හයවැනි වරටත් පැවැති ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) ශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය. කොල්කටාහි ඊඞ්න් ගාඞ්න් ක‍්‍රීඩාංගණයේ අද (26) පැවැති අවසන් මහ තරගයේදී රෝහිත් ශර්මාගේ නායකත්වයන් යුත් මුම්බායි පිල විසින් මහේන්ද්‍ර සිං දෝනි මෙහයෙවූ චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 23 කින් පරාජය කරන ලදි.
මුම්බායි ඉන්දියන්ස් පිල අයි. පී. එල්. ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර මුම්බායි පිල 2010 වසරේ අනු ශූරයන් බවට පත්ව සිටියේය.
ලකුණු 149 ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල නොසිතූ ලෙස අමාරුවේ දැමීමට ලසිත් මාලිංග (22/2) ප‍්‍රමුඛ මුම්බායි පන්දු යවන්නෝ සමත් වූහ.
ලසිත් මාලිංග පළමු ඕවරයේදීම චෙන්නායි පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් දෙදෙනා වන මයික් හසී (1) සහ සුරේෂ් රයිනා (0) පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ අතර මිචෙල් ජොන්සන් දෙවැනි ඕවරයේදී සුබ‍්‍රමනියම් බද්‍රිනාත් (0) දවාගැනීමට සමත් විය.
ඉනිමේ පළමු පන්දු 10 යේදී ලකුණු 3 කට කඩුලූ 3 ක් බිඳ වැටීමෙන් අසරණ වූ චෙන්නායි පිලට යම් බලාපොරොත්තුවක් එක් කිරීමට මුරලි විජේ සහ ඞ්වේන් බ‍්‍රාවෝ සමත් වූ නමුත් 6 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී බ‍්‍රාවෝ දැවී යාමෙන් පසුව පන්දු 9 කදී තවත් පිතිකරුවන් දෙදෙනකු දැවී ගියේ ලකුණු 39 කට කඩුලූ 6 ක් ලෙස ලකුණු පුවරුව වෙනස් කරමින්, චෙන්නායි බලාපොරොත්තු සියල්ලම සීසී කඩ විසුරුවා හරිමිනි.
පළමුව පන්දුවට පහර දුන් මුම්බායි පිල 16 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ලකුණු 100 කට කඩුලූ 5 ක් දැවී අසීරු තත්ත්වයක සිටියදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් කිරන් පොලාඞ් පන්දු 32 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 60 ක් රැස්කරමින් ලකුණු 148 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.
මුම්බායි පිලට ඉන්දීය රුපියල් කෝටි 10 ක් හෙවත් ශ‍්‍රි ලංකා රුපියල් කෝටි 24 ක ද, චෙන්නායි පිලට ඉන්දීය රුපියල් කෝටි 7.5 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 18 ක ද, මුදල් ත්‍යාග හිමිවේ.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 148
(දිනේෂ් කාර්තික් 21, අම්බාටි රයිදු 37, කිරාන් පොලාඞ් නොදැවී 60, හර්බජාන් සිං 14, ඇල්බි මොර්කල් 12/2, ඞ්වේන් බ‍්‍රාවෝ 42/4)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 125
(මුරලි විජේ 18, ඞ්වේන් බ‍්‍රාවෝ 15, මහේන්ද්‍ර සිං දෝනි 63, ලසිත් මාලිංග 22/2, මිචෙල් ජොන්සන් 19/2, හර්බජාන් සිං 14/2)
(ඡයාරූපය: අයි. පී. එල්. වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපේ ටීම් එකට හරියට සෙල්ලම් කරන්න බැරි? ඕකා හින්ද තමයි ගිය පාර වර්ලඩ් කප් එක පැරදුනේ.(නදී)
සල්ලි පස්සේ යන මාලිංග.(නදී)
මාලිංග පළමු විකෙට් 2 ගත්ත නිසා තමයි මැච් එක දිනුවේ.(නදී)
මාලිංගගේ ඉන්ද්‍රජාල. සන්තෝෂයි. අයි.පී.එල් වල ශ්‍රී ලංකා ලාංඡනය.(නදී)
මාලිංග නැත්නම් බඩුම තමා.(නදී)
