වප් පොහොය උදා වෙද්දීම උදෑසන මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ ගැබ්බරව සිටි ඇතින්නක සිය දරු උපත සිදු කළාය
අලුයම තුනත් හතරත් අතර කාලයේදි ඇය බිහිවු පුංචි පැටවා පිරිසිදු කොට පැය කිහිපයකින් පසුව වනාන්තරය ඇතුළතට රැගෙන ගියාය
පොහොය බලපෑම සමඟ බොහෝමයක් වන සතුන් පැටවුන් බිහිකිරිමට සූදානමින් වන අතර විශේෂයෙන් අලි ඇතුන් වැනි සත්තු මේ කාලයේදි එක් ස්ථානයක කල් ගෙවිමටත් එම ස්ථානය තැනිතලා ස්ථානයක්වීමටත් වගබලා ගනිති
ඇතින්නක මෙසේ පැටවා සහිත වැදෑමහ බිහිකිරීමෙන් අනතුරුව සිය පාදයෙන් ඇන වැදෑමහ පළුදු කිරීම සිදු කරයි
පැටවා බිහිවී පැයකට පමණ පසුව එම ස්ථානයෙන් ඉවත් කොට සිය රැළ වෙතට රැගෙන යයි
.jpg)
.jpg)
.jpg)
.jpg)
පැටවා ප්‍රසූත කළ පසු ඉවත් වු වැදාමහ
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් අලුත් අම්මිට....(අ)
අනේ අහිංසක අලි. මුන් තනියම මේවා කරගන්න හැටි...සොබා දහම් මාතාවගේ අපුරු නිෂ්පාදන. අර රැලේ ඉන්න අලියා බලන් ඉන්න ඕනේ පැය කීපයයි. මිනිස්සු ආස්සරේ කොරල මේ ඩිංගට නෑනට අමුතු යෝජනා මුකුත් කොරල නැතුව ඇති නේ රුපෝ.. (නදී)
අර අලි තුන්දෙනා කතා කොරනවලු කාගේ නමද උප්පැන්නෙට දාන්නේ කියලා. දකුණෙන්,,කොලඹින්.ගම්පහින්ද කියලා.(නදී)
අපිටත් මාසෙක බබෙක් ඉන්නවා. එයත් අරන් ගිහින් ගමක ඉන්න ඇත්නම් කියල හිතෙනවා අලි බබා දැක්කම. නගරය හරි වෙහෙස කරයි. අනතුරු සිත් රිදවීම් බහුලයි. දරු සෙනෙහස හොඳින් රඳවා ගන්න අපහසුයි. ඔබලාගේ අදහස් පලකරන මෙන් මෙත් සිතින් අයදිමි. (නදී)
අනේ උත්තරා අක්කේ උදව්වට නංගිවත් ගෙදර හිටියද? සංසාරේ කල කිරුනද?ඒ අලි කොරන වැඩ කොරන්න ගොහින් නිකන් වනයක් හදා ගන්න එපා...(නදී)
මේවා තමා අපේ රටේ තියෙන සම්පත්.මේ සතුන් රැක ගන්න එක අප හැමෝගෙම යුතුකම (අ)
අම්මලා , පුතාල ලොකු වෙලා ඇවිත් ගෙවල් බිදිනිකොට තමයි වැඩේ. (අ)
අම්මගෙන් කුක්කු බිව්වද පැටියෝ? (අ)
උත්තරා මගේ ගෙයක් තියෙනවා සිංහරාජය මායිමේ. වහල දාල තියෙන්නේ. එහෙ ගිහින් ඉන්න කැමතිද. ඉඳල හිටලා මාත් ඔහේ ඇවිත් යන්නම්. (අ)
මමත් දස අතේ කල්පනා කොරන්නේ කොමද මේ ගෑනු සතුන් ගෙන් පිරිමි සතුන් රැක ගන්න එක. සම්පත් වලට උණුවතුර දාලා විනාසකරන රත්නායකාලා දිසානායකාලා ගෙන්. (අ)
බබයියා ගෙන් කෙසෙල් පදුර බෙර ගනියෝ. පුදුම අනුකම්පාවක්...මේකාගේ ඇහැ තියෙන්නේ ගොන් වැස්සි දිහා අර නානා වගේ..නා..නා ...යක් කාරය වගේ... (අ)
