මැයි දිනය ඉරිදා දිනයේ යෙදෙන නිසා මැයි 2 වැනි දා රජයේ නිවාඩු දිනයක් කරන්නැයි ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා කම්කරු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මැයි දිනය ඉරිදා දිනයේ යෙදෙන නිසා මැයි 2 වැනි දා රජයේ නිවාඩු දිනයක් කරන්නැයි ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා කම්කරු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඉතින්, අරක්කු බීලා, නටලා, කෑ ගහලා, බත් පැකට් කාලා බඩේ අමාරුව හදාගෙන එදාට වැඩට එන්න බැරිවෙයි. (නි)
වැඩ (නො)කරන ජනතාව ද ඒ කියන්නේ ? (ර)
රට හදන්න ලේසි නෑ, ලෝකයේ අනිත් රටවලට වඩා ප්‍රසිද්ධ නිවාඩු වැඩිම රට, ඒ උනාට, වැඩිම පඩිත් ඕන. (ර)
පළවෙනිදාට ගිහින් බත් පැකට් එකයි බොන්න ලැබෙන දේවලුයි කාලා බීලා එනකොට ඇඟට මහන්සියි. දෙවැනිදා නිවාඩු ඉල්ලන්නේ එකයි. (නි)
අපේ රටේ අයට ඉතින් නිවාඩු ඇත්නම් වෙන මොකුත් ඕනෑ නැහැනේ (නි)
ලංකාවේ නිවාඩු වැඩියි. අනේ කොහොමද ඉතින් රට හැදෙන්නේ? (නි)
අනේ මෙහෙමත් විකාර. නරකද දවස් 365 ම නිවාඩු කළොත්? රජයේ සේවකයින්ට නම් 365 ම නිවාඩු වගේ තමයි (නි)
රට ගැන කැක්කුමක් ඇති ජනතා නායකයෝ මෙහෙම නිවාඩු ඉල්ලන්නේ නැහැ. කැලැන්ඩරය අරන් බලන්න අවුරුද්දට කී දවසක් අපි නිවාඩුද කියලා. මෙහෙම නිවාඩු එක්ක රටක් දියුණු කරන්න පුලුවන්ද? (නි)
මම මැයි 2 වනදා වටිනා වැඩක් කරගන්න රජයේ කාර්යාලයකට යන්න දැන්මම දින තීරණය කරලා ඉන්නේ. අනිත් දවස් සියල්ලටම වෙනම වැඩ දාගෙන තියෙන්නේ. ඒවා වෙනස් කරන්න බැහැ දැන් (නි)
හැමදාම නිවාඩු. වැඩි පඩි. බෝනස්... (නි)
පෞද්ගලික අංශයේ අපිට නම් ඉතින් මොන නිවාඩුද ? (නි)
විදේශ රටවල නිවාඩු අඩු වගේම පඩි වැඩියි. ලංකාවේ අඩු පඩියට වැඩ ගොඩක් ගන්නවා (නි)
සමන්, ඔයා අනිත් රට වල නිවාඩු දවස් ගණන් ගැන වැටහීමකින්ද කතා කරන්නෙ? රටවල් කීපයක නිවාඩු සංසන්දනය කරලා බලන්න. අපේ රටේ නිවාඩු දවස් ගණන වැඩි නැහැ. මිනිස්සු නිදහසේ ගෙවල් වලත් ඉන්න ඕනෑ. දවස් 365 ම වැඩ කරන්නෙ නැහැ. අනෙත් රටවල් අවුරුද්ද අන්තිමට අනිවාර්ය දීර්ඝ නිවාඩුවක් දෙනවා. (නි)
කෝ ඔය අනෙක් කම්කරු නායකන්ට ඔහොම ඉල්ලීමක් කරන්න අමතකවුණාද? (නි)
මෙතන ඉන්න අය ලෝකේ ගැන දන්නවාද කියලත් පුදුමයි. ලෝකේ වැඩිපුරම නිවාඩු තියෙන්නේ ලංකාවෙලු. අයියෝ දුකයි ! (නි)
නිවාඩුවක් නැතුව පැය 24න් 20ක් විතර අවුරුද්දේ දවස් 365 ම පඩිත් නොගෙන අනුන්ට වැඩ කරන මහන්තුරු මේ ඉල්ලීම ඉල්ලන්නේ සැබෑ ලෙසම කම්කරු දින සමරන කම්කරුවන් ගැන හිතලා. ගෙදර ඉන්න බැරි නිසා කාර්යාලයට ගිහින් අයිස් ගහන අයට ගෙදරට වැඩිය හොඳ ඇති කාර්යාලය. (නි)