බොදු බල සේනාව කයිවරු ගහනවා විතරයි. කෝ දැන් ගහනවා කියපු කුණු බිත්තර සේනාව කලාද ඒවා. බොදුබල සේනාව මිට කලින් බොරු කියනවා දැකලා නද්ද්ද. නිකන් වැඩක් බලන් යනවා බොදුබල සේනාව යන්න.(නදී)
කෝ අපේ මාලිංගට බැනපු අය.(නදී)
අයි.පී.එල්. හින්දා ටෙස්ට් තරග අත්හැරපු එක තමයි මාලිංග කරපු කැත වැඩේ (නි)
හරිම සතුටුදායක දෙයක් සිදු වුණේ. ජාතිවාදීන් පැරදවීම ඉන්දියාවේත් ශ්‍රී ලංකාවෙත් වෙන්නේ හරි හරියට (නි)
මට නම් මෙයාව දැන් පෙන්නන්න බැහැ.(නදී)
මාලිංග, ඔය වගේම තමන්ගේ රට ගැනත් හිතුවානන් නේ හොඳ .(නදී)
අපේ රටේ නම තවත් වර්ණවත් කලා මුළු ලෝකේ පුරා. මාලිංග ඔබට අපේ උණුසුම් සුබ පැතුම්. ඔබගේ පළවෙනිම ඕවරය අති විශිස්ටයි (නි)
මාලිංග! මාලිංග !! මාලිංග !!! නියම වීරයා.(නදී)
සල්ලි දෙනව නම්, බොල් දාන්නම්, අර මණුස්සයාගේ ඔයිට ඉස්සරලා මැච් එකේ අවසාන ඕවරය බලන්න, කැතේ උපත. ඇයි ඔය වගේ අපේ රටේ අවසාන මැච් වල බෝල් කරන්න බැරි. ඉරිසියාවක් නෑ. අපිත් ගොඩක් ආදරය කල කෙනෙක්. එත් දැන් එපාවටම එපා වෙලා. අයියෝ සල්ලි.(නදී)
දෙමළ ජාතිවාදය වෙනුවෙන් පුරසාරම් දෙඩු චෙන්නායි ආණ්ඩුවට හොද පාඩමක් කියා දුන්නේ ලසිත් මාලිංගයි. ඔහුට ජාතියේ උත්තමාචාරය හිමිවිය යුතුයි.(නදී)
ඒකාධිපති ජයලලිතාට සහ ජාතිවාදීන්ට අපේ මලිංගගෙන් දීපු කනේපහරට අපගේ උණුසුම් සුභ පැතුම්.(නදී)
යන්තම් ඇති. මාලිංග යන්තම් ජාමේ බේරගත්තා. දැන් එතින් සල්ලි නේද? (නි)
ඊයේ මැච් එකේ මොකද වුණේ කියලා ඕනෑ පොඩි එකෙක් දන්නවා. මහත්වරුන්ගේ ක්‍රීඩාවට ගිය කල! දැන් ඒක මහත් හොරුන් ගේ ක්‍රීඩාව වෙලා. (නි)
දැන් ඉතින් මාලිංගට ලැබෙන සල්ලි දිහා කුහකකමින් බලන්න එපා. එය ඔහුට හිමි දෙයක්. අපි ඒ ගැන සතුටු වෙමු. වුවමනා නම් හදිස්සියකට ණයක් ඉල්ලගන්න කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන (නි)
දැන් කුණු බිත්තර එහෙම ලෑස්තිද දන්නේ නැහැ. (නි)
කෝ දැන් මාලිංගට අපහාස කරපු සිංහලයෝ? ජයවේවා 'මාලිංග' (නි)
ජයග්‍රහණය කරපු කණ්ඩායමට අපේ කොල්ලෙක් සෙල්ලම් කරලා විස්කම් පාපු එක අපිට මොනතරම් ආඩම්බරයක්ද. (නි)
මාලිංගට පලවෙනි ඕවර එක දීපු එක තමයි රෝහිත් ශර්මා කරපු හොදම එක. මොකද මාලිංගට විකට් ගන්න පුළුවන් පලවෙනි ඕවර වලයි අන්තිම ඒවගෙයි තමයි. මේ මැච් එකේ විතරයි මාලිංගට නියම තැන් වල බෝල් කරන්න ලැබුනේ . කෝ දැන් අර මාලිංගට බැනපු අය (නි)
මාලිංගට සුබ පැතුම්! (නි)
මාලිංග අවසන් තරඟයේදී කල දස්කම් ජයලලිතාට හා තමිල්නාඩුවට හොඳ අතුල් පහරකි. දැන්වත් තමිල්නාඩුව පතත් චින්තනයෙන් මිදිය යුතුයි. (නි)
නියමයි මහේන්ද්‍ර සිං දෝනි 0 දාපු එක අපිට ලොකු සතුටක්. හොද උගත් පාඩමක්.(නදී)
මෙන්න මාලිංගගේ මැජික්.(නදී)
මාලිංග, ජයලලිතාට දීපු දඩුවම ලංකාවේ ඉදන් කෑ ගහපු අයට කරන්න පුලුවන්ද ? (නදී)
අවසන් තරගයේ පරාජය චෙන්නායි පිලට හිමි වුණේ කවුරු නිසාද කියා තේරෙනවානේ.(හසී සහ රයිනගේ දැවීම). ජාතිවාදය එක්ක පටන් ගත්ත තමිල්නාඩුවට ශුරතාවය අහිමි කලෙත් එයාලගේ ජාතිවාදී ගොදුරක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් අතින් වීම අපුරුයි. (නි)
මාලිංග නිසා ජයලලිතා හොද පාඩමක් ඉගෙනගන්න ඇති (නි)
සමහරු ලංකාව වෙනුවෙන් කරන්න අවශ්‍ය දෙය ජයලලිතට කළා (නි)