ඕකනේ හොඳක් කරන්න ගියත් බලන්නේ නරක ඇහැකින් නේ.(අ)
අර සදුනි කිව්වා වගේ මේ අලි පැටියාව දැනටමත් ලියාපදිංචි කරලා වෙන්න පුළුවන් (අ)
අනික් ආන්ටිලාත් මට කුක්කු දෙවි නේද අම්මේ. රංචුවේ බබෙක් ඉන්නේ මම විතරක් නිසා මට හැමෝම කුක්කු දේවී. (අ)
ඔව් පුතේ මගේ පුතා දැන් රංචුවට ගියාම අනික් ආන්ටිලා පුතාව අතගායි. උම්මා දෙයි ඊට පස්සේ කුක්කුත් දෙයි. පුතා ගියාම ඒ හැමෝගෙම කුක්කු බොන්න පුළුවන් .රංචුවේ පුංචි බබෙක් හැදුනම ඒ බබාගේ බන්දිය පිරෙන්න කුක්කු දෙන්න තමයි අපේ දෙවියන් එහෙම වාසනාවක් බබාලට දීල තියෙන්නේ.ආන්ටිලා සේරම අම්මා වගේම මගේ පුතාට ආදරේ වේවි. ඉක්මනට යුමුකෝ. බලාගෙන චූටි කකුලේ කටු ඇනෙයි. (නදී)
ජුවානිස් අයියේ මේ ලියලා තියෙන්නේ මනුස්ස භාෂාවෙන් අලි භාෂාව විතරක් දන්නා කුක්කු පැටියන්ට නේ. (නදී)
මේ අලි බබාගේ තාත්තා කොහේද දන්නෙ නැහැ (නි)
අලි බබාගේ තාත්තා හොරු හතලිහ එක්ක චිත්‍රපටියේ නේ.. දැක්කේ නැතිද?(නදී)
මට සැකයක් ආවා.., මේ පෙත්ත සහ පෙටි කියන්නේ එක්කෙනෙක් කියලා? (නදී)
වසන්න කියනවා වගේ හේන් ගොවිතැනට කියල කැලෑ අල්ලගෙන ඉන්නවා, මෑතක ඉඳල අවතැන් වුන මිනිස්සු කියලා කැලෑ අල්ලාගන්න සුළු ජාති වල අයට ප්‍රාදේශීය මන්ත්‍රී වරු අයිතිය දෙනවා, ( ඉඩම් අයිතිය රජයට කියලා කිව්වට ?) මේවා නිසා අලින්ගේ ජීවිත අවුල් කරලා,. සැලැස්මක් නීතියක් මේ පැති වල නැති වීම නිසා මේ පැටියත් අනාතයෙක් වෙලා ගස් අදින්න ටවුමේ පන්සලකට අරගන යන්න හොඳටම ඉඩ තියෙනවා. මේක විසදන්නේ නැතිව ඒ ගැන නොසලකා වෙන සෝබන උත්සව වලට වියදම් කරන එකත් 'අපරාධයක් '. ඒකෙන් නම් ගැලවෙන්න බැහැ. උත්තරා, කැලැ වල ඉඩ නැහැ දැන් , වන වැස්ම 14% බැහැලා කියලා දැක්කා. අලින්ගේ කැලැයි අලිමන්කඩයි ආරක්ෂා කරන්න වැඩ කරන්න , ඒකෙන් ඔයාලගේ ජීවිත වලට සතුට වාසනාව ගෙනෙයි.(නදී)
ඔය ඡායා රූපේ ගන්න කොට මමත් ළඟ, ඉතාමත් දුර්ලභ දර්ශනයක්,මේක අපේ ජීවිතේ තුළ දකින පළමු සහ අවසන් දර්ශනය ද විය හැකියි. විශ්ව ඒ කාර්යය ඉතාමත් හොඳින් කළා. (ස)
සත්තු මිනිස්සු කියලා නැහැ. කොයි අම්මාටත් දරු සෙනෙහස එක වගේම දැනෙනවා කියලා මට හිතෙනවා.(නදී)
ඇත්තෙන්ම අපූරු දර්ශන පෙළක්. ස්තුතියි පුවත් සේවයට. (නි)
අනේ අම්මේ.... බබා පරිස්සම් කර ගන්න හොඳේ. නරක මිනිසුන් ගෙන් (ස)
