IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මම හැමදාම මගේ රසිකත්වයට ගැලපෙන ගීත ගායනා කරනවා

2016-04-12-ent-209

2016-04-12-ent-206"ඩැෆඩිල් මලක්", "සිත්තම් කරමින්", යන සුභාවිත ගීතවලින් රසික ජනාදරයට පත් ඔහු දයාන් විතාරණ වෙයි. ගායන රැල්ලත් සමග ඉදිරියට නොයන ගායකයෙකු වුවද ඔහුගේ නව නිර්මාණ කිහිපයක් පසුගියදා එළිදක්වා තිබුණා. ඒ පිළිබඳ ඔහු අප සමග පැවැසුවේ මේ ආකාරයටයි.

"මෑතකදී විශේෂ ගීත කිහිපයක් කළා. ඒවා මගේ ෆේස්බුක් එකේ ෆෑන් පේජ් එකෙන් බලාගන්න පුළුවන්. අවසානෙට කළේ රොක්ෂිලා වෙත්තමුණි රචනා කරනු ලැබූ "උදාරි හිරු රැස්" කියන ගීතයයි. මේ ගීතය සංගීත අධ්‍යක්ෂණය කළේ දර්ශන වික්‍රමතුංග. ඒ ගීතයට ෆේස්බුක් හරහා ඉහළ ප්‍රතිචාර තියෙනවා. ඉදිරියේදී මව් ගුණ ගීයක් කරන්න ඉන්නේ. මම මේවන කොට අලුත් පද රචකයන්ගේ ගීත ගොඩක් කරලා තියෙනවා.*

"නව රැල්ලේ ගීතවලටමම පෞද්ගලිකව අකමැතියි. හැබැයි ඒවගේ තනු හරිම ලස්සනයි. එහි වචන භාවිතය සුභාවිත ගීතයේ තිබෙන වචන නෙමෙයි. විශේෂයෙන්ම එහි බොහොමයක ඔයා කියන වචනය පාවිච්චි වෙනවා වැඩියි. කතාකරන කොට ඔයා කිව්වට කවදාකවත් ව්‍යවහාර භාෂාවේ, සාහිත්‍යයේ ඔබ කියලයි කතා කරන්නේ. සිංහල භාෂාව හරි පොහොසත් භාෂාවක්. ලියන්නේ එක විදිහකට කියන්නේ එක විදිහකට, ගීත ගයන්නේ එක විදිහකටයි. ලියන භාෂාවෙන් තමයි ගීත ගැයෙන්න ඕනේ. එතකොට මිනිසුන්ට හිතන්න යමක් තියෙනවා. මිනිස්සු සාහිත්‍යයෙන් පෝෂණය වෙනවා. මේ අද එහෙම නැහැ. කෙලින්ම ලියුමක් ලියනවා වගේ, කතාවක් ලියනවා වගේ ගීත කියනවා. ඒක හොඳ ප්‍රවණතාවක් නෙමෙයි."

"මෙවැනි දේවල් සඳහා මූලික හේතුව තමයි මාධ්‍යවලින් එවැනි ගීතවලට ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ලබාදීම.මිනිස්සුත් ඉතා සරලයිනෙ. මොකද අපි තරුණ කාලේ ප්‍රබුද්ධ විදිහට ලියපු ගීත අපි ඇසුරු කළා. ගීත සාහිත්‍යයේ ගොඩක් තැන් ස්පර්ශ කරලා ඇත්තටම හොඳ රසිකයෝ වෙලා හිටියේ. ඒක නිසයි අදටත් අපෙන් වැරදි ගීතයක් බිහිනොවෙන්නේ. ඉතිං අද ගොඩක් වෙලාවටවෙන්නේ කතාකරන භාෂාවෙන් ලියැවුණු ගීත අහන්න ලැබීමයි. මිනිසුන්ට තියෙන අවිවේකී බව සියලු දේ එක්ක ඒ වගේ ගීත දුන්නාම ග්‍රහණය කර ගන්න ලේසියි. හැබැයි එයින් සිදුවන්නේ සාහිත්‍යයට හානියක් පමණයි. අපි හැමදාම හිතන්න ඕනෑ සංස්කෘතිය, සභ්‍යත්වය මේ සියලු දේවල් එක්ක යන ගමන් ගැන. ඒ නිසා අපේ අනන්‍යතාව ගිලිහෙන්න දෙන්න නරකයි."

"නමුත් අද ඇතැම් අය හෙබ්බත් වෙලා තියෙන්නේ. අහන අය කියන්නේ රේඩියෝවක් දාලා සිංදුවක් අහන්න බැහැ කියලයි. කැසට් එකක්, සීඩි එකක් හෝ අන්තර්ජාලයෙන් සිංදුවක් අහනවා ඇරෙන්න සිංදුවක් අහන්න බැහැ කියලා. අපි මේ ගීත කරලා නාළිකාවලට දුන්නට ඒ අය කියනවා මේවා නෙමේ අද යන්නේ කියලා. හැබැයි මම කියන්නේ මම තාම රසිකයෙක්. මගේ හැකියාවන් මොට වුණත් මගේ රසිකත්වය මොට කරන්න බැහැ කාටවත්. මම හැමදාම මගේ රසිකත්වයට ගැලපෙන ගීත ගායනා කරනවා. ගායනා කරලා මගේ රසිකයන්ව පෝෂණය කරනවා. කවුරු හරි ඒකෙන් වින්දනයක් ලබනවානම්, ඒක තමයි මම ලබන ලොකුම සතුට."

 

2016-04-12-ent-208
2016-04-12-ent-207



අදහස් (0)

මම හැමදාම මගේ රසිකත්වයට ගැලපෙන ගීත ගායනා කරනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 107 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 458 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 492 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 308 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 898 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site