IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මම හැමදාම හිනාවෙලා ඉන්න කෙනෙක්...

 

 

නර්තනය වූ කලී ඇය සිය ආත්මයෙන්ම ගෙනා දෙයකි. ඒ නිසාමදෝ ඇය නර්තනයේ යෙදෙන්නේ වඩාත් සැහැල්ලූ රිද්මයකිනි. ඒ රිද්මය කොතරම් දුරට නම්‍යශිලීද යත්, සමනොළ තටුවක් පාව යන්නාක් මෙන් වූ හැඟීමක් හිතට දැනෙයි . භද්‍ර යෞවනයෙන් පියමං කොට හැඩකාර තාරුණ්‍යයේ එළිපත්තේ සිට නර්තනය හැඩ කරන මේ ලාලිත්‍ය නර්තනාවිය අසේකාය. ශ්‍රී ලාංකීය නර්තන ක්‍ෂේත‍්‍රයේ ඉසුරුමුණි පෙම් යුවල සේ නර්තනයේ ලාලිත්‍ය මැවූ චන්න - උපුලී ප‍්‍රවීන යුවළගේ එකම දියණිය වන ඇය විජේවර්ධන පරපුරේ මෙන්ම පණීභාරත පරපුරේ නව සුසංයෝගය වන්නීය. අද අපේ හැඩකාර කතා බහ ඇය සමගය.

 

  ‘‘අසේකා’’ එහි තේරුම මොකක්ද?
මම දැනගත්ත විදියට ‘‘සියලූ දේ ගැන අවබෝධයක් ඇති’’ කියන අදහසයි.

 


 හැම දෙයක් ගැනම ඔබට අවබෝධයක් තියෙනවද?
ජීවිතේ ගමනත් පටන් ගත්තා විතරයි. අත්දැකීම් සමග අවබෝධයක් ලබාවි.

 
 


 උසස් පෙළ හැදෑරුවේ මොන වගේ අංශයක නිරතවීමේ අපේක්ෂාවෙන්ද?
කලා අංශයෙන් ඉගෙන ගත්තෙ. දැන් උපාධිය ලබා ගැනීම සඳහා කැළණි සරසවියට ඇතුළත්වීමට සූදානම් වෙනවා.

 


 ඇයි ඔබත් නර්තනයම තෝරා ගත්තෙ?
මම හිතන්නෙ උපන්දා සිටම ඇසුවෙ, දුටුවෙ ඒවා. ඒ නිසා ආසාවක් ඇතිවෙන්න ඇති.

 


 නර්තනයම තෝරා ගත්තෙ පරපුරේ උරුමය ඉදිරියට ගෙන යාමටද? ඒ නිසා ලබන ජනප‍්‍රියත්වය තවදුරටත් රඳවා ගැනීමටද?
කොහෙත්ම නැහැ. මොකද දෙමාපියන් මට කවදාවත් කිසිම දෙයකට බළපෑම් කළේ නැහැ. සීයා හෝ අම්මා - තාත්තා කවදාවත් මේ අංශය තෝරාගන්න කියලා කිව්වෙත් නැහැ. පොඩි කාලයේදී ඇත්තටම මම නටන්න අකමැතියි. ඒ කාලයේ වැඩියම ආස කළේ චිත‍්‍රවලටයි.

 


 පසුකලෙක නැටුම තෝරා ගත්තේ එයින් ජනප‍්‍රිය බව රඳවා ගන්නද?
ජනප‍්‍රිය බව දෙමාපියන් නිසා කොහොමටත් මට ලැබෙනවානෙ. නර්තනය තෝරා ගත්තෙ ඒ නිසා නෙවෙයි. තාත්තා උගන්වන දේ දිහා බලා සිටියාම පුදුම ආසාවක් ඇතිවුණේ. නර්තනය යනු මතුපිටින් දකින දේට වඩා ඇතුළාන්තයෙන් ගැඹුරු විෂයයක් වගේම අධ්‍යාත්මික දෙයක් කියලා තාත්තා අනෙක් අයට උගන්වද්දී මට හැඟුණ දෙයක්. තාත්තගෙ ඒ දැනුම එක්ක බලද්දී මම තවම සිටින්නෙ ඉතාම අල්ප තැනකයි. කෙටියෙන්ම කිව්වොත් බිඳක්වත් දන්නෙ නැති තරම්.

 


 නර්තනය වෙතින් මොනවගේ දෙයක් ප‍්‍රකාශ කළ යුතුයි කියලද ඔබ හිතන්නෙ?
රටේ ආධ්‍යාත්මය ලෝකයට ප‍්‍රකාශ කරවීමට පුළුවනි. කලාව අතින්, සංස්කෘතිය අතින් අපි කොච්චර පොහොසත්ද කියලා ලෝකයට පෙන්වන්න පුළුවනි. අපේ ආයුබෝවන් කීමේ සිට අපේ ගතිගුණවල හරය රිද්මය හිස් නැති බව ලෝකයට කියන්න පුළුවනි.

