැහැ කියල, (දී)

:       0       0

බංඩාර Wednesday, 22 January 2014 11:46 AM

බලන්න මංජුලා කුමාරි වගේ නිලියන් කොච්චර ස්වභාවිකද? (නදී)

:       0       0

නුවන් Sunday, 09 February 2014 11:06 AM

පනින්න තියෙන පිමි 60 ම පැනල දැන් උපාසක කතා කියනව.හිනා යනවා මේවාට.(අ)

:       0       0

අබ්දුල් Sunday, 12 January 2014 05:26 PM

ඔබ තුමිය ප්‍රසිද්ද වුනෙත් රියලිටි වැඩසටහනකින්නේ. ඇයි දැන් විරුද්ධ.(නදී)

:       0       0

රමණි Thursday, 16 January 2014 04:57 AM

ඔය ලස්සනට සද පිනි බිදක් රගපනවා....ඔය හරි දක්ෂ නිලියක්...සුබ පැතුම්!!!!!සුබ අනගතයක් (අ)

:       0       0

පීරිස් Thursday, 23 January 2014 12:23 PM

ඉක්මනට වෙන දෙයක් මේ පිටුවට දානවනම් (අ)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Tuesday, 14 January 2014 09:15 PM

අපිත් ඔය එක එක රිටි වලට කැමති නැහැ. ඒත් උඩට නැග්ග ඉනිමඟට පයින් ගහන එක නරක පුරුද්දක් නේ නේද? (නදී)

:       0       0

කුසුම Sunday, 09 February 2014 02:34 PM

ඔයා හරි ලස්සනයි , අපිට අපේ වැදි යුගය මතක් වෙනවා අනේ... (දී)

:       0       0

යොහාන් Sunday, 09 February 2014 02:38 PM

මාර ඇදුමක්නේ මොකකින්ද හදලා තියෙන්නේ (දී)

:       0       0

මංජු Monday, 13 January 2014 04:21 PM

හනේ හනේ රියලිටි වලට පින් සිද්ධ වෙන්න තරුවක් වෙලා දැන් රියලිටි පට්ට ගහනවා කැමති නෑ කියලා. (නදී)

:       0       0

ලහිරු උදයශාන් Thursday, 27 February 2014 03:32 PM

රියලිටි වලට කැමති නැත්නම් ඒක නොකිය ඉන්න ඕනේ. පින්තුර ටිකක් දාලා රියලිටි වලට කැමති නෑලු. ඒ මදිවට නොබැඳ ඉන්නත් ඉඩ තියෙනවලු.(නදී)

:       0       0

මදුශිකා Monday, 12 May 2014 01:50 PM

ඇත්තටම ඔයාගෙ ඔය ඇඳුම කිකිළියක් වගේ. (ස)

:       0       0

ජානක Wednesday, 29 January 2014 02:01 PM

මෙයාට රියැලිටි එකේදී මොනවහරි අසාධාරණයක්වත් වෙන්න ඇති පව් අනේ (අ)

:       0       0

සෙන්පති Wednesday, 15 January 2014 03:51 PM

මේ ප්‍රතිචාර වල කිසිම හරයක් නැහැ .දුපත් මානසික රෝගීන් වගේ පෙන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 2 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 600 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61
2024 සැප්තැම්බර් මස 21 36 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 360 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1443 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 572 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14588 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 144 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site