IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මුම්බායි ඉන්දියන්ස් ක‍්‍රීඩකයෝ කොල්කටා පිල පරාජය කරති

ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 33 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද (24 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලූ 5 කින් කොල්කටා නයික් රයිඩර්ස් පිල පරාජය කිරීමට සමත් විය.

මුම්බායි පිල ලකුණු 160 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 19.5 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. කොදෙව් පිතිකරු ඞ්වේන් ස්මිත් පන්දු 45 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 62 ක් රැස්කරමින් මුම්බායි ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.

කොල්කටා පිලේ පිට දඟ පන්දු යවන සචිත‍්‍ර සේනානායක දැඩි ප‍්‍රහාරයකට ලක්වීම මෙහිදී කැපී පෙනුණි. සචිත‍්‍ර සිය  ඕවර හතරට ලකුණු 50 ක් ලබාදෙමින් එක කඩුල්ලක් දවා ගත්තේය.  

මුම්බායි පිල නියෝජනය කරන ලසිත් මාලිංග  ඕවර හතරේදී ලකුණු 25 කට කඩුලූ 2 ක් දවා ගත්තේය.

මුම්බායි පිලේ නායකයා ලෙස කටයුතු කළ  ඕස්ටේ‍්‍රලියානු හිටපු නායක රිකී පොන්ටිංට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අතර රොහිත් ශර්මා නායකයා ලෙස කටයුතු කළේය.

කොල්කටා නයික් රයිඩර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 159 (යුසුෆ් පතන් 19, ගෞතම් ගාම්බීර් 26, ජැක් කලිස් 37, මනෝජ් තිවාරි 33, එඔයින් මෝගන් 31, මිචෙල් ජොන්සන් 26/2, ලසිත් මාලිංග 25/2, ප‍්‍රගයන්  ඕජා 21/2)

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 19.5 කදී කඩුලූ 5 ට 162 (ඞ්වේන් ස්මිත් 62, රෝහිත් ශර්මා 34, කිරාන් පොලාඞ් 33, සුනිල් නරේන් 17/3)

 



අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් ක‍්‍රීඩකයෝ කොල්කටා පිල පරාජය කරති

මහීම් Thursday, 25 April 2013 11:16 AM

දක්ෂකමයි ආත්ම විස්වාසයයි දෙක එකට යන්නේ. එත් සමහරුන්ගේ ඔලුව පොඩ්ඩක් ඉදිමෙනවා. මහේලගේ මාලිංගගේ වගේ. ඒ' අයගේ පෞද්ගලික දේවල් අපිට වැඩක් නැහැ. දස්කම් දැක් වුවොත් අපි සතුටු වෙමු කුහක නොවී.(නදී)

:       0       0

යොහාන් Thursday, 25 April 2013 07:28 AM

යන්තම් අපේ කෙනාට අන්තිමට හරි විකට් 02 ක් ලැබුණානේ (නි)

:       0       0

මේවන් Thursday, 25 April 2013 08:16 AM

"ඇයි යොහාන්, මීට කලින් මාලිංග විකට් ගන්නවා දැකලා නැද්ද ? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න. " (නි)

:       0       0

මහී Thursday, 25 April 2013 01:30 PM

පොඩි පොඩි සිදුවීම් වලින් පන්න පන්නා පහර දෙන්න එපා. ඒ වෙලාවේ මාලිංගගේ මානසික මට්ටම දුර්වල වෙලා තියෙන්න ඇති. කොහොම නමුත් අපේ රටේ කොල්ලෙක් වැඩ පෙන්නනකොට එය අගය කරන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 0 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 274 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 719 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 275 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 729 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2068 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38486 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site