 


 මේ දිනවල ඔබ පෙනී සිටින දැන්වීමක් ජනප‍්‍රියවෙලා තිබෙනවා. නර්තනය දැන්වීමකට යොදා ගැනීම ගැන හිතන්නෙ කොහොමද ?
නර්තනය හෝ  ඕනෑම කලා ප‍්‍රකාශනයක් නිර්මාණාත්මක දෙයකට යොදා ගන්නේ නම්, එහි වරදක් මා දකින්නෙ නැහැ.

 

 

 


 කොහොමද නර්තන ශිල්පිනියක ලෙස අද ඔබ ලබන ප‍්‍රතිචාර?
ඉතා ඉහළයි. ඒත් පෞද්ලිකව මම නර්තනය වෙතින් තවම ලබා ඇති දැනුම ඉතා අල්පයි.

 


 පවුලේ එකම දරුවා ඔබ. එය ඔබට දැනෙන්නෙ කොහොමද?
පවුලේ එකම දරුවා වීමට සමහරු කැමති නැහැ. ඒත් මම නම් ඒකට කැමතියි. මොකද මට කවදාවත් තනිකමක් දැනුණෙ නැහැ. අපේ නිවසට නිතර ආ ගිය  අයියලා - අක්කලා තාත්තා - අම්මා වෙතින් නර්තනය හදාරද්දී ඒ අය මට මගේම සොයුරු - සොයුරියන් වුණා. ඒ නිසා, මට අයියලා ගොඩාක්, අක්කලා ගොඩාක් සිටින වග හිතුණා.  එය ඇත්තටම මම ලැබූ භාග්‍යයක්.

 


 ඔබේ නර්තන ලීලාව අතිශයින්ම සැහැල්ලූ බවක් ගෙන දෙන බව බොහෝ දෙනා පවසනවා. මොකක්ද ඒ රිද්මයේ රහස?
නර්තනයට ඒ සැහැල්ලූ බව අත්‍යාවශ්‍ය දෙයක්. එය පෙර පිනකට මට පවුලෙන් ලැබුණු දෙයක් වෙන්න ඇති.

 

 
 


 අද නර්තන ක්‍ෂේත‍්‍රයේ සිටින ඔබේ සම වයසේ අය එක්ක ඔබට තරගයක් තියෙනවද?
අනිවාර්යයෙන්ම අපට  අපි එක්ක තරගයක් තියෙනවා. අපට අපි හැමෝගෙන්ම ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ.

 


 ඔබ ආඩම්බරයි කියලත් සමහරු කියනවා? ඒක ඇත්තද?
නැහැ, කොහෙත්ම නැහැ. කුඩා කාලයේ ඉඳලාම මම හිනාවෙලා ඉන්න කෙනෙක්.

 


 කවුද ඔබේ ප‍්‍රියතම නර්තන ශිල්පියා සහ ශිල්පිණිය?
අම්මා - තාත්තා තමයි.

 


 ඒ හැර ?
වින්ධ්‍යා වරකාගොඩ ශිල්පිණියගෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා.

 


 21 කියන්නෙ ආදරය දැනෙනxහැෙඟන නපුරු වයසක් නේද?
වෙන්න ඇති. ඒත් මට තව ගොඩාක් කල් තියෙනවා. තවම ඒ ගැන හිතලා නැහැ. අපට හැමදාම නර්තන ප‍්‍රසංග තියෙනවා. ඒ වෙනුවෙන් උදේ - දිවා රැයේ වෙන මහන්සිය අපමණයි.

 


 ඔබේ පුංචි අම්මගෙ (ජයවන්ති පණිභාරත) සැමියා දයාසිරි ජයසේකර අද වයඹ මහ ඇමති වෙලා. මොකද හිතෙන්නෙ ඒ ගැන?
අපි හැමෝටම ගොඩක් සතුටුයි. ඒත් පුංචි දුකකුත් තියෙනවා. මොකද දයාසිරි බාප්පා දේශපාලනය නිසා ගොඩාක් කාර්ය බහුල වෙලා හිටියෙ. වෙලාවකට අපටත් හමුවන්න බැරි තරම්. දැන් මේ නිසා කොහොමටත් අපටත් හමුවන්න බැරි තරමට එයා කාර්ය බහුල වේවි. ඒකයි දුක. එත් බාප්පාගෙ ගමන ගැන හරි සතුටුයි.

 

 



අදහස් (0)

මම හැමදාම හිනාවෙලා ඉන්න කෙනෙක්...

