IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මමත් අම්මට ගොඩක් ආදරෙයි

2016-07-01-ent-98

රංගන ශිල්පිනියකට ඇගේ ජීවිතේ තම රංගනයන් ඉදිරිපත් කළ කලා නිර්මාණයන් අනර්ඝ සම්පතක්. ඒ නිසාම ඔවුන් ඒ නිර්මාණවලට දැඩිසේ ආදරේ කරනවා.

ඒ නිසාමයි ඔවුන් රඟපෑ නිර්මාණ අතරින් වැඩිපුරම ආදරය කරන සිත්ගත්ම කලා නිර්මාණය පිළිබඳව අපට අහන්න හිතුණෙ.

ඒ වෙනුවෙන් අප සමඟ එකතු වුණේ 2010 වර්ෂයේ රූපවාහිනී අවුරුදු කුමරිය වීමත් සමඟ කලා ක්ෂේත‍්‍රයට පැමිණි සොඳුරු රංගන ශිල්පිනියක් වන සමාධි අරුණඡුායා. මෙවර ඇගේ සිත්ගත් නිර්මාණය වෙනුවෙන් තමයි ඉඩහසර වෙන්වන්නේ.

 

සමාධි රඟපෑ ටෙලිනාට්‍ය අතරින් කැමතිම ටෙලිනාට්‍ය ගැන කියමුද?

මම කැමතිම ටෙලිනාට්‍ය තමයි ජානක සිරිවර්ධන නිෂ්පාදනය කළ නිමල් රත්නායක අධ්‍යක්ෂණය කළ ”මලී” ටෙලිනාට්‍යය.

 

ඒ සඳහා සම්බන්ධ වුණේ කොහොමද?

මුලින්ම දෙරණ නාළිකාවෙම විකාශය වුණු සවීණා නාට්‍යයට සම්බන්ධවෙලා හිටියා. නමුත් මම එහි ප‍්‍රධාන චරිතය නෙමෙයි නිරූපණය කළේ. ඉතින් මට ඒ නාට්‍යයට දිගටම සම්බන්ධ වෙන්න ලැබුණෙත් නෑ. දෙරණෙන්ම නිෂ්පාදනය කළ ”මලී” නාට්‍යයෙ ප‍්‍රධාන චරිතයටම මාව හොඳයි කියලා තෝරගත්ත නිසා. එහෙම තමයි සම්බන්ධ වුණේ.

 

එතකොට රූගත කිරීම් කළේ කොහෙද?

ගොඩක් රූගත කළේ අනුරාධපුරේ. ඒ පළාතෙ කතාවක් විදියට තමයි වටපිටාව තිබුණෙ. ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය වගේ ස්ථානවල රූගත කිරීම් කළා. ඒ වගේම එහි යන එන එක දුෂ්කර නිසාම කොළඹ අවටත් බණ්ඩාරගම, පිළියන්දල වැනි ස්ථානවලදී රූගත කිරීම් කළා.

 

කොහොමද නාට්‍ය කණ්ඩායමෙන් ලැබුණ සහයෝගය.

මගෙත් එක්ක රංගනයෙන් දායකවුණු හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. සංකේත්, දුලීකා අක්කා ඇතුළු ලොකු පිරිසක් ඒ අතර හිටියා. ඒ වගේම නිෂ්පාදන කණ්ඩායමෙනුත් හොඳ සහයක් ලැබුණා. මුළු කණ්ඩායමම එක පවුලක් වගේ වැඩ කළේ. ඒ හැමෝටම තිබුණා සමස්ත නාට්‍ය ගැනම ලොකු කැක්කුමක්. ඒ විදියට හැමෝම එකමුතුවෙන් වැඩ කරපු නිසා තමයි සාර්ථකත්වයක් ලබාගන්න හැකිවුණේ.

 

"මලී" චරිතෙ දැනුණෙ කොහොමද?

ඇත්තටම මට ගොඩක් සමීප චරිතයක් තමයි මලී. මොකද මමත් ගැමි පරිසරයක හැදී වැඩුණෙ. සමහර වෙලාවට කකුලට සෙරෙප්පු දෙකක්වත් නැතිව චීත්ත ගවුමක් ඇඳගෙන කොණ්ඩ කරලක් ගොතාගෙන ඒ විදියෙ චරිත ලක්ෂණ එහි ගැබ්වෙලා තිබුණෙ. සමහර වෙලාවට කැලෑවල දුවනවා, පනිනවා සමහර ත‍්‍රාසජනක වැඩත් තිබුණා.

ඒ තරමටම ලොකු අත්දැකීමක් නැතිවුණත් ග‍්‍රාමීය පරිසරය මට එතරම් නුහුරු බවක් තිබුණෙ නෑ. මොකද මම තිස්සමහාරාම කියන ගමේ හැදුණු කෙනෙක්. ඉතින් ඒ චරිතය මට ගොඩක් සමීපයි කියලා හිතුණා. ඒ චරිතයෙ වුණත් අම්මට ගොඩක් ආදරණීය දුවක් මලී කියන්නෙ. ඒ වගේම මමත් මගේ අම්මට ගොඩක් ආදරෙයි. ගොඩක් සමීපයි. ඒ වගේම ආගමට, දහමට ලැදියි. වැඩිහිටියන්ට ගරු කරන, සතා සිව්පාවට ආදරය කරන චරිතයක්. ඉතින් ඒ චරිතයෙ හැමදේම මගේ ජීවිතේට ගොඩක්ම සමීප බවක් තිබුණා. ඒ නිසා අමාරු වුණේ නෑ. චරිතය කරන්න.