2 වෙනිදා නිවාඩු දිනයක් කරලා එදාට අතිකාල ගෙවනවා කියලා රැකියාවට එන්න කිව්වොත් මෙයාල ගෙදර ඉදීවිද. (ර)
2016 දී හැමෝම නිවාඩුව රජයේ විතරක් නොවේ පුද්ගලික අංශයට ඉල්ලන්නත් මතක තියාගන්න ඕනෑ. ඉල්ලන්නේ පීඩිත වැඩකරන ජනතාව. නමුත් භුක්ති විඳින්නේ ඉහළ පාලකයින් (නි)
හොඳම දෙය මාසයක් විතර නිවාඩු දෙන එකයි. (නි)
ඔව් පුළුවන් තරම් නිවාඩුවෙන්ම කාලය ගත කරන්න බලන්න. මාර වෘර්තිය සමිති නායකයො සහ දේශපාලඥයො තමයි අපිට ඉන්නේ. අවුරුදු නිවාඩුව සතියකට වැඩිය සැමරුවා. කව නිවාඩු ඉල්ලනවා. (ර)
විදේශ රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට නිවාඩු ගැන හොඳ දැනුමක් අවබෝධයක් තියනවා . මේ ගැන හරි වැටහීමක් හැගීමක් නැත්තේ ළිං මැඩියන්ට තමයි. (ර)
වැඩක් කරපල්ලා රටක් හැටියට පෙරට යන්න (බ)
ජාතියක් ලෙස අපි අපේ දේශපාලකයින්ට උපහාරයක් වනු පිණිස , මහත් උත්ස්රව ශ්‍රීයෙන් හොඳට සප්පායම්වී, වෙනදාට වඩා මහන්සිවී සමරන මැයි දිනයට පහුවදා නිවාඩුවක් ලැබීම, ඉතාම සාධාරණයි. (ර)
ලංකාවේ දැනටමත් තියෙන නිවාඩු හොදටම වැඩි. මෙහෙම ගෙදර ඉදන් පඩි ගන්න හිතන් ඉන්න බහුතරයක් ඉද්දි ලංකාව දියුණු වෙයි ද කවදාවත්. (බ)
තියන නිවාඩු මදිවාටද (බ)
ලංකාවේ තියන නිවාඩුත් අනිත් රටවල් එක්ක බැලුවහම හොඳටම වැඩියි. අපේ රට ඉස්සරහට නොයන්න තියන එක බාධාවක් තමා මේ නිවාඩු ප්‍රශ්නේ. විදේශ ආයෝජකයෝ ලංකාවට නොඑන්න එක හේතුවක් මේක. එ් තියෙද්දී මෙයාල තව නිවාඩු ඉල්ලනවා. (බ)
බැංකුවල නිලධාරීන් ඉරිදා නිවාඩු දිනයක් නම් ඔවුන් සඳුදා නිවාඩු ගන්නවා.මෙය සියලු රජයේ හා පෞද්ගලික අංශ සේවකයන්ටත් ලබාදියයුතුයි. (බ)
මේ මිනිස්සුන්ට මොලේ හොඳ නැද්ද ජපන් වල අපි මේ දවසෙත් වැඩ කළා මෙයාලට සම්බන්ධ වෙලා ඉන්න අයගේ ආයතන වලට නිවාඩු දෙන්න කියන්න මේ කට්ටියට බලය දෙන්නම නරකයි (බ)
මම මෙච්චර කල් හිතාගෙන හිටියේ වසන්ත සමරසිංහ මහත්තය රටට අවංකවම ආදරේ කරන කෙනෙක් කියලයි. බලාගෙන ගියාම මේ අයත් අනිත් දේශපාලකයෝ වගේ කට කයිවාරු ගහමින් කටින් බතල හිටවන අයම තමයි. මේ අය අනුන්ගේ වැරදි උලුප්පලා පෙන්නන්න විතරයි දක්ෂ. ලෝකයෙන්ම වැඩිපුරම නිවාඩු තියන රටේ, මැයි පළමුවෙනිදා, ඉරිද දිනයක වැටුනා කියලා, සඳුදාට නිවාඩු ඉල්ලනවා. ලැජ්ජයි මහත්තයෝ! (බ)
පුදුම මිනිස්සු අවුරුද්දට දුන්න නිවාඩු මදිද . කොහොමත් මේ කට්ටිය වැඩට ගියත් ඉන්නේ නිවාඩු ගානට ටිකක් හිතන්න. ලංකාවත් හිම වැටෙන රටක් වුනානම් මාස 5 නිවාඩු ඉල්ලයි මහන්සිනම් මැයි පෙළපාලි නොගිහින්. පසුවද වැඩට යන්න (බ)
ලංකාවට නිවාඩු වැඩියි (බ)