IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘‘මමත් අධිකරණයට හේතු කියනවා‘‘

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඇමතිවරු දෙදෙනා සහ මන්ත්‍රීවරයා ඉවත්කිරීමට නිවැරදි හේතු අධිකරණණය හමුවට ගොස් පැහැදිළි කිරීමට සහ පාක්‍ෂිකයන්ට සහ සංවිධායකවරුන්ට සත්‍ය කරුණු අවබෝධ කිරීමට කටයුතු කරන බව හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (4) පැවසීය.

හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ නිවසේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් එසේ පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මෙවැනි අභියෝග අලුත් ඒවා නොවන බවත් චන්ද්‍රිකා මැතිණිය, විජය කුමාරතුංග, අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් කැඩිලා යෑමේ ප්‍රතිඵලයෙන් වසර 17 ක් විපක්‍ෂයේ සිටීමට සිදුවූ බවත් ඒ මහතා කීය.

පක්‍ෂයේ තීරණයට පටහැනිව ගොස් නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 න් 11 ක් මේ වන විට ආණ්ඩුවට එකතු වී ඇති බව කී සිරිසේන මහතා සන්ධාන ලාංඡන වන පුටුව සහ බුලත් කොළය ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරු සතුව තිබීම නිසා සන්ධාන පිහිටුවීමට ද නොහැකි වූ බව ද සඳහන් කළේය.

සන්ධාන ලාංඡන ආණ්ඩුවට ගිය අය නොදීමෙන් විනය නීතිවලට පටහැනිව කටයුතු කර ඇති යැයි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවත් කුමන ප්‍රශ්න සහ අභියෝග ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසිදු, දූෂණ සහ වංචාවෙන් තොර පිරිසක් හැටියට පිරිස හැටියට ආණ්ඩුවට සම්බන්ධ නොවන බවත් ඒ මහතා කීය.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අධිකරණයට කරුණු දැක්වීමකට අනුව පක්‍ෂ සභාපතිත්වය ලබන 18 වැනිදා දක්වා තහනම් නියෝගයක් පනවා ඇති බව මාධ්‍යවලින් දැනගත් බවත් කෙසේ වෙතත් ඒ පිළිබඳ කිසිඳු ලිඛිත දැනුම්දීමක් මේ දක්වා ලැබී නොමැති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (6)

‘‘මමත් අධිකරණයට හේතු කියනවා‘‘

Prabha Thursday, 04 April 2024 08:20 PM

මොන්ටිසෝරි ළමයි වගේ...!

:       0       23

Nilantha Thursday, 04 April 2024 09:06 PM

දියුණු රටවල වාගේ ධුර කාලයෙන් පස්සේ විශ්‍රාම ගියානම් ඔය ප්‍රශ්න නෑනේ...

:       0       19

Perera Thursday, 04 April 2024 11:27 PM

දැන් ඔහොම කියලා තව ටික දවසකින් එහෙම කියන්න බැහැ කියාවිද දන්නේ නැහැ

:       0       6

gayan Friday, 05 April 2024 02:19 AM

මේ පුද්ගලයා හිරේ සිටිය යුතුයි. ඔහුව එල්ලා මැරීමට හේතු 1000ක් තිබේ. එම ලැයිස්තුවේ පළමුවැන්න පාස්කු ප්‍රහාරයයි. ප්‍රහාරයට උදව් කළ සහ සැලසුම් කළ පළමු පුද්ගලයා ඔහුය.

:       0       4

Rifan Friday, 05 April 2024 08:24 AM

තම ජනපති ධූර කාලයෙත් පිස්සු කෙළලා ඊට පස්සෙත් පිස්සු කෙළින කාලකන්නි ජනපතිවරුන් සිටින ලොව එකම රට ශ්‍රී ලංකාවයි.

:       0       6

Dayasena Friday, 05 April 2024 12:47 PM

Rifan හරියට හරි ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් හැටියට හිටපු ජනාධිපති දෙදෙනාම ධුර කාලයෙන් පස්සේ පිස්සු කෙලිනවා නේද ඊළඟට මේ පුද්ගලයා ජනාධිපති හැටියට පාස්කු ප්‍රහාරය වැළැක්වීම සඳහා කිසිම දෙයක් කළේ නැහැ... ඒක පක්ෂයට සිදුකළ බලවත්ම අපකීර්තියක් කියන්න පුළුවන් ඒ නිසා පක්ෂයේ සාමාජිකයින් හැටියට අපිත් ඔයැයිට විරුද්ධව අධිකරණයේ කරුණු කියන්න බලාපොරොත්තු වෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 7 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 26 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 70 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 82 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2369 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site