ප්‍රිය Monday, 04 November 2013 11:41 AM

දුවේ ආඩම්බර උනොත් නම් දිගු ගමනක් යන්න බැ, නිරහංකාර වෙන්න, ඉන්න ටික කාලේදී රටේ මිනිස්සුන්ගෙන් වචනයක් නොහා හිටියොත් තමා ඔයා දිනුම්. සුබ පැතුම්.(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 01 November 2013 10:35 PM

මට පනිභාරත මහත්තයා මතක් වෙනවා. ඔහු නිහතමානී මිනිසෙකු ලෙස තමයි මම හැදිනගෙන හිටියේ.ගොඩක් මතකයන් තිබෙනවා ඔහු ගැන කියන්න. නමුත් වෙලාවක් නැහැ. ඔයාට පුතේ තෙරුවන් සරණයි! (නි)

:       0       0

මානෙල් වෙම්බ්ලි Wednesday, 23 October 2013 03:25 PM

ගම්වල අවස්ථාව නොලැබෙන දක්ෂ අය කොපමණ ඇතිද? (ස)

:       0       0

චන්දා Wednesday, 13 November 2013 01:49 PM

ඔයා දක්ෂ නංගියෙක්. මම ඔයාට සුබ පතනවා (නි)

:       0       0

මධු Thursday, 14 November 2013 02:14 PM

අනේ! තව ඔයාගේ හඩ ගැන හිතන්න. (නි)

:       0       0

චම්න්ද Tuesday, 19 November 2013 06:55 PM

ඔබ අපෙ රටට මහා අනර්ග වස්තුවක් නංගී ඔබට ජයෙන් ජය ලැබේවා (ස)

:       0       0

හර්ෂි Wednesday, 23 October 2013 10:34 AM

හුරුබුහුටි පුංචි නංගියෝ, සුබ පැතුම්! ලස්සන ජීවතයකට අාසිරි! (නි)

:       0       0

කමල් Monday, 21 October 2013 06:31 AM

ලස්සන වගේම ගුණයහපත් මවකගේ සහ පියෙකුගේ දියණියක් (නි)

:       0       0

ගයාන් Sunday, 20 October 2013 04:48 PM

ඇත්තෙන්ම හරි අපූරූ ශිල්පිණියක්. නටනවා බලන්න හරි ආසයි. විශේයෙන්ම කායික නර්තනයට වඩා ඇයගේ මුහුනේ ඉරියව් වලින් ප්‍රකාශනය වෙන දේවල් හරි අපූරුයි. රංගනයට හොඳ සාධාරනයක් කරනවා.(නදී)

:       0       0

සිතාරි Tuesday, 12 November 2013 03:21 PM

මම ඔයාට සුබ පතනවා.(නදී)

:       0       0

සුදත් ශ්‍රී Monday, 21 October 2013 08:15 AM

ඇය ලස්සනයි වගේම ඇගේ රංගන ශෛලිය ඉතා අලංකාරයි. (නි)

:       0       0

නීරෝ Tuesday, 22 October 2013 12:42 PM

මං හිතන්නේ ඔයා හරි ලස්සනයි කියලා.. (ස)

:       0       0

සදරුවන් Wednesday, 23 October 2013 06:11 PM

හොද හැකියාවක් ඇති කෙනෙක් (නි)

:       0       0

ප්‍රදීප් සිල්වා ගුණරත්න Saturday, 26 October 2013 01:28 AM

ඔබ ළඟ පුදුමාකාර ලස්සනක් තිබෙන්නේ. නටන විට මම කටත් ඇරගෙන බලා සිටින්නේ මෝහනය වූවාක් මෙනි. මෙච්චර ලස්සන කෙල්ලෙක් මම වෙන දැකලා නැහැ. ඒ තරම් ම ලස්සනක් තියෙන්නේ. (නි)

:       0       0

ධම්මිකා හේරත් Wednesday, 23 October 2013 12:58 PM

මගේ එකම දුවත් නර්තන ශිල්පිණියක්. හැඩරුවත් ඔබ වගේමයි. මට දැනෙන්නේ ඔබත් මගේම දියණියක් කියලයි. (නි)

:       0       0

රුවිනි Saturday, 26 October 2013 02:27 AM

ඔබේ නැටුම් ඉරියවූ ඉතා ලස්සනසී. ලංකාවට ඔබ වටිනා වස්තුවක්. මේ වගේ නැටුම් ශිල්පිනියන් තව හුගාක් ඕනෑ. ඔබට සුබ පැතුම් ඉදිරියට යන්න. (නි)

:       0       0

සරා Monday, 21 October 2013 04:25 PM

ඔයාගේ අම්මට තාත්තට වගේම ඔයාටත් මම හරිම ආදරෙයි. (ස)

:       0       0

ලාරා Monday, 21 October 2013 10:02 PM

ඔබ වගේම මමත් ලංකාවේ ඉන්නකොට හැම වෙලේම හිනා වෙලා හිටියේ ?.ඒකයි ගෙදරින් මාව විදෙස් ගත කලේ ?(දිල්)

:       0       0

රොහාන් Saturday, 26 October 2013 06:54 AM

සැහැල්ලුවෙන් රගන සුන්දර සමනලියකි ඔබ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1616 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2024 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5628 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1613 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6073 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17989 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site