මේ දැන් ඉන්න මිනිසාගෙන් වහන් වෙලා ඔය දරු සිඟිත්ත හදා ගන්න අම්මේ ..(නදී)
හරිම ලස්සනයි, නමුත් කී දවසක් මේ අම්මටයි දරුවටයි ඉන්න දෙයිද දන්නේ නැහැ එකට (නි)
සසරේ ගමන මෝහයේ මිහිදුම් සළුවෙන් අතුරා... තිරිසන්භාවය ඇතෙකුගේ වුව දුකකින් පිරිලා... අපි සැමවුව අලි පරපුරේ මේ වගේ ඉපදීලා.... අවසන් රූප රාමුව අරගෙන සසරේ කලකිරිලා.... (නි)
අම්මේ, වින්නඹුකමත් තනිවම කරගත්තා නේද? මොනවා වුණත් ඉක්මනට තාත්තලා ළඟට ඔය මැණික් කැටේ එක්කගෙන යන්න. මිනිස්සුන්ට අහුවුණොත් වයස නොබලා කොහාට හරි තෑගි කරන්න අරන් යයි. (නි)
ගැමුණු, ඔබට ස්තූතියි (නි)
ඉක්මනට තාත්තලා ළඟට මව එක්කගෙන යන්න අම්මේ (ස)
එක්කෙනෙක් ඉපදෙනකොට කීදෙනෙක් මරනවද අපේ පින්වත් උදවිය ? අනේ මොවුන්ට එහෙම නොවේවා!!(නදී)
වනජීවී ඇමතිවරයාගේ මිලියනයේ බලපත්‍රයේ බලපෑමට හසුවී මවගේ මරණයෙන් පසු හීලා අලි පැටවෙකු බවට පත් නොවේවා..(නදී)
අනේ මගේ පුතා අනාගතයේ මිනිසුන්ගේ සිර කාරයෙක් නොවේවා! මගේ පුතා උස් මහත් වෙනතුරු මගේ ජීවිතය ආරක්ෂා වේවා! දෙවියන් මගේ පුතාව ආරක්ෂා කරත්වා!........................අලි අම්මා..(නදී)
මේ පුවත පලකල "ලංකාදීප" යට ස්තුතිය. පුංචි අලි පැටියට දෙවියන්ගේම පිහිටයි..!!(නදී)
පුංචි අලි පැටියට දීර්ගායු වේවා!(නදී)
දැනටමත් පැටියට අයිතිකාරයෝ ඇති.(නදී)
බොහොම වටිනා ඡායාරූප ටිකක් (නි)
මේ අලි පැටියව හොරකම් කරන්න නම් ඉඩ තියන්න එපා ....අපිට ආරංචි විදිහට අලි පැටව් හොරකම ලංකාව ජයටම කෙරෙන බිස්නස් එකක් !.(නදී)
යාක් ,සදුනි මම ඔබව අගය කරමි ..(නදී)
සසරක හැටි . ඉපදීම දුකක්කම තමයි. (අ)
මනු සතාගෙන් සහ අනික් ආපදාවලින් ආරක්ෂවෙව,බුදුන්ගේ දෙවියන්ගේ සරණි. (අ)
ස්තුතියි..(නදී)
පොළොවේ පස් කාගෙන දරුවෙක් වදලා ආදරයෙන් රැගෙන යන ලස්සන. ලෝකේ කොයි අම්මත් විදින අමාරුව. හිරුගේ රශ්මියයි අම්මගේ ආදරයයි තමා ලෝකය පවත්වාගෙන යන්නේ.. විශ්වට බොහොම ස්තුතියි......(නදී)
වන සම්පත මෙන්ම,වන ජීවින් සුරකිමු. මින්සුන් හේන් ගොවිතැන ඉන් මුදවා ,හොඳ අර්ද නාගරික ස්ථානාවල පදිංචි කරවමු.(අ)
සංසාර බෑදීම මව් සෙනෙහස එකට එක්කල අගනා අවස්තාවක්..(අ)
දුර්ලභ අවස්ථෘවක ස්තුතියි ලංකාදීපෙට (අ)
අනේ මගේ පුතා අනාගතයේ මිනිසුන්ගේ සිර කාරයෙක් නොවේවා! මගේ පුතා උස් මහත් වෙනතුරු මගේ ජීවිතය ආරක්ෂා වේවා! දෙවියන් මගේ පුතාව ආරක්ෂා කරත්වා!........................අලි අම්මා... (නදී)