කොහුවල පෞද්ගලික බැංකුවට දත්ත පද්ධතියට හොරෙන් ඇතුළු වී ඉන්දියාවේ මුබ්බායි නුවර සිට රුපියල් පනස් තුන් ලක්ෂයක් වංචා කිරීමට තැත්කළැයි කියන සිද්ධියේ ශ්‍රී ලංකා සාහායකයන් ලෙස සැලකෙන හය දෙනෙක් ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය විසින් ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
වත්තල එඩේරමුල්ලේ පරිගණක ආයතන හිමිකරුවකු වන ඩබ්ලිව් එම් මද්දුමගේ, ජයවර්ධනපුර තලපත්පිටියේ ආචාර්ය මොහිනී වික්‍රමසිංහ, මහනුවර හිඳගල මහකන්දේ පී රවිචන්ද්‍රන්, සිසිල් බීම සමාගමක විධායකයකු වන වත්තේගම අනුර බණ්ඩාර, ඉඩම් හිමි වැවිලිකරුවකු වන දෙහිවල ජනක සිල්වා හා ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාරේ ජනක එදිරිසිංහ එසේ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොකද ...මේ වෙන්නේ ...උගත් අය මේ විදිය වැඩ කරන්නේ ...මට නම් හිතාගන්න බෑ...ජායා,පිටිගල ... ලංකාවට මොකද වෙන්න යන්නේ.(නදී)
උගත් වුණාට හොරකමටත් දක්ෂකම ඇති. එමෙන්ම නව තාක්ෂණය ඉතා ඉක්මනින් මුදල් සොයා ගැනිමට වංචාවට යොදා ගැනීම නරකය (නි)
මේ අයට කොච්චර හම්බ කළත් මදි (නි)
මොකක්ද මේ? ඉන්දියාව දේශපාලන වශයෙනුත් අපට ගහනවා. ජාත්‍යන්තර වශයෙනුත් අපට පහර දෙනවා. එයාලගේ නිෂ්පාදන අපට බලෙන් ගහනවා. අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට නිහීන ලෙස බලපෑම් කරනවා.දැන් හොරකම් කරන්නත් පටන් අරගෙන. අම්මගේ අප්පාගේ දේපල වගේ. (නි)
මෝඩ හොරු. මෝඩකම අනුව ගෙවල්වලට පැනලා අහුවෙනවා. දරුණු හොරු දරුණුකම අනුව මංකොල්ල කාලා අහුවෙනවා. උගත් හොරු උගත්කම අනුව ජාත්‍යන්තර හොරකම් කරලා අහුවෙනවා. මහා හොරු මහාකම අනුව හොරකම් කරලා අහුවෙන්නේ ... නැහැ නොවැ. (නි)
මේකට සී.අයි.බී එකෙත් හවුලක් තියෙනවද? (නදී)
රටේ ලොකු උදවිය වැළ යන පැත්තට මැස්ස ගහන්න පුරුදු වුන නිසා ජනතාවත් ඒ පිළිවෙතම අනුගමනය කිරීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ජනවරමින් මැති සබය ට ගිහින් හොරකම් කරන රටේ උගතුන්, පොහොසතුන් හොරකම් නොකර ඉඳීද?(නදී)
ඉඩම් හිමි වවිලිකරුවෙකුත් ඉන්න එකේ ඔය අත්හැර දාලා තියෙන හිස් ඉඩම් ටික වගා කොරන්ට යොදා ගත්තොත් නරකද? (ස)
ලංකාදීප පුවත් පතට මා මුලින්ම ස්තුති වන්ත විය යතුයි මේ හොරුන්ගේ නම් ගම් ප්‍රසිද්ද කිරීම ගැන. මෙහි අදහස් පලකරන සමහර අය අසන ප්‍රස්නයක් නම්,යම් යම් සිද්දීන් වලදී පුද්ගලයන්ගේ නම් ගම් ප්‍රසිද්ධ නොකරන්නේ මන්ද කියා? මා දකිනා විදියට නම් පුවත්පත් යම් පුද්ගයන්ගේ නම් ගම් ප්‍රසිද්ධ කරනා විට [පොලිස් අත්අඩංගුවට පත්වූ අය, උසාවිය හමුවේ විබාග වන නඩුවල සැකකරුවන්ගේ නම් ගම්,හා වෙනත් යම් යම් හේතුන් මත] යම් කිසි නීති රාමුවකට, යම් යම් සීමා බන්ධන තුල පුවත් පත් වලට කටයුතු කිරීමට සිදුවී ඇති බව අප අවබෝද කරගත යතුයි. එවැනි නීති රීති හා සීමා බන්ධන නිසා, මතුවට ඇතිවිය හැකි නීතිමය ගැටළු වලින් හා වෙනත් සංකීරණ ගැටළු වලින් පුවත් පත් නිදහස් වනවා ඇත. වැටත් ,නියරත් දෙකම බේරා ගෙන පුවත් පත් මේ සියල්ල කල යතුය.ලංකාවේ පුවත් පත් කලාව යනු දැලි පිහියෙන් කිරිපැණි කනවා වැනි ක්‍රියාවකි. අප ලියන සමහර අදහස් කතුරට අසු වන්නේ ඒ නිසාය.ඒ ගැන අප උරණ නොවිය යුතු බව මගේ අදහසයි. (නදී)
කැමති
කැමති