ඒ වගේම සිංහල වෙදකම් දන්න වෛද්‍යවරියක්නෙ මලීගෙ අම්මා. ඉතින් අපිත් ගමක හිටපු නිසා අත් බෙහෙත්, වෙදකම් ගැන දැනුවත්කමක් තිබුණා. අපේ අත්තම්මලාගේ පරම්පරාවත් සිංහල වෙදකමට ගොඩක් දක්ෂයි.

විශේෂයෙන් දුලීකා අක්කා රූගත කිරීම් අතරතුරදී පවා වෛද්‍යවරුන්ට කතා කරලා අහනවා ඒ කරන බෙහෙත් හරියටම හරිද? ඒවා කිව්වට ප‍්‍රශ්නයක් නැද්ද? කියන දේ. ඒ විදියටම දැනගෙන තමයි ඒ බෙහෙත් පිළිබඳ කතා කළේ.

 

මෙහිදී ගීත පටිගත කිරීම් කළා නේද?

2016-07-01-ent-97ගීත පටිගත කිරීම් කළා. ගල් තලාවක තමයි රූගත කළේ. කොටස් 100 විතර යනකම් එක රූප රචනාවක් තිබුණෙ.

 

ඒ ගීතය මතකද?

නිකිණි මල් පිපිලා දුරුතු අඳුරේ.......

සූරියමලකට හීන දකිනවා

සීතල ?යාමේ........

හිරුමල කවදා

කොතැනක පිපුනද

සඳකැන් හිනැහෙන පාර දිගේ

සිනාසියන් හිරු හා සතුටු වී අහසේ...

 

ඒ රූප රචනයට රංගනයෙන් දායකවුණේ කව්ද?

රූප රචනයට දායක වුණේ මමයි, දුලීකා අක්කයි. මේ අම්මයි, දුවයි ප‍්‍රධාන වුණ නාට්‍යයක්. ගොඩක් කතාවල ආදර කතාවක් මත කතාව ගෙතෙන්නෙ. මේ නාට්‍යයෙ ආදර කතාවක් තියෙන්න ඕන නිසා තිබුණෙ. නමුත් ප‍්‍රධාන වුණේ අම්මා සහ දුව.

 

එවැනි ප‍්‍රවීණ රංගන ශිල්පීන් සමඟ රඟපාන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම මම එමගින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මලී සඳහා දායකවන රංගන ශිල්පීන් ගැන පළමුවෙන්ම දැනගන්න ලැබීමෙන්ම ලොකු සතුටක් හිතට දැනුණා. කොටස් 500 අධික ගණනක් ඒ නාට්‍යයේ විකාශය වුණා. ඉතින් හරිම සතුටුයි.

 

සමස්තයක් විදියට ”මලී” ගැන කතා කළොත්?

”මලී” නාට්‍ය මගෙ ජීවිතෙ හැරවුම් ලක්ෂයක්. ඒ වගේම මගෙ ජීවිතේට ලැබුණු භාග්‍යයක්. ගොඩක් ආදරෙයි මම ඒ නාට්‍යයට. ඒ හරහා පේ‍්‍රක්ෂකයො ගොඩක් මා වටා එකතු වුණා. මගතොටදී හමුවුණත් හැමෝම වගේ නාට්‍යය ගැන කතා කළා. විදේශ නාට්‍ය ගැන කතා කළා. විදේශ ගතවෙලා ඉන්න අයගෙන් පවා හොඳ ප‍්‍රතිචාර ලැබුණා. සමහරු අපිව බලන්න ලංකාවටත් ආවා. ඒ තරමට ”මලී” ගොඩක් කට්ටිය වැළඳගෙන හිටියා. ඉතින් ඒ හැමදේ එක්කම මේ නාට්‍යයට අදාළ හැමෝවම මම ආදරෙන් මතක් කරනවා. ඒ නාට්‍යය විකාශයවෙලා ගොඩක්කල් ගත වුණත් තවමත් එදා වගේම ප‍්‍රතිචාර තියෙනවා. මලී වගේ ලස්සන නාට්‍යයක් ආයෙත් බිහිවෙයි කියලා මම හිතන්නෙ නෑ. ඒත් තරමටම නාට්‍යය ලස්සනයි. ජීවිතේට මේ නාට්‍යය අමතක වෙන්නෙ නම් නෑ. ඒ තරම් සුන්දරයි.

 

ධනු විජේරත්න

 

sandalla

 

2016-07-01-ent-99



අදහස් (0)

මමත් අම්මට ගොඩක් ආදරෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 69 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 84 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1439 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 620 2

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1051 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 318 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site